නිවුන් දරුවන් ලබා ගන්න අවශ්‍යයි නම් මෙන්න මගපෙන්වීමක්

නිවුන් දරුවන් ලබා ගැනීම අවශ්‍ය නම්, මෙන්න මේ දේවල් 7 ට  ඔබට උදව් කළ හැකි වේවි.

මම නිවුන් දරුවන්ට කැමතියි . එහෙත්, මම පියෙක්. නිවුන් දරුවන් සදහා ගැබ් ගැනීමට  බියක් දක්වන බොහෝ කාන්තාවන් සමග  මම කතා කළා.

වැඩ කටයුතු දෙගුණ වන අතර   උදව් නොමැතිව වෘත්තීය සහ නිවුන් දරුවන්ගේ කටයුතු  සමබර කර ගත නොහැක. කෙසේ වෙතත්, හොද පැත්ත වන්නේ  ඔබට නිවුන් දරුවන් සිටීමයි.  ඔවුන් දෙදෙනාම එකට වර්ධනය වේ.

ඔබට  අවශ්‍ය දරුවන් දෙදෙනෙකු පමණක්  නම්, නැවත සියල්ලම හරහා යෑම  ගැන කණගාටු වීමකින් තොරව, ගැබිනි සමයේ වැඩිවෙන  බර ගැන  පමණක්  අවධානය යොමු කළ හැකිය.

මම විහිළුවක් කරනවා.  මෙයට වඩා යමක් ගර්භණීභාවය හා නිවුන් දරුවන් තුල තියෙනවා . එනම්, සමහරෙක්ට නිවුන් දරුවන් අවශ්‍ය  වන අතර අනිත් අයට එසේ නොවෙයි. එමනිසා, මෙම ලිපිය මේ දෙපාර්ශවයටම  ප්‍රයෝජනවත් වේ.

නමුත් අපි ඒ ගැන කථා කිරීමට පෙර, මිනිසුන්ට නිවුන් දරුවන් අවශ්‍ය වන්නේ  ඇයිදැයි සොයා බලමු.

නිවුන් දරුවන් ලබා ගැනීම: හේතු මොනවාද?

ගර්භාෂය තුළ වැඩෙන එක් දරුවෙකුට වඩා වර්ධනය වන විට එය බහු ගර්භණීභාවයක් ලෙස හැඳින්වේ. මෙය සිදුවීමට නම්, නිතීයක් ලෙස එක ඩිම්බයකට වඩා වැඩි ප්‍රමාණයක්  තිබිය යුතු වේ. ඔබ නිවුන් දරුවන් ලබා ගැනීමට බියක් ඇති කරගන්න එපා. ඔවුන් විශිෂ්ටයි.

එමනිසා, ශුක්‍රාණු   දෙකකට සංසේචනය වීමට  ඩිම්බ  දෙකක් තිබිය හැකි අතර, අනන්ය වූ හෝ සහෝදර නිවුන් දරුවන් ඇති වීමට හේතු වේ. නමුත් සමහර විට, සංසේචනය වූ යුක්තාණුව දෙකකට බෙදී යයි. මේ නිසා අනන්‍ය වු නිවුන් දරුවන් ඇති වේ.

මේ සදහා  හේතු විය හැකි ප්‍රවේණික හා පාරිසරික තත්ත්වයන් කිහිපයක් තිබෙනවා. අපි ඒවා  බලමු.

ඉතින්, මේ දේවල් 7 ඔබ සතු නම් හෝ කරනවා නම් නිවුන් දරුවන් ලැබීමේ අවස්ථාව වැඩි වෙනවා. ඔබට නිවුන් දරුවන් අවශ්‍ය නොවන්නේ නම්, ඔබට උත්සහ කර එය වළක්වා ගත හැකිය.

මෙම දේවල් නොවරදින ක්‍රියාවලියක් නොවන අතර ඒවා විද්‍යාත්මක  පිටුබලයක් ලබයි. ඔබ නිවුන් දරුවන් අවශ්‍ය  නම්, මේවා නිවුන් දරුවන් ඇති කිරීමේ අවස්ථාවක් වැඩි වනු ඇත

1. පවුලේ නිවුන් දරුවන් ඇති කාන්තාවන් ගෙන්

තම පවුල් වල බහු ගර්භණිත්වයන් බහුලව ඇති කාන්තාවන්ට නිවුන් දරුවන් ඇතිවීමට වැඩි හැකියාවක් ඇත. එමනිසා , ඔබට ඔබේම නිවුන් දරුවන්  අවශ්‍ය  නම්, නිවුන් දරුවන් සහිත පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවක් සොයාගන්න.

2. ප්‍රමාද වී ගැබ් ගැනීම

ප්‍රමාද වී ගැබ් ගැනීම නිසා බහු ගර්භණිත්වයක්  ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇත. මෙය  අවස්ථාවක් පමණක් වන අතර, ඔබට එය ප්‍රයෝජනයට ගත හැකිය. අවාසිය නම්, ඔබ ප්‍රමාද වී ගැබ් ගෙන ඇත්නම් සාමාන්‍යයෙන්  ඔබව දැඩි ලෙස නිරීක්ෂණය කරනු ඇත.

ඒ අනුව බොහෝ කාන්තාවන් තිස්වෙනි විය අවසාන භාගයේදී සෞඛ්‍ය  සම්පන්න දරුවන් පිළිසිඳගැනීම හා බිහිකිරීම කරන  බව එහිදි පැවසෙනවා.

3. අයි වී එෆ් ( IVF )

උපකාරක ශිල්ප ක්‍රම මගින් බහුතර ගර්භණීභාවය ඇතිවීම වැඩි වේ. ගර්භණී  භාවය ඇතිවිමට ඔබේ ගර්භාෂයට හෝර්මෝන හා විටමින් භාවිතා කිරීම එයට හේතු වේ.

අවස්ථාවන් වැඩි කිරීම සඳහා එක් කලලයකට වඩා වැඩි ප්‍රමාණයක් තැන්පත් කරනු ලැබේ. එමනිසා ඒවා සාර්ථක නම් , ඔබට නිවුන් හෝ  ත්‍රිත්ව දරුවන් පවා ඇති විය  හැකිය.  මෙය ගර්භණී වීම සදහා යමෙකුට තෝරා  ගත හැකි ක්‍රමයක් නොවන බව ඒ මගින් පැවසෙනවා.

4. නිවුන් දරුවකු වීම

ඔබ උපත ලැබුවේ නිවුන් දරුවෙක් ලෙස නම්, ඔබට  නිවුන් දරුවන් පිළිසිඳගැනීමේ හැකියාව වැඩි විය හැකිය. නිවුන්නු දරුවන් ඇතිවීම සදහා  වගකීම දරන්නේ ශුක්‍රාණු නොව ඩිම්බ වන බැවින් විශේෂයෙන් කාන්තාවන් සඳහා, මෙය නැවතත් සත්‍ය වේ.

5  සිරුර තරමක්  බරෙන් වැඩිවීම

30 කට වඩා වැඩි BMI අගයක් ඇති කාන්තාවන්ට බහු ගැබ්ගැනීම් ඇති වන බව නිරීක්ෂණය කර ඇත. නිශ්චිත හේතුව නොදනිති. එහෙත්, ගර්භාෂයේ බහු ගැබ්ගැනීම් ඇති වීමට එක් චක්‍රයක්  තුළ බහු ඩිම්බ පිට වීමට හෝමෝන හේතු විය හැකි බව අනුමාන කෙරේ.

මෙය සෞඛ්‍ය  සම්පන්න BMI අගයක් ලෙස සලකනු නොලැබන බැවින් මේ හේතුවෙන්  බර  වැඩි කර ගැනීම  නොකළ යුතුය.

6. උස වීම

නැවතත්, මෙය විහිළුවක් ලෙස, නමුත් උසින් වැඩි කාන්තාවන්ට මිටි  කාන්තාවන්ට  වඩා   නිවුන් දරුවන්  ලැබීමට වැඩි අවස්ථාවක් ඇත.

7.  ඔබට පෙර නිවුන් දරුවන් සිටීම

ඔබට කලින් නිවුන්  දරුවන් ලැබී ඇත්නම්, ඔබට නැවත නිවුන් දරුවන් ලැබීමට අවස්ථාවක් තිබේ.

එබැවින්, නිවුන් දරුවන් පිලිබඳ  පවුල් ඉතිහාසයක් නොමැති කුඩා  තරුණ කාන්තාවකට නිවුන් දරුවන් ලැබිය හැකිද? නියත වශයෙන්ම. කෙසේවෙතත්, එය සිදුවීමට  ඇති ඉඩකඩ පිලිබඳ  සංඛ්‍යාත්මක  අගයන් අඩු අගයක් ගනී.  එමගින්, ඔබ නිවුන් දරුවන් ලබා ගැනීමට   අවශ්‍ය  නම්,  එය ඔබට කල හැකිය.

නිවුන් දරුවන් නිපදවීම නොකරන දේවල්

නිවුන් ගර්භණීත්වය සමග සම්බන්ධිත දේවල් පවතින අතර, එය පිළිබඳ බොහෝ මිත්‍යා මතද තිබේ. බහු ගර්භණීවීමට හේතු නොවන කරුණු 3 ක් මෙන්න,

1. ඩිම්බ පිටවන දිනවල කිරි / මාංශ ආහාරයට ගැනීම - මෙම උපකල්පනයට විද්‍යාත්මක පදනමක් නොමැති අතර  නිරීක්ෂණ අධ්‍යන මගින් ඒ සදහා සහාය නොදක්වයි.

2. විකල්පීය චිකිත්සාව- ඖෂධ භාවිතයෙන් තොරව ප්‍රතිකාර කිරීම  , චීනකටු චිකිත්සාව , හෝ ඒ සමාන දෙයක් ඔබට නිවුන් ගර්භණී බව ඇති වන බව සහතික නොකරයි.

3. ගර්භණී වීමේ අද්භූත ක්‍රම - එය මෙහි සඳහන් කිරීමට කනගාටුයි. නමුත් බොහෝ අතරමං වු  යුවල ගැබ් ගැනීම සඳහා සෑම දෙයක්ම උත්සාහ කරයි.  කිහිපදෙනෙකු මෙම තත්වයෙන් වංචා කරති. ඉතින් ඔබ ෆේස්බුක් හි යම් මුදලකට ඔබට නිවුන් දරු උපත් ලබා දිය හැකි දේ දුටුවොත් කාරුණාකර ඔවුන් විශ්වාස නොකරන්න.

මව්වරුනි, පියවරුනි මේ සියල්ල විද්‍යාත්මක නිරීක්ෂණ වේ.  ඔබේ මුළු සම්බන්ධතාවය තුල භෞතික පැතිකඩ වල් සොයනවාට වඩා ආදරය කර විවාහ වීම වැදගත් බව මම යෝජනා කරනවා. දරුවන් සිටියද නොසිටියද ඔබේ ජීවිතයේ ඉතිරි කොටස ගෙවිය හැකි සහකාරියක් තෝරා ගැනීම වැදගත් වෙනවා.

නිවුන් දරුවන්ට කැමති ඔබටත් අකමැති ඔබටත් මේ ආදරණීය මගපෙන්වීම The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී