පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

පවුල් සෞඛ්ය සේවිකාවන්ගේ නොමද සේවාවන් ඔබටත් භුක්ති විඳින්නට පුළුවන්.

පවුල් සෞඛ්‍ය සේවිකාවන් යනු ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට විශාල මෙහෙවරක් ඉටු කරන කොටසක්. පවුල් සෞඛ්‍ය සේවිකාවන් ගේ මුලික කාර්ය භාරය වුයේ ගර්භනී මවුවරුන්ට අවශ්‍ය දැනුම හා සේවා සැපයීමත්, දරු ප්‍රසුතිය සඳහා සහය දැක්වීමත්, ප්‍රසුතියෙන් පසු මවට අවශ්‍ය සහය සැපයිමත්ය. රටේ මළදරු උපත්, ප්‍රසුතියේදී ඇති විය හැකි මාතෘ හා දරු විපත් මොවුන්ගේ සේවාව නිසා බොහෝ මද පැවැත්වෙනවා.

පවුල් සෞඛ්‍ය සේවිකාවන්

කෙටියෙන්ම කියතොත් පෙර කළ ප්‍රසව හා නාරි කර්තවය සිදු වුනේ පවුල් සෞඛ්‍ය සේවිකාව අතින්. නුතන කාලයේ මෙම කාර්යයෙන් එහා ගොස් සමාජයේ සියළු කාලීන සෞඛ්‍ය සත්කාර වලට සෞඛ්‍ය සේවිකාවන් දායක වෙනවා.

විශේශයෙන් ම මේ දිනවල ඇති වී තිබෙන කොවිඩ්-19 ව්‍යසනය හේතු කොට ගෙන රෝහල් කාරිය මණ්ඩලයන් ට අතිවී තිබෙන අවදානම් තත්වය මොවුන්ටද බලපානවා. ගැබිණි මව්වරුන් ටත් අළුත උපන් බිළිඳුන්ටත් මේ දිනවල කිසිසේත්ම රෝහල් වලට හෝ සායන වලට යා නොහැකි නිසා සෞඛ්‍ය සේවිකාවන් ඒ අත්‍යවශ්‍ය කාර්‍යයන් ඉටු කිරීමට සැදී පැහැදී සිටිනවා.

ශ්‍රී ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ගේ අති මහත් වූ මෙම සේවයන් ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්වී ඇති බව ඔබ දැන සිටියාද?

ලංකාවේ දළ වශයෙන් සෞඛ්‍ය සේවිකාවන් 5000ක් පමණ සේවයේ නියුතු වන අතර පුද්ගල ජනගහනය 2000-4000 ට එක් සෞඛ්‍ය සේවිකාවක් සේවයට යෙදවීම සාමාන්‍ය අනුපාතයයි.

පවුල් සෞඛ්‍ය සේවිකාවන්

ඡායාරූප: cshw.health.gov.lk

පවුල් සෞඛ්‍ය සේවිකාවන් අතින් සිදු වන මුලික කර්තව්‍යයන් කිහිපයක් පහත දක්වමු

1. මුලික පවුල් සැලසුම්කරණයට අවශ්‍ය උපදෙස් හා සේවාවන් දොරින් දොරට ගොස් ලබා දීම.

යම් ප්‍රජාවක කෙනෙකු මුල් වරට නෙත ගැටෙන සෞඛ්‍ය නිලධාරියකු වන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවයි. අදාළ ග්‍රාමීය කොට්ටාශයේ දොරින් දොරට යන සෞඛ්‍ය සේවිකාවන් නිවැසියන් අතර විශේෂයෙන් ගැබිනි මවුවරුන් සිටීදැයි සොයා බල ඔවුන්ට අවශ්‍ය දැනුම් ලබා දී ඔවුන් වෛද්‍ය නිලධාරී දෙපාර්තමේන්තුව වෙත යොමු කරනවා. දරුවාගේ හෘද ස්පන්ධනය මෙන්ම මවගේ රුධිර පීඩනය ආදිය පරික්ෂා කර දැනුවත් කරයි. අලුත් මවක් වේනම්  දරුවා පරිහරණය කරන අයුරු, කිරි දෙන ආකාරය හා පෝෂණ කටයුතු යනාදිය ගැන මනාව දැනුවත් කරයි.

2. පෙර ප්‍රසූති සහය සඳහා වැඩමුළු පැවැත්වීම.

ගැබිණි මවුවරුන් සඳහා වෛද්‍ය නිලධාරී දෙපාර්තමේන්තුව විසින් පවත්වන විවිධ වැඩමුළු වලට යොමු කරන අතර ගර්භනී සමයේ ඇතිවන පොදු ගැටළු ගැන පහදා දී, සෞඛ්‍ය සම්පන්න ආහාර පාන ගැනීම, කලට වෙලාවට නියමිත සායන වලට ඉදිරිපත් වීම, නියමිත එන්නත් ලබා දීම සම්බන්ධයෙන් දැනුවත් කරනවා.

3. අදාල එන්නත් ලබා දීම හා අවශ්‍ය රුධිර පරීක්ෂාවන් කිරීම.

පවුල් සෞඛ්‍ය සේවිකාවන්

ගැබිණි හා නව මවුවරුනට සතිපතා හා මාසික වෛද්‍ය සයන පැවැත්වෙන අතර මෙහිදී මවුවරුන් හා ළදරුවන් පරික්ෂා කර බලා අවශ්‍ය උපදෙස් හා මුලික ප්‍රතිකාර ලබා දෙනවා.

නොමිලේම ලබා දෙන පවුල් සෞඛ්‍ය සේවිකාවන් ගේ සේවය අප රටේ මිල කළ නොහැකි පහසු කමක්. කොළඹ නගරයෙන් පිට ප්‍රදේශ වල තවමත් ගම් වාසීන් නොමදව මෙම සේවයෙන් ප්‍රයෝජන ගැනීම සතුටට කරුණක්. අද කාලයේ පවුල් පෙරට වඩා පුංචි පවුල් වන්නේ බහිතරයක් ගත කල එක පවුලක දරුවන් එක්කෙනෙක් හෝ දෙදෙනෙකු වන බැවිනි.

මෙවන් වූ කල නගරයේ මවුවරුනද දරුවන් පරිහරණය කිරීමේදී මදක් නොසන්සුන් වනවා. සෞඛ්‍ය සේවිකාවන් ගේ සේවාව ගැන තවත් දැනුවත් වීමෙන් බොහෝ දෙනෙකුට එම සේවාවන් භුක්ති විදින්නට හැකි වනවා. අප කුඩා කාලයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් විසින් නොමිලේම ලබා දුන් ත්‍රිපෝෂ වල රස වින්දේ ඉතාමත් සතුටින්. අදටත් එලෙසින්ම ගුණදායි ත්‍රිපෝෂ පැකට් මවුවරුනට ලබා දෙනවා.

ඔබත් ඔබ දන්නා අයටත් මෙම සුවිශේශි සේවාව හඳුන්වා දෙන්න.

Image credit: Al Jazeera

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි