දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

පියවරුනි, අපට ඔබව අමතක වී නැහැ. දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම උදෙසා මේ ලිපිය කියවන්න, ඔබටත් මහඟු දැනුවත් වීමක් වේවි!

ඉතින් මඟ බලා උන් පැටියා ඔන්න මෙලොව  එළිය දැකලා දින කිහිපයක්ම ගත වෙලා.  ආපසු දෙදෙනාට ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම ට දැන් පුළුවන් බව වෛද්‍යවරයා ඔබට දන්වා සිටියා. ඔබේ සහකරු නොඉවසිල්ලෙන් යලි ඔබ හා එක් වන්නට මඟ බලා සිටි.

නමුත් දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම ගැන අම්මෙක්ට නම් බොහෝ විට හිතනකොටත් බයයි. ඔව්! ඔබට තව කල් උවමනා බව හැඟෙන්නට පුළුවන්. නමුත් මෙය ඔබ හිතන තරම් කල් දමන්නට අවශ්‍ය තත්වයක් නොවේ. ඔබ නිරායාසයෙන්ම පෙර සේම ලිංගිකව එකතු වීම රස විඳිනු ඇති.

ඉතින් මේ අවස්ථාවේ ඔබ නුදුරේදීම ප්‍රසූතියට සූදානම් වන ගැබිණි මවක් නම් හෝ මෑතකදී දරු ප්‍රසූතියට මුහුණ දුන් මවක් නම් මේ ලිපියේ තතු හොඳින් හිතට ගැනීමෙන්, පහසුවෙන්ම, සාමාන්‍ය ලෙස ලිංගික ජීවිතය යළි ආරම්භ කරන්නට ඔබට හැකි වනු ඇති.

එමෙන්ම පියවරුනි, ලිපිය අග දක්වා කියැවීමට ඔබටද ආරාධනා කරමු. ඔබටම සුවිශේෂී වූ සඳහනක් මෙහි අන්තර්ගත බැවිනි.

දරු ප්‍රසූතියෙන් පසු ලිංගික එක්වීම සඳහා සුදුසුම කාලය කුමක්ද?

දරු ප්‍රසූතිය සිසේරියන් සැත්කමකින් සිදු වුවත්, සාමාන්‍ය ලෙස සිදු වුවත් මවගේ සිරුරට යළි  යතා තත්වයට පැමිණීමට පුංචි කාලයක් අවශ්‍ය වනවා.

ගැබ්ගෙල විවරය සංකෝචනය වීම, පසු-ප්‍රසව රුධිර වහනය නැවතීම, සුතිකහාරය වැනි ක්‍රියාවන් සම්පුර්ණ වීමටත් වැදෑමහ ඉවත්වීම නිසා ගර්භාශයේ ඇති වූ තුවාලයද සම්පුර්ණයෙන් සුවවීමට යම් කාලයක් අවශ්‍ය වනවා.

විශේෂඥයයින්ට අනුව පසු-ප්‍රසව රුධිරවහනය නැවතීමට මත්තෙන් ලිංගිකව හැසිරීම මගින් අසාදන තත්ව ඇතිවීමේ ප්‍රවනතාව වැඩි විය හැකි වනවා. ප්‍රසූතියෙන් මාස 4ත් 6ත් වැනි කාලයකට පසුව ලිංගිකව එක්  වන ලෙස ඔවුන් නිර්දේශ කරනවා.

මෙම නිර්දේශිත කාලයට වඩා උචිත කාලය ගැන ඔබටම ඔබේ සිරුර ගැන ඇති අවබෝධය ආශ්‍රයෙන් දැනෙනු ඇති.

ඇතැම් යට ප්‍රසූතියෙන් සති කිහිපයකට පසුව ලිංගිකව එකතු වීමට තමන් සූදානම් බව දැනෙන්නට පුළුවන්. තවත් අයට මාස කිහපයක් ගත වන්නට පුළුවන්. වඩා වැදගත් වන්නේ ඔබේ ශරීරයේ සංඥා වලට සාවධානයෙන් සිටීමයි.

වේදනාවක් දැනෙන්නට පුළුවන්, ඒත් ඉවසීමෙන් මන්දගාමිව ක්‍රියාකාරී වන්න

හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඔබගේ ලිංගික ප්‍රදේශය වියළි ස්වභාවයක් ගන්නට පිළිවෙන. විශේෂයෙන්ම ඔබ කිරිදෙන මවක් නම් මෙම තත්වය වඩාත් පොදුයි. එමෙන්ම ප්‍රසූතියේදී යෝනි ප්‍රදේශයේ සුළු කැපීමක් ඇති කලේ නම් ආදිය, ලිගිකව එක්වීමේදී පුංචි වේදනාවක් දැනෙන්නට පුළුවන්.

හෙමින් ගමනක් යාම මෙයට හොඳම විසඳුමයි. ලිංගිකව එක්වීමට ප්‍රථම එකිනෙකා සිප වැළඳගැනීම සහ ආදරයෙන් හැසිරීම තුළින් කෙමෙන් වේදනාරහිත අත්දැකීමට පිවිසෙන්නට ඔබට හැකි වේවි. ලිංගික ප්‍රදේශය වියළි නම් ඊට මෙම ක්‍රියා උපකාර වන අතර ලිහිසි දියරමය ආලේපනයක් භාවිතා කරන්නටද අමතක කරන්නට එපා.  

ප්‍රසූතියට පෙර, අතරතුර සහ පසු

ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම සඳහා සූදානම් වීම නුසුදුසු ක්‍රියාවක් සේ ඔබට හැඟෙන්නට පුළුවන්. ඔබ ඉදිරියේ සිටින පුංචි සිඟිත්තාද මෙලොවට වැඩියේ ඔබේ එම ආදරයේ ප්‍රතිපලයක් ලෙස නොවේද? මේ නිසා කිසි විටෙකත් එය නුසුදුසු ක්‍රියාවක් ලෙස දකින්නට එපා.

කෙසේ නමුත් දරු ප්‍රසූතියෙන් පෙර - සහ - පසු ලිංගික එක්වීම එකිනෙකට මදක් වෙනස් වන්නට පුළුවන්. ඇතැමුන්ට ප්‍රසූතියෙන් පසු එක් වීම අළුත්ම අත්දැකීමක් වනවා - එනම් එය අලුත්ම තාලයේ මධුසමයක් කිවොත් නිවැරදියි.

ඉතින් මෙම අත්දැකීම වඩාත් සුන්දර කරගන්නට නම් පුංචි පෙර සූදානමක් කළහොත් එය වඩාත් සොඳුරු අත්දැකීමක් වේවි.

ඇති වන්නට හැකි වේදනාවක් අවම කරගන්නට විඩාබර නොවී ටිකක් නිදහසේ දවස ගෙවන්නට උත්සහ කරන්න. මෙය මානසික මෙන්ම ශාරීරික සුවයක්ද ලබා දෙවි.  උණුසුම් වතුරෙන් ස්නානය කොට එකතු වන්නට පෙර මුත්‍රා බැහැර කරගන්න.

ඔබ එකට සිටින විට දෙදෙනාම දරුවා ගැනත්, ගෙදර වැඩ ගැනත් සිතීමෙන් වලකින්න. එකිනෙකාගේ ආදරය නිදහසේ විඳගන්න.

එක්වීමෙන් පසුව වේදනාවක් දැනේ නම් පාවිච්චි කිරීමට අයිස් තැවුමක් ළඟ තබාගන්න.

මෙම වේදනාව ඉක්මනින් පහව යන අතර වේදනාව දිගටම පති නම් වෛද්‍යවරයා හමු වීම සුදුසුය.

ඉතින් ඔබට ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම සඳහා කිසිඳු ප්‍රියතාවයක් නැත්නම්...

මෙය සාමාන්‍ය තත්වයක් විය හැකි අතර මේ ගැන කනස්සලු වීමට අවශ්‍ය නැත. බොහෝ කාන්තාවන් ප්‍රසූතියෙන් මාස ගණනාවක් යන තුරුම ලිංගිකව උත්තේජනය නොවීම සාමාන්‍ය තත්වයකි.

එක් වරම සිදු වන ජිවිත වෙනස, කාර්යබහුලතාව සහ  නොසන්සුන් බව නිසා මානසිකව සහ ශාරීරිකව විඩාපත් වන මව්වරුන් ඇඳට යන්නේ හෙම්බත් විලාය. වෙනත් කිසිඳු දෙකට ජවයක් නොමැතිව වැටුණු තැන නින්ද යන තත්වයට පත් වන හෙයිනි.

එපමණක් නොව, ඔබ කිරි දෙන මවක් නම්, සිරුරේ නිපදවෙන ප්‍රෝලැක්ටින් (prolactin) හෝමෝනය නිසා ලිංගික හැසිරීමට ඇති ආශාවන්ට එය බාධා ඇති කල හැකිය.

තවද පසු ප්‍රසව මානසික ආතතිය (baby blues) - මෙම තත්වය ඉබේම පහව යනු ඇත. පසු ප්‍රසව විශාදය වැනි තත්ව නිසාද  ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි කිසිඳු ප්‍රියතාවක් නොමැති වනු ඇත. මෙවන් තත්ව වලදී වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වනවා.

ප්‍රසූත තුවාල, මැහුම් ආදිය නිසාද ඔබට ලිංගික අශාවල් උද්දීපනය නොවන්නට පුළුවන්. මෙම තත්වයෙන් ඔබ සම්පුර්ණ සුවය ලැබූ පසු ලිංගිකව එක් වන්නට හැකි නම් වඩාත් සුදුසුය.

ඔබ සිසේරියන් සැත්කමකින් දරුවා ප්‍රසූත කලේ නම් මැහුම් ගැලවීමෙන් අනතුරුව ඔබට සම්පුර්ණ සුවය ලැබී තිබිය යුතුය. කැපුම් සිදු කල ස්ථානයේ යම් සංවේදී බවක් තවම පවතී නම් එයට අවම පීඩනයක් දෙන ලිංගික ඉරියව්වක් තොර ගැනීම සුදුසුය. ඔබේ උදර ප්‍රදේශය සහ සහකරු අතර සුමුදු කොට්ටයක් තබාගැනීමත් වේදනාරහිත අත්දැකීමකට උපකාර වේවි.

ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම වෙනස් අත්දැකීමක් වේවිද?

ඔව්.. විශේෂයෙන්ම ඔබ සාමාන්‍ය ප්‍රසූතියකට මුහුණ දුන් මවක් නම් මෙම අත්දැකීම තාවකාලිකව හෝ මදක් අත්දැකීමක් වේවි. ලිංගික ප්‍රදේශයේ මාංශපේශි වල සංවේදීතාව සහ ලිහිල් බව නිසා ලිංගික ක්‍රියාවලියේදී ඇති වන තෘප්තිය මදක් අඩු විය හැකි මුත් මින් මෙය වැඩිපුර ලිංගික උද්යෝගයකට තුඩු දෙන බව සොයාගෙන තිබෙනවා.

ලිංගික ප්‍රදේශයේ මාංශපේශි ශක්තිමත් කිරීම සඳහා කරන කීගල් ව්‍යායාම තුළින් එම අත්දැකීම යතා තත්වයට පත්කරගත හැක.

ලිංගික ප්‍රදේශයේ මාංශපේශි තත්පර 10ක් තද කර තව තත්පර 10ක් ලිහිල් කිරීම දිනකට අවම වශයෙන් තුන් වරක් හෝ කිරීමෙන් යතා මාංශපේශි යතා තත්වයට පත්කිරීමට තවදුරටත් උපකාර වනවා.  

ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම සඳහා වඩාත් සුදුසු පසු-ප්‍රසව ඉරියව්

මිෂනාරි ඉරියව්ව (Missionary position)

මෙය විශේෂාකර හෝ විවිධත්වය මුසු ඉරියව්වක් නොවන මුත්, තමන්ගේ පහසුව හෝ වේදනාව තත්වය කෙසේදැයි පහසුවෙන් අත්හදා බැලිය හැකි ඉරියව්වකි.

කෙසේ නමුත් පුරුෂයාගේ බර කාන්තාව මත පැටවෙන හෙයින් සිසේරියන් සැත්කමට භාජනය වූ කාන්තාවන්ට මෙම ඉරියව්ව එතරම්ම සුදුසු නැති පැවසෙනවා.

ගුද ලිංගික ඉරියව්වක් වන හැඳි ඉරියව්ව (Spooning position)

සැමියා සහ බිරිඳ මේ ඉරියව්වෙන් එකතු වීම සඳහා දෙදෙනා පැත්තට හැරිය යුතු අතර සැමියා ඔබේ පසුපසින් සිට එකතු වනු ඇත. ලාච්චුවක තැබූ හැඳි දෙකක් බඳු නිසා මෙය හැඳි ඉරියව්වුව ලෙස හැඳින්වේ.

උදාර ප්‍රදේශයට බලපෑමක් නොමැති හෙයින් මෙම ඉරියව්ව සිසේරියන් සැත්කමට භාජනය වූ මව්වරුනට වඩාත් සුදුසුය.

ස්ත්‍රිය උඩ සිටින ඉරියව් (Woman on top)

මෙම ඉරියව්වේදී පුරුෂයා තමන් තුලට ඇතුළු වන ගැඹුර පාලනය කිරීමේ හැකියාව කාන්තාව මත රැඳී ඇති බැවින් ප්‍රසූතියෙන් පසුව එකතු වීමට කදිම ඉරියව්වකි.

සුනඛ-කොට්ට ඉරියව්ව

ගුද ලිංගික ඉරියව්වක් වන පසුපසින් එකතු වන ඉරියව්වක් වන ‘Doggie style’ ඉරියව්වට මදක් වෙනස් වන මෙහිදී උදරය යටින් කොට්ටයක් තියනු ලබයි.  මෙයද සිසේරියන් සැත්කමට භාජනය වූ මව්වරුනට වඩාත් සුදුසුය.

ඇඳ අද්දර

ශරීරයේ ඉහල කොටසේ පීඩනය අවම කරන කදිම ඉරියව්වකි. සිරුරේ ලිංගික ප්‍රදේශය ඇඳ අද්දරට ගෙන ආ විට සහකරුට දෙපයින් හිටගෙන හෝ දන ගසා ඔබ හා එක් විය හැක.

ස්වාමි පුරුෂයින්ට විශේෂ වදනක්....

ප්‍රිය භාර්යාව සමඟ ලිංගිකව එක්වන තුරු ඔබ නොඉවසිල්ලෙන් මඟ බලා ඉන්නා බව අපි දනිමු. ඔබේ දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරුව ප්‍රථම වරට ඇය හා එක් වීමේදී මේ කරුණු සිහි තබාගන්නා ලෙස අපි ආදරයෙන් ඉල්ලා සිටිමු...

- ඇය දවස අවසානයේ බොහෝ විට ඉන්නේ ඉතාමත්ම විඩාබරව. අයව ශාරීරිකව හා මානසිකව සන්සුන් කරවන්නට ඔබට හැකි සහයෝගයක් දෙන්න. ඇයට සොඳුරු සම්භාහනයක් දෙන්න. ඔබේ ප්‍රිය බිරිඳට සොඳුරු සම්බාහනයක් දෙන්න මේ විධියට පුළුවන්

විශේෂයෙන්ම ඔබේ දරුවා ඇකයේ හුවා දවස පුරා වඩාගෙන සිටීමෙන් ඇගේ උරහිස්, දෑත් ආදිය විඩාබර වෙලා ඇති.

- ප්‍රසූතියෙන් පසු ඇයගේ තුවාල තවමත් ටිකක් රිදෙන්නට පුළුවන් .ඇයට වේදනා දේදැයි විමසා සිටින්න. වේදනාව අඩු කිරීමට කුමක් කල හැකි දැයි විමසා අයව සනසන්න.

- ඇගේ රුපයේ ශරීරයේ වෙනස්වීම් ගැන ය කලකිරීමෙන් පසු වන්නට පුළුවන්. ඔබේ දෑස් ඉදිරියේ ඇය තවමත් සුන්දර වුවත්, ඒ බව යට නිතර පවසා ඇය අස්වසාලන්න.

ඔබේ දරුවා බිහි කල ආදරණිය අම්ම හැටියට ඔබ ඇයට වෙනදාටත් වඩා ආදරේ බව පහදා දෙන්න.

- ඇය මව්කිරි දෙන්නේ නම් ඇයට බාධා කරන්නට එපා. එම දසුන් ආකර්ශනීය විය හැකි මුත්, ඇගේ පියයුරු ප්‍රදාහය නිසා ඇල්ලූ විට වේදනාව ගෙන දිය හැක.

අවසාන වශයෙන්, ඇයට ලිංගිකව එක්වීමට තවම උද්යෝගයක් නැතිනම්, ඇයට කාලය දෙන්න. වෙනත් ක්‍රම වලින් ආදරය බෙදාගන්න. එය දරුවාට ඇය යොමු කල යුතු අධික කාලය නිසා මිස ඔබව එපා වී ඇතිවා නොවේ. ඔබේ ඉවසීමෙන්, ආදරයෙන් ඇගේ ශාරීරික සහ මානසික සුවයට දායක වන්න.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා