පරහිතකාමී දරුවෙක් දුම්රියේදි වෙහෙසට පත්  මවට තම දෑත මත නින්දක් ලබා ගැනීමට ඉඩ දෙයි

lead image

කුඩා දරුවෙක් ඔහුගේ නිදාසිටි මවගේ හිස සිය අත මත තබා සිටින මේ ඡායාරූපය රූපය ලොව පුරා සැරිසැරු අතර දුටුවන් කම්පනයට පත් වුනා .

කුඩා දරුවෙක්  ඔහුගේ නිදාසිටි මවගේ හිස සිය අත මත තබා සිටින මේ ඡායාරූපය රූපය ලොව පුරා සැරිසැරු අතර දුටුවන් කම්පනයට පත් වුනා .

මව්වරුනි ඔබ ඔබේ එදිනෙදා දරුවන් බලාගන්නා කටයුතු වලින් වෙහෙසට පත්වෙලා ඇති නමුත් ඔබේ ඒ කැප කිරීම දරුවන් දකිනවාද යන්න හා ඒ වෙනුවෙන් ඔවුන් ඔබව ආදරයෙන් රැක ගන්න කැමතිද යන්න ඔබ දන්නේ නැති වෙන්න පුලුවන් .

තම මව දුම්රියේදි නින්දට වැටුන විට මේ දරුවා ඇගේ හිස තබා ගැනීමට අත තැබීමට මැලි වුනේ නැහැ.

සිය මවගේ හිස දැඩි වීදුරුවට තදවීම නිසා පත්වන අපහසුව මග හැරීම සදහා ඔහු සිය අත හිස හා වීදුරුව අතරින් තබන්නට හිතුවා.එපමණක් නොවේ ඔහු මෙලෙස ඔහුගේ මව අසලින් සිට ගෙන සිටින්නේ සිය අසුන දරුවෙක් සිටි මවකට පිරිනැමීමෙන් අනතුරුව බව වෙනත් මගියෙක් පැවසුවා .

රෝස පැහැති එක් බෑගයක් දකුණු උරහිසේද තවත් බෑගයක් වම් උරහිසේද දරා සිටින මෙම දරුවා ඔහුගේ මවට බඩු ගෙන යන්නටද අත් උදව් දෙන බව පෙන්වා දෙයි. බලන්න මේ දරුවා කොතරම් පරහිතකාමී සෙනෙහෙවන්තයෙක්ද?

චීනයේ Chengdu Metro Line 2 දුම්රියේදි මෙම දර්ශනය දුටු මගීන් මෙම දර්ශනය ඡායාරූප ගත කොට ඇත.

Weibo කියන වෙබ් අඩවිය හරහා එය ලොව පුරා පැතිර ගියා .එම ඡායාරූපයට 180000 වැඩි  ලයික් ප්‍රමාණයක්ද දරුවා අගයමින් දහස ඉක්මවු කමෙන්ට් ප්‍රමාණයක්ද ලැබී ඇත .

මෙම දරුවා පෙන්වන ලද පරිණතභාවය මත ඔහුගේ අනාගතයට විවාහ යෝජනා ඉදිරිපත් කර ඇති සමහර කමෙන්ට් ගැන පුදුම විය යුතු නැත .

"මේ දරුවාගේ දෙමාපියන් සොයා ගන්න මට උදව් කරන්න. මගේ අනාගත දියණිය ඔහුට විවාහ කර දීමට කටයුතු කිරීමට මට අවශ්‍යයි !"

දෙමාපියන් වශයෙන් කරුණාව, වැඩිහිටියන්ට සැලකීම වැනි ගුණධර්ම දරුවාට ඉගැන්වීම පහසු කටයුත්තක් නොවේ.

සීග්‍රයෙන් ජනප්‍රිය වෙන මේ කල්පනාකාරී දරුවා හා මෙතරම් කුඩා වයසකදී හැගීමෙන් කටයුතු කිරීමට කියා දෙන ලද ඔහුගේ දෙමාපියන් පැසසුම් ලැබිය යුතුය. මේ පුංචි මිනිසා අනිවාර්යයෙන්ම අනාගතයේ දිනෙක විශ්මිත දේවල් කරාවි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී