දරු ප්‍රසුතියෙන් පසු හිසකෙස් යෑම: ප්‍රසුතියෙන් පසු ලස්සන කෙස් කළඹක් හීනයක්ද?

දරු ප්‍රසුතියෙන් පසු හිසකෙස් යෑම නිසා විඩාපත් වෙලාද? කරීනා කපූර් ඛාන්ගේ වගේ දරු ප්‍රසුතියෙන් පසු හිසකෙස් යෑම වළක්වා සිත්ගන්නා සුළු කෙස් කළඹක් ලබාගන්න  අවශ්‍යයිද? ඒක සරලයි. මෙන්න මේ ආහාර වර්ග පහ ඔබේ ආහාර වේලට එකතු කර  ගන්න.

ඇයගේ ප්‍රසුතියෙන්  මාස කිහිපයකට පසු, කාරීනා කපූර් ඛාන් ඇයගේ  රහසක් අපිත් සමග බෙදා ගත්තා. අනෙක් ගර්භණී  කාන්තාවන්   බොහෝ දෙනා මෙන්, ඇයද ගර්භණී කාලයේ දී හිසකෙස් යෑම ට ලක් වුනා.

කෙසේ වෙතත්, ඇයගේ පෝෂණවේදී රුචුටා ඩිවකාර් විසින් නිර්දේශ කරන ලද සුපිරි ආහාර වර්ග වලට ස්තුතිවන්ත වන්නට ඇයගේ සුන්දර කෙස් කළඹ නඩත්තු කිරීමට ඇය සමත් විය. ඇයගේ දරු ප්‍රසුතියෙන්  පසුද එම ආහාර  පවත්වා ගැනීමට  හැකිවීම නිසා ඇයට ඝන සුන්දර කෙස් කළඹක් පවත්වා ගත හැකි වුනා.

නමුත් ඇය තනිවුවා නොවේ. බොහෝ  අළුත් මව්වරුන්  දරු ප්‍රසුතියෙන් පසුද දිගින් දිගටම හිසකෙස්  වැටීමට ලක්වෙනවා.එය සම්පුර්ණයෙන්ම සාමාන්‍යයි.

දරු ප්‍රසුතියෙන් පසු හිසකෙස් යෑම

අපේ හිසකෙස්වලින් 85-90% ක් හැම විටම වැඩෙන අවධියක තිබෙන බව ඔබ දැන සිටිනවා විය හැකිය. 15-10% සෑම විටම විවේක ගන්නවා. ඔබ ෂැම්පු කරන විට හෝ ඔබේ කොණ්ඩය පීරන විට, විවේක අවධියේ සිටින හිසකෙස්  වැටේ. සාමාන්‍යයෙන්  කාන්තාවන්ට දිනකට හිසකෙස්  100 ක් පමණ අහිමි වේ.

නමුත් ගර්භණී සමයේදී ශරීරයේ ඇති ඊස්ට්‍රජන්  මට්ටම් ඉහළ යන අතර එමඟින් වැඩෙන කාලය දිගු කරයි. හිසකෙස්  ටිකක් විවේක ගන්නා අතර ටිකක් හැලේ. එබැවින්, ඔබ සාමාන්‍යයෙන් ගර්භණී සමයේදී දීර්ඝ, සාරවත් කෙස් කලඹක් ඇත.

දරු උපතෙන්  පසු ශරීරයේ ඊස්ට්‍රජන්  ප්‍රමාණය අඩුවෙන අතර හිසකෙස් කූප විවේක අවධියකට ඇතුල් වේ. එමනිසා දරු ප්‍රසුතියෙන් මාස හතරක් පහක් වනවිට ඔබේ හිසකෙස්  විශාල ප්‍රමාණයක් හැලෙනවා දැකිය හැකිය.

කෙසේ වුවද, සෑම කාන්තාවක්ම දරු ප්‍රසුතියෙන් පසු හිසකෙස් හැලීමකට ලක්වීම සැලකිල්ලට ගත යුතු වුවත් සමහර කාන්තාවන් සඳහා ක්ෂණිකව හා වැඩියෙන් සිදුවෙන  අතර අනිත් අයට අසාමාන්‍ය ලෙස සිදු නොවේ.

එමනිසා  අලුත් මව්වරුන්ට දරු ප්‍රසුතියෙන් පසු හිසකෙස් යෑම නතර කිරීමට කළ හැක්කේ කුමක්ද?

හොඳයි, පළමු කාර්යය වන්නේ ඔබේ ගර්භනී කාලයේ සිටම  ආහාර වේල වැඩිදියුණු කිරීමයි.

සිත්ගන්නා සුළු කෙස් කළඹක් පවත්වා ගැනීම  සඳහා දේශීය ආහාර

ප්‍රවීණ පෝෂණවේදිනියක වන රුජුටා ඩිවකාර් පෙන්වා දෙන පරිදි, ගර්භණී මව්වරුන් මෙන්ම අලුත්  මව්වරුන්  ආකර්ෂණීය කෙස් කළඹක් පවත්වා ගැනීමට මෙන්ම කෙස් වැටීම අඩු කිරීම සඳහා පහත සඳහන් ආහාර වර්ග 4  ආහාර වේලේහි අඩංගු කරගත  යුතුය.

• බත් :  (බඩවැල්  ශක්තිමත් කිරීම)  ශරීරය නිරෝගීව තබා ගනී. ඒ මගින් හිසකෙස් වැටීම  අඩු කරගත හැකිය.

• පොල්:  ස්‍රාවයන් ගෙන් ලබා ගන්නා තෙල් හිසකෙස් වැටීම නවත්වයි.

• හැමදාම කජු අහුරක්:  ඒවා යකඩ හා මැග්නීසියම් පොහොසත් බැවින් හිසකෙස් වැටීම   වළක්වයි.

• තල: හිස්කබලේ රුධිර සංසරණය ඉහළ නංවන අතර කේශමුල නිරෝගිමත් කරමින්  හිසකෙස් වර්ධනය වීම සිදුකරයි.

මේ හැරුණු විට, අලුත්   මව්වරුන් A, B, C, D සහ E. විටමින්  වලින් පොහොසත් වන දේශීය ආහාර , ආහාර වේලට ඇතුලත් කර ගත යුතුය.

• කැරට්, බතල , නිවිති වැනි විටමින් වර්ග බහුල  ආහාර ශරීරයේ සමස්ත වර්ධනයට උපකාරි වේ. ඒවා  සමේ ග්‍රන්ථිවලට ස්‍රාව නිපදවීමට උපකාර කරයි. මෙය තෙල් සහිත  වන අතර තෙතමනය රදවා ගනිමින් හිසකෙස් සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරී වේ.

•විටමින් බී වලින් පොහොසත් ආහාර ලෙස ධාන්‍ය ,කුකුල් මස්, මස්, මුහුදු ආහාර මෙන්ම කොළ පැහැති කොල වර්ග වල බයෝටින් අඩංගු වන අතර,  එය හිසකෙස්  වර්ධනය සඳහා වඩා වැදගත් සංයෝගයකි.

• විටමින් C හි පොහොසත් ආහාර ලෙස පැගිරි අඩංගු  පලතුරු, පේර, ස්ට්‍රෝබේරි සහ බෙල් පෙපර් වල කොලැජන් අඩංගු අතර එය යකඩ අවශෝෂණය කර හිසකෙස් නිරෝගීව හා ආකර්ෂණීයව තබා ගනී.

• විටමින් ඩී සහ ඊ පොහොසත් ආහාර අතරට තෙල් සහිත මාළු, මෝර අක්මා තෙල් මෙන්ම හතු, සූරියකාන්ත ඇට, ආමන්ඩ් මෙන්ම අලිගැටපේරද අයත් වේ. හිසකෙස් මූල නිර්මාණය කිරීමට මෙන්ම හිස්කබලේ ප්‍රතිඔක්සිකාරක ගුණය පවත්වා ගැනීම සඳහා ඒවා අත්‍යවශ්‍ය  වේ.

දරු ප්‍රසුතියෙන් පසුව වුවත් ආකර්ෂණීය කෙස් කළඹකට කැමති ඔබ වෙනුවෙන්ම මේ ලිපිය  the Asianparent Sri Lanka ගෙන ආ වගයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී