පියකරු ප්‍රියංකා චොප්රාගෙන් සුරූපී වීමේ රහස්

කාර්යබහුල ප්‍රියංකා චොප්රා නිහතමානිව බෙදාගන්නා මේ අදහස්  කාර්යබහුල අපගේ රූ සපුව රැකගන්නටද උපකාරී වන වටිනා ඉඟි කිහිපයක් ලබා දෙනවා.

අපි කවුරුත් කැමතියි අපගේ මුහුණ මෙන්ම ගත සිත සියල්ල ප්‍රියකරුව පවත්වාගන්න. ඉතින් සුරූපී නිළියක් මෙන් සල්ලන වන්නට පුළුවන් නම් තවත් අගනේය.

මේ කියන්නට සුරූපී ප්‍රියංකා චොප්රා විසින් ඇයගේ රු සපුව සුන්දරව තබාගැනීමට ඇය ගෙදරදීම කරනා පහසු සත්කාර කිහිපයක්. “මේවා අපේ මව්වරුන්ගෙන් හා මිත්තනියන්ගෙන් පැවත එන සත්කාර ක්‍රම තමා” ප්‍රියංකා පැවසුවා. කාර්යබහුල ඇය නිහතමානිව බෙදාගන්නා මේ අදහස්  කාර්යබහුල අපගේ රූ සපුව රැකගන්නට උපකාරී වන වටිනා ඉඟි කිහිපයක් ලබා දෙනවා. 

දෙතොල් සඳහා ලුණු ස්ක්‍රබ්

අවශ්‍ය ද්‍රව්‍ය

දිය ලුණු පිංචක්

පිරිසිඳු ග්ලිසරින් බින්දු කිහිපයක්

රෝස ජලය බින්දු කිහිපයක්

කැමති  නම් ලෙමන් යුෂ බින්දු කිහිපයක්

මේවා එකට එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මෙම මිශ්‍රණය ඔබේ තොල් මත ගලවමින් වක්‍රාකාරව පිරිමදින්න. විනාඩි දෙක තුනකට පසු තොල්පෙති වලින් මිශ්‍රණය සෝදා හරින්න. ඔබේ තොල්පෙති රෝස පහ ගැන්වී මෙලෙක් වී ඇති අයුරු ඔබටම අත්දකින්නට ලැබේවි. ලෙමන් යුෂ බින්දු කිහිපයක් එක කිරීමෙන් තොල්පෙති වඩාත් පැහැපත් කරගත හැක.

සිරුරේ වියළි සම ඉවත් කර පිරිසිඳු කිරීමට බොඩි ස්ක්‍රබ්

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල පිටි කෝප්ප 1ක්

ලෙමන් යුෂ බිංදු කිහිපයක්

සඳුන් කුඩු පිංචක්

කහ කුඩු පිංචක්

මුදවාපු කිරි අවශ්‍ය පමණ

බඳුනකට කඩල පිටි කෝප්පය එකතු කර ඊට ලෙමන් යුෂ බිංදු කිහිපයත් මෙය තලපයක් මෙන් සකසාගන්නට අවශ්‍ය පමණට මුදවාපු කිරිත් එකතු කරගන්න. මිශ්‍රණයේ ඝනකම අඩු කිරීමට නම් එළ කිරි ටිකක් භාවිතා කල හැක. මීළඟට සඳුන් කුඩු සහ කහ කුඩු එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙය ශරීරය පුරා අලේප කරගන්න. තුනී පොරෝනයකින් පොරවාගෙන මිනිත්තු 30ක් ආලේපය තබාගන්න. දැන් ජලය ස්වල්පයක් සමඟ තදින් පිරිමදිමින් සම පිරිසිඳු කරගන්න (ස්ක්‍රබ් කරගන්න) දැන් සුපුරුදු ලෙස ස්නානය කරගන්න.

ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම් එළ කිරි සහ මුදවාපු කිරි මේද රහිත ඒවායින් ආදේශ කරගත හැක.කලා පිටි සොයාගැනීමට අපහසු නම් සාමාන්‍ය තිරිඟු පිටි ඊට ආදේශ කරගත හැකිය.

මෙයින් සමට දැනෙන වෙනස ඔබව මවිත කරනවා නියතයි.

හිස පිරිසිඳු කිරීම සඳහා මුදවාපු කිරි සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

මුදවාපු කිරි

මී පැණි

බිත්තර 1ක්

පූර්ණ මේදය සහිත මුදවපු කිරි භාජනයකට දමා ඊට මී පැණි තේ හැන්දක් සහ බිත්තරයක් එකතු කරන්න. මෙය හොඳින් මිශ්‍ර කර තලපයක් (මාස්ක් එකක්)සේ හිස පුරා තවරාගන්න. මෙය විනාඩි 30ක් තබා  පසුව මද රස්නේ වතුරෙන් සහ ළදරු ෂැම්පු භාවිතා කර සෝදා හරින්න. 

හිසේ වියළි බව වලකා තෙතමනය සුරැකීමට මෙය කදිම සත්කාරයකි.

ප්‍රියංකා චොප්රා ඇගේම වචන වලින් මේ සත්කාර කරනා අයුරු පෙන්වා දෙන වීඩියෝවක් මේ.

ඉතින් ඉතාම පහසුවෙන් කරගත් හැකි මෙම සත්කාර සතිපතා කරමින් ඔබේ සමේ සිනිඳු බව හා තරුණ පෙනුම ආරක්ෂා කරගන්නට අපි ආදරයෙන් ආරාධනා කරනවා.