පරිසරයට ආදරය කරන්න දරුවාට හුරු කරන්නේ කොහොමද?

මේ දක්වා අප විසින් විනාශ කරන ලද පරිසරය යලිත් යථා තත්වයට ගත නොහැකි නමුත් මින් ඉදිරියට එසේ විනාශ කිරීම නවතා දැමිය හැක.ඒ වෙනුවෙන් ඔබේ දරුවා සුදානම් කරන්න.

පරිසරය හරිම වෙනස් වෙලා.කාලෙකට හරිම රස්නෙයි .ඒ කාලෙට වතුර හිදිලා නියගය එනවා.තව කාලෙකට ගංගා දෙගොඩ තලා යන්න වහිනවා.ඊට පස්සේ ගංවතුර එනවා . එහෙම නැත්තම් කදු නාය යනවා.

එන්න එන්නම මේ ස්වාභාවික විපත් වැඩියි.ඒත් ඇයි ඒ? මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා ස්වභාව දහමේ ක්‍රියාවලින් වෙනස් වෙලා. මෙහෙම ගියොත් අපේ දරුවන්ට අනාගතයක් ඉතිරි වේවිද ? අපි පරිසරයට කරන වැරදි ක්‍රියා අනාගතයේ නවතාලන්නට නම් අනාගත පුරවැසියන් ඒ සදහා පුරුදු  කල යුතුය .එසේනම් අපි අපේ දරුවන්ට පරිසරයට ආදරය කරන්න උගන්වමු .

අද දරුවා පරිසරයෙන් ඈත්වෙලා

බොහෝ දරුවන් අද වර්ධනය වෙන්නේ පරිසරයෙන් ඇත් වු කොන්ක්‍රිට් වනාන්තර තුලය.එබැවින් ඔවුන් පරිසරය නොහදුනයි. පරිසරයට සංවේදී නැත .මෙසේ අපි කොන්ක්‍රිට් වනාන්තර තුල තනන්නේ අනාගත ලෝකය සදහා යාන්ත්‍රික මිනිසුන් නොවෙමුද ?

අපගේ කුඩා කාලය ගැන මොහොතක් හිතන්න.අපි ගස් වැල් වලට කොයිතරම් ආදරය කලාද? සතුන්ට කොයි තරම් දයාව දැක්වුවාද ? ඇල දොළ වල පහස කොතරම් වින්දද? ඒක නිසාම අපි පරිසරයට කොච්චර බැදීමක් තිබුනද ? ඒක නිසා පරිසරය රැක ගන්න ඕනි කියලා හැගීමක් අපිට තිබුනා.

ඒත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස් වෙලා.මුදල් පසු පසම හඹා යන මිනිසා පවුල් පිටින්ම පරිසරයෙන් ඈත්වෙලා.

පරිසරය දරුවා ලං කරන්න

ඉඩක් ලද විට දරුවා ගම්බද පරිසරයට ගෙන යන්න .ගහකොළ ඇල දොළ මල් වල සුන්දරත්වය විදින්න ඔවුන්ට ඉඩ දෙන්න.ඒ පරිසරයේදී ශරීරයට දැනෙන සුවය දරුවාට විදින්න ඉඩ දෙන්න.

ඉදහිට රූපවාහිනියේ විකාශනය වන පරිසරය හා සත්තු ගැන ඇති වැඩසටහන් නරඹන්න දරුවාට ඉඩදෙන්න .දරුවා සමග එකතුව පරිසරයේ ලස්සන චිත්‍රයකට නගන්න.දරුවාට ලස්සන පරිසරයක් ගැන කවි ගී කතා දරුවාට කියාදෙන්න .දරුවා සමග එකතු වී ගසක් සිටුවන්න .

පරිසර විනාශයේ ආදිනාව දරුවාට කියා දෙන්න

ඒ වගේම දරුවාට පරිසරය විනාශ කිරීම නිසා අද අපි විදින විපාක දරුවාට වටහා දෙන්න . වන විනාශ එක්ක  පරිසරයේ උෂ්ණත්වය ඉහල ගොස් ඇති අයුරු පහදා දෙන්න.

ඒ වගේම පරිසරය තුල ක්‍රියාත්මක වන ස්වාභාවික චක්‍ර මිනිසා විසින් විනාශ කර ඇති අයුරු ක්‍රමයෙන් වර්ධනය වත්ම ඔබේ දරුවාට පෙන්වා දෙන්න.ඒ වගේම ගංගා මෝය කටවල් මිනිසා ගංගා වලට පිට කරන අපද්‍රව්‍ය නිසා අවහිර වීමත්,වැලි ගොඩ දැමීම වැනි ක්‍රියාකාරකම් නිසා ගංවතුර තත්ව ඇතිවීමත් ඉන් වන් විනාශයත් දරුවාට පෙන්වා දෙන්න .

ඒ වගේම ගස් කැපීම හා කදුවල ගල් කැඩීම වැනි හේතුන් නිසා කදු නාය යන බවත් ඉන් සිදුවන හානියත් පෙන්වා දෙන්න .ඒ වගේම පරිසරයට කුණු එකතුවීමෙන් ඇති වී තිබෙන අප්‍රසන්නතාව මෙන්ම කදු බවට පත් වු ඒ කදු නාය ගොස් සිදුවු විනාශයන් දරුවාට වටහා දෙන්න.

රැකගත් පරිසරයත් එක්ක ලස්සන හෙටක්

මේ දක්වා අප විසින් විනාශ කරන ලද පරිසරය යලිත් යථා තත්වයට ගත නොහැකි නමුත් මින් ඉදිරියට එසේ විනාශ කිරීම නවතා දැමිය හැක.ඒ වෙනුවෙන් ඔබේ දරුවා සුදානම් කරන්න.එවිට ඔබේ දරුවා පරිසරයට ටොෆී කොලයක්වත් වගකීමෙන් තොරව ඉවත් නොකරන තත්වයට පත්වේවි.