සැමියන් අනිවාර්යයෙන්ම කියවිය යුතු පරිපූර්ණ බිරිඳකගේ ලක්ෂණ

lead image

මේ දේවල් දහයට ඔබේ බිරිදව විස්තර කරන්න පුළුවන් නම් ඔබට අනිවාර්යයෙන්ම පරිපූර්ණ බිරිඳක් ලැබී තිබෙනවා .

ඔබට පරිපූර්ණ කෙනෙකු ලැබී ඇති බවට විශ්වාස නම් විවා පුදුමාකාර දෙයක්  වනු ඇත. මෙන්න මේ කාරණා දහයට ඔබ පරිපූර්ණ බිරිඳක් සොයාගෙන ඇති බව පවසාන්න පුලුවන්.

1. ඔබ එකිනෙකා හොදම යහළුවන් වෙනවා.

ඔබේ බිරිඳ ඔබේ බිරිඳ පමණක් විය යුතු නැහැ. ඇය ඔබේ හොඳම යෙහෙළියද විය යුතු වෙනවා. එකිනෙකා අතර සුවපහසුව දනවමින් විවෘත වීම තුළින් ඔබේ විවාහය තුළ කිසිම ගැටලුවක් ඇති කරන්නේ නැහැ. ඕනෑම වරදවා වටහා ගැනීමක් පහසුවෙන් විසදාගැනීමටත් පුළුවන්.

2. ඇය ඔබට ආදරේ කරන බව දිගින් දිගටම පවසනවා.

උදේ පාන්දර නැගිට්ට ගමන් ඔබගේ බිරිද පවසන  පළමු දෙය "මම ඔබට ආදරෙයි" යන්න නම් ඔබට පරිපූර්ණ බිරිඳක් ඇති බව දැනගන්නට පුළුවන්.

3. ඇය තවම ආකර්ෂණයයි.

විවාහ වූ පමණින් ඔබ එකිනෙකා ආකර්ෂණය වීම නැවැත්විය යුතු යැයි අදහස් කරන්නේ නැහැ. ඔබේ බිරිඳ ඔබත් සමග නැවත නැවත ආදරයෙන් සිටීමට ක්‍රම දිගින් දිගටම  සොයනවා නම් ඔබ සොයාගෙන ගෙන තියෙන්නේ නියම කෙනා බව ඔබ දන්නවා.

4. ඔබ තමයි අංක එක

ඔබ ඇයට කරන විදියටම සැමට වඩා ඔබට ඔබේ බිරිද ප්‍රමුඛතාවය ලබා දෙන්නේ නම් ඔබ පරිපූර්ණ ගැළපෙන කෙනා සොයාගෙන තිබෙනවා.

5. ඇය කරන සෑම කටයුත්තක් සමඟ විනෝද වෙනවා.

ඔබේ කටයුතු විනෝදයෙන් කරනවා නම් ඔබ හොඳම බිරිද  සොයා ගෙන ඇති බවට ඔබ දන්නවා. එය ඔබ ඇයට වැඩියෙන් ආදරේ කිරීමට එක් හේතුවක්ද  වෙනවා.

6.ඇය සහයෝගශීලීයි

ඔබේ අසාර්ථකත්වයේදී වුවද ඔබට කරන්න පුළුවන් හොඳම දේ කිරීමට ඔබව යොමු කරමින් ඔබට සහයෝගය දක්වනවා නම් ඔබට පරිපූර්ණ බිරිඳක් ලැබී ඇති බව ඔබ දන්නවා. ඔබේ  හොඳ කාලය වුවත්  නරක කාලය වුවත් ඇය ඔබ ගැන ආඩම්බර වෙනවා.

7.  ඔබගේ මුහුණේ හැඟීම් අනෙක් පැත්ත හරවනවා.

ඔබේ රාජකාරියේ නරක දවසක්ද?  කාර්යබහුල වෙලාවේ  රථ වාහන තදබදය නිසා කෝපයට පත් වුණාද?  මේ සියල්ල නැවත ඔබේ සුන්දර බිරිඳ දිහා බලායථා තත්වයට පත් වේ නම් ඔබේ විවාහය තුළ වාසනාව උදා වී ඇති බව ඔබ දන්නවා.

8. ඇය මහන්සි වෙලා වැඩ කරනවා.

රාජකාරි හෝ නිවසේ දී ඔබගේ බිරිඳ දිගින් දිගටම ඇය කිරීමට සූදානම් වූ ඕනෑම දෙයක් හැකි උපරිමයෙන් කරනවා. මෙවැනි පුදුම සහගත බිරිඳක් ඔබේ පසෙකින් සිටින විට ඔබ දෙපලට ඉතා හොඳ කාලයක් ඉදිරියේදී ලැබේවි.

9. ඇය ඔබව දිරිමත් කරනවා.

පරිපූර්ණ බිරිදක් සිටිනවා යන්නෙන් අදහස් කරන්නේ ඇය ඔබගේ ජීවිතයේ ඉලක්ක දන්නවා. ඔබට ඔබේ  ඉලක්කවලට යන්න උදව් කරන්න ඇය සෑම දෙයක්ම කරනවා.  ඔබගේ  සාර්ථකත්වය ඇයගේ සාර්ථකත්වය වෙනව. ඇයගේ දිරිගැන්වීම ඔබව ඉදිරියට තල්ලු කරනවා.

10. ඇය දිගින් දිගටම ඔබව පුදුමයට පත් කරනවා.

ඇය කවදාවත් රසවත් නැති වෙන්නේ නැහැ . විශේෂ නොවන අවස්ථාවලදී වුවත් ඔබේ බිරිඳ එයට කැමති නම් ඔබ වාසනාවන්ත වූ පුරුෂයෙක් වෙනවා. ඇය ඔබ පුදුම කරන්න. ක්‍රම සොයනවා .

සාර්ථක බිරිඳක් ලබන සෑම පුරුෂයෙකු සාර්ථකත්වය කරා යනවා.අන්න ඒ නිසයි ඒ පිලිබඳව ඔබව දැනුවත් කරන්න  theAsianparent Sri Lanka මේ තොරතුරු ඔබට ආදරයෙන් ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී