නිවසේ සිදුවන අනතුරු,: ගෙදර සෙටී එකට හිරවී දරුවෙක් මියයයි.

lead image

ළදරුවා ලිස්සා ගොස් වැටුන  අතර සෙටියත් බිත්තියේ පිටුපස කොටසත් අතර හිර වන විටත් ඔහු සෙටියේ මුදුනට නගමින් සිටි බව විශ්වාස කරනවා.

ළදරුවා ලිස්සා ගොස් වැටුන  අතර සෙටියත් බිත්තියේ පිටුපස කොටසත් අතර හිර වන විටත් ඔහු සෙටියේ මුදුනට නගමින් සිටි බව විශ්වාස කරනවා.

අපි ඔබ මේ සිදුවීමට  කැඳවාගෙන යන්නේ අනතුරු බලාපොරොත්තු රහිත මොහොතක සිදුවන බව මතක් කිරීමටයි. ඔබේ ක්‍රියාකාරී පුංචි දරුවා හෝ කාර්යබහුල ළදරුවා ළඟින් සිටින විට සෑම විටම අවධානයෙන් සිටින්න.

මාස දහ අටක් Jacob Mooree මේ නොසිතූ සිදුවීම වන විට ඔහුගේ වසර තුනක් වූ සොහොයුරා සමඟ සෙල්ලම් කරමින් සිටි දිනයක් වුනා. සෝපාව පසුපස හිර වූ ළදරුවා මියගියා.

වාර්තාවලට අනුව ළදරුවා ලිස්සා ගොස් වැටුනු අතර බිත්තිය හා සොපාව පිටුපස කොටස අතර සිරවෙන විටත් ඔහු සෝපාවේ මුදුනට නැගමින් සිටිය බව  විශ්වාස කරනවා.

ඔහු බිත්තියට තද වු නිසා හුස්ම ගැනීම ගැටලු සහගත වුණා. පුංචි පිරිමි දරුවා හෘදය හිරවීමකට ලක්වුණා.

සිය සහෝදරයා සමග සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු තුනක් වු Isaac හඬමින් දුවගෙන එන විටත්  jacob ගේ  මව වන Victoria Mooree මුළුතැන්ගෙයි රැඳී සිටියා.

වාර්තා වලට අනුව ඉතාම බරපතළ තත්ත්වයේ උන් ළදරුවා රෝහල වෙත වහා ගෙන ගියා. නමුත් දවස් දහයක් ගත වුණත් ඔහුගේ ජීවිතය රැඳී තිබුනේ  ජීව ආධාරකයක යන්ත්‍ර මතයි. අවසානයේ ඔහුගේ දෙමව්පියන් එම යන්ත්‍ර අක්‍රිය කිරීමේ  හද පැලී යන තීරණය අරගත්තා.

" ඔහුගේ මොළයට ඔක්සිජන්  ගමන්කිරීම අඩපණ වුණා."

මොළයට ඔක්සිජන් අඩු වීමෙන් Jacob නැමති දරුවා  hypoxic ischemic encephalopathy  තත්ත්වයෙන් පෙළෙනු බව පරීක්ෂණ පෙන්වා දෙනවා.

මැන්චෙස්ටර් ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ ආචාර්ය Stephen Playfor ට අනුව ළදරුවා ඇතුල් වෙන කොටම හෘදය තාවකාලික නතර වීමකට ලක්වී තිබුණු අතර ගිලන් රථ සහයක කණ්ඩායම ඔහුට ඇඩ්‍රිනලීන් මාත්‍රාවෙන් පහක දී තිබුණා.

"අඩුම තරමෙන් විනාඩි හතළිස් පහක් වත් ඔහු හෘද තාවකාලික නතර  වීමකට ලක් වී සිටින්නට ඇති, ඔහු හෘදය සිරවීමකින් බොහෝ වෙලා සිටින්නට ඇති යන මතය නොපැහැදිලි හා නොපැකිලි වෙනවා," ඔහු පවසනවා.

"නිසි ඖෂධ පාලනය විසින්  නැවැත්වූ විට ඔහු විසින් හුස්ම ගැනීම ආරම්භ කල නමුත් එය සාමාන්‍ය වුණේ නැහැ.

"ඉන්පසු යන්ත්‍ර අක්‍රිය කිරීම  පිළිබඳව පවුලක් සමඟ කළ හැකි අසීරුතම  සාකච්ඡාව අපිට කරන්න වුණා."

ඉදිරි ප්‍රතිකාර  තවත් දින කිහිපයක් කිරීමෙන් පසුවත් ඔහුගේ සෞඛ්‍ය යහපත් නොවුන නිසා යන්ත්‍ර අක්‍රීය කරනු ලැබූ අතර පසුදින ඔහු මිය ගියා.

මේ පුංචි පුතා හා ඔහුගේ පවුල වෙනුවෙන් අපි තදින් කනගාටු වුණා. වාර්තාවලට අනුව මෙම මරණය වලක්වා ගැනීමට නිසි ලෙස යොමු නොවීමට නොහැකි වීම ගැන ඔහුගේ මව කණගාටුවට පත්වුනා.

ඔබේ දරුවාට ආරක්ෂිත නිවසක්

මේ වගේ අවාසනාවන්ත සිදුවීම් තවත් තියෙනවා. තවත් ළමුන් දෙදෙනෙක් ඔවුන්ගේ  සහෝදර ළදරුවෙකු එක් අවස්ථාවක අවන් එකක් තුලට දමා එය ක්‍රියාත්මක කල පුවත පුවත  දෙමව්පියන්ට තම ළදරුවන් සදහා නිවස සෑම අතින්ම සුරක්ෂිත කළ යුතුය කියන මතක් කිරීම ගෙන එනවා.

අපේ නිවසේ දරුවන් සදහා  ආරක්ෂාව තර කළ යුතු ස්ථාන වලටත් ඔබ්බට සිතන්නට මෙම සිදුවීම අපට මතක් කරනවා.  සියලුම ප්ලග් ආවරණ කිරීම  මෙන්ම යන්ත්‍ර දරුවන්ට ලඟාවිය  නොහැකි තත්ත්වයක් තැබීම පමණක් දැන් ප්‍රමාණවත් නැහ.

සෝපාව හා බිත්ති හතර ඉඩ නොතිබිය යුතු අතර ඇත්තෙන්ම අපේ දරුවන් සෝපාවේ පිටුපසින් උඩට නැඟීම වැළැක්විය යුතු බව මතක තබා යුතු මෙන්ම අවධාරණය කළ යුතු දෙයක් වෙනවා.

ඔබේ පුංචි දරුවා නිවසේ  සුරක්ෂිත කරන්න. දෙමව්පියනි මෙම ලිපිය ගැන ඔබේ අදහස පහලින්  සටහන් කරන්න.

ඔබේ පුංචි දරුවා ඔබේ නිවස තුළම අනාරක්ෂිත බව ඔබ දන්නවාද? ඒ පිළිබඳ  යළිත් ඔබට මතක්  කරන්නේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී