නිද්‍රා ඇප්නියාව නොහොත් නින්දෙන් දරුවාගේ නාසය අවහිර වීම (Sleep Apnea)

lead image

නින්දෙන් ගෙරවීම බරපතල සෞඛ්ය තත්වයක් විය හැකි අතර ඉහළ ශ්වසන පද්ධතියේ වාතයේ ගලායාම කිසියම් හේතුවක් නිසා බාධා ඇති වන අතර හුස්ම ගැනීමට අපහසු වීම නිසා සිදු වන්නකි..

මෑතකදී මට හමු වූ මිතුරියකගෙන් දිස් වුනේ නොසන්සුන් සහ කනස්සලු බවක්. ඇයට ප්‍රශ්නයක්දැයි විමසා සිටි විට පැවසුවේ ඇගේ දරුවා අසනීපයෙන් පසු වන බවයි.

යන්තම් ගෙරවිමෙන් පටන් ගත් තත්වය ඇයටවත් ඇගේ ස්වාමි පුරුෂයාටවත් කල් තියා එය රෝගයේ හඳුනාගත සලකුණක් බව හඳුනා නොගත හැකි වීම ගැන ඇය බොහෝ දුක් වූවාය.

ඔවුන් මුලින්ම සිතුවේ දරුවා තම පියාගේ ජානමය පුරුද්දෙන් ගොරවනා ඇතැයි කියාය. ඔවුන් මේ බැව් කියමින් දරුවා හුරතලේට ගත්තා. නමුත් මෙහි අඩුවක් නොතිබුණු බැවින් දරුවාගේ නාසය අවහිර වීමකින් මෙය සිදු වන බව ඔවුන් උපකල්පනය කළා. නාසය බුරුල් වීමට බෙහෙත් ලබා දුන්නා.

තත්වය තවමත් හොඳ අතට හැරුනේ නැහැ

නොබෝ දිනකින් දරුවා පාසැල් යන්නට සැරසෙන විට තද නිදිමතක් දැනෙන බව කියා සිටියා. දරුවාගේ නිදිමත නිසා පාසැල් බස් රථයද මග හැරුණු අවස්ථා තිබුනා. දරුවා සමඟ කේන්ති ගත් මා මිතුරිය මේ ගැන ඔහුට නිතර බැන වැදුනා.

දරුවා කල් තියා නින්දට ගියද, වෙලාවට ඇහැරිම අතිශයින් දුෂ්කර වූ බැවින් දරුවාට පාසැල් යාමද මග හැරෙන්නට ගත්තා.

සති කිහිපයකට පසු දරුවාගේ දෙමාපියන්ව පාසැල වෙත කැඳවා තිබුනා. ගුරුවරුන් කියා සිටියේ දරුවාට පාසැලේදී අවධානය යොමු කිරීම ඉතා අසීරු වන බවත්, නිතරම අවධානය බිඳෙන බවත්, දරුවා නිතර විඩාබර ගතියෙන් පසු වන බවත්ය. 

දරුවා පිලිබඳ වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව ඔවුන්ට පසක් වුයේ එවිටයි. දරුවා Sleep apnea නොහොත් නිද්‍රා අප්නියාවට ලක් වී සිටියා.

කුමක්ද මේ නිද්‍රා ඇප්නියාව නොහොත් Sleep Apnea?

මෙය බරපතල සෞඛ්ය තත්වයකි. ඉහළ ශ්වසන පද්ධතියේ වාතයේ ගලා යාමට යම් හේතුවක් නිසා බාධා වන අතර හුස්ම ගැනීමට අපහසු වේ.

උග්‍ර අවස්ථාවලදී හුස්ම ගැනීම සම්පුරයෙන්ම නතර විය හැකි බව මෙහි එන බරපතා තත්වයකි.  නියමිත වේලාවට ප්‍රතිකාර නොකළහොත් එය බරපතල සෞඛ්ය ගැටළු වලට මග පෑදිය හැකි අතර ජීවිතයටද තර්ජනයක් විය හැකිය.

නිද්‍රා ඇප්නියාව: දරුවාගේ නින්දේදී ඔබ සැළකිලිමත් විය යුතු ලක්ෂණ

  • සතියකට 3 වරක් වත් නින්දෙන් ගෙරවීම
  • එක් වරම තද සුසුමක් හෙලමින් හෝ තිගැස්සී හෝ තද ශබ්ධයක් පිට කරමින් හෝ හුස්ම ගැනීමට බාධා ඇති කිරීම. තත්පර කිහිපයකට හුස්ම නතර වීමද සිදු විය හැක.
  • නින්දදෙන් දහඩිය දැමීම
  • අඛණ්ඩ නින්දක් ගැනීම අපහසු වීම, ඒ මේ ඇත පෙරළෙමින්, කැරකෙමින්, දඟලමින් නිදා ගැනීම
  • ඇතැම් අවස්තා වල ඇඳ තෙමාගනිමද සිදු විය හැක.

අවදිව සිටින විට නොහොත් දවස ගෙවීමේදී සැලකිලිමත් විය යුතු ලක්ෂණ

  • අධික නිදිමත සහ විඩාබර ගතිය
  • උදෑසන අවදි වීමට ඇති අසීරුතාව.
  • අවධානය සීග්‍ර ලෙස බිඳීම
  • සමාජ හැසිරීම් හා ඉගෙනුම් ආදිය ගැටළු සහගත වීම
  • පහසුවෙන් කේන්ති යාම, කලකිරීම, ආක්රමණශීලී වීම (පෙර නොවූ විරූ ආකාරයේ හැසිරීම්)
  • කතා කරන විට නාසයේ බර ගතියක් පෙන්වීම

නිද්‍රා ඇප්නියාව: ඔබ කළ යුත්තේ කුමක්ද?

මුලින්ම කල යුත්තේ නොපමාව දරුවා වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමයි. බොහෝ රෝහල් වල නිද්‍රා ඇප්නියාව ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් තිබේ.

දරුවා පරික්ෂා කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැන වෛද්‍යවරයා ඔබ දැනුවත් කරනු ඇති.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා