theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පාසල් ප්‍රවාහන සේවා රථයක දරුවා යනවා නම් මේ ගැනත් හිතන්න.

3 අවම කියවීම
පාසල් ප්‍රවාහන සේවා රථයක දරුවා  යනවා නම් මේ ගැනත් හිතන්න.පාසල් ප්‍රවාහන සේවා රථයක දරුවා  යනවා නම් මේ ගැනත් හිතන්න.

පොදු ප්‍රවාහන සේවයන් වල ඇති අනාරක්ෂිත බව හා අධික කලබලකාරී ස්වභාවය ගැන දෙමාපියන්ට ඇති චකිතය නිසා ඔවුන් ඊට නව පහසු ආරක්‍ෂිත පියවරක් ලෙස පෞද්ගලික ප්‍රවාහන සේවා බස් රථ වලට දරුවන් බාර දෙනවා. ඇත්තටම එය ආරක්ෂිතද?

දෙමාපියන් හැමදෙනාම අද ඉතාම කාර්යබහුල නිසා දරුවන්ගේ කටයුතු කළමනාකරණය කරගන්න ඉතා පරිශ්‍රමයක් දරන්න සිදුවෙලා. විශේෂයෙන් දරුවන්ව ආරක්ෂිතව පාසලට යවන්නත් නැවත නිවසට ඒමත් දෙමාපියන්ට විශාල ගැටළුවක්.

වැඩිපුර දෙමාපියන් රැකියාවට පිටත්ව ගිය පසු නැවත දරුවන් නිවසට රැගෙන යාමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. අනෙක් අතට පොදු ප්‍රවාහන සේවයන් වල ඇති අනාරක්ෂිත බව හා අධික කලබලකාරී ස්වභාවය ගැන දෙමාපියන්ට ඇති චකිතය නිසා ඔවුන් ඊට නව පහසු ආරක්‍ෂිත පියවරක් ලෙස පෞද්ගලික ප්‍රවාහන සේවා බස් රථ වලට දරුවන් බාර දෙනවා.

ඇත්තටම එය ආරක්ෂිතද?

මෙහිදී ඔබ දරුවා ඇතුළත් කරන පාසල් සේවා බස් රථය ගැන ඉතා හොඳින් දැනුවත්ව තිබීම වැදගත්.
දැනුවත් විය යුත්තේ කුමන කාරණා ගැනද?

  • රියදුරු පිළිබඳ තොරතුරු
  • රියදුරු බලපත්‍රය
  • එහි හිමිකරු පිළිබඳ තොරතුරු
  • රියදුරු සමග සහයට යන පුද්ගලයා පිළිබඳ තොරතුරු
  • ඔවුන්ගේ දුරකථන අංක
  • රථය ගමන් කරන මාර්ග
  • තම නිවසට ළඟා වෙන වෙලාව (දළ වශයෙන්)
  • රථය පාසලින් පිටත් වෙන වෙලාව
  • රථය ළමුන් එකතු කරන අනෙකුත් පාසල්
  • එහි යන අනෙකුත් දරුවන්ගේ දෙමාපියන් කිහිප දෙනෙකුගේ හෝ දුරකථන අංක
  • වාහනයේ ප්‍රමිතිය
  • රථය ගාල්කර තබන ස්ථාන
  • පාසල් සේවා රථයක් ලෙස ලියාපදිංචි වී ඇති බව

මේ සෑම සියුම් කාරණාවක්ම ඔබ දැනගත යුත්තේ ඇයි?

වර්තමානයේ බොහෝ අනතුරු පාසල් සේවා රථය තුළදී හා මහමගදී සිදුවීම නිසා දරුවන්ගේ ජීවිත නැතිවූ බොහෝ අවස්ථා අපට අසන්නට ලැබී තිබෙනවා. බොහෝ දුරට රියදුරෙකුට රියදුරු බලපත්‍රයක් තිබුනත් ඊට ඔහුට ඇති නිපුනතාවය ඉන් සනාථ කරන්න බැහැ. ශ්‍රී ලංකාවේ අයතා ලෙස සහතික ලබාගන්නා ක්‍රම ඇති බව සිතීම වැදගත්. මේ නිසා අනාරක්ෂිත රේල් ගේට්ටු අසලින් පාසල් ළමුන් ගෙනයන රථ පැදවූ රියදුරන් ගැන අපි කොතෙකුත් අසා තිබෙනවා. වෑන් අංකල්ගේ නොමනා ලිංගික යෝජනා වගේම අපයෝජනයට ලක්වූ අහිංසක මල් කැකුළු ගැන අපි කොතෙකුත් අසා තිබෙනවා.

නොසැලකිල්ල නිසා පාසල් අවසානයේ දරුවන් නිසි ලෙස වාහනයට රැගෙන නොයෑමෙන් අතරමං වන දරුවන් අපිට ඕනෑතරම් මුණගැසී තිබෙනවා. දරුවන් ප්‍රවාහනයට හා සෞඛ්‍යාරක්ෂිත නොවන වාහන අපි කොතෙකුත් දැක තිබෙනවා. සමහර වාහන වල නුසුදුසු ප්‍රමිතියෙන් යුතු ආසන, මල කෑ උපාංග ආදිය අපේ ඇස ගැටී තිබෙනවා. මේ නිසා දරුවන්ට අනතුරු ඇතිවිය හැකි වගේම දිර්ඝකාලිනව අස්ථි වේදනා ආදිය හටගැනීමට හේතුවිය හැකි වෙනවා. අනෙක් අතට උවමනාවට වඩා ඒ කියන්නේ ප්‍රමාණය ඉක්මවා දරුවන් බඳවා ගැනීමෙන් ඔවුන් ආර්ථික වාසි බලාපොරොත්තු වුනත් ඉන් දරුවන් වෙහෙසටත් පීඩාවටත් පත් වීමෙන් ඔවුන්ගේ පාසල් ගමන ඉතා වෙහෙසකර අත්දැකීමක් බවට පත්වෙනවා. නිසි ලෙස ආසන පහසුකම් නොතිබීම  නිසා දරුවන් අනවශ්‍ය තෙරපුමකටත් වෙහෙසටත් පත්වීමෙන් ඔවුන් තුළ ඇති ජවය ශක්තිය හීන වී යනවා. ඒ නිසා ඔබ කොතරම් කාර්යබහුල වුනත් දරුවා යන පාසල් රථයේ තොරතුරු ගැන නිතර සොයා බලා දැනුවත්ව සිටින්න.

ඔබ විසින් රියදුරු හා හිමිකරු දැනුවත් කර තැබිය යුතු කාරණා

  • ඔබගේ දුරකථන අංක
  • දරුවාට රෝගාබාද ඇත්නම් හෝ වෙනත් අපහසුතා ඇත්නම් ඒ පිළිබඳ දැනුවත් කර තැබීමෙන් හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වීමට පහසු වීම.
  • ඔබගේ සේවා ස්ථානයේ ලිපිනය
  • අසල්වැසි නිවසේ හෝ ඥාති කෙනෙකුගේ ලිපිනය හා දුරකථන අංක
  • දරුවා පාසල් රථයේ යන හා නොයන දවස්
  • දරුවාට පාසලෙන් පසු අමතර ක්‍රියාකාරකම් ඇති දවස්
  • දරුවාව ඔබ විසින් රැගෙන යන අවස්ථාවන්

නිරන්තර අවධානය, විමසිලිමත් බව අපේ දරුවන්ගේ ජීවිත අකාලයේ අනුන්ගේ ගොඳුරු බවට පත්වීම වළකා ගන්න හැකි සුදුසුම මගයි.    

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • පාසල් ප්‍රවාහන සේවා රථයක දරුවා යනවා නම් මේ ගැනත් හිතන්න.
බෙදාගන්න :
  • පාසැල් ප්‍රවාහන සේවයක දරුවා පාසැල් යවනවා නම් මේවා ගැන ඔබ සැලකිලිමත් විය යුතුමයි

    පාසැල් ප්‍රවාහන සේවයක දරුවා පාසැල් යවනවා නම් මේවා ගැන ඔබ සැලකිලිමත් විය යුතුමයි

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • පාසැල් ප්‍රවාහන සේවයක දරුවා පාසැල් යවනවා නම් මේවා ගැන ඔබ සැලකිලිමත් විය යුතුමයි

    පාසැල් ප්‍රවාහන සේවයක දරුවා පාසැල් යවනවා නම් මේවා ගැන ඔබ සැලකිලිමත් විය යුතුමයි

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it