ප්‍රේමය ගැන කව් ගී ලියැවිලා ඇත, එනමුත් එය හඳුනාගත් කෙනෙක් නැත

lead image

උගත් කම, ධනය, රූ සපුව ආදී මෙකී නොකී සියලු දේ ඇතත් දෙදෙනා නුරුස්සා දෙකඩ වීමට හේතු හොයන සමාජයක මේ ආදර අන්දරය පෙන්වන්නේ සමාජයේ හිස් බවද? පුස් බවද? නැතහොත් ප්‍රේමයේ අරුත නොදන්නා සමාජයක් බිහි වී ඇති බවද? ඔබ තීරණය කරන්න...

උගත් කම, ධනය, රූ සපුව ආදී මෙකී නොකී සියලු දේ ඇතත් දෙදෙනා නුරුස්සා දෙකඩ වීමට හේතු හොයන සමාජයක මේ ආදර අන්දරය පෙන්වන්නේ සමාජයේ හිස් බවද? පුස් බවද? නැතහොත් ප්‍රේමයේ අරුත නොදන්නා සමාජයක් බිහි වී ඇති බවද? ඔබ තීරණය කරන්න...

ඒ 2004 වසරේ මට වයස අවුරුදු 17ක් සපිරී තිබුනා. මගේ පන්ති කාමරය පසු කරමින් ගිය ඇගෙන් නෙත් අහකට ගන්නට මට හැකි වුයේ නැහැ. කාලය ගෙවෙත්ම අපි හොඳ මිතුරන් බවට පත් වී තිබුනා. එනමුත් ඇය වෙනත් කෙනෙක් සමඟ දකින එක විට මගේ හිතට කම්පනයක් ඇති වුනේ ඇයි කියන්නට මට හැකි වුනේ නැහැ. ඇයට නොතේරුණත් ඇය හා කතාබහ කිරීම මා නැවැත්වුවා. විභාගය අවසන් වූ විට මා සමඟ කතා කරන්නට ඕනෑ යයි කියා ඇය මට පණිවුඩ ඒවා තිබුනත් මම ආයාසයෙන් ඇය හා කතා කරන්න ගියේ නෑ.

පසුව මම විශ්ව විද්‍යාලයට ගියත් ඇය වන් තව කෙනෙක් නම් යළි හමු වූයේ නැහැ. ඇයත් වැඩිදුර අධ්‍යාපනයට බැන්ගලෝ නගරයට ගියා. 2007 වසරේ මගේ උපන් දින දා මට සුභ පැතීමට දුරකථන ඇමතුමක් ආවා. ඒ කතා කරපු කෙනා සුනීතා කියා එහා කෙලවරින් කියද්දී මගේ පපුව ගැහෙන්නට ගත්තේ මා 17වංඅ වියේදී ඇය දුටු විට ඇති වූ හද ගැස්මට සමාන වේගයකිනි.  මෙම ඇමතුම විනාඩි 2ක පමණ කෙටි එකක් වුවත් මට දැනුනේ එය කාලාන්තරයක් දිග ඇමතුමක් ලෙසිනි. කෙසේ නමුත් අපගේ කාර්යබහුල ජීවිතත් සමඟ අප එකිනෙකාට කතා කරන්නට ලැබුනේ කලාතුරකිනි.

2011 නොවැම්බර් මාසයේ මට සුනීතාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ මිතුරියකගෙන් හදිසි ඇමතුමක් ලැබුනි. ඇය කියා සිටියේ සුනීතා හදිසි අනතුරකට මුහුණ දුන් බවයි. ඒ වෙද්දි හිටියේ ඇය සිටියේ කොයිම්බතුර් වලයි.

එක්වරම ඇය හමුවී යාමට සුදුසු නැති බව හැඟුණු නිසා මා දින දෙක තුනකට පසු ඇයට ඇමතුමක් ගතිමි. දුරකථනයට ඇය පිළිතුරු දුන්නත් මට ඒ කටහඬ අඳුනගන්න බැරි විනි. ඇය බලන්නට යාමට මා තීරණය කලේ ඉන්පසුවයි. ඈ දුටු මට එක් වරම අඵහාගන්නට බැරි වුනා. මා දුටුවේ හිසකෙස් නැති, විකෘති වූ මුහුණක් සහිත, නාසයක් නැතිව, කට සහ දත් බිඳී 90 හැවිරිදි මහලු කාන්තවක් ලෙස ඇවිදින කෙනෙක්වයි.

මා අදහාගන්නට නොහැකිව බිම ඇද වැටුනා. ඇයට මා ආදරේ කරන බව මා තේරුම් ගත්තා. එදින රෑ මා ඇයට කෙටි පණිවුඩයක් යැව්වා. “ඔයාව බලාගන්න පුළුවන් එකම පුද්ගලයා මම. මම ඔයාට ආදරෙයි. අපි විවාහ වෙමු.” කියා. මා අනික් අතට ඇයට දුරකථන ඇමතුමක් ගෙන යළි මාගේ යෝජනාව ඉදිරිපත් කළා.

ඇය එම යෝජනාවට හිනහ වුණා. ඒත් මගේ යෝජනාවට ඇය බැහැ කිව්වේ නැහැ.

මෙය දැනගත් සැනින් මගේ මව කම්පනයට පත් වුවත් මගේ තාත්තා මෙහිදී මා පිටුපසින් සිටියා. අවසානයේදී මගේ දෙමව්පියන් මාත් එක්ක හැමදේටම හිටියා.

2012 වසරේ ජනවාරි මාසයේ සිටම ඇගේ සියලුම ශල්‍යකර්ම මුහුණ දෙද්දී මා ඇය ළඟින් හිටියා. ඇය දැඩි සත්කාර ඒකකයට (ICU) ඇතුල් කිරීමෙන් අනතුරුව කෙමෙන් සිහිය එන විට ඇගේ මුව දෙස මා නෙත් යොමා සිටියේ මහත් ආදරෙන්.

අපි දෙදෙනා එක්ව ගත කරන අනාගතය ගැන  බොහෝ දේවල් සැලසුම් කළා. එකට එක් වී ගත කරන ජීවිතය ගැන බොහෝ දේවල් අප අත්දැකීමෙන්ම අවබෝධ කරගත්තා. අප ජිවිතයේ කම්කටොලු ආවත් ඒවාට සාර්ථකව මුහුණ දෙමින් ජිවින ගමනේ ඉදිරියට ආවා.ඇය වෙනුවෙන් මාත් බැන්ගලෝ නගරයට මාරු වුවත් එය මාගේ ආත්ම විශ්වාසය තවත් තීව්ර කළා.

2014 වසරේ ජනවාරි 26 වෙනිදා මම පාන්දර 1 ට බැංගලෝරයට ලඟා වුණේ බොහෝ තෙහෙට්ටුවකින්. එහි ආ මා දුටු දෙයින් මා මවිත වුනා. රෝස මල් තුනක් අතැතිව ඈ මට විවාහ යෝජනාවක් ඉදිරිපත් කලා. එදිනම අපි  විවාහ ගිවිසගත්තා. එතැන් සිට අපි අපේ විවාහයට සූදානම් වුණා.

අප ඉකමනින් විවාහ වීමට තීරණය කලද අප ජීවිත වල බොහෝ ප්‍රශ්න තිබුණා.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/09/article 94 Md.png ප්‍රේමය ගැන කව් ගී ලියැවිලා ඇත, එනමුත් එය හඳුනාගත් කෙනෙක් නැත

ආර්ථික දුෂ්කරතා ඉන් මුල් තැනක් ගත්තා. අපේ විවාහය සිදුවන දවස උදේ පාන්දර මම කොට කලිසමක් පිටින් විවාහය සිදු කරන ශාලාව අතුගාමින් සිටියේ.
බොහෝ පිරිසක් අපගේ විවාහය සිදුවනවාට කැමැත්තක් දැක්වුයේ නැහැ. තවත් සමහරෙක් කීවේ කසාද බැන්දට කමක් නැහැ දරුවන් හදාගන්න එපා කියලා.
මොකද ඇයගේ මුහුණේ හැඩරුව ළමයින්ටත් පැමිණෙයි කියලා.

අදටත් මිනිස්සු ඇය දෙස බලන්නේ අනුකම්පාවෙන්. මා දෙස බලන්නේ ඇය විවාහ කර ගැනීමෙන් මා විශාල දෙයක් කැප කළා යැයි සිතමින්.

සත්‍යය නම් මා ජිවිතයේ මා පැතූ ආදරවන්තිය විවාහ කරගන්නට මට හැකි වුනා. මගේ ජීවිතය තිබුනාටත් වඩා හොඳ විදිහට වෙනස් වුණා.

අද අපිට ලස්සන දරුවන් දෙදෙනෙක් ඉන්නවා. අද අපි ජීවිතේ ගෙවන්නේ එයාල එක්ක.

ආදරය කියන්නේ මුහුනේ අලංකාරය හෝ භාහිර සුන්දරත්වය නොවේ. එය ආත්මීය බැඳීමක්. මට මගේ තීරණය ගැන සතුටුයි. ඉදිරියේදී මම ඇයට තවත් ආදරය කරන බවත් ඒ ආදරයේ අඩුවක් නොවන බවත් මම දන්නවා.

මුලාශ්‍රය ඔවුන්ගේ BeingYou  ෆේස්බුක් පිටුවෙන්.