theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නළවගන්න අමාරු බබාලව නළවගන්න මේ ක්‍රම අනුගමනය කර බලන්න

3 අවම කියවීම
නළවගන්න අමාරු බබාලව නළවගන්න මේ ක්‍රම අනුගමනය කර බලන්නනළවගන්න අමාරු බබාලව නළවගන්න මේ ක්‍රම අනුගමනය කර බලන්න

පුංචි දරුවන් ඉන්න අම්මලා දෙන්නෙක් ඔවුන්ගේ දරුවන් නළවගන්න නොවරදින උපායන් ගැන කිව්වා. ඔබටත් මේවා උදව් වෙන්න පුළුවන්.

අපි කැමති වුණත් අකමැති වුණත් දරුවන් අඬන එක අම්මලාට නතර කරන්න අමාරුයි. බඩගින්නට, නිදිමතට, රෝගී වුණහම වගේම කේන්ති ගියහම නුරුස්සන ගති වලටත් දරුවන් අඬනවා.

මෙහෙම අඬන බබාලා සමහරු ඉක්මනින් නැළවුනත් සමහර බබාලව කොයි ආකාරයටවත් නළවන්න බැරි අය ඉන්නවා. ඒ අයව නළවන්න ඔබ මොනවද කරන්නේ?

නමුත් හැම දරුවෙකුම වෙනස්. ඉතින් එකිනෙකාගේ හැසිරීම් අනුව ඔවුන්ව පාලනය කරන්න එක් එක් ක්‍රම අනුගමනය කරන්න වෙනවා. AlexRichards.org හි මේ වගේ එක් එක් අම්මලා තමන්ගේ දරුවන්ට ආවේනික නැළවිලි ක්‍රම යොදාගන්නා හැටි සාකච්ඡා කර තිබුණා.

1. දිග සුසුමක් ගෙන දරුවා පපුව මත තබාගෙන නළවන්න

හඬන බබාව පපුවට තබාගෙන දිගු සුසුමක් ගනිමින් පිට කරමින් ඉන්න විට දරුවාට නැළවිමක් දැනෙනවා. එය දරුවා සන්සුන් කරනවා.

2. දරුවාට දිග ඇදෙන්න දෙන්න

ගෑස් ගතිය නිසාත් දරුවන්ට අපහසුතාවයක් දැනෙනවා. දරුවාගේ කකුල් බයිසිකල් පදින ආකාරයට කිරීම නිසා ගෑස් ගතිය පහව යන්න පුළුවන්.

3. යතුරු

දිලිසෙන ආයිත්තම් වලට දරුවා කැමති නිසා ඔහු වටා යතුරු වැනි දෙයක් සොලවා අවධානය දිනාගන්න.

4. නැවුම් වාතාශ්‍රය

දෙමාපියන් වගේම දරුවනුත් පිටතින් එන නැවුම් වාතාශ්‍රය විඳින්න ආසයි. අඬන බබාව ඉක්මනට එළිමහනට ගෙන ගොස් ඔහුගේ අවධානය වෙනතකට යොමු කරන්න බලන්න.

5. සංගීතය සහිත සෙල්ලම් බඩු

දරු නැළවිලි ගී සහ සෞම්‍ය සංගීතය සහිත සෙල්ලම් බඩු ආදිය මගිනුත් දරුවන් සන්සුන් වෙනවා.

6. සෙල්ලම් බඩු සහිත බ්ලැන්කට්

සෙල්ලම් බඩු එක්කර සැදුනු බ්ලැන්කට් වලින් දරුවා පෙරවීම නිසා ඉන් දරුවාට විනෝදයක් ලැබෙනවා. උණුසුමකුත් ලැබෙනවා.       

7. පැද්දීම

හුඟක් අම්මලා දරුවාව නළවන්න පද්දවන එක කරනවා. එය සාර්ථක වුණත් අම්මට නම් වෙහෙස කරයි.

8. අවධානය ගන්න හඬවල්

මෙහි අදහස දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීමයි. ඔබේ කටින් හෝ සෙල්ලම් බඩුවකින් ශබ්ධ නිකුත්කර බලන්න. සමහර විට යතුරු කැරැල්ලකට වුණත් එය කරන්න පුළුවන්.

 9. තරමක් තද ආලෝකය

ආලෝකය ඇති වී නැතිවී යන ආකාරයේ බල්බ් වලට හඬන දරුවාන්ගේ අවධානය යොමු කරන්න පුළුවන්. එවැනි ලයිට් එළියක් යොදාගැනීම මගින් දරුවාගේ අවධානය වෙනතකට යොමු වෙනවා.

10. සිංදු කීම හා නැටීම

සමහර වෙලාවට දරුවන් සමග දෙමාපියන්ටත් නටන්න වෙනවා. එමගින් දරුවන්ට සිනහා ගෙනදෙන අතර ඔවුන්ව සන්සුන් කරවනවා.

11. නිස්කලංකව නෑමට සැලසීම

සමහර අවස්ථාවන් වල නිස්කලංකව හා සනීපදායක ලෙස නෑමට සැලැස්වීමත් දරුවන් නිස්කලංක කරනවා. සමහර විටෙක ඉන් ඔවුන්ට හැකිතරම් විනෝදය ලැබීමත් ඔවුන් සන්සුන් කරවනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

12. 5-S ක්‍රමය

  • තදකර ගැනීම
  • දරුවාගේ බඩ යට පැත්තට සිටින සේ තැබීම ( වැඩිහිටියෙකු සමග)
  • පුංචි ශබ්ධයක් දිගින් දිගටම කිරීම
  • පැද්දීම
  • මව්කිරි, පැසිෆියර් එක හෝ ඇඟිල්ල ඉරීමට දීම

13. වඩාගන්න නිවැරදිම ක්‍රමය සොයා ගැනීම

හුඟක් අම්මලා කියන්නේ වඩාගෙන හිඳිම දරුවන් ඉතා ආසාවෙන් අත්විඳින බවයි.

  • ෆුට් බෝලයක් තබාගන්නවා වගේ පපුවට ලංකර තබා ගැනීම
  • කරමත මුහුණ හොවාගෙන සිටීම
  • පපුවට තුරුල් වී හිඳිම

14. පුංචි අස්වසුමක් ලබාගන්න

සමහර විට දරුවා නොව එය ඔබ තුළින් වන දෙයක් වෙන්න පුළුවන්. දරුවා මොහොතකට තොටිල්ලෙන් තබා දිගු සුසුමක් ගෙන සන්සුන්ව නැවත දරුවා වඩා ගන්න.

හඬන දරුවන් නළවා ගන්න දෙමාපියන් පමණක් නෙමෙයි අසල්වැසියන් පවා ගෙදරට එන අවස්ථා තියෙනවා. ඉතින් එවැනි දරුවන් සනසන්න ඔබට මේ ඉඟි උදව් වේයැයි theAsianparent Sri Lanka සිතනවා.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරුවාගේ නින්ද
  • /
  • නළවගන්න අමාරු බබාලව නළවගන්න මේ ක්‍රම අනුගමනය කර බලන්න
බෙදාගන්න :
  • දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

    දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

  • දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත

    දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත

  • දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

    දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

  • දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත

    දරුවාට ගුටි දෙන කුරිරු ගෘහ සේවිකාව කැමරා කාචය තුළින් මා දුටු ඒ වේදනාකාරී මොහොත

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it