theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නැන්දම්මා ලේලීයට අකමැති කාරණා තුනක් තියෙනවා. ඔබත් මේ ගැන දන්නවාද ?

3 අවම කියවීම
නැන්දම්මා ලේලීයට අකමැති කාරණා තුනක් තියෙනවා. ඔබත් මේ ගැන දන්නවාද ?නැන්දම්මා ලේලීයට අකමැති කාරණා තුනක් තියෙනවා. ඔබත් මේ ගැන දන්නවාද ?

තාමත් ඔයාගේ මහත්තයාගේ අම්මා ගෙන් හොදක් අහන්න බැරි වුනාද? ඇයගේ අකමැත්ත දක්වන්නේ මොනවාට දැයි වටහා ගැනීමට උත්සහ කර මේ විශේෂඥයින් අනුමත කල සරල ක්‍රම මගින් ඒවායින් මිදෙන්න.

ඔබට හැමෝටම කාරුණික වෙන්න බැහැ.  ඔබ කොතරම් උත්සහ කලත් ඵලක් නැහැ  ඔබ අකමැති අය ඔබට මුණගැහෙනවා. සමහර විට ඒ ඔබ කියු යමක් නිසා නොවේ. ඔබ ඔවුන් රිදවු නිසා නොවේ. එය ඔබේ පාලනයෙන් ඔබ්බට ගිය යමක් වෙනවා.

බොහෝ වෙලාවට එය නොතකා හරින්නට  මෙන්ම වෛරකරන්නන් නොතකා ඉන්නට පහසුය. ඒත් ඔබ අකමැතිම කෙනා ඔබේ ආදරණීයයාගේ  හදබැදි ඔහුගේ හෝ ඇයගේ අම්මා වගේ  නම් කුමක් වේද? ඔබ කොතරම් උත්සාහ කලත් ඔබට කිසිදු ආදරයක් නොපෙන්වන ඔබේ නැන්දම්මා සමග ඔබ කටයුතු කරන්නේ කොහොමද?

Psychology Today හි ආචාර්ය මැඩලින් ඒ ෆිගෘ ට අනුව හොද තේරුම් ගැනීමකටත්  නැන්දම්මා ලේලී ගැටුම් අවම කර ගැනීමටත් මෙන්න මග,

1. ඇයගේ දරුවාගේ සහකරු වෙන්නට ඇය පැතු ඔහු හෝ ඇය ඔබ නොවේ.

අම්මාට  දරුවාට   හොදම දේ දෙන්න අවශ්‍යයි. අවුරුදු ගානක් තිස්සේ ඔවුන්ට ඔවුන්ගේ දරුවා අනාගතයේදී මොන වගේ වෙන්න ඕනිද කියලා හිනයක් ඔවුන්ට තියෙනවා.

බොහෝදුරට මෙයාට ඔවුන්ගේ දරුවා අනාගතේ කොයි වගේ කෙනෙක් එක්ක ජීවිතය බෙදාගත යුතුද යන්නත් ඇතුලත් වෙනවා. හොද පවුල් පසුබිමක් , ආර්ථික ස්ථාවරයක්, ආගම , ජන වර්ගය වැනි ලක්ෂණ වලට ඔවුන්ගේ දරුවාට ගැලපෙනම කෙනා සොයද්දී බොහෝ දෙමාපියන් ප්‍රමුඛත්වය දෙන බව ආචාර්ය ෆිගෘ  පවසනවා.

ඔවුන් ඇත්තටම පෙනුමට,ප්‍රියජනක බවට ,පෞරුෂත්වයට අවධානය යොමු නොකරන අතර අදාල සහකරුගෙන් තම දරුවාට ලැබෙන සුරක්ෂිතතාවය කෙරෙහි අවධානය යොමු කරනවා.

මෙය විසදාගැනීම ඉතා අසීරු වන්නට පුළුවන්. ඒත් ඔබේ සහකරුවාට ඔබ කොතරම් සැලකිල්ලක් දක්වනවාද යන්න පෙන්වීම මගින් ඔබේ නැන්දම්මාගේ අදහස වෙනස් කිරීමට පටන්ගන්න.

2. ඇයට ඇයගේ තැන නැතිවෙලා වගේ දැනෙනවා.

තමන්ගේ දරුවන් ඔවුන්ගේ ආදරය හා සැනසීම වෙනුවෙන් අලුත් කෙනෙක් හොයා ගත් විට නැන්දම්මාට බොහෝවිට තමන්ට තර්ජනයක් ඇති වුවා සේ දැනෙනවා. ඇයට ඇයව අවශ්‍ය බව දැනීමට අවශ්‍ය වෙනවා. ඇයගේ අදහස් අගයමින් ඇයගේ උපදෙස් පැතීම අවශ්‍ය වෙනවා.

ඇයගේ පුතාගේ කාලය හා අවධානය වෙනුවෙන් ඔබව තරගකාරියක ලෙස තැබීමට කිසිම ඉඩක් තබන්න එපා.

ඇයට  ඇත්තෙන්ම ආදරය කරන අලුත් දියණියක් සිටින බව ඇයට අගවන්න. සහතික වන්න.

ඇය වෙතට ගොස්  ඇයගේ ක්‍රියාකාරකම් , ගමන් සැලසුම් සකස් කරන්න. හැකිනම් ඇයගේ පුතාගේ ජීවිතයේ ඇයට ඇති තැන කිසිවෙකුට ඔබට පවා ගත නොහැකි බව ඇයට දැනෙන්න දෙන්න.

3. ඇය ඔබගේ ජීවිතයේ තීරණ වලට එකග වෙන්නේ නැහැ.

ඔබ පූර්ණ කාලීන රැකියාවක් කරන මවක් නම් ඔබ ඔබේ දරුවන් හා වැඩි කාලයක් ගත කරමින් අර්ධ කාලීන රැකියාවක් කිරීම ඇයට අවශ්‍ය වන්නට පුළුවන්.  ඇයට ඇහුම්කන් දෙන්න උත්සහ කරන්න. නමුත් ඔබේ ජීවිතයේ හා ඔබේ පවුලේ  තීරණ ගැන ස්ථාවර වෙන්න. ඇය ඔබට වඩා කල් මවක් වී අත්දැකීම් ඇති නිසා ඇය ඔබට වඩා දන්නවා යැයි සිතීම ස්වාභාවිකයි. ඇයගේ දැනමුතු කම් ඔබ අගයන බව පෙන්වීමට ක්‍රම සොයන්න. නමුත් දවස අවසානයේදී ඔබත් ඔබේ සහකරුත් ඔබේ පවුලට අවැසි දේ තීරණය කරන්න.

කොහොම නමුත් ගැටුම්කාරිත්වය තවදුරටත්  තිබේනම් අනෙක් සියල්ලටම පෙර ඔබේ විවාහයට ප්‍රමුඛ තැන දීමට ආචාර්ය ෆිගෘ අවවාද කරනවා.

ඔබට ප්‍රීතිය නැවත ලගාකර දීමටත් ඔබේ නැන්දම්මා සමග හොද සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමටත් මෙම ලිපිය උදව් කරාවි යැයි අපි හිතනවා. පහලින් සටහනක් යොදා ඔබේ අදහස් අප හා බෙදා ගන්න.

නැන්දම්මා ලේලී ගැටුම් අවම කරගන්න පුලුවන් නම් නිවස කොතරම් සුන්දර වෙයිද? ඒ සදහා වු මේ පුංචි මගපෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • නැන්දම්මා ලේලීයට අකමැති කාරණා තුනක් තියෙනවා. ඔබත් මේ ගැන දන්නවාද ?
බෙදාගන්න :
  • ලෝකයේ හොදම බිරිද ඔබද?

    ලෝකයේ හොදම බිරිද ඔබද?

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • ලෝකයේ හොදම බිරිද ඔබද?

    ලෝකයේ හොදම බිරිද ඔබද?

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it