පැය ගනන් කාලය හා දහස් ගණන් මුදල් ඉතිරි කර ගන්න සුපිරි ක්‍රමයක්

ඔබේ ජංගම දුරකථනය හෝ පරිඝනකය පමණක් භාවිතා කර සුව පහසුවෙන්ම මෙපමණ කාලයක් හා මුදලක් ඉතිරි කර ගන්නට හැකි බව ඔබ හිතන්නවත් නැතිව ඇති.

අද ඔබට කියන්නට යන්නේ ඉතාමත්ම පහසුවෙන් කාලය හා මුදල් යන දෙකම ඉතිරි කර ගත හැකි ක්‍රමයක් ගැනයි.

මෙය කියවන ඔබ බොහෝ දෙනෙක්ට ජංගම දුරකතනයක් හෝ පරිඝනකයක් තියෙනවා නොඅනුමානයි. ඒ වගේම බැංකු ගිණුමක් තිබෙන්නටත් පුළුවන්. එසේ නම් මේ ක්‍රමය සඳහා ඔබට අවශ්‍ය වන්නේ ඔය දෙක පමණයි. මේ රහස කියන්නට කලින් මා මේ කියන ලැයිස්තුව කොලයක ලියා, මේ කර්තව්‍ය සඳහා දල වශයෙන් ඔබට වියදම් වන ගමනාගමන ගාස්තුව එක් තීරුවකත් ඊට වය කරන කාලය තව තීරුවකත් ලියාගන්න.

  1. දුරකථන බිල්පත් ගෙවීම
  2. ජංගම දුරකථන බිල්පත් ගෙවීම
  3. විදුලි බිල් ගෙවීම
  4. ජල ගාස්තු ගෙවීම
  5. පාසැල් ගාස්තු ගෙවීම
  6. ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවීම
  7. ලඟදී දිනෙක කාට හෝ මල් මිටක් තිලිණ කලේ නම් එයට වැය වූ කාලය හා මුදල්
  8. හදිසි තෑගි භාණ්ඩයක් මිල දී ගත්තේ නම්

මේ ලැයිස්තුව ඔබට රිසි සේ මීටත් වඩා කාර්යයන් වලින් ලැයිස්තුගත වේවි මේ කියන්නට යන දේ තේරුම් ගත සැනින්.

ඔබ දෛනිකව ලබා ගන්නා සෑම සේවාවක්ම පාහේ දැන් අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කිරීමට සකසා තිබෙනවා. මා හඳුනන බොහොමයක් දෙනා හුදෙක් පුරුද්ද නිසා පමණක් ඉහත කී දේවල් හා වෙනත් නානාවිධ ගෙවීම් සඳහා ගමන් ගාස්තු දරාගෙන බොහෝ වෙහස මහන්සි වී කාලය මිඩංගු කර මුළු දවසක් හෝ දෙකක්ම බිල් ගෙවීම් සඳහා පමණක් වය කරනවා. ඔබේ බැංකුව හරහා මේ සියලුම ගෙවීම් පමණක් නොව, තව බොහොමයක්ම සේවා ලබා ගන්නා අයුරු දැන ගත්තොත් ඕවට ඔබ ඉන්නා පුටුව මත හිඳන්ම රට පුරා නානාවිධ සේවාවන් පමණක් නොව ලෝකය පුරා සේවාවන්ද ලබා ගන්නට පුළුවන්.

ඔබේ දෛනික මුදල් ගනු දෙනු අන්තර්ජාලය ඔස්සේ සිදු කරන්නේ මෙහෙමයි.

  1. ඔබේ බැංකුවට ගොස් online banking (අන්තර්ජාල බැංකු ගනුදෙනු) සේවාව සඳහා අදාල පත්‍රිකාව පුරවා ඒ ගැන සියළු විස්තර සහිත පත්‍රිකාවක් කියවා හෝ ඔවුන්ගෙන් අසා දැනුවත් වන්න.
  2. ඔබේ දුරකතනයේ හෝ පරිඝනකයේ බැංකුවෙන් ලද උපදෙස් පරිදි අන්තරජාල සේවය අන්තර්ගත කොට ඊට හුරු වන්න. ඇතැම් බැංකු අනෙක් බැංකු වලට වඩා අන්තරජාල සේවාව සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයක් උසුලන්නේ එය පාවිච්චි කිරීමේ පහසුව අලෙලායි. සම්පත් බැංකුව, කොමෂල් බැංකුව, HSBC යනාදී බැංකු විශිෂ්ට අන්තර්ජාලීය ගනුදෙනු සේවාවන් සපයන බැංකු වලින් කිහිපයක්.  මේ ගැන තවත් දැනුවත් වී සුදුසුම බැංකුව තෝරා ගැනීමට ඔබට පුළුවන්.
  3. අනෙකෙකුට ලෙහෙසියෙන් උපකල්පනය කල නොහැකි ශක්තිමත් රහස්‍ය අංකයක් යොදා ගන්න. මෙය සුරක්ය් තැනක ලියා හෝ save කර තබා ගන්න. රහස්‍ය අංක අමතක වුවහොත් අලුත් අංක ලබා ගැනීමේ ක්‍රියාදාමය දීර්ඝ හා කරදරසුලු වන නිසා.
  4. දැන් මේ මාසයේ බිල්පත් ඔබේ අන්තරජාල ගිණුම ඔස්සේ ගෙවන්නට පටන් ගන්න. ඔබ මෙහිදී යම් කාර්මික අපහසුතා වලට මුහුණ දුන්නොත් ඕනෑම විටෙක ඔබේ බැංකුව අමතා ඔවුන්ගේ සහය පතන්න.
  5. බිල් ගෙවීම් පමණක් නොව, ඕනෑම භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමකදී පවා අන්තර්ජාලය ඔස්සේ ඔවුන්ට ගෙවීම් කල හැකිදැයි විමසන්න.

අන්තර්ජාලිය ගනුදෙනු කිරීමෙන් ඇති වන වාසි.

  1. ප්‍රවාහන මහන්සිය, කාලය හා මුදල් වල ලොකු ඉතිරියක් සිදු වනවා.
  2. මුදල් ගනුදෙනු වලට වඩා අන්තරජාල ගනුදෙනු වල ඉතිහාස ගනුදෙනු සියල්ල සටහන් වන නිසා අපගේ වියදම් කළමනාකරණ කිරීමද ඉතා පහසු වනවා.
  3. නිවසේ සිටම නොයෙක් භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීම මෙන්ම සැපයීමත් පහසු වනවා.

මේ ලිපියව කියවූ සැනින්ම අන්තරජාල ගනුදෙනු සඳහා ඔබේ බැංකුව විසින් සපයන සේවාවන් ගැන දැනුවත් වන්න. ඉහත ක්‍රියාදාමය පිළිපැද ඔබට අත් විඳින්නට හැකි වූ මුදල් හා කාලයේ ඉතියේ සතුට ගැන අපටත් ලියා ඒ සතුට බෙදා ගන්න. දැන් ඉතින් මේ පහසුවට හුරු වන ඔබට මෙය නැතුවම බැරි අංගයක් වනවා නිසැකයි. ඉතින් ඔබට අප ඔබ වෙනුවෙන් නිර්මාණය කරන මේ ලිපි  කියවන්න වඩ වඩාත් කාලය ඇති වෙන එක අපට ලොකු සතුටක්.