මේ කෑම වර්ග දෙක පළමු ආහාර හැටියට බබාලාට දෙන්න හොඳ නැහැ

මේ කෑම වර්ග දෙක පළමු ආහාර හැටියට බබාලාට දෙන්න හොඳ නැහැ

ඔබේ පැටියාට නොදිය යුතු සුලබ කෑම වර්ග දෙකක් ගැන ළමා රෝග විශේෂඥයන් හෙළි කරයි.

බොහෝ දෙමාපියන් තම දරුවාට දිය යුතු හා නොදිය යුතු පළමු ආහාර වර්ග මොනවා දැයි සමහර විට සිතාගත නොහැකි ලෙස ව්‍යාකූල වෙනවා. මාස 6 සිට දරුවන්ට දිය යුතු කෑම වර්ග වෙනස්වී තියෙනවා.

පොඩිකරගත් අල, තලපයක් මෙන් හැදු පළතුරු, බිත්තර, කොළ පැහැති එළවලු, පොදුවේ කවුරුත් අනුමත කරන කෑම වර්ග වුවත් තවත් දරුවන්ට ඉතා හොඳ කෑම වර්ග ඇති බව මව්වරුන් දැනුවත් නැහැ.

මන්යා අල්ට්මන් ළමා මනෝ වෛද්‍යවරිය ‘Today’ සමග කරුණු දක්වමින් දරුවන්ට ගුණ කෑම වර්ග හා ඉන් දරුවන්ට නුසුදුසු විශේෂ කෑම වර්ග දෙකක් පැහැදිලි කළා.  මේ අතරින් දරුවන්ට දිය යුතුම කෑම වර්ග තුනක් ගැන ඇය සඳහන් කළා.

1. අලිගැටපේර

සමහර විටෙක බොහෝ දෙමාපියන් මේ පළතුරේ සුවිශේෂී බව තවමත් දන්නේ නැතිව ඇති. දරුවෙකුගේ ආහාර හඳුන්වා දෙන ලැයිස්තුවේ අලිගැටපේර වලට පළමු තැනක් හිමි විය යුතුයි. පොටෑසියම්, ෆයිබර්, හා සෞක්‍යට හිතකර මේද ( වැඩිහිටියන්ටත් හොඳයි) හෘදයට ඉතා හොඳ කොටස් බව හඳුනාගෙන තියෙනවා.

අලිගැටපේර, ගෑරුප්පුවකින් තලපයක් ලෙස සදා ගන්න පුළුවන්. දරුවාට මාස 8 ක් පමණ වන විට කුඩා කැබලි ආකාරයට දුන්නොත් දරුවාත් එය කැබලි ලෙස කෑම හඳුනා ගන්නා අතරම එය රස විඳීවි. වෛද්‍ය අල්ට්මන් යෝජනා කරන ආකාරයට දරුවෝ ජිවිතේ පළමු වරට මෙය රස විඳින විට එය කැමරාවට නැගිය යුතු විශේෂ අවස්ථාවක් බව අත්දකින්නට ලැබෙනවාලු.

2. පීනට්  බටර් ( රටකජු තැවරුම )

වෛද්‍ය අල්ට්මන් පවසන ආකාරයට දරුවන් ආහාර ගැනීම අරඹන මුල් කාලයේ සිටම ඇට වර්ග වල රසට හුරු වීම නිසා වැඩිහිටියන් වු පසුව ඇට ප්‍රතික්ෂේප කිරීම මින් වැළකෙයි.

ඇට සහිත බටර් තැවරුම රස වගේම ගුණයෙනුත් ඉහළයි. අනික එය පහසුයි. එහි එළවලු ප්‍රෝටීන, සෞක්‍ය ආරක්‍ෂිත මේද හා විටමින් E තැන්පත්ව තියෙනවා. ඔබ දරුවාට ඕට්ස් වැනි කෑමක් හදාද්දී හෝ වෙනත් අර්ධ ඝන ආහාරයකට වුවත් පීනට් බටර් ටිකක් මිශ්‍ර කර දීමෙන් එහි රසයට දරුවා පුරුදු කරන්න පුළුවන්.

ඒ වගේම දරුවාට මාස 8 ක් පමණ වන විට පාන් වල ගෑමෙන් හෝ පීනට් බටර් ඉතා කුඩා ප්‍රමාණවලින් දීමෙන් රසය හඳුන්වා දෙන්න.

3. මාළු

බොහෝ දරුවන් මුල් කාලයේ සිටම මාළු කෑමට හුරු නොවීමෙන් ඔවුන් වැඩිහිටියන් වු පසු මාළු කෑමට ප්‍රියතාවයක් දක්වන්නේ නැති වෙන්න පුළුවන්. එසේ වුවහොත් එය ඉතා කණගාටුවට කාරණයක්.

මොකද මාළු වල ඇති පෝෂණීය ගුණය ඇති විශාලයි. මාළු වල ඔමේගා 3, ෆැටි ඇසිඩ් අඩංගු අතර මොලයේ සහ ඇස් වල වර්ධනයට මාළු හුඟක් හොඳයි. වෛද්‍ය අල්ට්මන් කරුණු දක්වමින් සැමන් කුඩා දරුවන්ට ඉතා හොඳ බව පවසනවා.

එහි අඩංගු විටමින් D, ඔමේගා 3 හා ප්‍රෝටීන් ළදරුවන්ට එය ඉතාම පෝෂණයෙන් යුතු වෙනවා. එමෙන්ම අනිත් මාළු වලට වඩා රසදිය  සාන්ද්‍රණය අතින් අඩු වෙනවා. නමුත් දෙමාපියන් දරුවන්ට මාළු දීමේදී ඒවා ඉතා හොඳින් පිරිසිදු කර පිසීමට වග බල ගත යුතු බව කියනවා.

තලප ලෙස ගෙන ගෑරුප්පුවක් ආධාරයෙන් සිහින් කැබලි වලට කෑමට දීම මගින් දරුවන්ට ලබාදීම ඉතා සුලබ ක්‍රමයක් වන අතර ඊට වතුර ස්වල්පයක්, මව් කිරි හෝ එළවලු එක් කරන්නත් පුළුවන්.

ඔහු තව දුරටත් විස්තර කරමින් ඔහුගේ පුතා මාස 7 ක් තරම් වයසේදී පොඩි කරන ලද අල සමග මාළු ඉතා ආශාවෙන් කෑ බව පවසනවා. නැතිනම් බ්‍රකෝලි හෝ වෙනත් එලවලුත් සමග මිශ්‍ර කළත් එහි වරදක් නැහැ.

feeding

දරුවන්ට නොදිය යුතු පළමු ආහාර වර්ග 2 මොනවාද? 

ඒ වගේම වෛද්‍ය අල්ට්මන් දරුවන්ට නොදිය යුතු කෑම වර්ග දෙකක් ගැනත් කතා කල අතර ලොව පුරා මව්වරුන් අතර ඉතා සුලබව ලබා දෙන ආහාර වර්ගයක් වීමත් විශේෂයි.

 1. සුදු සහල් සීරියල්

මෙය දරුවන්ට බොහෝ දෙනෙක් පළමු ආහාරය ලෙස ලබා දෙන නිසා අම්මලා තරමක් පුදුමයට පත් වෙන්න පුළුවන්.

වෛද්‍යතුමියට අනුව මෙය ඉතා හොඳ නැති තේරීමක් වන අතර මීට දරුවන් හුරු වීමෙන් පසුකාලීනව ඔවුන් එක රසයකට පමණක් කොටු වෙන්න පුළුවන් බව පවසනවා.

එය යකඩ හා සින්ක් අඩංගු බව පැවසුවත් එය පෝෂ්‍යදායි කෑමක් වන්නේ නම් නැහැ. නමුත් තවමත් ඔබ සිතනවා නම් සීරියල් දරුවන්ගේ පළමු ආහාරය විය යුතු බව ඔබ සුදු වෙනුවට දුඹුරු සහල් තෝරාගන්න යොමු වෙන්න.

මෙය එතරම් සුදුසු අනුමත ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකි වුවත් අඩුම වශයෙන් දරුවා වැඩෙත්ම ඔහුට රතු සහල් කෑමට පුරුදු කිරීමට ඔබට හැකි වනු ඇත. කෙසේ වෙතත් මේ කොයි ආහාරය හඳුන්වා දුන්නත් දරුවන්ට එය ජීරණය කරගත හැකි දැයි අවබෝධයෙන් ලබා දීම වැදගත්.

2. නොදිය යුතු පළමු ආහාර: ජූස් වර්ග

වෛද්‍යවරියගෙන් නිතර අසන ප්‍රශ්නයක්. ජූස් වර්ග දිය යුත්තේ කුමන වයසේදීද? ඇය කියන්නේ එය කිසිසේත් අවශ්‍ය නැති බවයි.

මෙය පුදුමයට කාරණයක් වුවත් මේ මගින් දරුවන් නිකරුනේ සීනි භාවිතයට පුරුදුවීමේ අවධානමක් ඇති බව ඇය පවසනවා. ඇය කියන්නේ එහි ෆයිබර් අඩංගු නොමැති නිසා එය කිසිසේත් ස්වභාවික පළතුරකට සමකල නොහැකි බවයි.

එහෙනම් දරුවන්ට බොන්න දෙන්න සුදුසු මොනවද? ‘වතුර’ එකේ කිසි සැකයක් නැහැ. ඇය පවසන ආකාරයට දරුවාට මාස 6 ක් වන විට වතුර ස්වල්පයක් බැගින් දීමට  ආරම්භ කළාට වරදක් නැති බවයි.

දරුවන්ට අවුරුදු 1 ක් සම්පුර්ණ වන විට වතුර බොන්න පුරුදු කිරීමද වැදගත් වෙනවා.

හොඳ ආහාර පුරුදු නිරෝගී ජීවිතයකට මග සලසනවා. මේ අලුත් තොරතුරු theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ගෙන ආවේ ඒ නිසයි. 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ