theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ප්‍රසුතියෙන් පසු ගැටළු: මගේ දුවව දෝතට ගන්න කලින් මගේ නැනදම්මා ඇයව ගත්තා...

3 අවම කියවීම
ප්‍රසුතියෙන් පසු ගැටළු: මගේ දුවව දෝතට ගන්න කලින් මගේ නැනදම්මා ඇයව ගත්තා...ප්‍රසුතියෙන් පසු ගැටළු: මගේ දුවව දෝතට ගන්න කලින් මගේ නැනදම්මා ඇයව ගත්තා...

"මං මගේ දුවව දෝතට ගන්න කලින් මගේ නැනදම්මා  ඇයව ගත්තා . මට ඒ් ගැන තරහක් , කෝපයක්  ඇතිවුනා."

ඔබ ඔබේ කුස තුල ඔබේ පුංචි පැටියා මාස 9 ක  කාලයක් රැකබලාගෙන අවසානයේ ඇය ඔබේ දෝතට එන දිනයක් වෙනුවෙන් බලා ඉන්නවා.

ඔබ නිසැකවම හා ආත්මාර්ථකාමිත්වයෙන් යුතුව ඔබ තුළ සිටින ජීවයට ආදරය කරන අතර ඔබට ඇයව දැනෙන පළමු පුද්ගලයා වීමටත් ඇය දකින පළමුවන පුද්ගලයා වීමටත් අවශ්‍ය වෙනවා.

ඔබට වරප්‍රසාදයක් ලැබිය යුතුය. ඒ් ඔබ ඇයගේ මව වන නිසයි. ඔබ ඇයගේ නිර්මාතෘ වන නිසයි . ඔබ ඇයගේ පෝෂකයා වන නිසයි . ඔබ ඇයගේ ආරක්ෂකයා වන නිසයි .

එමනිසා මේ අම්මා සීසේරියන් සැත්කමින් පසු අවදි  වු විට ඇයගේ පුංචි ආදරණිය පැටියා  'වෙනත් කෙනෙකු' පළමුව දෝතට ගෙන ඇති බව දැනගත් විය  ඇයට කුමක් සිතේවිදැයි  සිතන්න.

ඒ 'වෙනත් කෙනා' ඇගේ ස්වාමිපුරුෂයා, වෛද්‍යවරයා හො හෙදියක් නොවී, ඇයගේ නැන්දම්මා වු විට?

ඔබට දැන් ඇයගේ වේදනාව දැනෙනවාද?

තම නැන්දම්මා ඇයට පෙර ඇයගේ අලුත උපන් දරුවා අතට ගත් බව ඇය තේරුම් ගත් විට මවක ලෙස ඇය බිද වැටුනා. බැක්ස් මහත්මිය මෑතකදී ඇයගේ කෝපය මම්නෙට් ෆෝරම් (mumnet forum) මත පල කළාය.

ඇය මෙසේ ලියනවා: "මට මගේ දුවව සති හයකට පෙර ලැබුනා."

එය පහසු ප්‍රසුතියක් නොවූ අතර, හදිසි සීසේරීයන් සැත්කමකට මුහුණ දෙන්න වුනා. "එය අසීරූ උපතක් වු අතර හදිසි සීසේරීයන් සැත්කමකින් අවසන්  වුනා.."

ඇයගේ ස්වාමිපුරුෂයා තරමක් බියට හා නොසන්සුන් බවට පත් වු අතර,තමන්ට  උපකාරයක්  අවශ්‍ය බැවින් තම මවට පැමිණෙන ලෙස ඉල්ලා සිටියා. "ඇය වෛද්‍යවරියක වන අතර, ඇය කාන්තා රෝහලේ වැඩ නොකලද මගේ දරු උපත සිදුවෙමින් තිබු රොහලේ සේවය කරමින් සිටියා,. "

හදිසි ශල්‍යකර්මයක් සඳහා ඔබේ ගර්භණී බිරිඳ සැත්කම් කාමරයට ගෙන යනවා බැලීම ඉතාම පීඩාවට පත් විය හැකි අතර, සැමියා සිටි තත්වය අපිට සම්පූර්ණයෙන්ම තේරුම් ගත හැකිය.

මගේ දුවව දෝතට ගන්න කලින් මගේ නැනදම්මා  ඇයව ගත්තා.

ඉතින්, නැන්දම්මා ඉස්සර වුනා. මේ අම්මා ඇයව ප්‍රයෝජනවත් වේ යැයි සිතුවා පමණයි. "ඇයගේ රාජකාරී හැදුනුම් පතෙන් අදාල ස්ථානයට යෑමට ඇයට හැකි වූ අතර අවසරයකින් තොරව ඇය ඇතුලට ගියා."

සතුටින් සිටි මෙහි සදහන් මව ඇත්ත වශයෙන්ම තම නැන්දම්මා අදාල ස්ථානයට පැමිණ ඇති බව දැන සිටියේ නැහැ. "ඇය මෙහි ආවාට කමක් නැද්දැයි මම ඇසුවේ නැහැ?"

නරකම වේලාව පැමිණියා, "ශල්‍යාගාරය තුල තවමත් මගේ කුස මසමින් සිටි නිසා මම අතට ගැනීමට පෙර ඇය මගේ දියණිය වඩා ගත්තා."

"මම ඒ ගැන ගොඩාක් තරහින් හා කනස්සල්ලෙන් ඉන්නේ."

අනේ අපි ඔබට දැනෙනවා, අම්මා .

ඇය ඥාතීන් පැමිණිමට පෙර දරුවා හා  තනියම යම් කාලය ගත කිරීම ගැන ඇය නිතරම  සැමියා  සමග සාකච්ඡා කල බව ඇය පැහැදිලි කළා.

"මම ප්‍රසුතියට යාමට පෙර, දරුවා ලැබී අවම වශයෙන් දිනක් වත් ගත වෙන තුරු  කිසිම කෙනෙක් අපිව බලන්න නොපැමිණිය යුතු බව  මම මගේ සැමියා සමඟ සාකච්ඡා කලා. මම මගේ දරුවා අතට ගැනීමටත් පෙර  මගේ නැන්දම්මාට තනිව ඇතුල් වීමට ඉඩ දුන්නා. "

ඒ් විතරක් නොවේ මේ අම්මා,  ඇයගේ සමහර පෞද්ගලික තොරතුරුවලට නැනදම්මා සවන්දීම ගැන කම්පාවට පත් වුනා. " වෛද්‍යාවරයා පැමිණ  මට කථා කරමින් මා සුවපත් වෙමින් සිටින බව පැවසු අතර මගේ ඉතා පෞද්ගලික තොරතුරු වගයක්ද පැවසුවා. ඒය ඇයටත් ඇසුනා. "

"අද මම අද උදේ හැඩු කදුලින් සියල්ල නැවතත් කල්පනා කළා. මට තවම තරහත් කලකිරීමත් තියෙනවා.˝

අලුතින් මවක් සුන්දරයි. නමුත් එය පුදුමාකාර කැපකිරීම් වලින් යුත්, වෙහෙසකර, බියජනක කාල පරිච්ඡේදයක්ද වෙනවා. කාන්තාවකගේ ජීවිතයේ අතිශයින්ම වැදගත් කාල පරිච්ඡේදයක්  වන අතර, සිතුවිලි හා හැඟීම් විශාල ලෙස පැතිරෙනවා.

ඇගේ පුංචි  පැටියාගේ පැමිණීම අපේක්ෂාවෙන් මවක් සැලසුම් කරන බොහෝ දේ තිබෙනවා. ක්ෂණිකව සිහින ඇයගෙන් ඈතට ගොස් ඇති බව දැන ගැනීමෙන් මෙම අම්මාට ඇති වු  ශෝකය සම්පුර්ණයෙන් අපට තේරූම් ගත හැකිය.

නමුත් නැවතත්, සමහර මව්වරුන් පෙන්වා දුන් පරිදි, නැන්දම්මාගේ අදහස සම්පූර්ණයෙන්ම හානිකර නොවේ නම් කොහොමද? ඇයගේ පුතා ඇගේ උපකාරය පැතු නිසයි ඇය ඒහි පැමිණියේ?

මේය සිදු වුණේ ඔබට නම්, ඔබ කෙසේ ප්‍රතික්‍රියා කරයිද? මෙවැනි ප්‍රසුතියෙන් පසු ගැටළු ඔබේ අදහස් පහලින් සටහනක් යොදන්න.

තම පුංචි පැටියා ඉස්සෙල්ලාම අතට ගන්න එක හීනයක් තිබු මේ අම්මාගේ බිදි ගිය හීනයත් සමග ප්‍රසුතියෙන් පසු ගැටළු ගැන හිතන්නට යමක් ඔබ වෙත ගෙන ආවේ theAsianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ප්‍රසුතියෙන් පසු ගැටළු: මගේ දුවව දෝතට ගන්න කලින් මගේ නැනදම්මා ඇයව ගත්තා...
බෙදාගන්න :
  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • "මගේ සැමියාගේ දෙමාපියන්ට මම කැමති නෑ. ඒත් මගේ දුව ඔවුන්ට ගොඩක් ආදරෙයි"

    "මගේ සැමියාගේ දෙමාපියන්ට මම කැමති නෑ. ඒත් මගේ දුව ඔවුන්ට ගොඩක් ආදරෙයි"

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • "මගේ සැමියාගේ දෙමාපියන්ට මම කැමති නෑ. ඒත් මගේ දුව ඔවුන්ට ගොඩක් ආදරෙයි"

    "මගේ සැමියාගේ දෙමාපියන්ට මම කැමති නෑ. ඒත් මගේ දුව ඔවුන්ට ගොඩක් ආදරෙයි"

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it