කුසේ ඉන්න පුංචි පැටියාගේ පා පහරින් මරණය පෙනී පෙනී ජීවත් වුනු අම්මා

ගැබිනි සමයේදී ගර්භාෂයේ බිත්තිය පිපිරි යා හැකිද?

ගර්භනී සමයේ ගර්භාෂයේ බිත්තිය  කැඩී යාම:

දරුවා දැඩි ප්‍රහාරයක්  එල්ල කල අතර, ඒ මගින්  ගර්භාෂයේ බිත්තිය  ඉරී ගොස් අම්මාත් බබාත්  මරණය පෙනී පෙනී ජීවිතය ලැබුවෝය.

ගැබිනි මව මරණයට ඉතා ආසන්න වු අතර, ඒ ඇගේ දරුවාගේ ප්‍රහාරයක්  නිසාය.

මෙම සිද්ධිය චීනයේ  සිදු වූ අතර සන් විසින් කරන   වාර්තාව අනුව, දරුවා දැඩි ප්‍රහාරයක්  එල්ල කල අතර, ඒ මගින්  ගර්භාෂයේ බිත්තිය  ඉරී ගොස් අම්මාත් බබාත්  මරණය පෙනී පෙනී ජීවිතය ලැබුවෝය.

ළදරුවාගේ ප්‍රහාරයෙන් මරණය පෙනී පෙනී

ඔක්තෝබර් 2 වෙනිදා, සති 35 ක ගර්භණියක් වු ෂැංග්ට දැඩි  උදරයේ වේදනාවක්  ඇති විය.  මුලින් ඇය සිතුවේ එය සාමාන්‍ය  උදරාබාධයක්   බවයි. නමුත් එය දරුණු අතට හැරීමට පටන්ගත් විට, ඇයට දහඩිය දැමීම පටන් ගත් අතර, ඇය උපකාර  ඉල්ලා සිටීමට තීරණය කලාය.

ඇය චීනයේ පේකින් යුනිවර්සිටි ෂෙන්හෙන් රෝහලේ හදිසි ප්‍රතිකාර  අංශයට ඇතුල් වු අතර වෛද්‍යවරුන් ඇයගේ රුධිර පීඩනයේ, ස්පන්දනයේ හා ශ්වසනයේ   ගැටළු  ඇති බව හඳුනා ගන්නා ලදී.

ගර්භාෂය බිත්තිය ඉරී ඇති බවට ඔවුන් සැක කළ නිසා ඔවුන එය් තහවුරු කර ගැනීම සඳහා අල්ට්‍රා  සවුන්ඩ් එකක් කිරීමට තීරණය කළහ. ඔවුන් සොයාගත් දෙයින් ඔවුන් කම්පනයට  පත් විය.

බිළින්දාගේ කකුලක්  ගර්භාෂ බිත්තිය ඉරා ගෙන මවගේ උදර කුහරය  තුලට පැමිණ තිබු අතර,  ඇයගේ කලවා  ප්‍රදේශයේ  සිර වී තිබිණි.

වෛද්‍යවරුන්ට ඉක්මනින්ම  ක්‍රියා කිරීමට සිදු විය. ඒ පුංචි  ප්‍රමාදයකින්   මවගේ අභ්‍යන්තර  ලේ වහනය සිදුවීමට  හා මාරාන්තික විය හැකි කම්පන තත්ත්වයකට පත්විය හැකි බැවිනි. පුපුරා ගිය ගර්භාෂ බිත්තිය නිසා ජීවිතයට තර්ජනාත්මක ආසාදනයක් වැලඳීමේ අවදානමක් දරුවා කෙරෙහිද විය.

මිනිත්තු 5 ක් ඇතුලත දී මව ශල්‍යාගාරය තුලට  ගෙන යන ලදී. මළදරු  උපතක් සිදු වේ යැයි   වෛද්‍යවරුන්  භීතියට පත්ව සිටි අතර, හදිසි සීසෙරියන් සැත්කමක්  කරමින් විනාඩි 10 ක් ඇතුළත පුංචි ළදැරියකට උපත ලබා දෙන ලදී.

ඔවුන් මවගේ උදරයේ  රුධිරය සහ ඇගේ ගර්භයේ බිත්ති තුල  සෙ.මී.7 වු ඉරි යෑමක් සොයා ගන්නා ලදී.

අම්මා සහ දරුවා යන දෙදෙනාම මේ වනවිට හොද සුවයෙන්   සිටිනවා.

ගර්භනී සමයේ ගර්භාෂ බිත්තිය කැඩී යාම

ෂැංගේ ගර්භණීයේ එවැනි සංකූලතාවයක් හටගත්ත හේතුව වෛද්‍යවරුන්  විසින් සොයා ගෙන ඇත.

2016 වර්ෂයේ දී ෂැංගේ ගර්භාෂයේ  ෆයිබ්රොයිඩ ඉවත් කිරීමට ශල්‍යකර්මයක්  සිදු කර  ඇත. මෙම සැත්කම නිසා ගර්භාෂයේ කැළලක් ඇති වූ අතර ඇගේ ගර්භාෂ බිත්තියේ දුර්වල ස්ථානයක් ඉතිරිව තිබිණි.මෙය ගර්භණිත්වයේදී ඇගේ ගර්භාෂය පිපිරීමට හේතු විය.

ගර්භාෂය කැඩී යාම සාමාන්‍යයෙන්  සිදුවන්නේ, දරු ප්‍රසුතිය සිදුවන විට ගර්භාෂ බිත්තියේ  දුර්වල ස්ථානයක් මත ඇතිවන පීඩනය නිසාය.

ගර්භණී සමයේදී ගර්භාෂය ඉරි යෑම ඉතා දුර්ලභ සංකූලතාවයක් වන නමුත් ඒ මගින්  ජීවිත තර්ජනයක් ඇති විය හැකිය.

ගර්භණී සමයේදී ගර්භාෂය කැඩී යාමේ අවදානමක් තිබෙන්නේ කාටද?

පෙර සීසේරියන් සැත්කම් කල මව්වරුන්ට

සිසේරියන් සැත්කමකින් පසු යෝනී මාර්ග ප්‍රසුතියකට  යොමු වෙන මව්වරුන්ට  විශාල අවදානමක් ඇත.

ෆයිබ්රොයිඩ් ඉවත් කිරීමට හෝ   ගර්භාෂයේ  විකෘතිතා ඉවත් කිරීමට ශල්‍යකර්ම  සිදු කර ඇති  මව්වරුන්ට

වැදෑමහේ අසාමාන්‍යතා හා අසාමාන්‍ය පිහිටීම් ඇති මව්වරුන්ට

මෝටර් රථ අනතුරු වැනි අනතුරකින් ගර්භාෂය තුවාල වු මව්වරුන්ට

දරුවා විශාල වීම නිසා දිගු කාලීන ප්‍රසුතියකට මුහුණ දුන් මව්වරුන්ට

දරුවන් පහක් හෝ ඊට වැඩි මව්වරුන්ට

ගර්භනී සමයේ ගර්භාෂය කැඩී යෑමේ ලක්ෂණ

යම්කිසි බරපතල තත්වයක   පෙරනිමිති  පහත දැක්වේ.

අසාමාන්‍ය උදර වේදනාවක් ඇති වේ. එය බොහෝවිට ඉරාදමන්නා සේ වේ

දරුවාගේ අසාමාන්‍ය හෘද ස්පන්දනය  එමනිසා, සිසේරියන්  සැත්කමකින් පසු යාේනි මාර්ග උපතක් සිදු කිරීමට උත්සාහ කරන මවකගේ භ්‍රෑණය අඛණ්ඩ  නිරීක්ෂණය කිරීම අවශ්‍ය  වේ.

  • යෝනී මාර්ගයෙන් ලේ ගැලීම
  • නැවත  නැවත  ස්පන්දන ඇතිවීම  හා කම්පන වල වෙනත් සලකුණු
  • පපුවේ වේදනාවක් ඇතිවිය හැක.
  • දරු ප්‍රසුතියේ අඩුවීම හෝ නතර වීම

එයට ප්‍රතිකාර  කරන්නේ කෙසේද?

පළමුව, ගර්භනී සමයේ ගර්භාෂය කැඩී යාමේ අවදානමක් ඇති මව්වරුන් උපත ලබා දීම සහ ඔවුන්ට ඇති විය හැකි විවිධාකාර අවදානම් සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයා සමග සාකච්ඡා කළ යුතුය.

ගර්භනී සමයේ ගර්භාෂය කැඩී ගිය අවස්ථාවකදී ,

දරුවා හදිසි සීසේරියන් සැත්කමකින් ලබා ගනී.

මවගේ ගර්භාෂයට ඇති හානිය පුළුල් නම්  රුධිරය වහනය  පාලනය කළ නොහැකි නම්  ඇයගේ  ගර්භාෂයේ  සියළු කොටස් ඉවත් කරන ශල්‍යකර්මයක්  සිදු කල යුතු වේ. එසේ නැතිනම්  ඇයගේ ගර්භාෂය අලුත්වැඩියා කරනු ලැබේ.

මව ගෙන්  රුධිරය බොහෝ ප්‍රමාණයක් වහනය  වුවහොත් රුධිර පාරවිලයනයක් කිරීම  අවශ්‍ය  වේ. ඇයට සාමාන්‍යයෙන්  ආසාදිත රෝග වළක්වා ගැනීම සඳහා IV ප්‍රතිජීවක  ඖෂධ ලබා දෙනු ලබයි .

ගර්භාෂයේ  සියළු කොටස් ඉවත් කරන ශල්‍යකර්මයක්  සිදු කර නොමැති නම්, ඇය බොහෝ රුධිරය අහිමි වී  ඉතා දුර්වල විය හැකිය. එබැවින් ශල්‍යකර්මයෙන් පසුව ඇයට අතිරේක විවේකයක් ලබා දී  සැලකිල්ලක් දැක්විය යුතු අතර, පෝෂ්‍යදායී ආහාර වැඩි ප්‍රමාණයක්  ලබා දී , දියර   වර්ග බොන්න දෙන්න. ඇය  ක්ෂණිකව ශාරීරික ක්‍රියාකාරකම්  වල නිරත නොවිය  යුතු ය.

 

පුංචි පැටියාගේ පුංචි තට්ටුවකට මේ තරම් දෙයක් කරන්න පුලුවන්ද? එවැනි අවස්ථාවක් සදහා මුහුණ දීමට වුවහොත් වැදගත් වන මේ තොරතුරු ඔබ වෙත ආදරයෙන් තිළිණ කරන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී