ප්‍රීතිමත් විවාහය දරුවන්ට යහපතක්

lead image

ප්‍රීතිමත් විවාහය ආදරණීය යහපත් දරුවන් හදාවඩා ගැනීමකට පාර කියයි. ඔබ හා ඔබේ සහකරු අතර තිබිය යුතු නොසැලෙන අනුපමේය ආදරය දරුවන්ගේ ජීවිත ප්‍රීතිමත් කරාවි.

ප්‍රීතිමත් විවාහය ඔබට සහ ඔබේ සහකරු හෝ සහකාරියට පමණක් නොව, ඔබේ දරුවන්ට බොහෝ වාසි ලබා දෙන බව ඔබ දැන සිටියාද?

බොහෝ විවාහක යුවළ තම දරුවන්ව ඔවුන්ගේ  ජීවිතය  කෙරෙහි  අවධානය යොමු කිරීමට  පුහුණු කරයි. කෙසේ වෙතත්, යථාර්ථය නම්, ප්‍රීතිමත් විවාහයක් ඔවුන්ගේ දරුවන්ගේ යහපැවැත්ම සදහා වැදගත් වෙනවා .

ඔබ ඔබේ සහකරු සමඟ ඇති සම්බන්ධතාවය ඔබේ දරුවන්ට බලපානවා.

බොහෝ යුවල සිය දරුවන් වෙනුවෙන්  සියළුම දේ කරමින්, සියළුම දේ ලබා දීම පුරුද්දක් බවට පත් කරගෙන තියෙනවා . නමුත් ඔවුන්ගේ විවාහය සලකන විට, ඒ දේවල්  කෙටි කරගැනීමට නැඹුරු වෙනවා.

තම දරුවන් රැකබලා ගැනීමේ වගකීම දෙමව්පියන්ට පැවරී ඇති වැදගත් වගකීමකි. ඔවුන් හොඳින් වර්ධනය වන බවට වග බලා ගැනීම, ඔබේ විවාහය මුලුමනින්ම නොසලකා හැරීමට හේතුවක් නොවේ. ඔබේ දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන්  වුවද විවාහක යුවලක් වශයෙන් ඔබේ ප්‍රීතිය අහිමි කර  නොගත යුතුය.

ඇත්ත වශයෙන්ම, ඔබ සහ ඔබේ සහකරු අතර  ගැටලු ඇති නම්  , ඔබ දෙදෙනා එකිනෙකාට සමීප නැතිනම් ඔබේ දරුවන් ඒ බව දන්නවා . ඒවැනි දේ දිගින් දිගටම ඇතිවුවහොත් ඔවුන් තුව් ඍණාත්ම බලපෑම් ඇතිවිය  හැකිය.

ප්‍රීතිමත් විවාහය යනු ප්‍රීතිමත්  දරුවන් වේ.

යුවළක් ඔවුන්ගේ විවාහයට ප්‍රමුඛතාවයක් ලබා දීම  වැදගත් ය. ඇත්ත වශයෙන්ම,  පවුලට පළමු තැන දීමට  ඔබ තීරණය කිරීමට පළමු හේතුව මෙය වෙනවා .

ඔබේ විවාහය වැඩි දියුණු කරගැනීමට උත්සාහ කළ හැකි හරියටම හරියන ක්‍රම කීපයක් පහත දැක්වේ.

• එකිනෙකා ගොඩාක් කථා කරන්න - ඔබ සහ ඔබේ සහකරු  කථා කළ අවසන් අවස්ථාව කවදාද? ඇත්ත වශයෙන්ම, එකිනෙකා සමඟ කතා කළාද? ඔබේ සහකරු  සමඟ පුංචි  පිළිසදරකින් ඔබ්බට ගොස් ඔබගේ අනාගත සැලසුම්, විවාහය සහ එකිනෙකා ගැන ඔබ එකිනෙකා පිලිබඳ හැඟීම් ගැන  කතා කිරීම වැදගත් වෙනවා .

•අවධානය යොමු කරන්න - ඔබේ සහකරු හෝ සහකාරියට පැවසීමට ඇති දේට සවන් දෙන්න. සන්නිවේදනය යනු කතා කිරීම පමණක් නොවේ. එය අනෙක් පුද්ගලයාට පැවසීමට ඇති දෙයට සවන් දීම හා තේරුම් ගැනීම ඉගෙනීම ගැන වේ. • එකිනෙකා සමඟ කාලය ගත කරන්න  -  ඔබ ඔබේ දරුවාව රැකබලා ගන්නෙකු  භාරයේ තබා ඔබේ සහකරු  සමඟ යම් කාලයක් ගත කළ යුතුය. එය ආකර්ෂණීයම  විය යුතු නැහැ. නිවසේ  රාත්‍රිය ගත කිරීම පවා ඔබට සමීපව බවක් ගෙන ඒවි.

•ඔබේ ස්තූතියි ප්‍රකාශ කරන්න - ස්තුතියි යැයි පැවසීම වැදගත් වෙනවා.

ඔබේ සරල අගය කිරීමක් හා ස්තුතිවන්ත වීමක් පෙන්නුම් කළ ඔබේ සහකරු හෝ සහකාරියට ලොකු අර්ථයක් ලබා දේවි. ඒ නිසා ස්තුතිවන්ත වෙන්න.

•ප්‍රසන්න වන්න -  අවසානයට, ප්‍රසන්න වන්න. ඔබේ සහකරු හෝ සහකාරිය පිලිබඳ  ධනාත්මක  හා ප්‍රසන්න ආකල්ප  ඇති කරගැනීමෙන් ඔබේ විවාහය වැඩි දියුණු වනවා පමණක් නොව, එය කාරුණිකත්වයේ වැදගත්කම ඔබේ දරුවාට පෙන්වීමට උපකාර කරනවා.

ඔබේ ආදරණීය විවාහය ප්‍රීතිමත් නම් අනිවාර්යයෙන්ම ඔබේ දරුවන්ද ප්‍රීතිමත් වනු ඇත. ඒ පිලිබඳ වු මේ ලිපිය ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි

පරිවර්තනය: නදීශා ලක්මිණී