theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මේරියන්ස් නායක නලීන් පෙරේරා, දුව ස්වේතා නිසා යළි කැදැල්ලට එක් වේ

4 අවම කියවීම
මේරියන්ස් නායක නලීන් පෙරේරා, දුව ස්වේතා නිසා යළි කැදැල්ලට එක් වේමේරියන්ස් නායක නලීන් පෙරේරා, දුව ස්වේතා නිසා යළි කැදැල්ලට එක් වේ

මගේ දූ ස්වේතා විටෙක මගේ අම්මා වගේ, විටක සහෝදරියක්, විටක විටෙක යෙහෙලියක්.මාව නිතර බලන්න ඇවිත්, මගේ වැඩ කර දී "තාත්තී, මෙහෙම ඉන්න එපා. අපි ගෙදර යමු" කියනවා

ලංකාවේ සංගීත ලෝකයේ සුප්‍රකට, බාල මහලු කාගේත් සිත් ඇදගත් ලයාන්විත හඬකින් හා රූපයකින් යුත් වයසට නොයන ගායකයෙක් නලීන් පෙරේරා.

වසර තුනකට උඩදී නලින්ගේ විවාහය දෙදරා ගියේ නලීන්ගේ දරුවන්ගේ සිත් පාරමින්. විවාහය තුළ සිදු වූ සුළු සුළු ගැටළු මහා ගැටළු බවට පත් වී නලීන් සහ ඔහුගේ බිරිඳ දෙකඩ වුයේ අවෙගශිලිව ගත් තීරණ වල ප්‍රතිපලයක් ලෙස. මෙසේ වෙන් වූ පසු නලීන්ගේ දරුවන් බිරිඳ සමග හැදුනු වැදුණු අතර නලීන් සිටියේ තනිව - ඔහුගේ දෙමාපියන් සමඟ.

විවාහය දෙකඩ වීම

මේ කාලය තුළ තමන් අත්විඳි තනිකම, වේදනාව හා දරු දුක ගැන නලීන් හිරුගොසිප් පිටුවට දක්වන සංවේදී අදහස් පෙළ විවාහ වල සුළු ගැටුම් වලට දරුණු ලෙස ප්‍රතික්‍රියා කරන පවුල් වලට වටිනා ආදර්ශයක් ගෙන දෙනවා.

නලීන් හා නිල්මිණි විවාහ වුනේ 1994 දෙසැම්බර් මාසයේ. එතකොට නලීන්ට වයස 25යි. වැඩි කලක් යන්නට මත්තෙන් ඔවුන්ගේ ආදරණිය දූ ස්වේතා බිහි වනවා. ස්වෙතාට ඒ නම තිබ්බේ නලින් - යහපත් සිතිවිලි ඇත්තී කියන අරුත දෙන්න. නලීන් පවසන්නේ දූ සැබවින්ම ඇගේ නමෙහි අරුත පිළිබිඹු කරන්නියක් බවයි.

නලින් පවසන වැදගත් දෙයක් වන්නේ විවාහ ජිවිතයේ පැන නැගී ගැටළු වලදී ඔවුන් නිතර බැලුවේ ගැටලුව දෙස පමණක් බවයි. එම ගැටලුව හෝ ප්‍රතික්‍රියාව තම දුවටත් පුතාටත් කෙසේ බලපාවිද යන්න ගැන හැඟීමක් ඔවුන්ට තිබුනේ නැහැ. මෙය ඔවුන්ගේ ඉක්මන් සහ වැරදි තීරණ වලට හේතුකාරක වුනා.

දුව ස්වේතාගේ ප්‍රතිචාරය

නලීන් ස්වේතා ගැන සඳහන් කලේ ගොඩක් හැඟීම්බරව. “මගේ ජීවිතයේ ප්‍රශ්ණ තිබුණු අන්තිම කාලයේදී මා ජිවත් උනේ තනියෙම. ඒ කාලයේ මාව බලන්න ස්වේතා දුව නිතරම ආව. එයා විටෙක මගේ අම්මා වගේ, විටක සහෝදරියක්, විටක විටෙක යෙහෙලියක්. ඒ කාලයේ දුව මගේ ඇඳුම් හෝදනවා. ඒවා පිළිවෙලට නවල තියනවා. ඒ හැම දේම කරලා, තාත්තී, මෙහෙම ඉන්න එපා. අපි ගෙදර යමු කියනවා”

නලීන් පසු කළ සංවේදී අවස්ථා

අපගේ මතගැටුම් වලට මුහුණ දුන් අවස්ථා, හැල හැප්පීම් සියල්ලක්ම මදධ්‍යයේ තමයි ස්වේතා දූ ලොකු මහත් වුනේ. මේ දේවල් දුවගේත් පුතාගේත් මානසික තත්වයට බලපෑවා. නමුත් ඒ අද්දැකීම් ස්වේතා දුවට වයසින් මුහුකුරා යන්නට ඉවහල් වුනා.

මේ ප්‍රශ්නය නිසා මා හිතින් කඩා වැටුණු අවස්ථා මෙතෙකැයි කියන්නට බැහැ. ස්වේතා දූ උසස් පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය කරන්නට මත්තෙන් මමත් නිල්මිණීත් විභාග ශාලාව දෙසට ආවේ පැති දෙකකින්. ඒ දුටු දුව හඬාගෙන හෝල් එකට දිව්වා. මගේ හදවත කඩා වැටුනා.

දූ දැන් දීගතල යන වයසට එමින් සිටින නව යොවුන් වියේ දැරියක්. මගේ සංගීත කණ්ඩායම විවාහ මංගලෝත්සව සඳහා නිතර සංගීතය සපයනවා. ඇගේ මංගල දිනයේදී අම්මටයි තාත්තටයි දෙපැත්තකින් එන්න වේවි කියා හිතන සැම විටකම මගේ හදවත කෑ ගසා හැඬුවා. මගේ ඇස් වල කඳුළු. තාත්තා දුව බදාගෙන හඩන විට මට උගුර කට වේලිලා ගීතය ගන්නට පවා අසීරු වුනා.

පිළිතුරු නැති ප්‍රශ්නයකට මා සිටියේ හදවතින් පිච්චි පිච්චි.

ස්වේතා දුවගේආදර්ශමත් ශක්තිවන්ත බව

දුව අපි දෙදෙනා ගැනම හිතුවා. වයසට වඩා හොඳ භාව බුද්ධියකින් පිරිපුන් කෙනෙක්. අපගේ ප්‍රශ්ණ ඉදිරියේ ඇය කඩා වැටුනේ නැහැ. ඇගේ ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරගෙන ඇය මුහුණ දුන් සෑම බාධකයක්ම එඩිතරව ජය ගත්තා.

මගේ අඩු පාඩු හදා ගන්නට දරුවන් මට උදව් කළා. අපි දෙදෙනාටම ආදරය  කළා. අපව යළි එක් කලේ ස්වේතා දුව. ඇය පුදුමාකාර දරුවෙක්.

මේරියන්ස් නායක නලීන් පෙරේරා, දුව ස්වේතා නිසා යළි කැදැල්ලට එක් වේ

නලීන් තම අත්දැකීමෙන් බෙදාගන්නා, විවාහය තුළ මතභේද හා ගැටුම් ඇති විට, ඊට ප්‍රතිචාර දැක්වීමට හෝ දෙපැත්තට වීමට හෝ පෙර සිතිය යුතු දේවල්.

1. මතගැටුම් හැම විවාහයකටම පොදුයි. විවාහයේ  සාර්ථකත්වය රැඳී තිබෙන්නේ දෙපාර්ශවයම මේ ගැටුම් වලට ප්‍රතික්‍රියා කරන ආකාරය අනුවයි.

2. පුංචි පුංචි ප්‍රශ්ණ උඩුදුවන්නට පෙර ඉවසීමෙන් හා සාකච්චාවෙන් විසඳාගන්න. ඒවා වල එල්ලී නොසිට ඉදිරියට යන්න.

3. දරුවන් ඉදිරියේ කිසි විටකත් ප්‍රකෝප වන්නට එපා. ඉවසීම හා හික්මීම ගොඩනගා ගන්න. දරුවන්ගේ මුලාදර්ශ වන්නේ ඔබයි.

2. ගැටුම් වලදී ප්‍රශ්ණය දෙස පමණක් බලා විසඳුම් සොයන්නට එපා. ඔබ ගන්නා තීරණ පවුල් සංස්ථාවේ සැම කෙනෙකුටම බලපාන අකාරය ගැන කල්පනා කරන්න.  

4. දරුවකුට සැබෑ මව්පිය ආදරයක් දිව හැක්කේ ඔවුනගේ සැබෑ මවිපියනට විතරයි. කලාතුරකින් පුරුවේ පිනකින් විනා සැබෑ දෙමාපියන් වන්නට පිට කෙනෙක්ට හැකි වන්නේ නැහැ.

අප කවුරුත් ආදරය කරන සුන්දර කලාකරුවෙක් වන නලීන් ඔහුගේ අත්දැකීම් අප හා බෙදාගන්නේ ඔහුගේ එක්වීම ගැන හැඟීම්බරව සතුටු වෙමින්. ඔහුගේ මෙම නිහතමානී අදහස් අපගේ පවුල් වල ඇතිවන ගට්ටන වලට ඉවසීමෙන් මුහුණ දෙන්නට රුකුලක් වේයැයි විශ්වාස කරමු.

නලීන් පෙරේරා යළි කැදැල්ලට එක් වූ සතුටුදායක පුවත හා ඔහුගේ අත්දැකීම් සම්බන්ධ අදහස් සහ චායාරුප  ගොසිප්ලංකා සහ හිරුගොසිප් වෙබ්පිටු ඇසුරෙනි.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • මේරියන්ස් නායක නලීන් පෙරේරා, දුව ස්වේතා නිසා යළි කැදැල්ලට එක් වේ
බෙදාගන්න :
  • දෙමාපිය පදවිය තුළ ඇති දැවෙන පීඩනය

    දෙමාපිය පදවිය තුළ ඇති දැවෙන පීඩනය

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • දෙමාපිය පදවිය තුළ ඇති දැවෙන පීඩනය

    දෙමාපිය පදවිය තුළ ඇති දැවෙන පීඩනය

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it