ළමාවියේ පැපොල රෝගය ගැන මේ සියල්ල දැන ඉන්න.

lead image

පැපොල ගැන මේ ප්‍රයෝජනවත්  තොරතුරු දැනගන්න.

ළමාවියේ පැපොල් රෝගය අපි සියල්ලන්ම දන්නා අතර සමහර විට අත්විද  තියෙනවා.

ඔබ මෙම රෝගයට ළමාවියේ දී ගොදුරුව තිබුනද ඔබට දරුවන් ඇතිවිට පැපොල වැනි රෝග හා ඉන් ඇතිවිය හැකි බලපෑම් ගැන කනස්සල්ලට පත්වෙනවා.

මෙය මනසේ තබාගෙන, මෙම බහුල  රෝගය පිළිබඳව ඔබට දැන ගත යුතු දේ පිළිබඳව තොරතුරු අපි ඔබ වෙත ගෙන එනවා.

පැපොල රෝගය ගැන කරුණු කිහිපයක් 

  • සාමාන්‍යයෙන්  පැපොල  දින 5-10 පමණ කාලයක් පවතින රෝගයකි.
  • පැපොල  සහිත පුද්ගලයෙකුට බිබිලි 250 සිට 500 දක්වා තිබිය හැකිය.
  • ආසාදිත පුද්ගලයෙකුට බිබිලි  මතුවීමට   දින එකක් හෝ දෙකකට පෙර සිට  ඔහුගෙන් රෝගය  බෝ විය හැක.
  • සමේ ආසාදන නියුමෝනියාව හා මොළයේ හානි මේඑ මගිනි ඇතිවිය  හැකි සංකූලතාවයන් වේ.
  • ශ්‍රීලංකාව තුලද පෙර පාසැල් , ප්‍රාථමික පාසැල් වල දරුවන්ගේ සිට නව යොවුන් දරුවන් දක්වා රෝගය දැකිය හැකිය.
  • පැපොල රෝගයේ කැළැල් උදරය  , පිට හා මුහුණේ බහුල ලෙස දැකිය හැකිය.
  • රෝගාතුර වූ විට සාමාන්‍යයෙන්  පළමු පැය 24 තුළ  රෝගය සඳහා වු ප්‍රති වෛරස් බෙහෙත් වර්ග ලබාගැනීම වඩාත් ඵලදායී වේ
  • එන්නත් ලබාගැනිමෙන් මෙම  රෝගයෙන් ආරක්ෂා විය හැක

පැපොල රෝගය යනු කුමක්ද?

පැපොල යනු  Varicella Zoster Virus  (VZV) ලෙස හැඳින්වෙන හර්පීස් වෛරසය මගින් ඇතිවන රෝගයකි. ඕනෑම කෙනෙකුට පැපොල  රෝගය වැළදිය  හැකිය. කෙසේ වෙතත්, එය දරුවන් අතර වඩාත් බහුල වේ.

කුඩා දරුවන්, වැඩිහිටියන් හා දුර්වල වූ ප්‍රතිශක්තිකරණය පද්ධතියක් සහිත අයට සාමාන්‍යයෙන්  මෙම  රෝගය  බරපතල වෙන්න  පුළුවන්

ගර්භනී කාන්තාවන්ට මේ මගින් දරුණු ගැටළු ඇති විය හැකිය. ගර්භනී කාන්තාවක් පැපොල රෝගයෙන් පෙළෙන්නේ නම් මළ දරු උපත් හෝ උපතේදී ගැටලු ඇති විය හැක.

එමෙන්ම  දරු උපතේ දී දරුවාට රෝගය බෝ  විය හැකිය.

පැපොල රෝගයේ රෝග ලක්ෂණ 

  • බිබිලි ඇති වීමට  දින 1 සිට 2 කට පෙර  උණ,මහන්සිය, ඔළුවේ කැක්කුම හා ආහාර අරුචිය  වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.
  • විශේෂ රෝග ලක්ෂණ ලෙස මෙම බිබිලි කසනසුළු සැරව බිබිලි බවට පත්වේ. මේවා සුරා ඉවත් කල විට කැළල් ඉතිරි වේ.
  • මුඛය, පපුව, සහ පිට දෙසින් බිබිලි  දැමීම ආරම්භ විය හැකිය. එය පසුව මුඛය ඇතුලත , ඇසිපිය හෝ ලිංගික ප්‍රදේශය ඇතුළුව ශරීරයේ ඉතිරි කොටස් දක්වා  පැතිර යා හැකිය. සියලුම සැරව බිබිලි පිපිරි ඉවත් වීමට සතියක් පමණ ගත වේ.

පැපොල බෝවෙන්නේ කෙසේද?

පැපොල යනු දැඩි ලෙස බෝවෙන රෝගයකි. එය කැස්සකින් හෝ කිවිසුම් යාමකින්  වාතය තුල පැතිර යා හැකිය. පැපොල බිබිලි ස්පර්ශය කිරිමෙන් පවා බෝවිය හැකිය.

ආසාදිත පුද්ගලයෙකුට බිබිලි  මතුවීමට   දින 1 සිට 2 කට පෙර සිට සියලුම බිබිලි වියලි සතියක් ගතවෙන තුරු  රෝගය බෝ විය හැකිය.

සාමාන්‍යයෙන්  පැපොල  දින 5-10 පමණ කාලයක් පවතින රෝගයකි. මෙම රෝගය නිසා ඔබේ දරුවාට දින 5 සිට 6 දක්වා පෙර පාසැල් හෝ දිවා සුරකුම් මධ්‍යස්ථානය වෙත යාමට නොහැකි වේවි.

පැපොල රෝගයේ සංකූලතා

මෙම රෝගය බොහෝ අයට හානිකර නොවේ. කෙසේ වෙතත්, ගැටළු  සහිත ප්‍රතිශක්තිකරණ පද්ධති සහිත පුද්ගලයන්ට බරපතල සංකූලතා හෝ මරණය පවා ඇති විය හැකිය.

පැපොල රෝගයේ ඇතිවිය හැකි සංකූලතා 

  • සමේ ආසාදන
  • විජලනය
  • මොළයේ හානි
  • නියුමෝනියා
  • ආතරයිටිස්
  • පැපොල බිබිලි කසනසුළු අතර පිපිරුන විට කැළැල් ඇති විය හැකිය .  18.7% ක් දරුවන්ට පැපොල කැළල් ඇතිවිය හැක. මේවා  බොහෝ විට උදරය, මුහුණ  හා පිටේ දැකිය හැකිය.

පැපොල රෝගය වළක්වා ගැනීම

එන්නත් ලබාදීමෙන් වැළකිය හැක.

පැපොල රෝගය සදහා ප්‍රතිකාර සහ ස්වයං රැකවරණ

රෝගියාට බිබිලි නිසා ඇතිවන කැසීම  සහ අපහසුතාවයන් අවම කර ගැනීම සඳහා ප්‍රතිකාර කරනු ලබනවා.

පැපොල රෝගයේ බරපතලභාවය හා කාලසීමාව අඩු කිරීම සඳහා වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ලබන ප්‍රතිවෛරස් ප්‍රතිකාරද තියෙනවා .

ප්‍රතිවෛරස් පළමු පැය 24 ඇතුලත ගන්නා විට වඩාත් ඵලදායී වේ. කෙසේ වෙතත්, බොහෝ දරුවන් ඒවා  අවශ්‍ය  නොවේ.

පැපොල රෝගය සදහා ස්වයං රැකවරණ  උපදෙස් කිහිපයක් පහත දැක්වේ.

කැළැල් ඇති විය හැකි බැවින් කැසීම  වළක්වා ගන්න.

කැසීම නිසා සුවවීමේ ක්‍රියාවලියට බලපෑම් කළ හැකි අතර, බැක්ටීරියා ආසාදනය සිදුවීමේ  අවදානමද වැඩි කරයි. කැසීම  නිසා සිදුවන හානිය අවම කිරීම සඳහා රාත්‍රි කාලයේදී ඔබේ දරුවාට අත්වැසුම් යොදන්න.  ඔහුගේ අතේ නියපොතු  කෙටි කරන්න.

විශේෂයෙන් දරුවන් සඳහා  කැසීම සමනය  කිරීම සඳහා සිසිල් ජලය ස්නානය කර වන්න. කැල්මයින් දියරය බිබිලි මත ආලේප කිරිමෙන් කැසීම නැති කර ගැනීමට  උදව් විය හැකිය.

 වහාම වෛද්‍ය  උපදෙස් ගන්න අවශ්‍ය අවස්ථා

බිබිලි ඇසක් හෝ ඇස් දෙක මත පැතිරෙයි නම්,

බිබිලි  රතු, උණුසුම් හෝ මෘදු  බවට  පත්, වෙමින් ද්වීතිය බැක්ටීරියා  ආසාදනයක් පෙන්නුම් කරයි නම්

බිබිලි සමග සමතුලිතතාවය නැතිවීම , මානසික ව්‍යාකූලතාව, වේගයෙන් හදවත ස්පන්දනය  , හුස්ම ගැනීමේ ගැටළු, කම්පන, මාංශ පේශි සම්බන්ධීකරණය නැතිවිම ,  දරුණු කැස්ස, වමනය, දැඩි බෙල්ල හෝ අධික උණ.

ළමාවියේ පැපොල රෝගය ඇතිවීම ගැන ඔබට පුලුල් අවබෝධයක් ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී