theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පික්නික් බාස්කට් එකක සිර වී අනු නවයෙන් දිවි ගලවාගත් සිඟිත්තා

4 අවම කියවීම
පික්නික් බාස්කට් එකක සිර වී අනු නවයෙන් දිවි ගලවාගත් සිඟිත්තාපික්නික් බාස්කට් එකක සිර වී අනු නවයෙන් දිවි ගලවාගත් සිඟිත්තා

ප්‍රශ්නය මෙය නොවෙයි. කිසි දිනෙක කරන්නේ නැති වැඩක් වන මේ දේ නොහොත් පික්නික් බාස්කට් එක ඇතුලට යාම දරුවා එදා කලේ ඇයි? එයත් වටහාගන්නට අපට අපහසු වූයේ නැහැ. මොකද බාස්කට් එක ඇතුලේ දරුවා තියා චායාරුප අරන් වැඩි දවසක් නොවන හෙයිනි.

දෝණි පුංචි කාලේ පටන්ම, නිවසේ ආරක්ෂාව, නිවසේ සෑම කෙලවරකම ආරක්ෂාව ගැන උපරිමයෙන් සැලකිලිමත් වී නිවාස බොහොම සුරක්ෂිතව තබාගත් මට සිතාගන්නට බැරි විධියට, සිතා ගන්නට බැරි තැනක සිර වී අනූ නවයෙන් දිවි ගලවගන්නට හැකි වූ අවස්ථාවක් සිහි වනව. මෙය මතක් වන වාරයක් පාසා හදවත තවමත් තැති ගන්නවා.

නිවසේ ආරක්ෂාව ගැන උනන්දු වන ඔබත් සමඟ මේ අත්දැකීම බෙදාගන්නේ අපි නොහිතනා විධියට අනතුරු ඇති විය හැකි ආකාර ගැනත් නිවසේ ආරක්ෂාව ගැන වෙනත් පැතිකඩකින් බලන්නටත් ඔබව උනන්දු කරවීමේ අරමුණින්.

අප විසූ නිවස සහ නිවසේ ආරක්ෂාව

අපි හිටියේ මහල් නිවසක. නිවස බොහෝම පුංචියි. නිවසේ පුංචි සාලයක්, නිදන කාමර දෙකක්, නාන කාමර දෙකක් සහ පුංචි කුස්සියක් තිබුනා. වතු පිටි නැති නිසා දරුවාගේ ආරක්ෂාව සැපයීම ඉතාමත්ම පහසු වූවා.

නිවසේ ජනෙල් පොඩ්ඩෙක්ට කොහොමටවත්  අරින්නට බැරි වන විධියේ  අගුළු සවි කර තිබුනා. නිවසටම තිබුනේ එක දොරක් පමණයි. ඉතින් කාටත් නොදැනී පැටියාට එළියට යන්නට ඉඩක් තිබුනේ නැහැ.

පැටියා බොහෝ විට දවස ගත කලේ එයාගේ කාමරයේ සෙල්ලම් කරමින්. එයා ගොඩක් කැමති සෙල්ලම් බදු වලින් කාමරය පිරි තිබුනා. බොහෝ සෙල්ලම් බදු තිබුනේ කහ පාට පිච්නික් බාස්කට් එකක.

පැටියාට එතකොට වයස අවුරුදු එකහමාරයි. යන්තම් වචනයක් දෙකක් කියන්නට හැකියාව තිබුනා. අපි වැඩට ගිය විට දරුවා සිටියේ ගෙදර ආච්චියි සීයයි එක්ක. දරුවා ඒ කාලේ නිතරම ‘අම්මා’ , ‘තාත්තා’, ‘ආචා’ යන වචන උච්චාරණය කළා.

හැමෝගෙම ආදරේ හුරතලේ

ඉස්සිස්සෙල්ලමම ආපු මිනිබිරිත් නිසා ආච්චි සීයාගේ පමණක් නෙවෙයි නන්දල මාමලාගේ ආදරෙත් යට වැඩිපුරත් එක්ක ලැබුනා. දරුවා එක එක ඉරියව් වලින් තියල එයාල පින්තුරු ගන්නවා. මගේ නංගිත් මේවගේ නානාවිධ පින්තුරු අරන් තිබුනා. පුටු උඩ, මේස උඩ, මේස යට, බේසම් ඇතුලේ මෙන්ම දරුවාගේ පික්නික් බාස්කට් එකේ සෙල්ලම් බඩු අයින් කරලා එය ඇතුලෙත් ගත්තු අලංකාර පින්තුරු අරන් තිබුනා.

වෙනදා වගේම තවත් දවසක්

එදත් වෙනදා වගේම තවත් දවසක්. අපි සුපුරුදු ලෙස රැකියාවට පිටත් වුනා. මගේ අම්මාත් ගමනක් ගොස් සිටි නිසා ගෙදර හිටියේ දරුවත් සීයාත් විතරයි. දරුවා සුපුරුදු ලෙස එයාගේ කාමරයේ සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරමින් සිටියා. සීයා ඇය සමඟ ගී ගැයුවා, කතන්දර කීවා. පසුව ඔහු හදිසි අවශ්‍යතාවයට නාන කාමරයට ගොස් යළි කාමරයට  එන්නට විනාඩි තුන හතරක් වත් ගියේ නැහැ. ඔහු අන්දුන් කුන්දුන් වුනේ මොහොතකට කලින් සිසයි. ජනෙල් දොරවල් සේරම වහලා. එලියට යන්න ක්‍රමයකුත් නැහැ. ටි දරුවා පේන්නට නැති නිසයි.

දරුවාට නොකඩවා කතා කලත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. නිවස පුංචි නිසා දරුවා මග හැරෙන්නට කියා තැනක් නැහැ. සීයාගේ කකුල් පණ නැති වේගෙන ක්ලාන්ත ගතියක් ආවේ කිසිම තැනක දරුවා පෙනෙන්ට නැති නිසයි. දරුවාට කතා කරලා ඔහුගේ උගුර කට වේලිලා. ඔහුට දැනුන භීතිය වචන වලින් කියන්නට බැරි යැයි ඔහු කීවේ සිතට ආ ආවේගයට තම පණ වන් මිනිබිරිය හොයාගන්නට නැතැයි අපට අමතනවාද? නැතහොත් බිල්ඩිමෙන් බිමට පනිනවාද කියා ඔහුට හිතාගන්නට බැරි වුනා යයි කියමින්.

ගෙදර දොර අගුලු දමා තිබුනත්, බිල්ඩිමේ මුරකරුට සිද්ධිය කියා සහය පතන්නට ඔහු තීරණය  කළා. කාමරයේ ඇඳ යටට එබෙමින් යලිත් වරක් දුට කතා කල ඔහු කාමරයෙන් පිටත් වන්නට සැරසෙත්ම හීන් කෙඳිරියක් ඇසුනේ කාමරය තුළින්මයි. ශබ්ධය ආවේ දරුවාගේ සෙල්ලම් බාස්කට් එක නැතහොත් පික්නික් බාස්කට් එක දෙසින් යැයි ඔහුට එක්වරම තේරුම් ගියා.

වහාම පියන විවර කල ඔහු ඇති වූ ආවේගයෙන් එහි පියන කඩා දැම්මේ වකුටු වී එතුළ සිර වී සිටි දරුවා එළියට ගනිමින්.

දරුවන් ඉදිරියේ හැසිරීම

සිදු වූ දෙය ඔබට දැනටමත් සිතාගන්නට හැකිව ඇති. සීයා නාන කාමරයට ගිය ටිකට දරුවා බාස්කට් එක ඇතුළට ගියා. බාස්කට් එකේ පියන ඉබේ වැටී ලොක් වුනා. වකුටු වී සිටි දරුවාට කතා කරගන්නට බැහැ. හුස්ම ගත්තෙත් අමාරුවෙන්. මේ නිසා සියා කතා කරනවා ඇහුනත් ප්‍රතිචාර දක්වන්නට ඇයට හැකියාවක් තිබුනේ නැහැ.

ප්‍රශ්නය මෙය නොවෙයි. කිසි දිනෙක කරන්නේ නැති වැඩක් වන මේ දේ නොහොත් පික්නික් බාස්කට් එක ඇතුලට යාම දරුවා එදා කලේ ඇයි? එයත් වටහාගන්නට අපට අපහසු වූයේ නැහැ. මොකද බාස්කට් එක ඇතුලේ දරුවා තියා චායාරුප අරන් වැඩි දවසක් නොවන හෙයිනි.

දරුවන් ඉදිරියේදී කරන පුංචිම ක්‍රියාවක් හෝ ඔවුන් අනුකරණය කරන්නේ කෙතරම් පහසුවෙන්ද? අප සිතා මතා කරන පුංචිම පුංචි දේවල් පවා මේ නිසා දරුවාගේ ආරක්ෂාවට, නිවසේ ආරක්ෂාව ට බාධා ඇති කල හැකි බව මින් තේරුම් ගත යුතුයි.

දරුවන් වෙසෙන නිවසක් ආරක්ෂාකාරීව තබාගන්න මේ ක්‍රම ගැන දැනුවත් වීමත් උපකාර වේවි! දරුවන්ගේ ආරක්ෂාව සඳහා නිවාස තුළ ආරක්ෂාව ඇති කරගන්න ක්‍රම 18 ක්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • පික්නික් බාස්කට් එකක සිර වී අනු නවයෙන් දිවි ගලවාගත් සිඟිත්තා
බෙදාගන්න :
  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it