පවුල් සෞඛ්ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

lead image

පවුල් සෞඛ්ය සේවිකාවන්ගේ නොමද සේවාවන් ඔබටත් භුක්ති විඳින්නට පුළුවන්.

පවුල් සෞඛ්ය සේවිකාවන් යනු ලංකාවේ සෞඛ්ය පද්ධතියට විශාල මෙහෙවරක් ඉටු කරන කොටසක්. සෞඛ්‍ය සේවිකාවකගේ මුලික කාර්ය භාරය වුයේ ගර්භනී මවුවරුන්ට අවශ්‍ය දැනුම හා සේවා සැපයීමත්, දරු ප්‍රසුතිය සඳහා සහය දැක්වීමත්, ප්‍රසුතියෙන් පසු මවට අවශ්‍ය සහය සැපයිමත්ය. රටේ මළදරු උපත්, ප්‍රසුතියේදී ඇති විය හැකි මාතෘ හා දරු විපත් මොවුන්ගේ සේවාව නිසා බොහෝ මද පැවැත්වෙනවා.

කෙටියෙන්ම කියතොත් පෙර කළ ප්‍රසව හා නාරි කර්තවය සිදු වුනේ පවුල් සෞඛ්ය සේවිකාව අතින්. නුතන කාලයේ මෙම කාර්යයෙන් එහා ගොස් සමාජයේ සියළු කාලීන සෞඛ්‍ය සත්කාර වලට සෞඛ්ය සේවිකාවන් දායක වෙනවා. ලංකාවේ දළ වශයෙන් සෞඛ්ය සේවිකාවන් 5000ක් පමණ සේවයේ නියුතු වන අතර පුද්ගල ජනගහනය 2000-4000 ට එක් සෞක්‍ය සේවිකාවක් සේවයට යෙදවීම සාමාන්‍ය අනුපාතයයි.

පවුල් සෞඛ්ය සේවිකාවන් අතින් සිදු වන මුලික කර්තවයන් කිහිපයක් පහත දක්වමු

1. මුලික පවුල් සැලසුම්කරණයට අවශ්‍ය උපදෙස් හා සේවාවන් දොරින් දොරට ගොස් ලබා දීම.

යම් ප්‍රජාවක කෙනෙකු මුල් වරට නෙත ගැටෙන සෞඛ්‍ය නිලධාරියකු වන්නේ පවුල් සෞඛ්ය සේවිකාවයි. අදාළ ග්‍රාමීය කොට්ටාශයේ දොරින් දොරට යන සෞඛ්ය සේවිකාවන් නිවැසියන් අතර විශේෂයෙන් ගැබිනි මවුවරුන් සිටීදැයි සොයා බල ඔවුන්ට අවශ්‍ය දැනුම් ලබා දී ඔවුන් වෛද්‍ය නිලධාරී දෙපාර්තමේන්තුව වෙත යොමු කරනවා. දරුවාගේ හෘද ස්පන්ධනය මෙන්ම මවගේ රුධිර පීඩනය ආදිය පරික්ෂා කර දැනුවත් කරයි. අලුත් මවක් වේනම්  දරුවා පරිහරණය කරන අයුරු, කිරි දෙන ආකාරය හා පෝෂණ කටයුතු යනාදිය ගැන මනාව දැනුවත් කරයි.

2. පෙර ප්‍රසූති සහය සඳහා වැඩමුළු පැවැත්වීම.

ගැබිණි මවුවරුන් සඳහා වෛද්‍ය නිලධාරී දෙපාර්තමේන්තුව විසින් පවත්වන විවිධ වැඩමුළු වලට යොමු කරන අතර ගර්භනී සමයේ ඇතිවන පොදු ගැටළු ගැන පහදා දී, සෞක්‍ය සම්පන්න ආහාර පාන ගැනීම, කලට වෙලාවට නියමිත සායන වලට ඉදිරිපත් වීම, නියමිත එන්නත් ලබා දීම සම්බන්ධයෙන් දැනුවත් කරනවා.

3. අදාල එන්නත් ලබා දීම හා අවශ්‍ය රුධිර පරීක්ෂාවන් කිරීම.

ගැබිණි හා නව මවුවරුනට සතිපතා හා මාසික වෛද්‍ය සයන පැවැත්වෙන අතර මෙහිදී මවුවරුන් හා ළදරුවන් පරික්ෂා කර බලා අවශ්‍ය උපදෙස් හා මුලික ප්‍රතිකාර ලබා දෙනවා.

නොමිලේම ලබා දෙන පවුල් සෞඛ්ය සේවිකාවන්ගේ සේවය අප රටේ මිල කළ නොහැකි පහසු කමක්. කොළඹ නගරයෙන් පිට ප්‍රදේශ වල තවමත් ගම් වාසීන් නොමදව මෙම සේවයෙන් ප්‍රයෝජන ගැනීම සතුටට කරුණක්. අද කාලයේ පවුල් පෙරට වඩා පුංචි පවුල් වන්නේ බහිතරයක් ගත කල එක පවුලක දරුවන් එක්කෙනෙක් හෝ දෙදෙනෙකු වන බැවිනි.

මෙවන් වූ කල නගරයේ මවුවරුනද දරුවන් පරිහරණය කිරීමේදී මදක් නොසන්සුන් වනවා. පවුල් සෞඛ්ය සේවිකාවන්ගේ සේවාව ගැන තවත් දැනුවත් වීමෙන් බොහෝ දෙනෙකුට එම සේවාවන් භුක්ති විදින්නට හැකි වනවා. අප කුඩා කාලයේ පවුල් සෞඛ්ය සේවිකාවන් විසින් නොමිලේම ලබා දුන් ත්‍රිපෝෂ වල රස වින්දේ ඉතාමත් සතුටින්. අදටත් එලෙසින්ම ගුණදායි ත්‍රිපෝෂ පැකට් මවුවරුනට ලබා දෙනවා.

ඔබත් ඔබ දන්නා අයටත් මෙම සුවිසේශි සේවාව හඳුන්වා දෙන්න.

Image credit: Al Jazeera