නිවුන් දරුවන් ලැබීම: ඉඟි කිහිපයක්

නිවුන් දරුවන් ඉපදීමෙන් එක්වරම පවුල සම්පූර්ණ වූවා වැනි හැඟීමක් දැනෙනවා. ඒ වගේ හුඟ දෙනෙක් මෙය ජාන මත සිදුවන බවට විශ්වාස කරනවා. නිතරම හේතුව ඒකම විය හැකිද?

නිවුන් දරුවන් ඉපදීමෙන් එක්වරම පවුල සම්පූර්ණ වූවා වැනි හැඟීමක් දැනෙනවා. සිංගප්පුරුව, ඉන්දියාව වැනි රටවල නිවුන් දරුවන් ඉපදීමේ ප්‍රවණතාවයක් ඇතිවී තිබෙනවා. ඒ වගේ හුඟ දෙනෙක් මෙය ජාන මත සිදුවන බවට විශ්වාස කරනවා. නමුත් නිතරම හේතුව ඒකම විය හැකිද?

නිවුන් දරුවන් ඇතිවීමේ ජානමය බලපෑම

මෙහිදී ලැබෙන නිවුන් දරුවන් ඇතිවීමට පවුලේ ජානමය බලපෑම බලපෑ හැකි වෙනවා. ජානමය බලපෑම හැමවිටම සිදුනොවිය හැකිවුනත් එසේ වීමට ඉඩ ඇති බව පැවසෙනවා. වෛද්‍ය රාහුල් මන්චන්ද නවදිල්ලි රෝහල ජාන විශේෂඥ පවසන අකරයට එය මවගේ පාර්ශවය හරහා ඇතිවිය හැකි බවත් සමහර ඖෂධ වල බලපෑමද බලපෑ හැකි බව පැවසෙනවා.

එක සමාන නිවුන් දරුවෙක්

එකම වගේ නිවුන් දරුවන් බීජය දෙකට වෙන්වීම නිසා ඇතිවන ප්‍රතිඵලයක්. මේ නිසා ඔවුන්ගේ ජාන මෙන්ම ලිංගික භාවයද එකම වෙනවා.

එක සමාන නොවන නිවුන් දරුවන්

බීජ දෙකක් සංසේචනය වීමෙන් මේ තත්වය ඇතිවෙනවා. මෙය හුඟක් වෙලාවට මවගේ ජාන වල බලපෑම මත සිදුවෙනවා. උදාහරණයක් ලෙස මවගේ පාර්ශවයෙන් නිවුන් දරුවන් බිහිවූ අය ඇත්නම් එසේ සිදුවිය හැකි වෙනවා. මෙය ඩිම්බානුහරණයේදී ඩිම්බ දෙකක් පිට වීමෙන් ඇතිවෙනවා. මෙය මවගෙන් දුවට, මිණිපිරියට ලෙස යාමට අවකාශය තිබෙනවා. මවට දියණියක් ඇත්නම් ඊළඟ පරම්පරාවේ මිණිපිරියට එය ගමන් කරනවා.

මේ වීඩියෝවෙන් ඔබට ඒ සඳහා තවත් තොරතුරු ලබාගන්න පුළුවන්. කෙසේ හෝ මෙය අඹු සැමියන්ගේ ජාන මත සිදුවෙනවා.

නිවුන් දරුවන් පිළිසිඳ ගැනීමට හා නොගැනීමට හේතු 4 ක් තිබෙනවා.

මට නිවුන් දරුවන් ලැබිය හැකිද? ඔව්

ජානමය හේතු හැරුණු කොට එක සමාන නොවන නිවුන් දරුවන් ඇතිවීමට

ජාතිය - බලපාන බවත් බොහෝ ආසියාතික කාන්තාවන්ට නිවුන් දරුවන් හා අප්‍රිකානු සම්භවයක් ඇති කාන්තාවන්ට ඇති බව වැටහෙනවා.

බර හා උස - ෆෝලික් ඇසිඩ් බහුල ආහාර ( කොළ පැහැති එළවලු, ඇඹුල් පලතුරු, ජූස් වර්ග) ලබාගැනීම නිවුන් දරුවන් ඇතිවීමට බලපානවා. ශරීරය විශාල කාන්තාවන්ට ද ඊට නැඹුරුවක් තිබෙනවා.

වයස - වයස වැඩි කාන්තාවන්ට ඔවුන්ගේ හෝර්මෝන වල බලපෑම මත මෙලෙස සිදුවිය හැකිවෙනවා. මෙයින් ඩිම්බ වැඩි වශයෙන් නිපදවෙනවා.

එක සමාන නිවුන් දරුවන් ලැබේද ? නෑ

එය පවුලේ පරම්පරාවෙන් නොව අහම්බෙන් සිදුවිය හැකි දෙයක්.

ජ බෙදීම - එකම බීජය බෙදීමෙන් මෙය සිදුවෙනවා.

සරු බව සඳහා ඖෂධ ලබා ගැනීමෙන් - ඔව්

සරු බව සඳහා ගන්නා ඖෂධ නිවුන් දරුවන් ලැබීමට සම්භාවිතාවයක් තියෙනවා.

උපත් පාලන පෙති - උපත් පාලන පෙති ලබාගැනීම නතර කළ පසු හෝර්මෝන ක්‍රියාකාරිත්වය වැඩිවීම මත මෙලෙස සිදුවිය හැකි වෙනවා. උපත් පාලන පෙති නැවැත්වීමෙන් පසු වැඩිපුර හෝර්මෝන පිටකිරීම මත බීජ නිපදවීම වැඩි වීමෙන් මෙය සිදුවිය හැකිවෙනවා.

ලිංගික එක්වීමේ ක්‍රම

සමහර ප්‍රවීණයන් එහි යහපතක් ඇතැයි සිතනවා.

ඔබට නිවුන් දරුවන් ලැබීමට කැමති නම් මේ හැම දෙයක්ම අත්හදා බලන්න පුළුවන්. නමුත් නිවුන් දරුවන් දරාගෙන ඉන්න කාලය තුළ ඉතා ප්‍රවේශම් වීම වැදගත්. ඔබේ සෞඛ්‍ය හා දරුවාගේ සෞඛ්‍ය ගැන නිරන්තර අවධානය වැදගත්.

නිවුන් දරුවන් බිහිකිරීම සමග ඇතිවන අවදානම්

වෛද්‍ය විශේෂඥයන් ඒ ගැන දක්වන අදහස්:

රක්තහීනතාවය - යකඩ බහුල ආහාර ලබාගැනීම වැදගත්. බීජ දෙකකට රුධිර සැපයීම නිසා මවට හොඳ පෝෂණයක් ලැබිය යුතු වෙනවා.

නොමේරූ දරු උපත් - බොහෝ විට මෙවැනි උපත් සති 37 කාලයේදී සිදුවෙන අතර සමහර දරුවන් ආබාධ සහිතව වුනත් ඉපදීමට හැකිවෙනවා. මින් වැළකීමට හොඳ උපදෙස් ලබාගැනීම වැදගත්.

අධිරුධිර පීඩනය - මෙය නිවුන් දරුවන් ගැබ් ගැනීමේදී ඇතිවිය හැකි සාමාන්‍ය තත්වයක් වන අතර ශරීරය, කකුල්, මුහුණ ඉදිමීම විය හැකි වෙනවා. විවේකය, පරික්ෂාව වැදගත් වෙනවා.

වැඩම - දෙදෙනාගෙන් එක් අයෙකු ප්‍රමාණයෙන් කුඩා වීමට ඉඩ තිබෙනවා.

අඩු උපත් බර - අඩු උපත් බර අවදානම සමග බබාට සංකූලතා ඇතිවිය හැකි නිසා වෛද්‍ය උපදෙස් නිතර ලබාගැනීම වැදගත්.

රුධිර වහනය - රුධිර වහනයක් වීමට අවදානමක් ඇති නිසා ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.

දියවඩියව - මෙහිදී සාමාන්‍ය බර ඉක්මවා බිළිඳාගේ බර වැඩිවීම හා හුස්ම ගැනීමේ අපහසුතා මෙන්ම උපතේදී සංකූලතා ඇතිවීමට ඉඩ තිබෙනවා.

සම්පූර්ණ කාලය කුස තුළ නොරැඳීම - බොහෝ විට සති 37ට පෙර උපත සිදුවෙනවා.

අඩු කාලයකින් උපත ලැබීම - නිසා ඇතිවිය හැකි සංකූලතා ගැන සියුම් අවධානයෙන් සිටීම වැදගත්.

ඔබ නිවුන් දරුවන් අපේක්ෂා කරනවා නම් ඊට පරම්පරාවේ සම්බන්ධයක් ඇතිදැයි සොයා බැලීම හෝ දරුවන් සඳහා ගන්න ප්‍රතිකාර වෙත යොමුවිය හැකි වෙනවා. නමුත් මෙවැනි ප්‍රතිකාර ඉතා මිල අධික විය හැකි වෙනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ