theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මැදිරිගිරිය පාසැලක සිසු සිසුවියන් 41ක් බ්ලේඩ්, කවකටු වලින් තම තමන්ගේ අත් කපාගෙන

4 අවම කියවීම
මැදිරිගිරිය පාසැලක සිසු සිසුවියන් 41ක් බ්ලේඩ්, කවකටු වලින් තම තමන්ගේ අත් කපාගෙනමැදිරිගිරිය පාසැලක සිසු සිසුවියන් 41ක් බ්ලේඩ්, කවකටු වලින් තම තමන්ගේ අත් කපාගෙන

දරුවන් අපචාර වලට යොමු වීම අද විලාසිතාවක් වෙලා. ඔවුන් මේවායින් මුදා ගැනීම අපගේ යුතුකමයි. දරුවන් අපචාර වලින් රැකගත හැක්කේ මෙහෙමයි.

ඔව් ඔබ ඒ දුටුවේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු සත්‍ය තොරතුරක්. ඇඟ කිලිපොලා යන මේ ප්‍රවෘත්තිය වාර්තා වන්නේ ඊයේ ඩේලි මිරර් පුවත්පතින් සහ  citizen.lk වෙබ් අඩවියෙන්.

මේ පුවත නෙත ගැටුණු විට මටත් ඇස් අදහා ගන්න බැරි වුනා. මැදිරිගිරියේ පාසැලක සිසුවියන් හත් දෙනෙකු ඇතුළු සිසුන් 41 දෙනෙක් එදා පාසලට ඇවිත් ඇත්තේ බ්ලේඩ් තල, කවකටු වලින් තම අත් කපාගෙන. මේ දරුවන් 10 වසරේ හා 11 වසරේ ඉගෙනුම ලබනා අය.

මෙම දරුවන් සහ ඔවුන්ගේ අමුතු ගති ලක්ෂණ නෙත ගැටුණු උප විදුහල්පති තුමා වහාම පොලිසියට මේ බව දැනුම් දී තිබෙනවා. මෙම දරුවන් මත් ද්‍රව්‍ය භාවිතා කරන්නට ඇතැයි සැක පහල වුනත් මෙහි සුළ මුලා ගැන තවම වාර්තා නොවුනත් පොලීසිය විසින් මේ ගැන පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

මාපිය අපට මේ පුවත කියවා  දැන්නේනේ දුකක්ද, බියක්ද, කුතුහලයක්ද, කනස්සල්ලක්ද නැතහොත් වෙනත් හැඟීමක්ද යන්න මටත් තේරුම් ගන්නට අමාරුයි, මොකද එක් දරුවෙක් නොව දරුවන් 41ක් මීට යොමු වීමත්, මෙය නගරයේත් නොව පුජනීය ග්‍රාමයක සිදුවීමත් මට ගෙන එන්නේ ත්‍රාසයක්.

නමුත් මෙය සත්‍යයෙන්ම සිදු වූ යථාර්තයක් බව තේරුම් ගෙන, අපගේ දූ දරුවන් පමණක් නොව අප දන්නා කියන අනෙක් දූ දරුවන් පවා අපේම කොට සලකා මෙවන් විනාශකාරී ක්‍රියා වලින් මුදා ගැනීම අතිශයින්ම අත්‍යවශ්‍ය කාරණයක් බව පසක් කොට ඒ ගැන ක්‍රියා කල යුතු බව තේරුම් ගනිමි.

මත්ද්‍රව්‍ය හෝ සමවයස් කණ්ඩායම් සමඟ එක්ව කරන වෙනත් අපචාර හා සමාජ විරෝධී ක්‍රියා වලින් අපගේ නව යොවුන් වියේ දරුවන් ආරක්ෂා කරගන්නේ කෙසේද?

  1. දරුවන් සමඟ මනා සන්නිවේදනය

දරුවන් සමඟ මනා සන්නිවේදනය යනු  ඔවුන් හා නිරන්තරයෙන් කතා  බහ කිරීමත් ඔවුන්ට ඇහුම්කන් දීමත්ය.  දරුවන් 41 දෙනෙක් එක්ව කල මෙම භයානක ක්‍රියාව අද වනතුරුත් සුලමුල හොයා ගත නොහැකි වීමට තරම් සංවිධානගතව සිදු කිරීමට තරම් මෙම දරුවන් 41 දෙනාම කෙතරම් පුවුල් සන්නිවේදනයෙන් දුරස් වී ඇත්ද? දරුවා සමග ඉවසීමෙන් දිනපතා සුහදව කතා බහ කොට  ඔවුන්ගේ යහළු මිත්‍රයන්, දින චර්යාවන් ආදිය ගැන දැනුවත්ව සිටීම ඉතාමත්ම වැදගත්. දරුවන් කුඩා කල සිටම මෙම සන්නිවේදනය පවත්වාගෙන යාඅ වැදගත්. ඔබට සිතුනු විට කතා කරන්නටත්, යළි කාලයක් එසේ දිනපතා කතා බහක නොදීමත් සුදුසු නැත්තේ මෙයින් ඔබ කෙරෙහි විශ්වාසයක් ගොඩ නැගෙන්නේ නොමැති නිසා.

  1. දරුවන් හට පූර්වාදර්ශයක් වීම

ආදර්ශමත් ජිවිත ගත කිරීම ගැන අප නිතර ලියන්නේ ආදර්ශමත් ජීවිතයකින් දරුවාට ලැබේන ආශීර්වාද ගැන සඳහන් කරන්නට වචන නොමැති නිසයි. දරුවා වැඩිමනක් දේවල් උකහා ගන්නේ දෙමාපියන් අනුකරණය කිරීමෙන්. පවුලේ ඔබ එකිනෙකාට සලකන ක්‍රමය, ගෞරව කරන ආකාරය, ඔබේ සාරධර්ම හා අනුන් කෙරෙහි දක්වන ආකල්ප දරුවා නිරතුරු දකින අතර ඒවා ඔවුන්ගේ සිත්හි මුල් බැස ගන්නවා. ඒව අනුව ඔවුන්ගේ ජිවිත  පුරුදු ගොඩනැගෙනවා.

  1. දරුවාගේ ජිවිත අරමුණ හා ඉලක්කය ගැන න්රන්තරයෙන් අවධානය යොමු කිරීම

අද කාලයේ දෙමාපියන් පවා සමාජ රැල්ලකට හසු වී දරුවන්ට කිසිඳු විවේකයක් නොමැතිව දිව යන අධ්‍යාපන ගමනක නොහොත් මැරතන් තරඟයක යෙදී සිටින්නේ ඔවුන් දුවන්නේ කුමක් දෙසද, කුමක් සඳහාද කියාවත් නිනව්වක් නැතිව. දරුවන්ගේ පාසැල් දිවිය අරුත්බර කරන්නට නම් ඔවුන්ගේ ජිවිත අරමුණු සකස් කර ගැනීමට උපකාර කර, දිනපතා ඔවුන්ගේ කුඩා ජයග්‍රහණයන්  අගය කරමින් අරුත්බර ලෙස විවත් වීමට ඔවුන් යොමු කිරීම වැදගත්.

  1. සාරධර්ම සිරිත් විරිත් මෙන්ම කල නොකළ යුතු දෑ ගැන නීති පැනවීම

අද අපචාර වල යෙදී හසු වූ දරුවන් වැඩිමනක් දෙනා බිඳුණු පවුල් පසුබිම් ඇති ඇය බවත් දෙමාපියන්ට අකීකරුව පිටුපාමින් දඩබ්බර කම පෙරදැරි කොටගෙන මේවාට යොමු වන බවත් සොයා ගැනෙනවා. දරුවන් කුඩා කල සිටම කළ නොකළ යුතු දෑ ගැන පැහැදිලි ස්ථාවරයන් නිවස තුළ ස්ථාපිත කිරීම වැදගත්. මාපියන්ට ගෞරව කිරීම, මාපියන්ට පිටු නොපෑම ආදිය කුඩා කල සිටම දරුවන් තුල ලියලන්නට සලස්වන්න දෙමාපියන්ට හැකියාව තියෙන්නේ මෙසේ නිවස තුල කුඩා නීති මාලාවන් පැනවීමෙන්.  

  1. ආගමනුකුල දිවියකට දරුවා යොමු කිරීම

මිනිසා අධ්‍යාපනයෙන් ඉහළ යත්ම ආගම ධර්මය කෙරෙහි ඇති විශ්වාසය හීනි වන්නට ගන්නේ තමන් සියල්ලම දන්නා සෙයක් ආරුඨ කරගන්නට පෙළඹීමෙන්. පවුලක් ඇරඹු මොහොතේ පටන් ආගමනුකුල චාරිත්‍ර ඉටු කරමින්, දාන මාන කරමින් මිනිස් ගුණාංග වලින් පොහොසත් ජීවිතයක් ගත කිරීම ඉත වැදගත්. අද කාලයේ අගම් වලින් පවා අනෙක් ආගම් කෙරෙහි වෛරයක් උපදවන්නටත් අනන්‍යතාවන් ස්ථාපිත කිරීමට වෙර දැරීමත් නිසා ආගමික ස්ථාන වලින් ආගමික දිවිය පෝෂණය කරනවාට වඩා, තම පවුල තුළම එම සබැඳියාව පෝෂණය කිරීම වැදගත්.

නුතන සමාජයේ පවතින අධික පීඩනයන් හා විනාශකාරී දේවල් නිසා දරුවන් යහතින් ලොකු මහත් කිරීම දෙමාපියන් වන අපට විශාල අභියෝගක් වී තිබෙනවා. මෙම විනාශකාරී බලපෑම් සුළු කොට නොතකා, පරිනත හා දුරදර්ශි ලෙස දරුවන් යහ ගුණයෙන් පෝෂණය කිරීමට මෙම ලිපිය ඔබට ඉවහල් වේ යැයි අප විශ්වාස කරනවා.

Photo credit www.Citizen.lk

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දේශීය පුවත්
  • /
  • මැදිරිගිරිය පාසැලක සිසු සිසුවියන් 41ක් බ්ලේඩ්, කවකටු වලින් තම තමන්ගේ අත් කපාගෙන
බෙදාගන්න :
  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

    අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

  • එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී

    එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී

  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

    අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

  • එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී

    එමීර් රාජ්‍යයේ විසූ ලාංකික පවුලක තිදෙනෙක් ණය බර නිසා දිවි නසා ගනී

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it