මව්කිරි ලබා දීමෙන් පසු පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්නේ කෙසේද?

ඔබ අද මේ සරල දේවල් ගැන කල්පනා කර තිබේ නම් ඔබගේ පුංචි දරුවාට  මව්කිරි දීමෙන් පසු ඔබේ පියයුරු ආකර්ෂණයව තබා ගැනීම කල නොහැක්කක් නොවේ.  

මව්කිරි දීම යනු ස්වභාව දහමේ දයාදයක්  වුවත්, සමහර මව්වරුන් එය ඔවුන්ගේ පියයුරු වල පෙනුමට බලපාන ආකාරය ගැන කනස්සල්ලට පත්වෙනවා.

මගේ පියයුරු මගේ කුඩා දරුවාට මව්කිරි ලබා දෙන විට තවමත් ශක්තිමත්ව හෝ පෙනුමකින් පවතීද?  යන්න ගැන මව්වරුන් පුදුම වෙනවා වෙන්න පුලුවන්.

පිළිතුර බොහෝ විට එය ආකාරය අනුව වෙනස් වෙන්න පුළුවන් යන්නයි.  නමුත් එක් දෙයක් ස්ථිරයි. පියයුරු  එල්ලා වැටීම වලක්වා ගැනීම සදහා හැකි ඉක්මනින් සුදානම් වීම වඩාත් සුදුසු ය.

පියයුරු යලිත් සකස් කිරීම, හෝ පියයුරු කලින් තිබුන ප්‍රමාණයට හෝ හැඩයට නැවත පැමිණීමට සාමාන්‍ය යෙන් ඔබේ දරුවාට කිරි වැරීමෙන් පසු මාස හයක් වත් ගත වේ.

පියයුරු එහි පෙර පෙනුම නැවතත් පැමිණිම, හැකිලීම හෝ මව්කිරි දීමෙන් පසුව විශාල වීම සිදු විය හැකිය.

මව්කිරි දෙන සියලුම කාන්තාවන්ට පියයුරු  එල්ලා වැටීම ඇති නොවේ. නමුත් සමහර කාන්තාවන්ට දැඩි පියයුරු වෙනස් වීමක් අත් විදියි.  

එමගින් පියයුරු  එල්ලා වැටීම වැනි පෙනුමක් හෝ හැකිළුණු පෙනුමක් ලැබේ. එසේ වන්නේ පියයුරු පටක සංකෝචනය වුවද පියයුරු වටා සමේ ප්‍රමාණය වෙනස් නොවීම නිසයි.

මෙය හරියටම සිදුවන්නේ ඇයි? පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්නේ කෙසේද?

ගර්භණීභාවය පුරාවටම පපුව හා පියයුරු සම්බන්ධ වෙන මස් මාංශ පේශි  ඇදීමට ලක්වෙන අතර දුර්වල වේ. මව්කිරි ලබා දීමට සුදානමක් ලෙස පියයුරු සඳහා සූදානම් කිරීමට ඒවා විශාල වේ.

පියයුරු  එල්ලා වැටීම ඔබේ වයස, ජාන සහ ජීවන රටාව මත රඳා පවතී.

කාන්තාවන් වයසට යත්ම ඔවුන්ගේ සමේ ඇදෙන සුළු බව දුර්වල වේ. පියයුරු ප්‍රමාණය ජාන වලින් උරුම වී ඇති බව විශ්වාස කලත්  දුම් පානයට සමේ සමේ ඇදෙන සුළු බව අඩු කිරීමට හැකිය.

පියයුරු වල ප්‍රමාණයට  ගර්භනී  වු වාර ගණනද බලපායි. ඇත්ත වශයෙන්ම, ඔබට වැඩියෙන්  දරුවන් සිටින විට, ඔබේ පියයුරු හැඩය හා ඍජු බව වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩිය.

ගර්භණිත්වයට පෙර ඔබේ පියයුරු ද මෙයට බලපායි. ඔබගේ පියයුරු ස්වභාවිකවම කුඩා හා යටකොටසින් වටකුරු නම්  විශාල, දිගු පියයුරු මෙන් නොව, ඒ්වාට හැඩය පවත්වාගෙන යාමේ වැඩි අවස්ථාවක් ඇත.

අතිරික්ත බර වැඩි වීමද පියයුරු ඇදී යාමට හේතු විය හැක. මව්කිරි දීම ද එයට හේතු වේ.

ඔබ මව්කිරි දෙන අතරතුර පියයුරු එල්ලා වැටීම වලක්වා ගත හැකිද?

ඒ සදහා එක් මාර්ගයක් වන්නේ මව්කිරි ලබා දෙන අතර තුර පියයුරු වල මාංශ පේශින්ට සහය ලබා දෙන ඒ් සදහා සකස් කල නර්සින් බ්‍රා එකක් පැලදීමයි.

විශේෂයෙන්ම ඔබගේ පියයුරු විශාල වේ නම් ගුරුත්වාකර්ෂණයද හේතුවිය හැකිය. ඕනෑම ඍණාත්මක බලපෑමක් වැළැක්වීම සඳහා, ඔබට මෙම බ්‍රා දවස පුරාම මුළු රාත්‍රිය පුරාම පැළඳිය හැකිය.

එය ඉතා තදින්  අදින්න එපා.

බර වැඩිවීම පාලනය කිරීම හා හදිසි බර අඩු වීමෙන් වළක්වා ගැනීම  මගින් පියයුරු එල්ලා වැටීමේ අවදානම අඩු කර ගැනීමට උපකාර කරනවා.

සත්ව ආහාර අඩුවෙන් අනුභව කිරීමට උත්සාහ කරන්න. ධාන්‍ය , විටමින් බී පොහොසත් ආහාර සහ හරිත එළවලු ඔබේ පියයුරු වල ඇදෙන සුළු මට්ටම පවත්වා ගැනීමට උපකාරී වේ.

ඔබේ සමේ ප්‍රමාණවත් තෙතමනය ඇති බවට වග බලා ගන්න. ඒ් වියළි සමේ ඇදෙන සුළු බව අඩුවෙන නිසයි. ඔබ තෝරා ගත්  භාණ්ඩ කිරිදෙන මව්වරුන්ට සුදුසු බව සහතික වන්න.

ස්නානය කරන විට උණුසුම් හා සීතල ජලයෙන්  මාරුවෙන් මාරුවට ඔබේ පියයුරු සම්බාහනය කරන්න. මෙය සමේ  සංසරණය වැඩි දියුණු කරයි. හැමවිටම සීතල වතුරෙන් අවසන් කරන්න මතක තබා ගන්න.

ඔබ ඔබේ දරුවා ක්‍රමානුකූලව කිරි වරන බවට වග බලා ගන්න.

මෙම මාර්ගෝපදේශ පහෙන් හැරුණු විට, නිරන්තරව සිදු සිදුකර පියයුරු එල්ලා වැටීම වළක්වා ගත හැකි බොහෝ විට නොසලකා හැරෙන ක්‍රම දෙකක් තියෙනවා.

1. පියයුරු  එල්ලා වැටීම වලක්වා ගැනීම සඳහා ඔබේ ඉරියව්ව මනාව පවත්වා ගන්න

මව්කිරි ලබා දිමෙදි ඔබේ ඉරියව්ව ගැන ප්‍රවේශම් වන්න. ගුරුත්වාකර්ෂණයට එරෙහි වන මව්කිරි දෙන ඉරියව්ව අනුගමනය කරන බවට වග බලා ගන්න.

මේ සඳහා නිදසුනක් නම්, ඉහලට වාඩි වී මව්කිරි දීම, බෑවුම් පිහිටීම සහ ආධාරක සඳහා කොට්ටයක් භාවිතා කිරීමය වේ.

2. එල්ලා වැටෙන පියයුරු වලක්වා ගැනීම සඳහා විශේෂ ව්‍යායාම කරන්න

සමහරුන් විශ්වාස කරන දේට පටහැනිව, ව්‍යායාම කිරීම කිරි සැපයුමට බලපාන්නේ නැහැ. ව්‍යායාම මගින් පපුවේ පේශි ශක්තිමත් කර පියයුරු අවිධිමත් වීම  වළක්වාඅ ගත හැකිය.

ඩම්ප්බෙල් (dumbell) අදින්න

ඔබට ඩම්ප්බෙල් අදින්න උත්සාහ කළ හැකිය. බංකුවක් මත දිගා වී කකුල් පොළවට ඍජුව තබාගන්න. ඉන්පසු ඩම්ප්බෙල් අදින්න.

පුෂ් අප්ස් (push ups)

ඔබට සම්පූර්ණ හෝ අර්ධ පුෂ් අප්ස් කරන්න පුළුවන්. නැත්නම්  ඔබේ සිරුරේ ඉහළ කොටස සොලවමින් දණගසන්න  පුළුවන්. ඔබේ දෑත් එකිනෙකා සමඟ සමාන්තරව තබාගන්න. ඔබට හැකි තරම් දුරට ඔබම පහත් වෙන්න නමුත් එය බලෙන් කරන්න එපා. මෙය ඔබගේ  අත් , පිට  සහ මධ්‍යයට සඳහා හොඳ ව්‍යායාමයක් වෙනවා.

පපුව තෙරපීම

ඔබේ ඉහළ ශරීරය සඳහා තවත් ක්‍රමයක් නම් එක් එක් අතෙහි ඩම්බල්ස් තබා ඒවා  පපුව දෙසට හා ඉන් ඉවතට චලනය කිරීමයි.

විශේෂයෙන් ඔබ සීසර් සැත්කමට භාජනය වුවෙක් නම් දරු ප්‍රසුතියෙන් පසු යම් කිසි ආකාරයක ව්‍යායාමයක හෙදීමට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

ඔබේ පියයුරු වල මනා හැඩය රැක ගන්න මේ අත්වැල the Asianparent Sri lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී