"තාත්තේ, මම මැරුණත් කමක් නෑ,, චූටි නංගිව බේරගන්න"

Osteopetrosis යනු දුර්ලභ මෙන්ම උපතින්ම එන අස්ථි සම්බන්ධ රෝගයක් වන අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස හිස් කබලේ වු ස්නායු ක්‍රියාකාරිත්වය නැවතීම හෝ බිදියෑම හා අන්ධභාවය, බිහිරි භාවය, මුහුණේ ස්නායු අකර්මණ්‍ය වීම වැනි ප්‍රතිඵල ලබා දෙන රුධිර සෛල නිෂ්පාදනය අවම වීම සිදුවේ.

මෙම පුංචි දරුවෙකුට කිසිසේත්ම හැදේවි යැයි බලාපොරොත්තු නොවන ලෙඩකි.

චීනයේ වයස අවුරුදු හතක පුංචි දැරියක් වන Wang Yue මෙම අති දුර්ලභ තත්වයෙන් පීඩාවිදිනවා. අපි ඇයගේ මේ කථාව ඔබ වෙත ගෙන එන්නේ ඇය වෙනුවෙන් හඩා වැටෙන්නට නම් නොවේ. ඇය ඇයගේ පුංචි සහෝදරිය හා පවුල වෙත ගෙනහැර පෑ ඇයගේ හදවතේ වූ ආදරයත්, පක්ෂපාතිත්වයත් අගය කිරීමටයි.

මෙහෙමත් පරහිතකාමී සහෝදර ආදරයක්

China Press අනුව, පුංචි Wang Yue ට ජීවිත තර්ජනයක් ඇති රෝගයක් ඇතිබව සොයා ගනු ලැබුවා. ඒ වන විටත් ඇයගේ දෑස් බොදවෙමින් ඇය වඩාත් කැමති කියවීම සදහා බාධා ඇතිවුනා.

කොහොම නමුත් ගෙවීයන සෑම දිනයකම ඇගේ තත්වය නරක අතට හැරුනත් ඇයට රෝගය හා සටන් කිරීමට සහයක් විය හැකි බටහිර ප්‍ර ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට චීනයේ සාම්ප්‍රදායික බෙහෙත් කෝප්ප හතක් සෑම දිනයකම පානය කලා.

ඒත් එහෙම වුනේ ඇයි?

ඇයගේ පුංචි නැගනියත් එම රෝගයෙන් පීඩා වින්ද අතර Wang yue ට සෑම යුවාන් එකක්ම ඉතිරි කිරීමට අවශ්‍ය වුනා. ඒ ඇයගේ පියාට තම සහෝදරියට අවශ්‍ය  ප්‍රතිකාර ලබාදීම හැකිවීම පිණිසයි.

" මම දැන් ලොකුයිනේ, මට ප්‍රතිකාර ලැබුනේ නැති වුනාට කමක් නැහැ."

Wang Yue ට හා ඇයගේ සහෝදරියට ගැලපෙන  ඇට මිදුළු පරිත්‍යාගශීලියෙකු හමු වුවෙන්  සියල්ල හොදින් සිදු වුවා නම් සිය දියණියන් දෙදෙනාටම ඇට මිදුළු බද්ධ කිරීමේ ජිවිතාරක්ෂක ප්‍රතිකාර වලට යොමු වෙන්න බලාපොරොත්තු වුනා.

කොහොම නමුත් එම එක් දරුවෙකුට ශල්‍යකර්ම ගාස්තු යුවාන් 500000 පමණ වුන අතර දරුවන් දෙදෙනා සදහා මේ තරම් විශාල ප්‍රමාණයක් සොයා ගැනීම හීනයක් වුනා. තවද මේ දරුවන්ගේ පියා පෙර ප්‍රතිකාර වලටද ඔහු සතු සියල්ල වියදම් කර තිබු බව China Press පවසනවා.

යහළුවන් හා නැදෑයින්ගේ උදව් හා ණය ආධාර ඇතුව යුවාන් 200000 පමණ එකතු කරගත්තා.

මව්වරුනි, පියවරුනි, මේ පුංචි නිර්භීත කෙල්ල Wang Yue මේ ශල්‍යකර්මය කල හැක්කේ එක් අයෙකුට බව දැනගත් විට කලේ කුමක්දැයි දන්නවාද?

" අපිට මේ තරම් ණය වෙන්න බැරි නිසා, මං මගේ ප්‍රතිකාර අත්හැර දමනවා. මං ගාවත් ඉතිරි කරගත් මුදල් ටිකක් තියෙනවා. ඒවාත් ඔබ ණයට ගත් මුදලට එකතු කර අනේ මගේ සහෝදරිය බේරා ගන්න."

"  මං දැන් ලොකුයිනේ, මට ප්‍රතිකාර ලැබුනේ නැති වුනාට කමක් නැහැ. මේ මං ඉතුරු කරගත් මුදල්, අනේ ඒවත් ගන්න."

ඇය විසින් එකතු කරගත් කාසි ටිකත් සිය පියාට දුන්නා.

ඇයගේ සුන්දර වචනත් ඇයගේ අහිංසක හදවතත් චීනයේ අන්තර්ජාල සැරිසරන්නන්ගේ හදවත් නතර කලා. දැන් ලෝකය පුරා ගිය එයට ස්තුතිවන්ත වන්නට මේ දැරියනට උදව් ලබා දෙන්න මුදල් ගලා එන්න වුනා.

ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම විස්සක්

  1. වෙනස් වෙන්න . කිසිම කෙනෙක් හැම විටම පළමුවැනියා වීමට අවශ්‍ය නැහැ.
  1. ස්තුතියි , කරුණාකරලා යන වචන භාවිතා කරන්න. හොද පුරුදු කරුණාවන්ත වීමට කවදාවත් ස්ථානයෙන් පිටට ශෛලයෙන් පිටට යන්නේ නැහැ.
  1. පරාජයේදී කාරුණික වන්න. ජය ගන්නේ කෙසේද යන්න දැනගන්නවාට වඩා පරදින්නේ කෙසේදැයි දැන ගැනීම වැදගත් වේ. සෑම ළමයෙක්ම තවත් අයෙකුට ජය ලබාගැනීමට ඉඩ ලබාදෙමින් පරාජයද විය යුතුය.
  1. අලුතින් පැමිණෙන්නන් සාදරයෙන් පිළිගන්න. අලුත් දරුවාට දිවා ආහාර සදහා ආරාධනා කිරීමටත්, විවේකයේදී ඔවුන් සමග සෙල්ලම් කිරීමටත් ඔබේ දරුවාට උගන්වන්න.
  1. හිංසාකිරීමට එරෙහිව නැගී සිටින්න. අනෙක් දරුවෙකුට හිංසා කිරීමට කිසිසේත්ම සහභාගී නොවන ලෙස දරුවාට උගන්වන්න.
  1. බෙදාගන්න.
  1. ප්‍රසංශා ලබාදීමත් කාරුණික වීමේ ක්‍රමයක් වේ. ඔවුන්ගේ යාළුවෙකුට ලස්සන සපත්තු කුට්ටමක් ඇත්නම් ඔවුන්ට එය පැවසිය යුතුය. සියල්ලන්ම ප්‍රසංශා ලැබීමට කැමතිය.
  1. බලධාරින්ගේ ගෞරවය ලබාදෙන්න. ඕනෑම ගුරුවරයෙකු ගෙන් විමසන්න. ඔවුන් ආත්මාර්ථකාමී,කුහක සිසුන් පිරුණු පංති කාමරයකට වඩා ගෞරවනීය හොදින් හැසිරෙන සිසුන් ඇති පංති කාමරයකට ඔවුන් කැමතියි.
  1. අගතියට යන්න එපා. පුද්ගලයෙකුගේ චරිතය පදනම් කරගෙන තීරණ ගත්තත් ඔවුන්ගේ පාට හෝ වාර්ගික පසුබිම ඒ සදහා පදනම් කර නොගැනීමට ඔබේ දරුවාට කියා දෙන්න.
  1. උදව් අවශ්‍ය පුද්ගලයන්ට උදව් කරන්න. එහෙම කරන විට භාවිතයට නුසුදුසු දේ හෝ භාවිතා කර අවසන් දේ නොව දිය හැකි උපරිම දේ ලබා දීම අවශ්‍යයි.
  1. ස්වේච්ඡා සේවය, සුවිශේෂී අවස්ථා වල හා උදව් අවශ්‍ය විට දරුවන් තමන්ගේ ස්වේච්ඡා සේවය ලබා දිය යුතුය.
  1. කැලි කසල පරිසරය පුරා නොදමා ඒවා අහුලා ඉවත් කරමින් පරිසරය සුරකින්න.
  1. සතුන්ටද කාරුණික වන්න. සතුන්ට හිංසා කිරීමට දරුවන්ට කිසිවිටෙක ඉඩ නොදෙන්න.
  1. නිහතමානී වන්න. බැදීමකින් තොරව අනුකම්පා සහගතව සහ කාරුණිකව යමක යෙදෙන්න. හදුනාගැනීම හා ප්‍රතිලාභ වෙනුවෙන් යමක් කරනවාට වඩා හැගීමෙන් කටයුතු කිරීමට දරුවාට කියාදෙන්න.
  1. සමාවෙන්න යැයි පවසන්න. තමන්ගේ වැරැද්ද පිළිගැනීමේ වගකීම කොතරම් වැදගත් දැයි දරුවාට දැනුම් දීම සුදුසුයි.
  1. සමාව දෙන්න. අමනාපය කිසිවිටෙක තබාගන්න එපා.
  1. සිනාසීමද අනෙක් අයට කාරුණිකත්වය පෙන්වන දෙයකි. සිනහව හැකි සෑමවිටම ලබා දෙන්න. ඔබේ දරුවාගේ පටන් ගැනීමට හොදම ස්ථානයයි.
  1. නම් වලින් කථා කරන්න එපා. විහිලු කිරීමත්, නම් වලින් කථා කිරීමත් ඉක්මනින්ම පාලනයෙන් තොර වේ. මෙවැනි අවස්ථා වලක්වා ගැනීම කලහැකි හොදම දෙය වේ.
  1. අත දෙන්න. දෙමාපියන්ට, සහෝදරයන්ට, අසල්වාසීන්ට, වැඩිහිටියන්ට ඉල්ලීමකින් තොරව උදව් කිරීම කාරුණිකත්වයේ ක්‍රියාවක් වේ.
  1. ඔබට ආදරය කරන්නන්ට ආදරය ප්‍රකාශ කරන්න. මම ඔබට ආදරෙයි යන්න පැවසීමේ අගය ඔබේ දරුවාට කියා දෙන්න.

Wang Yue හා ඇයගේ පුංචි නැගනියට අවශ්‍ය ප්‍රතිකාර ලැබී ඇතැයි අපි සිතනවා. ඔවුන්ගේ කාරුණිකත්වයට එය ලැබිය යුතුමයි. අපි ඔවුන්ට නිරෝගී හොද ජීවිතයක් පතනවා.

සහෝදර ප්‍රේමයද ගිලිහි යන යුගයක ඒ තුලින් කාරුණිකත්වය මනාව උකහා ගන්නා අයුරු නිරූපනය කරන ඒ පුංචි කෙල්ල  Wang Yue ගේ කථාව ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka ඔබේ ලගම යෙහෙළියයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී