කිරි කැටියාගේ සම මතු පිට නිල් පැහැති ලප තියෙනවද ?

කිරි කැටියාගේ සම මතු පිට නිල් පැහැති ලප තියෙනවද ?

කිරි කැටියාගේ සම මතු පිට නිල් පැහැති ලප (Mongolian blue spots) තියෙනවා නම් මේ ලිපිය කියවා ඔබත් ඒ ගැන දැනුවත් වෙන්න.

අලුත උපන් බිළිඳුන්ගේ සම හැම විටම නිකැලැල් ලෙස මෙලොව එළිය ලබන්නේ නැහැ. සමහර විට ඔවුන්ගෙ සම ගැලවී යාම, වියළි ස්වභාවයක් ගැනීම හා කුඩා බිබිලි ඇති වීම වැනි අවස්ථාවන් දකින්න පුළුවන්. එපමණක් නොව ඔවුන්ගේ සමේ නිල් පැහැති ලප වර්ගයක් තිබෙන්නටද පිළිවෙන. 

බොහෝ විට උපන් ලපත් අලුත උපන් දරුවන්ගේ සම මතු පිට දකින්නට තිබෙනවා. එත් සමහර දෙමාපියන්ට සමහර ලප උපන් ලප සේ පෙනුනත් එහි වර්ණයේ වෙනසක් තිබිය හැකි අවස්ථාවන් දකින්න ලැබෙනවා.

මේ ලිපිය සැකසුනෙත් එවැනි සුලබ උපන් ලප වර්ගයන් ගැන ඔබව දැනුවත් කරන්නයි.

නිල් පැහැති ලප

නිල් පැහැති ලප (Mongolian blue spots) මොනවද?

බොහෝ විට තද නිල් පාට නැති නම්  Mongolian blue spot නමින් හඳුන්වන නිල් පැහැති ලප ආකාරයට මෙම උපන් ලප දැකිය හැකි වෙනවා.

මෙය පිග්මෙන්ටඩ් උපන් ලපයක් ලෙසත් හඳුන්වනවා. මෙම ලප බොහෝ විට තද නිල් වර්ණයේ සිට අළු පැහැය දක්වා ඇති වීමට ඉඩ තියෙනවා.

ඒ වගේම මේ පැහැය මුළු ලපය පුරාම පැතිර තියෙනවා. මේ ලපය ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් කිහිපයක් පමණක් වන අතර විහිදුනු ස්වභාවයක් තියෙනවා. පැහැදිළි අවසානයක් දකින්නට නැති අතර පැතලි මතුපිටකින් යුතු වෙනවා.

බොහෝ විට මෙම උපන් ලප දකින්නට ලැබෙන්නේ තට්ටම් ප්‍රදේශය, කොඳු නාරටියේ පහළ කොටස වැනි ස්ථානයන් ගේයි. එත් සමහර බිළිඳුන්ගේ අත් හා කකුල් වලත් උපන් ලප උපතේදීම හෝ ඒ සමගම ඉතා ඉක්මනින් වර්ධනය වී පෙනෙන්න ගන්නවා.

මේ නිල් පැහැති ලප හැදෙන්නේ කොහොමද?

බිළිදෙකු තම මව් කුස සිටිනා විට සම නිර්මාණය වන සෛල ක්‍රමානුකූලව මතු පිටට සංක්‍රමණය වෙනවා. වෛද්‍ය විද්‍යාවේ ප්‍රවීණයන්ට අනුව ඩර්මල් මෙලනොසයිට් නම් සෛල විශේෂය සමේ පළමු මතු පිට ස්ථරයට බිළිදාට සති 11-14  දක්වා කාලයේදී ගමන් ගන්නවා.

මෙම ඩර්මල් සෛල බිළිදාට සති 20 ක් පමණ වන විට සාමාන්‍යයෙන් නැතිවී යනවා. ඉතින් මෙම ක්‍රියාවලිය සිදු නොවීමත් එනම් මෙම සෛල මතු පිට සමට ගමන් නොකිරීමත් නිසා මෙම මොන්ගෝලියන් බ්ලූ පැහැති ලප දරුවාගේ සමේ උපන් පසුවත් දකින්න ලැබෙන බව වෛද්‍යවරු පවසනවා.

මන්ද මෙම  සෛල සම මත කා වැදී ඇති නිසා මෙම තත්වය උදාවෙන්න පුළුවන් බව විශ්වාස කරනවා.

Mongolian blue spot ලප කොතරම් දුරට සුලබද?

මෙම උපන් ලප ආසියාතික බිලිදුන්, අප්‍රිකානු, මේඩිටරේරියන් පසුබිමක් සහිත ජනවර්ග හා අරාබි රටවල බහුලව දක්නට ලැබෙනවා. නමුත් යුරෝපිය පසුබිමක් ඇති බිළිදුන්ගේ සමේ මෙය එතරම් දැකිය හැකි වන්නේ නැහැ.

මෙම ලප ගැහැණු හා පිරිමි දරුවන්ගේ ඇතිවිය හැකි වුවත් පිරිමි දරුවන්ගේ වැඩියෙන් දකින්නට ඇති බව කියවෙනවා. එත් ඊට හේතුවක් නම් තාම සොයාගෙන නැහැ.

ඔබත් මේ මොන්ගෝලියන් ලප ගැන කලබල විය යුතු ද?

දෙමාපියන් මෙවැනි ලප දුටු විට බියට හා කලබලයට පත්වෙන්නේ ඉන් දරුවට වේදනාවක් දැනෙනවද? නැති නම් එය රෝගී තත්වයක ඉඟියක්ද, නැතිනම් පිළිකා සෛල වර්ධනයේ අවධානම් සහිත හැඟවිමක්ද ආදී වශයෙන් සිතීමට පෙළබෙන්න පුළුවන්.

සමහර  විටෙක සුෂුම්නාවේ ඇති වන spina bifida occulta නම් රෝගී තත්වයේ ලක්ෂණ සමග මෙය තෝරා ගැනීම අපහසු වන්නට පුළුවන් වුවත් spina bifida සංගමයේ මතයට අනුව එම ලප බොහෝ දුරට රතු පැහැයට ළඟයි.

නිතරම මෙම ලප දරුවා වැඩෙත්ම එනම් වයස අවුරුදු 5 හෝ සිට නව යෞවනය වන විට මෙම ලප මැකී යනවා. නමුත්

ඔවුන්ගේ වර්ධනය සමග එය නැතිවී නොයාම ගැන ඔබේ දරුවා කනස්සල්ලට පත් වෙනවා නම් ඔබට එය වෛද්‍ය වරයෙකු ලවා දරුවට පැහැදිළි කර දෙන්න පුළුවන්. ඉතාම දුර්ලබ අවස්ථාවන් වලදී බිලිඳුන් ලක්ෂයකට පමණ එක් අයෙක් ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවේ වෙනස්කම් මත මෙම ලප සමග සබඳතාවයක් තිබිය හැකි බව කියවෙනවා.

ඔබේ දරුවාගේ සම මතු පිටින් මෙවැනි ලප ඇත්නම් ඒවා මොන්ගෝලියන් බ්ලූ ලප ම දැයි දැනගන්න අමතක කරන්න එපා. ඊට අමතරව එම ලප වල වර්ණය හා පෙනුම දිනෙන් දින වෙනස් වන්නේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරයෙකුගෙන් විමසීම වැදගත් වෙනවා.

දෙමාපියනි  මෙවැනි නිල් පැහැති ලප ඇත්නම් ඒවා ඡායාරූප ගත කිරීම වැදගත් ඇයි?

සමහ විටෙක මෙම ලප කවුරුන් හෝ ගැසීමෙන් ඇතිවිය හැකි ලපයක් ලෙස දැකිය හැකි අතර ඔබේ දරුවා වැඩෙත්ම වෙනත් අයෙකුගේ හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රැකවරණය ලබන්නේ නම් අනපේක්ෂිත අවස්ථාවන් වලදී ඔබට මෙය වැදගත් වේවි.

දෙමාපියන් ලෙස ඔබ නොසිතන බොහෝ පැතිකඩයන් සොයා අපි යන්නට වෙහෙසෙන්නේ හැම මොහොතක්ම ඔබේ දරුවාට දෙන රැකවරණය ආරක්ෂාව අතිශය වටිනා නිසයි. theAsianparent Sri Lanka අපේ මේ වෙහෙස අපේ දෙමාපියන් වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ