දරුවා රෑ මැද්දේ නපුරු සිහින වලින් අවදි වනවාද? ඔබ ඊට කල යුත්තේ කුමක්ද?

ඔබේ දරුවාත් රෑ මැද්දේ භිරාන්ත වී ඇහැරෙනවාද? එවන් අවස්ථා වල ඔබ කල යුතු, නොකළ යුතු දේ ගැන ඔබ දැනුවත්ද? ළමා අත්දැකීම් පිළිබඳ විශේෂඥය වෛද්‍ය මයිකල් ලිම් මේ ගැන ඔබට විශේෂඥ උපදෙස් ලබා දෙනවා.

පළමු සිදුවීම

"අම්මා! අම්මා! මට නරක සිහිනයක් දැක්කා" කියා හඬා වැලපෙන කුඩා හඬින් ඔබ තිගැස්සී නින්දෙන් අවදි වී වෙලාව බලන විට පාන්දර 3යි. වෙව්ලමින් දහඩිය දමමින් හඬන පොඩිත්තා තුරුළු කරගෙන ඔබ ඔහු අස්වසාලන පළමු අවස්තාව නොවේ. මෙය දැන් සිදු වන්නට ඇත්තේ පස්වන වරටයි. “මෙය අවසන් වන්නේ කවදාද?” ඔබ කල්පනා කරන්නේ කනසල්ලෙන්!

දෙවන සිදුවීම

ගිරිය යටින් කෑගහන ශබ්ධයකින් ඔබ රෑ මැදදී තිගැස්සී ඇහැරී තේරුම් ගන්නේ ඒ කෑ ගසන්නේ ඔබේ සිඟිත්තා බවයි. ඔහුගේ කාමරයට හනික දිව යන ඔබ දකින්නේ ඔහු කෑ ගසමින්, කකුල් ගසමින් දඟලන අයුරුයි. දරුවා ඔබ හඳුනා නොගත් බව ඔබට තේරුම් යාම නිසා ඔබත් කලබල වී ඔහු අස්වසාලන්නටත් ඔහු හා කතා කරන්නටත් උත්සාහ කාරනවා. විනාඩි 20කට පමණ පසු, කිසිවක් සිදු නොවුවා සේ ඔහු යළිත් ගැඹුරු නින්දකට වැටෙනවා. කුමක්ද මේ සිදුවන්නේ?

මාපියවරුනි! ඉහත සිදුවීම් දෙකම හෝ එකක් හෝ ඔබේ අත්දැකීමක් හා සමාන වනවාද?

ඉහත සිදුවීම් වලින් පළමු සිදුවීම නපුරු සිහිනයක් (Nightmare) නිසා ඇති වන අතර දෙවන සිදුවීම රාත්‍රී භීතියක් (Sleep terror) එකක් නිසා ඇති වන්නකි.

මෙම සිදුවීම් දෙකම ඔබව තැති ගැන්මකට ලක් කලද ඒවා දරුවන් අතර සාමාන්‍ය සිදුවීමක් නැත හොත් දරුවන්ගේ නින්ද හා සම්බන්ධ සාමාන්‍ය අත්දැකීමක් වනවා.

ඉතින් මෙම අත්දැකීම් දෙක හා සම්බන්ධ වෘත්තීය පැහැදිලි කිරීමක් ලබා දීම සඳහාත්, මෙම අවස්ථා දෙකෙහිදීම ඔබ ඊට ප්‍රතිචාර දැක්විය යුතු නිවැරදි ක්‍රමය පහදා දීම සඳහාත්  අප ළමා රෝග හා සැත්කම පිළිබඳ උපදේශක, වෛද්ය මයිකල් ලිම් සමඟ කතා කළා.

නපුරු සිහිනයක් (Nightmare)

මොනවද මේ නපුරු සිහින නොහොත් Nightmares කියන්නේ?

මේ නම් දරුවා රෑ මැද්දේ භයංකරව අවදි කරන බියකරු සිහිනයකි. මින් තැති ගෙන කනස්සල්ලෙන් අවදි වන දරුවා අස්වැසිල්ලක් හා සැනසීමක් බලාපොරොත්තු වනවා.  

සාමාන්‍යයෙන් නින්දේ තුන්වන අවධියේදී මේ තත්වය ඇති විය හැකි අතර එය සිදු වන්නේ වේගවත් අක්ෂි චලන අවධියේ නොහොත් Rapid Eye Movement (REM) සිදුවීමේ ප්‍රතිපලයක් ලෙස මෙම සිහින පෙනෙනු ලැබේ.

ස්ටැන්ෆර්ඩ් ළමා සෞඛ්ය යට අනුව මෙම දරුණු සිහින දරුවන්ගේ සංවර්ධන අවධීන් වලට අනුකූලව හැසිරෙනු ඇත. ඉතින් දෙමව්පියන්ගේ දෙමව්පියන්ගෙන් වෙන් වී සිටීමට සිහින දකිනු ඇත. අපරූපීන් හෝ අවතාර ගැන පූර්ව පාසල් ශිෂ්යයන්; සහ වයසක ළමයින් මරණය හෝ අසනීප වැනි සැබෑ අන්තරායන් ගැන.

වයස අවුරුදු දෙකහමාරක තරම් කුඩා වයසේ පටන් දරුවන් නපුරු සිහින දකින්නට පුළුවන් වන අතර වයස අවුරුදු 6-10 අතර දරුවන් එවන් සිහින වැඩිපුර දැකීමේ ප්‍රවනතාවක් දක්වන අතර දරුවන් අතරින් 75% ක්ම අවම වශයෙන් ජිවිතයේ එක් වරක් හෝ නපුරු සිහිනයක් දකින බවට වෛද්‍ය ලිම් පවසනවා.

නපුරු සිහින නොහොත් Nightmares වලට මුල්වන හේතු?

නපුරු සිහින දැකීමට මූලිකවම හේතු වන්නේ දරුවා මුහුණ දෙන්නට ඇති ප්‍රචණ්ඩකාරී හෝ කම්පනකාරී සිදුවීමකි. වෛද්‍ය ලිම්ට අනුව එවන් සිදුවීමකට මුහුණ දී මාස තුනක් වැනි කාලයක් ඇතුලත මෙවන් සිහින දකින්නට පුළුවන්.

මිට අමතරව දරුවකුගේ කාංසාව (උදා. පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා හෝ දිගු කාලීනව හෝ දෙමාපියන්ගෙන් වෙන් වන්නට සිදු වූ දරුවන්ගේ මානසික පීඩනය), භියකරු චිත්‍රපටි හෝ චිත්‍රපටි ජවනිකා වැනි හේතුන් නිසා නපුරු සිහින දැකීමේ ප්‍රවනතාව මෙන්ම ඒවා දැකිය හැකි වාර ගන්නත් වැඩි වන්නට පුළුවන්. ප්‍රමාණවත් නින්දක් නොලැබීමත් නපුරු සිහින දැකීමට හේතුකාරක වන්නට පුළුවන්.

නපුරු සිහින නොහොත් Nightmares වලට මුහුණ දෙන්නේ කෙසේද?

පහත දැක්වෙන්නේ  වෛද්‍ය ලිම් විසින් යෝජනා කර ස්ටැන්ෆර්ඩ් ළමා සෞඛ්ය සංවිධානය විසින් අනුගමනය කරන ක්‍රමවේද  කිහිපයකි.

එය සිහිනයක් පමණක් බව දරුවාට ඒත්තු ගන්වන්න.

පමණට වඩා කලබල නොවී, සමබරව, සන්සුන්ව හා කරුණාවන්තව දරුවා අස්වසාලන්න.

සිහිනය ගැන එම මොහොතේ කතා කිරීමෙන් වලකින්න. ඒ වෙනුවට, පසු දිනදී කලින් දා රාත්‍රියේ දුටු සිහිනය ගැනත්, ඒවාට මුහුණ දිය යුතු අකාරය ගැනත් ගැන කතා බහ කරන අතර දරුවාගේ මනසට පීඩා දෙන යමක් වේදැයි විමසිල්ලෙන් සොයා බලන්න.

දරුවාගේම ඇඳේ නිදා ගන්නට දරුවා යොමු කරන්න. නමුත් දරුවාගේ කාමරයේ දොර විවෘතව තබන්න, ඕනෑම විටක ඔබට ලඟා විය හැකි අයුරින් ආරක්ෂාව ඇති බව දරුවාට පහදා දෙන්න.

නපුරු සිහින නොහොත් Nightmares ඇති වීම වළක්වාගන්නේ හෝ සීමා කරන්නේ කෙසේද?

දරුවාට භියකරු චිත්‍රපට හෝ චිත්‍රපට දර්ශන (විශේෂයෙන් නින්දට යාමට පෙර) පෙන්වීමෙන් වලකින්න. 

නින්දට යාමට ප්‍රථම ප්‍රීතිමත් දේවල් ගැන හෝ ලස්සන කතන්දරයක් කීමෙන් අනතුරුව නින්දට යාමට සලස්වන්න.

ඔබේ දරුවා ආරක්ෂිත බ්ලැන්කට්ටුවක් හෝ තුරුල් කරගැනීමට වෙනත් සැනසිලිදායක සෙල්ලම් බඩුවක් හෝ කොට්ටයක් හෝ දෙන්න. දරුවාගේ

තම දරුවා සන්සුන් කිරීමට භාවිතා කළ හැකි සරල ක්‍රමෝපායන් කියා දෙන්න (උදා: සෙමින් 10ට ගණන් කරමින් ගැඹුරු හුස්ම 10ක්  ගැනීම) හෝ ළමා කතා පොතක් කියවා නින්දට යාම.

රාත්‍රී භීතිය (Sleep terror)

මොනවද මේ රාත්‍රී භීතිය නොහොත් Sleep terror කියන්නේ?

රාත්රී භීෂණය ඉතා භියකරු විය හැකිය. මෙම අත්දැකීම තුළ දරුවා දැඩි භීතිය මුසු හැසිරීම්වලින් අවදි වන අතර අතිශය උද්වේගයෙන් සහ ව්යාකූලත්වයෙන් කෑ මොර ගැසිය හැක. මෙම තත්වය මිනිත්තු 15 සිට 30 දක්වා කාලයක් පවතින්නට පුළුවන්.

නපුරු සිහින වලට වඩා මේ තත්වය වෙනස් වන්නේ මෙය ගැඹුරු නින්දේදී හට ගන්නා තත්වයක් නිසා, දරුවාගේ හැසිරීම ගැන කිසිඳු අවබෝධයක් හෝ මතකයක් දරුවාට නොමැති වීමයි. ඇත්තවශයෙන්ම මෙහිදී වඩා ආපසු වන්නේ දරුවාගේ අත්දැකීමට වඩා දරුවා දෙස බලා සිටින්නන්ටයි.

රාත්‍රී භීතියේ නොහොත් Sleep terrorහි පොදු ලක්ෂණ කිහිපයක් මෙන්න:

දරුවාගේ ඇස් විවෘතව ඇති නමුත් ඔහු ඔබ සිටින බව දරුවා තේරුම් නොගනි.

දරුවා පැහැදිලිවම භිරාන්ත වී ඇති නමුත් දරුවාව අවදි කරවීම හෝ අස්වසලිමේ හැකියාවක් නොමැති වීම.

පසු දින දරුවාට සිහිනය ගැන කිසිඳු මතකයක් නොමැති වීම.

වෛද්‍ය ලිම් පවසන ආකාරයට දෙමාපියන් සිහි තබාගත් යුතු කාරණාවක් වන්නේ මෙම රාත්‍රී භීතිය ඇතිවීම මනෝවිද්යාත්මක ගැටළුවක් හෝ මානසික හෝ ශාරීරික හානියකට හේතුවක් නොවන බවත්ය.

රාත්‍රී භීතියට නොහොත් Sleep terrors වලට මුල්වන හේතු?

වෛද්‍ය ලිම් පැහැදිලි කරන පරිදි දරුවන්ගේ රාත්‍රී භීතිය දරුවන්ගේ දෙමාපියන් කුඩා කාලයේ මේවා අත්දැක්ක නම් දරුවන්ද ඒවා ඇත දැකීම වැඩි ප්‍රවනතාවක් දක්වන බවයි.

රාත්‍රී භීතිය ඇති වීමට හේතු විය හැකි වෙනත් සාධකයක් වන්නේ නින්ද මදිකම, නින්ද බාධා ඇති වීම, අක්‍රමවත් නින්ද, නිදන පරිසරයේ ඇතිවිය හැකි වෙනස් වීම් අඩිය විය හැක.

උණ සහ වෙනත් ලෙඩ රෝග ආදිය නිසාද රාත්‍රී භීතිය ඇති වීමේ ප්‍රවනතාවක් ඇති විය හැක.

වෛද්‍ය ලිම්ට අනුව දරුවන්ගෙන් 5%ක් පමණ රාත්‍රී භීතිය අත්දකින අතර මෙය පෙර පාසැල් හෝ ප්‍රථමික පාසැල් අවධියේ බොහෝ විට ඇතිවන්නට පුළුවන්. සාමාන්යයෙන් වයස අවුරුදු 4 ත් 12 ත් අතර දරුවන් රාත්‍රී භීතිය අත්දැකිය හැකි මුත් තාරුණ්‍යයට එළඹීමත් සමග එම තත්වයන් පහව යන බව පැවසෙනවා.

රාත්‍රී භීතියට නොහොත් Sleep terror වලට මුහුණ දෙන්නේ කෙසේද?

පහත දැක්වෙන්නේ  වෛද්‍ය ලිම් විසින් යෝජනා කර ස්ටැන්ෆර්ඩ් ළමා සෞඛ්ය සංවිධානය විසින් අනුගමනය කරන ක්‍රමවේද  කිහිපයකි.

මෙම තත්වයේදී දරුවා අවදි කිරීමට හෝ අස්වසාලීමට උතසහ නොකරන ලෙස උපදෙස් දෙන්නේ එසේ කිරීමෙන් තත්වය තවත් වැඩි වීමට හෝ ඇතිවන කාලය දිගු වීමට ඉඩ ඇති බැවිනි. තත්වය පහව යන තුරු දරුවා අසල රැදී සිටීම මේ තත්වයට මුහුණ දිය යුතු නිවැරදි ආකාරයයි.

නපුරු සිහින මෙන් නොව මෙම තත්වය ගැන පසු දින දරුවා සමඟ කතා බහ කිරීමෙන් වැළකිය යුතුයි. මෙය දරුවා මේ ගැන කතා බහ කළහොත් මිස නැතහොත් මේ ගැන දරුවාට කිසිඳු මතකයක් නැති බැවින් ඒ ගැන පැවසීමෙන් දරුවා කලබලයට පත්විය හැකි බැවිනි.

මේ තත්වය අතරතුර දරුවාට කෑ ගසමින් අවදි කිරීමට තත් කිරීම කිසි විටෙකත කරන්නට එපා.

මෙය සිදුවන අතරතුර දරුවා අවට රැඳෙමින් දරුවාගේ ආරක්ෂාව ගැන කල්පනාකාරී වන්න

දරුවා මේ තත්වය තුල නින්දෙන් ඇවිදියි නම්, දරුවා යලි නින්දට යන තෙක් දරුවා පසුපසින් සිටින්න. හැකි කමක් තිබේ නම් දරුවාව සන්සුන්ව නින්දට/ඇඳ වෙතට ගෙන යන්න.

දරුවා තම මින්තනිය සමඟ හෝ වෙනත් ගෘහ සේවිකාවන් හෝ මිතුරන් සමඟ සිටි නම් මෙම තත්වය ඇති විය හි බවත්, එයට මුහුණ දිය යුතු ආකාරය ගැනත් ඔවුන් දැනුවත් කර තබන්න.      

රාත්‍රී භීතිය නොහොත් Sleep terror ඇති වීම වළක්වාගන්නේ හෝ සීමා කරන්නේ කෙසේද?

නින්දට කලින් දරුවා තෙහෙට්ටු වීමෙන් වලකින්න.

දිනපතා නියමිත කාලසටහනකට අනුව නින්දට යාමත් අවදි වීමත් හුරු කරන්න.

රාත්‍රී භීතියට හේතුව දරුවාගේ දහවල් කාලයේ නින්ද නැවත්වීම යයි ඔබට සිතේ නම්, දහවල් කාලයේ සුළු නින්දකට යලිත් දරුවා යොමු කරන්න.

දරුවාගේ නිදන කාමරය නින්දට උපකාර වන සොඳුරු පරිසරයක් ලෙස නිතර පවත්වාගන්න.

රාත්‍රී භීතියට තුඩු දිය හැකි වෙනත් කරුණු වෙයි විමසිල්ලෙන් සිටින්න. (උදා: නින්දට බාධා ඇති වීම, ගෙරවීම ආදිය)

රාත්‍රී භීතිය සුලභ නුවත් දරුවන් අතර සාමාන්‍ය සිදුවීමක් බවත් එය දරුවාගේ මානසික හෝ ශාරීරික වර්ධනයට කිසිඳු බලපෑමක් ඇති නොකරන බවත් ඔබ සිහි තබාගත යුතුයි.

කෙසේ වෙතත්ඔ දරුවා රාත්‍රී භීතියට මුහුණ දෙන වාර ගණන හෝ එහි බිහිසුණු බව ගැන ඔබ කනස්සල්ලෙන් සිටිනවා නම් සහ ඔබ මෙම ලිපියේ සඳහන් ක්‍රමවේද පිලිපැදි මුත් තත්වයේ වෙනසක් සිදු නොවේ නම් ඒ ගැන විශේෂඥය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වනවා.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා