ඔබේ පැටියා ඔබට ආදරය පෙන්වන ක්‍රම 7ක් මෙන්න

ඔබේ පැටියා ඔබට ආදරය පෙන්වන ක්‍රම 7ක් මෙන්න

ඔබේ පුංචි පැටියා කරන මේ පුංචි පුංචි දේවල් තුලින් ඔහුට ඔබ කොතරම් වටිනවාදැයි ඔබට දැනගන්න පුලුවන්.

පැටියාට වචනයෙන් නම් ඔබට ඇති ආදරය කියන්න බෑ තමයි. ඒත් ඔහු කරන පුංචි පුංචි දේවල් තුලින් ඔහු තුල ඔබට ඇති ආදරය පෙන්නාවි. බබා ආදරය පෙන්වන ක්‍රම ගැන ඔබට අවබෝධ වෙලා තියෙනවද? ඔන්න අවධානයෙන් බලා සිටින්න.

බබා ආදරය පෙන්වන ක්‍රම කිහිපයක් බලමු
1. වැඩියෙන්ම කැමති ඔබටයි බබා ආදරය පෙන්වන ක්‍රම

ද ෆිලෝසෝෆිකල් බේබි පොතේ කතෘ පශ්චාත් උපාධි ලාභි ඇල්සන් ගොප්නික්ට අනුව, සති කිහිපයක් ඇතුලත දරුවන්ට තමාගේ රැකබලාගන්නා හදුනාගත හැකි  අතර ඇයට අන් සියල්ලන් අභිබවා කැමැත්ත දක්වනවා.

ඔබ ඔබේ දරුවාගේ ප්‍රතිචාර හා අවශ්‍යතා සදහා අවධානය යොමු කරන තරමට දරුවා ඔබ මත රැදිය යුතු බව ඉගෙන ගනියි.

2. ඔබ දෙස බලා සිටිනවා

ද බම්ප් (The Bump) ට අනුව, ඔබේ දරුවා ඔබේ දෑස් දෙස ඍජුවම බලනවා නම් ඒ ඔහු ඔබව තේරුම් ගන්න  උත්සහ දරන බවට සලකුණක් වෙනවා.

පෙනීම එතරම් වර්ධනය වී නොමැති  නමුත් අලුත උපන් දරුවන්  පවා තමන්ගේ රැකබලා ගන්නාගේ මුහුණ දෙස බලන්න උත්සහ කරනවා.

ඔබේ මුහුණේ ඉරියව් අනුකරණය කිරීමට පවා ඔබේ දරුවාට හැකි අතර ඒ මගින් ඔවුන්ට ඔබේ සමීපතාවය දැනෙනවා.

3. ඔවුන් ඔබේ ලගට එනවා

ඔබ ඇතුලු ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් දරුවන් ඔබ ලගට එනවා.

රොම්පර්ට අනුව, දෙයකට ලගා වීමෙන් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුවෙන බව දරුවන් තේරුම් ගත්විට ඔවුන් නියැතින්ම ඔබ වෙතට එනවා.

4. ඔවුන් ඔබට කථා කරනවා 

බේබි සෙන්ටර්ට අනුව, ඔබේ පැටියා පුංචි පුංචි ශබ්ද එක්ක ඔබත් එක්ක කථා කරන්න උත්සහ කරනවා.

ඒ වගේ වෙලාවට පැටියාට ප්‍රතිචාර දක්වන්න. මොනවාද කියන්නේ කියන එක දරුවාටයි ඔබටයි දෙන්නටම ටිකක් තේරුම් ගන්න අපහසු වෙන්න පුලුවන්.

ඒත් ඔබට නිවැරදිව සම්බන්ධතාවය පවත්වා ගන්න පුලුවන්.

5. ඔබේ කට හඩ ඇසුනු විට හිස ඔසවා බලනවා :බබා ආදරය පෙන්වන ක්‍රම

කුස තුල සිටින පැටියාට සති විස්සේ සිට ඇහෙන්න පටන් ගන්නවා. උපත ලැබු ගමන් එයාලාට ඔබගේ කට හඩ හදුනාගන්න පුලුවන් වෙන්නේ අන්න ඒ නිසයි.

පුංචි දරුවන්  නිතර අහලා පුරුදු ශබ්ද වලට කැමතියි. අම්මාගේ හඩට එයාලා හිස ඔසවලා බලන්නේ ඒ නිසයි.

6. ඔබ පිටව යනවට එයාලා අකමැතියි.

පුංචි දරුවන් නාන කාමරයටවත් යන්න දෙන්නේ නැහැ කියලා ගොඩාක් අලුත් අම්මලා කියනවා.ඔබ කාමරයෙන් ඉවත්ව යෑම දරුවාට  පීඩනයක් ඇති කරනවා.

ඔබේ දසුන දරුවාට සැනසීමක් දෙනවා.

ඔබේ දරුවා හඩන එක අහන් ඉන්න ටිකක් අමාරු වුනාට ඒක දරුවාට ඔබේ අවශ්‍යතාවය පෙන්වන සලකුණක් වෙනවා.

.ඔබ කාමරයට ඇතුල් වන විට දරුවා කොතරම් ප්‍රීතියට පත් වෙනවාදැයි අවධානයෙන් බලන්න.

7. එයාලා ඔබේ කැමැත්තට අවධානය යොමු කරනවා :බබා ආදරය පෙන්වන ක්‍රම

පරණ අපිරිසුදු ඇදුමක් හෝ ඔබේ ජංගම දුරකථනය වුනත් ඔබ භාවිතා කරපු දේවල් වලට ඔබේ දරුවා කොතරම් කැමැත්තක් දක්වනවාද කියලා ඔබ කවදාහරි දැකලා තියෙනවාද?

බේබි සෙන්ටර් අනුව මෙම පුරුද්ද ඔබේ දරුවාට මාස දෙකක් වෙන විට පටන් ගන්නවා.

නමුත් මාස 9 ත් 12 ත් අතර එය උග්‍ර වේ. ළමා විශේෂඥ වෛද්‍ය හාර්වේ ක්‍රේප්ට අනුව, ඔබේ දරුවා ඔබ සමග සම්බන්ධව සිටිමින් ඔබේ අවධානය දිනාගත් දේවල් අගය  කරන බවට මෙය සලකුණක් වෙනවා.

පුංචි පැටියාගේ ආදරය අම්මිට හරියට වටිනවා. එයාලාගේ ආදරේ වැඩියෙන්  විදගන්න theAsianparent Sri Lanka ඔබට  ආදරයෙන් ගෙන ආ මේ තොරතුරු වැදගත් වේවි.