පාසැල් බෑගයත් සිදුරු කර එළියට ආ පැන්සල් තුඩක් ඇනී දරුවෙක් භයානක ලෙස තුවාල වෙයි.

lead image

පාසැල් අනතුරු: බලාගෙනයි, පැන්සල් තුඩකට මාරාන්තික තුවාල සිදුවෙන්න පුළුවන්...

පාසැල් යන දරුවන්ගේ මව්වරුනි, පියවරුනි, ඔබේ කුඩා දරුවන්ගේ පාසැල් බෑගයේ ආරක්ෂිත ඉඟි ගැන ඔබ බොහෝ විට සොයා බැලු  විට සුවපහසු  මෝස්තර, ඉරියව්  පිළිබඳ හොඳ තොරතුරු ලැබෙන්න ඇත. නමුත් ඔබ පාසැල වෙත ගෙන යන පැන්සල් වැනි  දේ වලින් සිදුවෙන  භයානක දේ ගැන  සිතුවාද? ෆ්ලොරිඩාවේ එක් කුඩා පිරිමි ළමයෙක් එහි අසීරුතාවය අත් විදින ලදී.

පාසැල් යන දරුවන්ගේ මව්වරුනි, පියවරුනි ,ඔබේ කුඩා දරුවන්ගේ පාසැල් බෑගයේ ආරක්ෂිත ඉඟි  ගැන ඔබ බොහෝ විට සොයා බැලු  විට  සුවපහසු  මෝස්තර , ඉරියව්  පිළිබඳ හොඳ තොරතුරු ලැබෙන්න ඇත. නමුත් ඔබ පාසැල වෙත ගෙන යන  පැන්සල් වැනි  දේ වලින් සිදුවෙන  භයානක දේ සිතුවාද? ෆ්ලොරිඩාවේ එක් කුඩා පිරිමි ළමයෙක් එහි අසීරුතාවය අත් විදින ලදී. තියුණු තුඩක් සහිත පැන්සලක් නිසා ඔහු මරණය අභියසටම ගියේය.

මෙම අනතුරු සිදුවෙන විට වයස අවුරුදු අටක් වූ කොල්ස්ටන් මෝදිගේ අතකට ඔහුගේ පාසැල් බෑගය තදවී ඉන් එළියට ආ තියුණු පැන්සලකින් අත සිදුරු වු අතර ඔහුගේ ධමනියක්ද තුවාල විය.

මෙම සිදුවීමෙන් පසු ABC News සමග සම්මුඛ සාකච්ඡාවකදී කොල්ටන් මෙසේ පැහැදිලි කලා. "මම එය මගේ බෑග් එකේ දමා ගෙන තිබුනා , අපි ඉවත් කිරීමේ කාමරයට ගිහින් වාඩි වෙද්දී එය මගේ ධමනියේ ඇනුනා."

කාමරයේ සිටි ගුරුවරුන්ගේ අවධානයට මෝදිගේ ලේ වහනය ලක් වුවෙන් ඉක්මනින් ඔවුන් ක්‍රියාත්මක වී වෛද්‍යවරුන් එනතුරු තුවාලයට පීඩනයක් ලබා දෙන ලදී.

එය එලියට පැමිණියෙන් ඔවුන්ගේ ඉක්මන් ක්‍රියාවෙන් කුඩා දරුවාගේ ජීවිත බේරුනි. වෛද්‍යවරයා පැවසුවේ, පැන්සල ධමනියක් සිදුරු කර  ඇති බැවින්  ඔවුන් ලේ ගැලීම නතර කළ නොකලේ නම් ඔහු මිය යන්නට ඉඩ තිබු බවයි.

පුදුමයට මෙන් කොල්ස්ටන් පසු දින උදෑසන නැවත පාසැල් පැමිණියේය.

පාසැල් අනතුරු: පාසැල් බෑග් සදහා ආරක්ෂිත ඉඟි

මව්වරුනි, මේ ආකාරයේ කතන්දර කොතරම්  භයංකාර දැයි අපි දන්නවා. ඔබට මෙම   අහඹු  හා අපේක්ෂා කල නොහැකි අනතුරු වලින් ඔබේ පුංචි  පැටියා  ආරක්ෂා කළ හැක්කේ කෙසේද?

මෙන්න ඔබේ පුංචි දරුවා පාසැලට යවන විට මතක තබා ගැනීම සඳහා  ආරක්ෂණ ඉඟි කිහිපයක්:

1. පැන්සල් පෙට්ටි පාසැල් බෑග්  සදහා තීරණාත්මක  ආරක්ෂිත ඉඟියක්

පැන්සලේ තියුණු බව කොල්ස්ටන් මොදී අසීරූ ක්‍රමයකින් ඉගෙන ගත්  අතර   ඔහු තම පැන්සල්, පැන්සල් පෙට්ටියක තබා තිබුනේ නම්, එයට බෑග් එක සිදුරු කර  පිටතට  පැමිණීම සිදු නොවන්නට  තිබුනා.

පෑන් සහ අඩිකෝදු  වැනි වෙනත් පාසැල් උපකරණ  පවා ඒවා බෑගය පුරා දමා තිබීමෙන්  තදබල සීරිම්  ඇතිවිය  හැක. ඒවා පැන්සල් පෙට්ටියක්  තුළ ඇති විට  වඩා සුරක්ෂිත වෙනවා මෙන්ම සොයා ගැනීමට පහසු වේ.

2. සුවපහසු  පාසැල් බෑග්  එකක් ගන්න.

ඇත්ත වශයෙන්ම, මෙම  පාසැල්  බෑග් සුරතල් මෙන්ම සුන්දර වෙන නමුත්  ඔබ ඔබේ දරුවාට ලබා දිය යුත්තේ සැමදාම පාසැලේ ගෙන යා හැකි සුවපහසු එකකි.

ගැලපෙන  පාසැල් බෑග් වල උරහිස් පටි සහ පිටුපස පැඩින් කර තිබිය  යුතුය. සෑම විටම ඔබේ  දරුවන්ට  බෑගයේ උරහිස් පටි  දෙකම පැලදීමට   සිහිගන්වන්න. එවිට  බර සමාන්තරව බෙදී යයි.

3. ඔවුන්ගේ බෑග් වල පමණ ඉක්මවා බර පටවන්න  ඉඩ දෙන්න එපා.

බරින් වැඩි පාසැල් බෑග් ඔබේ දරුවාගේ පුංචි උරහිස් හා පිටුපස   මත   වැඩි පීඩනයක් ඇති කරයි. සාමාන්‍ය  රීතියක් ලෙස ඔබේ දරුවාගේ  පාසැල්  බෑග් එකේ බර සිරුරේ බරෙන් 15% කට වඩා බරක් නොතිබිය යුතුය.

ඔබේ කුඩා දරුවා  ඔහුගේ  බෑග් එක අපහසුවෙන් ගෙන  බව ඔබ දකිනවා නම් ඔවුන් රැගෙන යන දේවල් හොදින් පරීක්ෂා කර බලන්න. සෑම දෙයක්ම අත්‍යාවශ්‍ය දැයි සොයා බලන්න.

ඔබේ දරුවාගේ පාසැල් බෑගයේ වුවද අනතුරු සැග වී තිබෙන්න පුළුවන්. ඒ ගැන විමසිලිමත් වෙන ලෙස මේ ආදරණීය මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී