theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබ නොදැනුවත්වම ඔබට ඇහුම්කන් නොදෙන ලෙස දරුවාට කියන ආකාර 13 ක්

4 අවම කියවීම
ඔබ නොදැනුවත්වම ඔබට ඇහුම්කන් නොදෙන ලෙස දරුවාට කියන ආකාර 13 ක්ඔබ නොදැනුවත්වම ඔබට ඇහුම්කන් නොදෙන ලෙස දරුවාට කියන ආකාර 13 ක්

කවදාවත් හිතලා තියෙනවද ඔබේ උපදෙස් දරුවන් පිළිනොගන්න දිනයක් එයි කියලා?

අපි හුඟක් වෙලාවට දරුවන්ට කිවයුතු නොකිවයුතු දේවල් ගැන පෙර සිටම සූදානම් වුවත් ඔබ කියන සමහර දේවල් නිසා නොදැනුවත්වම දරුවන් අපට සවන්දීම නවත්වන බව ඔබ දන්නවාද?. ඇමැන්ඩා මෝගන් විසින් දරුවන් අපට මෙලෙස ඇහුම්කන් නොදීමට හේතූන් ඇති අවස්ථාවන් පැහැදිළි කරනවා.

1. තෝරාගැනීමක් ඇති බව ඉඟි කරමින් වැඩ නියම කරන්න

සමහර වෙලාවට අපිට නොසිතාම අහන ස්වරය හා අහන විදිහ එතරම් ගරු සරු නොවෙන්න පුළුවන්. “ ඔයාට අද රෑට කන්න ඕනේද?” සමහර විට දරුවා එයින් තම කළයුත්තේ මොනවද යන්න වටහා නොගන්න පුළුවන්. ඔබ ඔබේ ඉල්ලීමට “නැහැ” කියන්න අවස්ථාවක් දෙනවා. නමුත් ඊට වඩා එය ඍජුව කීම වැදගත්. “ කරුණාකර දැන් රෑ කෑම කාලා ඉවර කරන්න ඕනේ”. “දැන් ඔයා අපිත් එක්ක රෑ කෑමට එන්න ඕනේ” ඍජුව පණිවිඩය ලබා දීමෙන් ඔවුන් එය අවබෝධ කරගන්නවා.

2. වැරදි පින්තූරයක් මවා පෑම

සමහර විට අපි කියන දේවල් ඔවුන් අහන්නේ නෑ වගේ ඉන්නවා. ඔවුන්ගේ මනසට යන පින්තූරය ඉල්ලීමට සමාන නිසයි එහෙම කියන්නේ. “සීට් එකේ උඩ නගින්න එපා”  ඔහුගේ සිත තුළ පින්තූරය හැදෙන්නේ උඩ නැගීම ගැනයි. නමුත් “දැන් ඉඳගන්න. කකුල් ඉස්සරහට දාලා බලන්න. ඇස් දෙකත් ඉදිරියට හරවාගෙන හරියට ඉන්න”. ආදී වශයෙන් කීම තුළින් ඔහු කරමින් සිටි ක්‍රියාවට ප්‍රතික්‍රියාව විස්තර කර කීම මගින් මනස වෙනතකට යොමු කරන්න ඔබට පුළුවන්.

3. ඇස් සමග හොඳ සබඳතාවයක් නැති වීම

හුඟක් වෙලාවට දෙමාපියන් උපදෙස් දෙන්නේ එක්කෝ කාමරයේ ඉඳන්, නැතිනම් සාලයේ ඉඳන්, නැතිනම් දුරකතනයෙන්. නමුත් ඇහෙන දේ ගැන ඔහුට එතරම් තැකීමක් නැතිවෙන්නේ ඔබව ඔහුට හරියටම පෙනෙන්නේ නැති නිසයි. ඒ නිසා කෑගසා අවවාද දීම වෙනුවට ඇසට ඇස ගැටෙන ලෙස අවවාද සහ උපදෙස් ලබාදීම වැදගත්.

4. උවමනාවට වඩා කීම

ඇමැන්ඩාට අනුව එකවිට උපදෙස් කිහිපයක් දීම මගින් දරුවන් ව්‍යාකූල වෙන බව ඇය කියනවා. ඔබ කියන දේ දරුවා අතින් සිදුවුනේ නැත්නම් නැවත වරක් ඔබ දෙන උපදෙස් ගැන සිතා බලන්න. ඔබ හුස්මක්වත් ගන්නේ නැතිව උපදෙස් මාලාවක් දෙනවද? නමුත් වරකට එකක් හෝ දෙකක් පමණ උපදෙස් පැහැදිළි ලෙස ලබාදෙන්න. ඉන්පසු දරුවාට එම උපදෙස් නැවත මෙනෙහි කිරීමට කියන්න ඔබට පුළුවන්.

5. දරුවාට නොඇමතීම

දරුවෙකුට උපදෙසක් අවවාදයක් දෙනවිට ආරම්භයේ දරුවාගේ නමින් ඔහුව අමතන්න. මේ මගින් පුංචි දරුවාට එය ඔහුටම කියන දෙයක් බව වැටහෙනවා. ඉන් දරුවා ඔබ ගැන අවධානය යොමු කරනවා.

6. ධනාත්මක වීම

ධනාත්මක පැත්ත පෙන්වීමට වඩා “ බලමු ඒක ඔයාට කරන්න පුළුවන් වෙයි” “ උත්සාහ කරලා බලමු” ආදී වශයෙන් කියන්න.

7. ඔබේ ඉරියව් හා කියන දෙය අනුමාන වීම

ඔබ කතා කරන දෙය ඔබේ ඉරියව් වලින් නොපෙනෙන විට දරුවා ඔබට ඇහුම්කන් දෙන්නේ නැහැ. අපි කියන දෙය ක්‍රියාවෙන් ඔප්පු කළ විට “ගත්ත දෙය ගත්ත තැනින් තියන්න” යැයි ඔබ කියූ විට ඔබද එලෙසටම හැසිරීම වැදගත්.

 8. කෑගැසීම

මෙය ඉතා අපහසු දෙයක් වුණත් දරුවා අතින් වුණ වරද ඔහුට තේරුම් කර දෙන්න උත්සාහ කරන්න. නම් කියමින් කෑගැසීම වෙනුවට ඔහුට කතා කර එය පැහැදිළි කර දීම නිසා ඔහුට ඇගයීමක් ලබාගන්න අවස්ථාව සලසා දෙනවා. දරුවා අසහනකාරී ලෙස හැසිරෙන විට ඔවුන්ව පහත දැමීම දරුවා පාලනය කළ නොහැකි ලෙස හැසිරෙන විට ඔහුව පහත දමා කතා කිරීම එතරම් හොඳ නැහැ. ඔහු සන්සුන්ව හිඳින විට කතා කිරීම අපහසු නම් ඔහු අසහනකාරීව ඉන්න විට එයට විරෝධය පෑම තවත් වැඩි වෙනවා. සමහර විට ඒ අවස්ථාවේ ඔහුව මුදා හැරියද පසුව ඔහුට එය පහදා දීම කළ හැකියි.

9. කිසිඳු නිදහසක් නොදීම

දරුවන්ට යමක් කරන්න නියමිත වූ විට ඊට තේරීමක් තිබීම වැදගත්. ඔවුන් අඳින ඇඳුම සමහර විට උදේ ඇඳුම් අඳින අවස්ථාවට ඔහුටත් අවස්ථාවක් දීම වැදගත්.

 10. එතරම් යථාර්තවාදී නැති විසඳුම් 

ඔබ කොයි මොහොතක හරි කියලා තියෙනවද සෙල්ලම් බඩුවක් නිසි තැන නොතැබීම නිසා ආයි කවදාවත් මේ සෙල්ලම් බඩුව ඔයාට දකින්නට නොලැබෙන බව?  නමුත් මෙය එසේ නොවන බව ඔහු දන්නා නිසා ඔහු ඔබව පිළිගන්නේ නැහැ. ඒ නිසා එවැනි දේවල් කීම මගින් ඔබ ගැන විශ්වාසය නැතිවෙන්න පුළුවන්.

 11. කොතරම් කීවත් වැඩක් නැහැ

එකම දේ කොයිතරම් සැරයක් කිවුවත් දරුවන් එය ඔළුවට ගන්නේ නැත්නම් දරුවාට ඔබ එලෙස කීමට හේතුව පහදා දෙන්න. එවිට ඔහු ඒ ගැන නැවත වතාවක් සිතාවි.

 12. තීරණ වෙනස් කිරීම

දරුවන් පිළිබඳ තීරණයක් දුන් විට නැවත එය වෙනස් නොවන බව ඔවුන්ට ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න. දරුණු නොවී සාධාරණ ලෙස එහෙත් ස්ථිර තීරණයක රැඳෙන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

 13. ඔබ කියන දේ තේරුම් කිරීමට නොහැකි වීම 

ඔබ කියන දේවල් සරලව කෙටි වාක්‍ය වලින් කියන්න. පුංචි දරුවන්ට දිග වාක්‍ය වැටහෙන්නේ නැහැ. නැතිනම් ඔවුන් ඔබට අවධානය නොදී අත්හරිනවා.

 14. එකම ක්‍රමයක් අනුගමනය කිරීම

ඔබ පනවන නීති රීති වල පිළිවෙල කාලයෙන් කාලයට, අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් කිරීම නිසාද දරුවන් තුළ විශ්වාසයක් නැති වෙනවා. එවිට ඔවුන් ඔබට ඇහුම්කන් දීම අත්හරිනවා.

දරුවන් නිතර උපායශීලි ලෙස කටයුතු කරනවා. ඔවුන් අවවාද උපදෙස් පිළිගන්නේ ඒ ආකාරයෙන්මයි. ඒ නිසා වැඩිහිටියන්ට ඉවසීම, නුවණ අවශ්‍යයි. ඒ වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපි පෙළ සැකසුවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ඔබ නොදැනුවත්වම ඔබට ඇහුම්කන් නොදෙන ලෙස දරුවාට කියන ආකාර 13 ක්
බෙදාගන්න :
  • ඔබේ ගැබිණි බිරිඳට කවදාවත්ම නොකිව යුතු කථා

    ඔබේ ගැබිණි බිරිඳට කවදාවත්ම නොකිව යුතු කථා

  • නොදැනුවත්වම ඔබේ සැමියාගේ හෝ බිරිඳගේ දෙමාපියන් සමග අමනාපකම් ඇතිවීමට හේතු 7ක්

    නොදැනුවත්වම ඔබේ සැමියාගේ හෝ බිරිඳගේ දෙමාපියන් සමග අමනාපකම් ඇතිවීමට හේතු 7ක්

  • ඔබේ ගැබිණි බිරිඳට කවදාවත්ම නොකිව යුතු කථා

    ඔබේ ගැබිණි බිරිඳට කවදාවත්ම නොකිව යුතු කථා

  • නොදැනුවත්වම ඔබේ සැමියාගේ හෝ බිරිඳගේ දෙමාපියන් සමග අමනාපකම් ඇතිවීමට හේතු 7ක්

    නොදැනුවත්වම ඔබේ සැමියාගේ හෝ බිරිඳගේ දෙමාපියන් සමග අමනාපකම් ඇතිවීමට හේතු 7ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it