බේබි පරිප්පු වඩේ

ලොකු අය රස කර කර කන පරිප්පු වඩේ පැටියාට කන්න බෑ. ඒවා පැටියාට සැරයි. ඉතින් අපිට බැරිද පැටියාට කන්න පුංචි වඩේ ටිකක් හදාගන්න. එහෙම නැත්තම් හැමදාම කන පරිප්පු කරි එක ටිකක් වෙනස් කරමු.
ලොකු අය රස කර කර කන පරිප්පු වඩේ පැටියාට කන්න බෑ. ඒවා පැටියාට සැරයි. ඉතින් අපිට බැරිද පැටියාට කන්න පුංචි වඩේ ටිකක් හදාගන්න. එහෙම නැත්තම් හැමදාම කන පරිප්පු කරි එක ටිකක් වෙනස් කරමු.
බේබි පරිප්පු වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය
පොගවා ගත් පරිප්පු කෝප්පයක්
හීනියට ලියා ගත් ලූණු ,කරපිංචා ,කැරට් බෝංචි ,ලීක්ස්
රස අනුව ලුණු
තෙල්
පොල්කිරි
තුනපහ
කහ
සාදන ක්‍රමය :
1. පොගවා ගත් පරිප්පු හොදට බෙන්ඩර් කරගන්න
2. එයට හීනියට ලියා ගත් ලූණු ,කරපිංචා ,කැරට් බෝංචි ,ලීක්ස් හා රස අනුව ලුණු එකතු කරන්න
3. මෙම මිශ්‍රණය භාජනයක දමා ස්ටීමරයේ හොදින් තම්බා ගන්න.
4. හොදින් තැම්බුන මිශ්‍රණය ගෙන කැබලි කපා ගන්න.
• තම්බා ගත් කොටස් ආහාරයට ගන්නත් පුලුවන්.
• එම කොටස් පිරිසිදු තෙල් වල බැද පොඩ්ඩාට බේබි වඩේ හදලා දෙන්න පුලුවන් (නම නම් මම දැම්මේ)
• එහෙම නැත්තම් පොල්කිරි ටික ලිප තබා එයට තුනපහ, කහ, ලුණු යොදා එම කපාගත් පරිප්පු මිශ්‍රණයේ කොටස් යොදා කරි එකක් පොඩ්ඩාට හදලා දෙන්නත් පුලුවන්.