නිවසෙන් පිටතට යන ගැබිණි මවකගේ බෑගයේ අනිවාර්යයෙන්ම මේ දේවල් තියාගන්න.

lead image

ගැබිනි මවට කලන්තයක් හැදුනොත් නැත්තම් ප්‍රසුති වේදනා ආවොත් මොකද වෙන්නේ, අවට ඉන්න කෙනෙකුට හරි ඔබට උදව් වෙන්න පහසු වෙන්න  මෙන්න මේ දේවල් ඔබේ බෑග් එකේ තියා ගන්න.

ගැබිනි මවක් කොහේ හරි යනවානම් අනිවාර්යයෙන්ම ආදරණීය රැකවරණයක් පස්සෙන් යනවා. ඒ ආදරණීය සැමියා, අම්මා නැතිනම් වෙනත් වැඩිහිටි කාන්තාවක් වෙන්න පුලුවන්.

ඒත් ගැබිනි මව රැකියාවට යන විට වෙනත් ගමනක් යනවිට මේ රැකවරණයට හැමදාම ලග ඉන්න බැරි වෙන්න පුලුවන්. මේ ගැබිනි මව්වරුන් රැකියාවට යන්නේ සේවා වාහනයක, බසයක හෝ කෝච්චියක වෙන්න පුලුවන්. කාත් කවුරුත් නැතිව යන මේ ගමන් හොද සුදානමකින් යන්න ඕනී.

ගැබිනි මවක් හොද සුදානමක් අවශ්‍ය ඇයි?

කිසිම දේක ඍනාත්මක පැත්ත විතරක් බලන්න එපා කිව්වාට, මම මෙතනදී අපේම මව්වරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ ගැනත් කථා කරන්නයි යන්නේ. අපි හැමෝම කරදරයකින් තොර දරු උපතක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

නමුත් ගැබිනි මවට මගදී කලන්තයක් හැදුනොත්,  වෝටර් බෑග් එක ඩැමේජ් වුනොත් , නැත්තම් ප්‍රසුති වේදනා ආවොත් මොකද වෙන්නේ, අවට ඉන්න කෙනෙකුට හරි ඔබට උදව් වෙන්න පහසු වෙන්න  මෙන්න මේ දේවල් ඔබේ බෑග් එකේ තියා ගන්න.

1.ගැබිනි පත

රජයේ සායනයෙන් හෝ පෞද්ගලික සායනයෙන් ඔබට ලබා දී ඇති මාසෙන් මාසේ තොරතුරු සටහන් වන ඔබේ ගැබිනි පත හෝ එහි පොටෝ කොපි එකක් ඔබේ බෑග් එකේ තබා ගන්න. හදිසි අවශ්‍යතාවයකදී ඔබව රෝහල් ගත කරන්නත්, වෛද්‍යවරුන්ට ඔබට ඉක්මනින් ප්‍රතිකාර ලබා දෙන්නත් එය පළමුවෙන්ම වැදගත්.ඒක නිසා ගැබිනි පත ඔබගේ බැගයෙන් තබා ගන්න අමතක කරන්න එපා.

2. වෛද්‍ය වාර්තා

ඔබ අධික රුධිර පීඩනය, දියවැඩියාව,හෘද රෝග හෝ වෙනත් විශේෂ රෝගයකට ඔබ ප්‍රතිකාර ගන්නවා නම් ඒ අදාල වෛද්‍ය වාර්තා හෝ ෆොටෝ කොපි හෝ ලග තබා ගන්න.

3. බෙහෙත් වර්ග

ඔබ විශේෂ රෝගයකට බෙහෙත් ගන්නවා නම් ඒ බෙහෙත් ඒ වගේම ඔබට දවසේ විටමින් වර්ග තියෙනවා නම් ඒවාටත් ඔබේ බෑග් එකේ පුංචි ඉඩක් වෙන් කරන්න

4. සනීපාරක්ෂා තුවා

ඔබ අසාවි සනීපාරක්ෂක තුවා මොකටද කියා. නමුත් ඔබ දන්නවාද හදිසියේ වෝටර් බෑග් ඩැමේජ් වුනොත් වහාම රෝහල වෙත එන ලෙස වෛද්‍යවරයා දැනුම් දෙන අතර සනීපාරක්ෂක තුවායක් හැද ගන්නා ලෙස ඔබට උපදෙස් ලැබේවි. ඒ  නිසා සනීපාරක්ෂක තුවායක් දෙකක් බෑග් එකේ තබා ගන්නා එක වැදගත් වෙනවා.

5. හදිසියේ දැන්විය යුතු අයගේ නම හා දුරකථන අංකය 

ගොඩාක් වේලාවට මේ පුද්ගලයා ඔබේ සැමියා, නැතිනම් අම්මා, තාත්තා සහෝදරයෙක් වෙන්න පුලුවන්. ඔහුගේ නම හා දුරකථනය අංකය පැහැදිලිව ලියා පහසුවෙන් ගත හැකි තැනක තබා ගන්න.

6. පෞද්ගලික වෛද්‍යවරයකු  නම් අදාල වෛද්‍යවරයාගේ නම හා දුරකථන අංකය 

සමහර ගැබිනි මව්වරුන් පෞද්ගලික රෝහල්  වෙත යන්න බලාපොරොත්තු වෙනවා. එම වෛද්‍යවරයාගේ නම හා දුරකථන අංකය ලග තබා ගන්න.

7. සැහැල්ලු ආහාර

ගැබිනි මවට බඩගිනි හැදෙන වේලාව කියන්න බැහැ. ඒක නිසා බෑග් එකේ කෑමට මොනවා හරි තියා ගන්න. පෝෂණ ගුණයක් නැති වුනත් බිස්කට් පැකට් එකක් වුනත් කමක් නැහැ. ටිපෝෂ බෝල කිහිපයක් අරගෙන යන්න පුලුවන් නම් වටිනවා.

8. ජලය බෝතලයක්

ජලය නම් අනිවාර්යයෙන්ම ලග තියා ගන්න ඕනි. ගැබිනි මවකට තිබහ දැනුනාහම පානය කරන්න වගේම, හදිසියේ ක්ලාන්ත ගතියක් ඇති වුනොත් ජලය අවශ්‍ය වෙනවා.

9. ලේන්සුවක් හෝ වෙට් විප්ස්

ගැබිනි මවකට දහඩිය දානවා වැඩියි. ඒක නිසා මුහුණ පියදාගන්න ලේන්සුවක් තියෙනවා නම් වටිනවා. වෙට් විප්ස් පැකට් එකක් වුනත් ලග තියා ගන්න පුලුවන්. එකවරක් භාවිතා කර ඉවත දාන්න පුලුවන් නිසා ඒවා සනීපාරක්ෂාවට හොදයි.

10. අපද්‍රව්‍ය බැහැර කල හැකි බෑගයක් 

ගැබිනි මවකට වමනේ යන්න හැකියාවක් තියෙනවා. ඒක නිසා අපද්‍රව්‍ය බැහැර කල හැකි බෑගයක් ලග තබා ගන්න.

මේ දේවල් ඔබ ලග තබා ගන්න පුලුවන් නම්, හදිසි අවශ්‍යතාවක් වුනොත්  වෙනත් කෙනෙකුට ඔබව සුරක්ෂිතව ලගම ඇති රෝහලක් වෙත ගෙන යන්නත්, ඒ වගේම ඔබගේ එදිනෙදා ජීවිතයේ සුවපහසුව සකස් කර ගන්නත් ඔබට හැකිවේවි.

ඔබට මේ ගැන අදහස් තිබේ නම් පහල කමෙන්ට් තීරයේ ඔබේ අදහස් අප හා බෙදා ගන්න

මේ පුංචි පුංචි මතක්  කිරීම ඔබට කරන්නේ ගැබිනි ඔබ  ගැන හැමදාම සැලකිලිමත් වෙන The Asianparent Sri Lanka විසිනි.