මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

ඕස්ට්රේලියානු ජාතික තිදරු මවක් වන එලීස් ග්ස්මාන් විසින් ප්‍රසුතියෙන් පසු ඇති වූ වෙනස්කම් පිළිබඳව විශේෂ පණිවුඩයක් බෙදාගත්තේ ඇගේ නිරුවත් සිරුරේ ඡායාරූපයක් බෙදාගැනීමෙනි.

ඕස්ට්රේලියානු ජාතික තිදරු මවක් වන එලීස් ග්ස්මාන් විසින් ප්‍රසුතියෙන් පසු ඇති වූ වෙනස්කම් පිළිබඳව විශේෂ පණිවුඩයක් බෙදාගත්තේ ඇගේ නිරුවත් සිරුරේ ඡායාරූපයක් බෙදාගැනීමෙනි.

එලීස් ග්ස්මාන් යනු ඕස්ට්රේලියානු ජාතික තිදරු මවකි. මේ වසරේ මුල් භාගයේදී ඇය තම බාලම දියණිය බිහි කිරීමෙන් අනතුරුව අයගේ ඉන්ස්ටග්‍රෑම් සමජ ජාල ගිණුම හරහා ඇගේ පස්චාත්-ප්‍රසව ශරීරයේ නිරුවත් ඡායාරූපයක් බෙදාගත්තය.

ඇය මෙසේ කලේ මවකගේ පස්චාත්-ප්‍රසව ශරීරයේ දිස්වන වෙනස් කම්  පිළිබඳව යථාර්ථය අවධාරණය කිරීමටත් ඒ පිළිබඳව සංවාදයක් ආරම්භ කිරීමටත්ය. ඇගේ මෙම උත්සාහය සාර්ථක එකක් වූවා.

"මගේ සිරුර දෙස දෑස් යොමා බලු විට, හැඩතල මුළුමනින් වෙනස් වී ඉදිරියට නෙරා ආ උදරය දකින විට ඇති වන්නේ අමුතුම හැඟීමක්"

ප්‍රසුතියකින් පසුව බඩ අඩු කරගන්නට කියමින් වටපිටාවෙන් දැනෙන්නේ විශාල පීඩනයක්. මෙය නෑදෑ හිතවතුන්ගෙන් මෙන්ම පවුලේ කිට්ටු ඥාතින් සහ මිතුරන්ගෙන්ද වන්නට පුළුවන්. නමුත් විවිධ මාධ්‍ය වලින් නම් උකහා දක්වන්නේහද ප්‍රසූතියෙන් පසුවැඩ කාන්තාවකට මනා හැඩයකට හිමිකම් කියන සෙයකි. මෙය මව්වරුන් පිලිබඳ වැරදි ප්‍රත්රුපයකුත් අනවශ්‍ය අපේක්ෂාවන් වලටත් තුඩු දෙන්නේ මව්වරුනට විශාල මානසික ආතතියක් ඇති කරමින්. 

ඇතැම් අලුත් මව්වරුන් මෙම පිඩනයට සාර්ථකව මුහුණ දුන්නද, බොහෝ මව්වරුන්ට මෙය අසීරු කාර්යක් වනවා. මේ නිසා අලුත් මව්වරුන් මානසික අවපීඩනය, කාංසාව සහ ශරීර රූපයේ ගැටලුවලට මුහුණ දෙන්නට පුළුවන්. 

මේ නිසා පස්චාත්-ප්‍රසව විපර්යාසයන් ගැන නිරවද්‍ය තත්වයත්, යථාර්ථවාදී බලාපොරොත්තු සහ හොඳ ගැඹුරු අවබෝධයකුත් ඇති කිරීම මහත් සේ වැදගත් වන්නේ මේ නිසයි. මව්වරුන් පමණක් නොව දෙමව්පියන් නොවන අයද, ඉගෙනීම හා දැනුවත් කිරීම ඇරඹිය යුතු කාලය පැමිණ ඇත.  

එලිසී සිය ඉන්ස්ටග්රෑම් පණිවුඩය පැහැදිලි කරයි: 

තුන් වන වරට මවක් වූ පසුව වුවද, දරුවා ලහි තුරුළු කරගෙන වුවද, මුළුමනින්ම වෙනස් වූ ශරීරය නෙතු ගැටෙන විට දැනෙන්නේ පුදුම සහගත හැඟීමක්. දරුවා සමඟ ගෙදර යන්නට ලැබුනත් තව දුරටත් මාතෘ ඇඳුම් වලින් සරසි සිටීම පහසු දෙයක් නෙවෙයි.  

මගේ මුල්ම දරු ප්‍රසුතියෙන් පසුව මා විශ්වාස කලේ දරුවා ප්‍රසුත කල සැනින්ම පෙර තිබු සේ මගේ කුස සාමාන්‍ය තත්වයට පත් වන බවයි. හැමෝම කිවේ "ඔයා තරුණයි, ඔයාගේ බද ඉක්මනින්ම යතා තත්වයට පත් වේවි” කියලා. ඒත් කිසි විටෙක එය එසේ සිදු වුයේ නැහැ. 

සෑම දරු ප්‍රසුතියක් සමඟම මගේ බාරද ක්‍රමක්‍රමයෙන් වැඩිවී තිබෙනවා. බඩේ රේඛා වැඩි වී තිබෙනවා. ප්‍රසුතිය වුනු අලුත මුළු ලෝකයෙන්ම හැංගි ඉන්නට ඇත්නම් යයි මට සිතුනු වාර එමටයි. මටම අප්‍රසන්න මගේ ශරීරයේ හැඩය පිට යට කොහොම ඇත්ද? 

නමුත් මගේ තුන්වැනි දරු ප්‍රසුතියත් සමඟ මා තේරුම් ගත්තේ මගේ පශ්චාත්-ප්‍රසව ශරීරය සැඟවීමට දෙයක් නොවන බවයි! මේ ශරීරයේ අලුත් හැඩයද, බඩේ රේඛා කැළැල්ද ලජ්ජා වන්නට කාරණයක් නොව සැමරිය යුත්තක් බව මට තේරුම් ගියා. මට පමණක් නොව, මෙය ඔබටත් පොදු යථාර්තයක්. මාතෘත්වයේ අභිමානය පිළිබිඹු කරන මේ ශරීර වෙනස්කම් සහ ලප කැළැල් ගැන ප්‍රශංසා වෙමු. ආඩම්බරයෙන් සමරමු!    

මගේ ශරීරය ස්වභාවිකවම දරු ප්රසූතියට සහ බිළිඳාට හැකි බව මට ස්තුතිවන්ත වෙනවා. මගේ (බොහෝ) නව ඉරි සහ මගේ පශ්චාත් ශරීරය ගැන මට ලජ්ජා නැත. ඔබ නොකළ යුතුය. පෝර්ෂර් මළ සිරුරු සියල්ලම ඔවුන්ගේ තේජසින් සමරමු. 

කාන්තාවකගේ ශරීරය පුදුම සහගත නොවේද? ඇත්තෙන්ම මගේ ශරීරයත්, එය සිදුකර ඇති අපරිමිත ක්‍රියාවන් ගැනත් මා ආඩම්බර වෙමි! 

ඇගේ සත්‍යවාදී වචන වලින් සැනසුණු බොහොමයක් මව්වරුන් ඔවුන් මෙම ගැටලුකාරී සමයට මුහුණ දුන් පීඩනය හා සම්බන්ධ නොයෙකුත් අත්දැකීම් බෙදාගන්නට පටන් ගත්ත. මෙය අනුමත නොකරන අයද නැත්තේ නොවේ. නිරුවත් ඡායාරූපයක් බෙදාගැනීම සම්බන්ධයෙන් හේතුව කුමක් වුවත්, ඔවුන් ඉන්නේ අපැහැදීමෙන්. මේ ගැනද යට පැහැදිලි පිළිතුරක් තිබෙනවා. 

තවත් ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයකින් ය කියා සිටියේ ඇගේ මිතුරියන් අතරින් මව් පදවියට මුලින්ම පිසිවුනේ ඇය බවයි. මේ නිසා ප්‍රසුතියෙන් පසුව සිදුවන වෙනස්කම් පිළිබඳව යථාර්තය ගැන දැනුවත් කරන්නට කිසිවෙක් ඇයට හිටියේ නැහැ.  

එලීස් පැවසුයේ,  

බොහෝ කාන්තාවන් මෙන්, මමද මාධ්යයට නැරඹු වුනෙමි. බිළිඳුන් උපන් සැනින් සිරුරේ කිසිඳු වෙනසක් සිදු නොවුණු සුපිරි තරු මා දුටුවෙමි. මා බලාපොරොත්තු වූයේ මෙවැනි අත්දැකීමක් මටත් තිබේවි කියායි.  

දරු ප්‍රසුතියෙන් දින හතරකට පසු ගෙදර ගිය පසු මා දුටුවේ මගේ සිරුර තවමක් සය මස් ගැබිනියක් හා සමාන බවයි. මා සිතුවේ මෙය යම් වැරදීමකින් සිදු වූවක් කියායි. මගේ පරණ ඇඳුම් නැවත අඳින්නට මට වසරක කාලයක් ගත වුනා.   

ඉතින්, බොහෝ කාන්තාවන්ට මෙන්ම මටත් හිතේ මැවී තිබුන ප්‍රසුතියෙන් පසු පෙනුම සම්පුර්ණයෙන්ම ව්‍යාජ එකක් වුනා.  

මේ ව්‍යාජ බලාපොරොත්තු වලට හාත්පසින්ම වෙනස් යතාර්ථය ඇගේම වචන වලින්;    

එම ඡායාරූපය පලකළ විට මට හැඟුනේ, මගේ ගර්භණීව අවදියේ කවුරුන් හෝ මෙවන් යථාර්තවාදී ඡායාරූපයක් පළ කලේ නම් කෙතරම් උපකාරයක් වන්නට තිබුණාදැයි කියාය. මගේ ශරීරයට සහ මගේ මනසට මෙවන් විපර්යාස සිදු වේයැයි කවුරුන් හෝ මා දැනුවත් කර තිබුනේ නම් කෙතරම් අගනේද?  

හතරවෙනි තෙමස් කාලය තවත් ආන්දෝලනාත්මක මාතෘකාවකි. මගේ අත්දැකීමට සමාන අත්දැකීම් ඇති අනෙක් මව්වරුනට ඔවුන් තනියෙම නොවේ යයි කියන්නට මට උවමනායි.  

ඔවුන්ගේ පශ්චාත්-ප්‍රසව ගමන කුමන අකාරයේ එකක් වුවත් එය සාමාන්‍ය දෙයක් බව සිහි තබාගන්න. එම වෙනස් කම් වලට ප්‍රසංශා කරමින් ඒ ගැන ආඩම්බර වන්න. මම එය කල ලෙසම ඔබටත් එය කරන්නට ශක්තිය තිබෙනවා.  

සියලු ගැබිණි මව්වරුන් වෙනුවෙන් කල මෙම අභීත සටහන වෙනුවෙන් එලිසී වෙත අපගේ ප්‍රණාමය හදවතිම පුද කරමු!

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා