නහර ගැට ගැසීමට (Varicose Veins) මුහුණ දෙන මව්වරුන්ට තක්කාලි වලින් කදිම ප්‍රතිකාරයක්!

නහර ගැට ගැසීමට රතු සහ/හෝ කොළ පැහැති තක්කාලි පමණක් යොදාගෙන කල හැකි මෙම කදිම ප්‍රතිකාරය තක්කාලි වල ඖෂධ ගුණ සමුදායෙන් තවත් එකක් පමණයි.

නහර ගැට ගැසීම හා තක්කාලි අතර මොකද්ද මේ සම්බන්ධය? තක්කාලි වලින් ඇති ප්‍රයෝජන  එමටයි. තක්කාලි නොයෙක් මාදිලියේ ආහාර පිසගැනීමට දායක වන කදිම පළතුරක් නැතහොත් එළවළුවක් බව ඔබ කවුරුත් දන්නවා නිසැකයි. 

නමුත් බොහෝ මව්වරුනට මුහුණ පාන්නට සිදුවන තත්වයක් වන නහර ගැට ගැසීමට පිලියමක් ලෙස තක්කාලි යොදාගත හැකි බව ඔබ දැන සිටියාද?

තක්කාලි වල අඩංගු ඇස්ප්‍රින් වැනි සංඝටකයක් නිසා එය වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරන අතර සිරුරේ රුධිරය තුනී කිරීමේ හැකියාවක්ද තක්කාලි වල තිබෙනවා. එපමණක් නොවේ තක්කාලි වල අඩංගු ෆ්ලේවනොයිඩ් නම් සංඝටක මගින් රුධිර නාලිකා වල බිත්ති ඝන කිරීමේ හැකියාවද තිබෙනවා.

තක්කාලි වල මෙවන් සෞක්‍යමය ගුණ රාශියක් අඩංගු අතර නහර ගැට ගැසීමෙන් සුවපත් වීමට තක්කාලි යොදාගත හැක්කේ කෙසේදැයි බලමු.

තක්කාලි මගින් නහර ගැට ගැසීම සුව කෙරෙන ආකාර දෙක

කොළ පැහැති තක්කාලි මගින් නහර ගැට ගැසීම සුව කරගන්නා අකාරය

1. කොළ පැහැති තක්කාලි ගෙඩිය හොඳින් සෝදාගන්න.

2. දැන් මෙම තක්කාලි ගෙඩිය පෙති ගසාගන්න.

3. මෙම තක්කාලි පෙති ඔබේ ගැට ගැසුණු නහර මත තබන්න.

4. අවශ්‍ය නම් මෙසේ තබාගත් තක්කාලි පෙති හොඳින් රඳවාගන්න වෙළුම් පටියකින්ග් වේලාගන්න.

5. තක්කාලි පෙති තැබූ ප්‍රදේශ වල සම මත යම් කිති කැවීමක් වැනි අකාරයක් දැනෙන තුරු මෙසේ වෙලාගෙන සිටින්න.

6. තක්කාලි පෙති තව දුරටත් තබාගෙන සිටීම අසීරු නම්, එම ප්‍රදේශයේ සමං මත යම් දැවිල්ලක් වැනි සෙයක් දැනුනු වහාම තක්කාලි පෙති ටික ඉවත් කරගන්න.

7. දැන් සාමාන්‍ය වතුරෙන් මෙම ප්‍රදේශය සෝදා ගන්න.

මින් ඉක්මන් ප්‍රතිඵල ඔබට අත්විඳිය හැකි වන අතර දිනකට 5 (පස් වතාවක්) වත් මෙම ක්‍රියාව සිදු කිරීම සුදුසුය.    

රතු පැහැති තක්කාලි මගින් නහර ගැට ගැසීම සුව කරගන්නා අකාරය

මෙම ක්‍රියාදාමයද කොළ පති තක්කාලි ඇසුරින් කල ප්‍රතිකාරයට බොහෝ දුරින් සමානය.

1. රතු පැහැති තක්කාලි ගෙඩිය හොඳින් සෝදාගන්න.

2. දැන් මෙම තක්කාලි ගෙඩිය පෙති ගසාගන්න.

3. මෙම තක්කාලි පෙති ඔබේ ගැට ගැසුණු නහර මත තබන්න.

4. මද වෙලාවකට පසු මෙම පෙති ටික ඉවත් කර, අලුත් තක්කාලි පෙති කිහිපයක් සමේ නහර ගැටගැසුණු ස්ථාන මත තබන්න.

මෙම ප්‍රතිකාරය කිරීමට සුදුසුම කාලය සවස් හෝ රාත්‍රී කාලයයි.

ඉතින් මෙම තක්කාලි ප්‍රතිකාර දෙකෙන්ම සති දෙකක් තුලදී සුවය දිස් වන අතර පුද්ගලයාගෙන් පුද්ගලයාටත් ප්‍රතිකාර කරන වාර ගණන අනුවත් ප්‍රතිපල දිස්වන්නට ගත වන කාලය වෙනස් විය හැකිය.

දරු ප්‍රසුතියෙන් පසු පැන නැගෙන රූපලාවන්‍ය හා සම්බන්ධ ගැටලු 7ක් ලිපිය තුලින් මව්වරුනට මුහුණ දෙන්නට සිදුවන මෙවැනි තවත්  ගැටළු කිහිපයක් හා සම්බන්ධ අදහස් කිහිපයක්ද කියවා දැනුවත් වන්න.