මේ අම්මා දොවන ලද මව්කිරි නිල්පාට වුනේ ඇයි?

lead image

ඇගේ පුංචි පුතාට උණ ඇති වූ අතර එම දොවන ලද මව්කිරි වල වර්ණය එදිනම වෙනස් විය ...

මැයි මස 24 වන දින ෆේස්බුක් භාවිතා කරන්නෙකු වන මිෂෙල් ලිම් තම මිතුරියෙකුගේ දරුවාට උණ හැදි දිනක් ඇතුලත නිල් පැහැ වුනු මව්කිරි වල ඡායාරූපයක්  ෆේස්බුක් එකේ පල කළේය.

එම පෝස්ට් එකේ ඇය මෙසේ සඳහන් කළාය; "ඇගේ කුඩා දරුවාට උණ ඇති වූ අතර ඇයගේ  දොවන ලද  මව්කිරි වල වර්ණය එදිනම වෙනස් විය. අපි ඇත්තෙන්ම  අනෙක් අය එසේ නොකර්න නිසා අපි අපේ ශරීරය සෑමවිටම  අගය කිරීම අවශ්‍ය වෙනවා. "

මේ ඇදහිය නොහැකි ඡායාරූපය පෙන්වා දෙන්නේ දරුවා අසනීප වු විට මව්කිරි වල ඇති වර්ණය වෙනස් වන බවයි. සටහන් තීරය සහෝදර මව්වරුන්ගේ අපූරු ප්‍රතිචාර වලින් පිරි ගියා.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/10/blue bm feat.jpg මේ අම්මා දොවන ලද මව්කිරි නිල්පාට වුනේ ඇයි?

 

සමහර මවුවරුන් එම පෝස්ට් එකට සම්බන්ධව ඔවුන්ගේ අලුත උපන් දරුවන් උණ රෝගයෙන් පෙලුන විට   ඔවුන්ගේ මව්කිරිද නිල් පැහැයටද වෙනස් වු බව තොරතුරු බෙදා ගත්තා.  මව්වරුන්  විසින් දැක් වු ප්‍රතිචාර කිහිපයක් මෙන්න: 

"අද උදෑසන මගේ  මව්කිරි නිල් පාට වීම ගැන මම පුදුම වෙන්නේ නැහැ. මගේ දරුවාට උණ තිබුනා . "

"මගේ දරුවා ලගදී උණ ඇති වූ විට මගේ මව්කිරි වල වර්ණය වෙනස් වී ඇති බව මම දුටුවා. නමුත් මෙය මට  කවදාවත්ම සිදු වී තිබුනේ නැහැ. එයට  හේතුව මෙය විය හැකියි ."

"මම මෑතකදී  මගේ මව්කිරි කහ පැහැති වුනා.  ඒ දිගු කලක් තිස්සේ මගේ දරුවාට තිබු කැස්ස නිසා විය හැකියි."

තවත් මවක් තමන් අසනීප වීම හේතුවෙන් වෙනස් වු මව්කිරි වල වර්ණය බෙදා ගත්තාය.

" මට ඊයෙත් මව්කිරි වල මෙම වර්ණය ලැබුණා. මම සීනුස් ආසාදනයකින් පෙලුනු අතර මගේ මව්කිරි ටිකක් නිල් වර්ණයට හැරුනා. "

මව්වරුනි, ඔබට මෙයට සමාන අත්දැකීම් ලබා තිබේද?  ඔබේ අදහස් අප සමග හුවමාරු කර ගන්න. අපි ඔබගේ අදහස්  අසන්නට කැමැතියි.

මව්කිරි කියන්නේ අපූර්ව වූ ස්වභාවදහමේ දයාදයකි. ඒ අපූරු මව්කිරි ගැන මේ තොරතුරු ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණී