theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නව යොවුන් වියේ දරුවන්ගේ හැඟීම් දෙමාපියන් තේරුම් ගත යුත්තේ ඇයි?

4 අවම කියවීම
නව යොවුන් වියේ දරුවන්ගේ හැඟීම් දෙමාපියන් තේරුම් ගත යුත්තේ ඇයි?නව යොවුන් වියේ දරුවන්ගේ හැඟීම් දෙමාපියන් තේරුම් ගත යුත්තේ ඇයි?

දරුවන් හැමදාම එක විදිහට ඉන්නේ නැහැ. ඔවුන් දවසින් දවස වැඩිවියට පත් වෙනවා. දරුවන් හය හතර නොදත් කාලයේ ඔවුන් ඇස් මානයේ තබා ගනිමින් බලාගත්තත් දරුවන් නව යොවුන් විය ට පැමිණෙන විටත් එලෙසම බලාගත යුතු බව ඔබ සිතුවාද?

නව යොවුන් විය යනු අවුරුදු 10 ත් 14 ත් අතර කාලයයි.

මේ කාලය දරුවන් සීග්‍රයෙන් වෙනස්කම් රැසකට භාජනය වන කාලයක්. ඔවුන් කායික වශයෙන් වන වෙනස්කම් සමග ශරීරයේ ඇති වන හෝර්මෝන වල වෙනස්කම්ද මේ අවධියේදී සිදුවෙනවා.

මේ වයසේදී ගැහැණු දරුවන් වැඩිවියට පත්වීමත් සමග ඇතිවන ශරීරය වෙනස්කම් ලෙස ලිංගික අවයව, ගර්භාෂය  හා පියයුරු වර්ධනය වීම සිදුවෙනවා.

එසේම පිරිමි ළමුන්ගේද කටහඬ වෙනස් වීම, ශරීර වර්ධනය, ශරීරයේ රෝම වර්ධනය වීමත් සිදුවෙනවා.

මේවා ශරීරයේ බාහිර ලක්ෂණ වන අතර ශරීරයේ සිදුවන හෝර්මෝන වල වෙනස්කම් නිසා ඔවුන්ගේ හැඟීම් හා ආශාවන් වර්ධනය, විරුද්ධ ලිංගිකයන් හා ආකර්ශනය වීම, විවිධ දේ කෙරෙහි කුතුහලයෙන් යුතු දේවල් අත්හදා බැලීමට යාම, ඉක්මනින් තීරණ ගැනීමට පෙළඹීම හා යහළුවන් අතර කැපී පෙනීමට උත්සාහ දැරීම වැනි දේවල් මේ වයසේදී දැකගත හැකියි.

නමුත් මේ කාලයේ ඔවුන්ගේ වර්ධනය ශීඝ්‍රයෙන් සිදු වුනත් ඔවුන්ගේ මොලය එසේ වර්ධනය වන්නේ නැහැ. මේ නිසා නව යොවුන් දරුවන්ව කුඩා කාලයේ වගේම පරිස්සමින් බලාගත යුතු බව මේ කරුණු වලින් ඔබට වැටහේවි.

නව යොවුන් විය: මේ කාලය ගැන දැනුවත් වීමට දෙමාපියන්ට වටිනා ඉඟි කිහිපයක් 

කුඩා කාලයේ පටන්ම මව හා පියා දරුවාගේ හොඳම යහළුවා ලෙස සිටිය යුතුයි

කුඩා කාලයේදී දරුවන් දෙමාපියන් සමග ඔවුන් අසන, දකින, හැඟෙන හැමදේම දෙමාපියන් සමග පවසනවා.

පාසලේදී සිදුවුණ හැමදෙයක්ම ඔවුන් ඔබ හා පවසන විට ඔබ වැඩක හිටියත් ඔවුන් පවසන දෙයට ඔබ අවධානය යොමු කරන්න. ඒවා වැදගත් වුවත් නැතත් දරුවා පවසන දෙය ඔබට වැදගත් යැයි හැඟී ගිය විට ඔවුන් ඔබට කිසිවක් නොසඟවා පවසන්න පුරුදු වෙනවා.

එසේම ඔවුන්ගේ වැරද්දක් හෝ වැරදි දෙයක් සිදුවුවා යැයි පවසන විට ඔබ එය කීමට නොදී ඔවුන්ට බැන වදින්නට යාමෙන් ඔවුන් නැවතත් ඔබ හා යම් දේවල් පැවසීමට මැලි වෙනවා.

ඔවුන් කියන දේ අසා පසුව දරුවාට හොඳින් ඒ ගැන පැහැදිලි කර දීමයි වැදගත් වන්නේ. ඉන් දරුවාත් දෙමාපියනුත් අතර ඇති සම්බන්ධය වර්ධනයව වනවා සේම ඔවුන් නව යොවුන් විය ට පැමිණියත් ඔවුන්ගේ සියලු ගැටළු ඔබ සමග පැවසීමට ඔවුන් හුරු වෙනවා.  

නව යොවුන් විය: දරුවන් ලිංගිකත්වය ගැන කුතුහලයක් දක්වනවා

නව යොවුන් විය ට දරුවන් පැමිණෙන විට ඔවුන්ගේ හෝර්මෝන වල සිදුවන වෙනස්කම් සමග ඔවුන් ලිංගිකත්වය ගැන ඇල්මක් ඇති කර ගැනීම සාමාන්‍යයි.

ලිංගිකත්වය ගැන කිසිවක් නොදත් දරුවා ඒ පිළිබඳ ඇති කුතුහලය නිසා අන්තර්ජාලය ඔස්සේ ඒ පිළිබඳ සොයන්නට පටන් ගන්නවා.

එවිට ඔවුන් අන්තර්ජාලය හරහා වැරදි මාර්ග වලටත් පිවිසෙනවා. ඒ මගින් ඔවුන් අන්තර්ජාලය පුරා ඇති ලිංගික දර්ශන ඇතුළත් චිත්‍රපටි බැලීමට පෙළඹෙනවා.

මේ නිසා ඔවුන් මේවාට ඇබ්බැහි වී අධ්‍යාපනයත් විනාශ වී, විකෘති ආශාවන් ඇති පුද්ගලයන් බවත් පත්වීමට පටන් ගන්නවා. වර්තමානයේ සිදුවුණ අපචාර, දුෂණ ක්‍රියා වලටත් මෙය ප්‍රධානම හේතුවක් ලෙස සැලකෙනවා.

දරුවාට කුඩා කල සිටම ලිංගිකත්වය ගැන කියා දෙන්න. එනම් බරපතල ලෙස නොව දරුවාගේ වයසට තේරෙන ලෙස පුංචි පුංචි දේවල් පමණක් කියා දෙන්න.

එවිට දරුවා නිසි වයසට පැමිණෙන විට ඔවුන්ට ලිංගිකත්වය යන්න සාමාන්‍ය දෙයක් බවට පත්වීම නිසා වැරදි මාර්ග වලින් ඒවා සොයා යාමට පෙළඹීම වළකිනවා.

මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්වැටි ආදිය අත්හදා බැලීමට උත්සාහ කිරීම

නව යොවුන් විය යනු දරුවන් විවිධ දේවල් වලට පොළඹවා ගැනීමට හැකි අවධියයි. ඔවුන් විවිධ දේවල් අත්හදා බලන්නත් ආශාවක් දක්වනවා.

මෙවැනි වයසේ දරුවන් මත්ද්‍රව්‍ය වලට පොළඹවා ගන්නට විවිධ පුද්ගලයන් උත්සාහ දරනවා. පාසල් අසල මත්ද්‍රව්‍ය දැමූ ටොෆි වර්ග අලෙවි කරමින් දරුවන් ඊට හසු කර ගැනීමට උත්සාහ දරනවා.

එසේම විවිධ පුද්ගලයන් මත්පැන් දුම්වැටි ගැන රසවත් කතා කියමින් එයින් ලැබෙන සතුට ගැන බොරු කියමින් දරුවන් රවටා ගන්නට උත්සාහ කරනවා.

මේ නිසා දරුවා අවසානයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවට පත් වෙනවා. දරුවාට මෙවැනි වංචනික පුද්ගලයින් සිටින බව කියා දෙන්න.

නිතර දරුවා ඇසුරු කරන පිරිස, යන එන තැන් ගැන සොයා බලන්න. නිතර මුදල් ඉල්ලමින් හේතුවක් නැතිව ඒවා වියදම් කරනවා නම් ඒ ගැන සොයා බලන්න. කවුරුන් කෙසේ කීවත් මත්ද්‍රව්‍ය වලින් නරකක් මිස හොඳක් කිසිවිටකත් සිදු නොවන බව දරුවාට පහදා දෙන්න.

නව යොවුන් වියේ දරුවන් ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙනවා

මෙවැනි වයසේ දරුවන් ඕනෑම දෙයක් කිරීමට දෙපාරක් හිතන්නේ නැහැ. හොඳ දෙයක් වුවත් නරක දෙයක් වුවත් ඔවුන් නොසිතා ඉක්මණින් තීරණ ගන්නවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

වර්තමානයේ දරුවන් සියදිවි නසාගැනීම් සිදු කර ගැනීමත් මෙසේ ඉක්මන් තීරණ ගැනීම නිසා කරගන්නා බරපතල අපරාධයක්.

පාසල් වයසේදීම ඇති කරගන්නා ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම, පාසලේදී ගුරුවරයෙකු බැනීම, නිවසේදී තමන්ට අවශ්‍ය දෙයක් නොලැබීම වැනි පුංචි දේවල් වලට පවා ඉක්මන් තීරණ ගන්නා දරුවන් ජීවිත හානි සිදු කරගන්නවා.

ජීවිතයේ වටිනාකම ගැන කුඩා කල සිටම දරුවන්ට කියා දෙන්න. නිතරම ඔවුන්ට ගැටළු ඇත්නම් තමන්ට පවසන ලෙසත්, ඕනෑම දේකට ඔවුන් සමග ඔබ ඉන්න බව දරුවාට වටහා දෙන්න.

දෙමාපියන් ලෙස දරුවන්ගේ හැඟීම් තේරුම් ගැනීමට ඔබ හැමවිටම උත්සාහ කරන්න.

කොතරම් කාර්යබහුල වුවත් ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කරන්නත්, ඔවුන්ට හරි වැරැද්ද කියාදෙමින් නිතරම ඔවුන් ළඟ රැඳෙන්න. එවිට අනාගතයට, රටට යහපත් වැඩදායි දරුවෙකු දායාද කිරීමට ඔබට හැකිවේවි.

 

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • /
  • නව යොවුන් වියේ දරුවන්ගේ හැඟීම් දෙමාපියන් තේරුම් ගත යුත්තේ ඇයි?
බෙදාගන්න :
  • අම්මාගෙන් නව යොවුන් දියණියට ප්‍රේමය ගැන පාඩමක්

    අම්මාගෙන් නව යොවුන් දියණියට ප්‍රේමය ගැන පාඩමක්

  • ඉන්දියාවේ දරුවන් ඉක්මණින් මල්වර වීමට හේතු දන්නවද?

    ඉන්දියාවේ දරුවන් ඉක්මණින් මල්වර වීමට හේතු දන්නවද?

  • අම්මාගෙන් නව යොවුන් දියණියට ප්‍රේමය ගැන පාඩමක්

    අම්මාගෙන් නව යොවුන් දියණියට ප්‍රේමය ගැන පාඩමක්

  • ඉන්දියාවේ දරුවන් ඉක්මණින් මල්වර වීමට හේතු දන්නවද?

    ඉන්දියාවේ දරුවන් ඉක්මණින් මල්වර වීමට හේතු දන්නවද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it