පෑන් කේක් වලින් හා පැටියෙක් හදමුද?

පෑන් කේක් වලින් හා පැටියෙක් හදමුද?

ලේසියෙන්ම, පහසුවෙන්ම, පෑන් කේක් හා පැටියෙක්

පෑන් කේක් කියන්නේ තේ වෙලාවට අප අතර ජනප්‍රිය අතුරු ආහාරයක්. ඉතාමත්ම කඩිනමින් හදාගත හැකි මේවා හදිසියේ එන අමුත්තන්ට සංග්‍රහ කරන්නටත් කදිමයි. 

පෑන් කේක් රසවත්ව මෙන්ම ගුණවත්ව හදන්නටත් පුළුවන්.

ඒ විතරක් නෙවෙයි ගෙදර ඉන්න පොඩ්ඩන් කන්නට හොර එළවළුවක් එහෙම පොඩි කරල කෙටි ආහාරයක් විධියටත් හදාගන්නට පුළුවන් කෑමක්. 

ම්ගීට්ර අම්තරව කුරක්කන් පිටි යොදාගෙනත් මේවා හදාගන්න පුළුවන්.

ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න හදල බලමුද මේ අපූරු පෑන් කේක් වර්ග. රස කොහොමද කියලා අපිට කියල එවන්න අමතක කරන්න එපා.

පැණි රසට වගේම සේවරි කෑමක්, ඒ කියන්නෙ කෙටි කෑමක් හැටියට මිරිස් පොඩ්ඩක් එහෙම දාල හදාගන්නත් පුළුවන්.

ඒ විතරක් නෙවෙයි මේ අගනා ආහාරය රත්‍රී ආහාරයක් හැටියටත් හදාගන්න පුළුවන්. 

මේ පෑන් කේක් වලට අමුතුම රසක් සහ පෙනුමක් ලබා ගත හැකි අකාරය අපට කියා දෙන්නේ ශ්‍රී ලන්කන් මම්ස් සමුහයේ සාමාජිකාවක්.

මෙහි සාමාජිකයින් අතර ජනප්‍රිය අම්මි කෙනෙක් මෙන්ම එහි ලේඛක කමිටුවේ සමජිකවක්ද වන අනූෂා ජීවනී විසින්ය. 

පෑන් කේක් වලට අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි 120 g

සීනි 30 g

ෆ්‍රෙශ් මිල්ක් 100 ml

දියකරගත් බටර් 30 g

බිත්තර 1

බේකින් පව්ඩර් පොඩි හැඳි 1

සාදන ක්‍රමය

බෝල් එකට බිත්තර දැම්මා කලවම් කරන්න. කිරි,  බටර්, සිනි සහ බේකින් පව්ඩර් එකතු කර කලවම් කර ඊට පිටිත් දමා හොඳින් කලවම් කරන්න.

දැන් මෙම මිශ්‍රණයෙන්ලො ලොකු හැන්දක්කු පුරවා අරන් තාච්චියට දමා පියනකින් වසා විනාඩි දෙකතුනක් ගිය පසු අනෙක්ය පැත්ත හරවා තව විනාඩි දෙකතුනක් තියා හදා ගන්න.

මුල් හැන්ද තාච්චියට දාලා රවුම් වුනාට පස්සේ කන් දෙකට ටික ටික දාන්න එතකොට ඇලිලා හිටිනවා.

චොකලට් දිය කර මෙම පින්තුරයේ මුහුණ ඇඳගෙන ඇති අතර ඔබ කැමති ආකාර වලින් මේ රසවත් පෑන් කේක් ඔප් නංවාගන්නට පුළුවන්.

 

පෑන් කේක් වලින් හා පැටියෙක් හදමුද?

 

ඉතින් මේ රසවත් මෙන්ම අලංකාරවත් රෙසිපි එක වෙනුවෙන් අනුශාට නැවත වරක් අපගේ ආදර ස්තුතිය පුද කරනවා.

ඒ අතර ඇය විසින් නිර්මාණය කල පොඩිත්තන්ට අගනා තවත් නිර්මාණශීලි අහාර රටා සැකසුම් රැසක් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වනවා. 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera