පියයුරු පිළිකාවක් සහිත මවක් සිය පුතුට මව්කිරි ලබාදෙන හද සසල කල මොහොත

පියයුරු පිළිකාවක් සහිත මවක්  සිය පුතුට මව්කිරි ලබාදෙන හද සසල කල මොහොත

පියයුරු පිළිකාවක් ඇති මවක් අවසන් වරට තම දරුවාට මව්කිරි දෙන මේ සංවේදී මොහොත පිටුපස කථාව.

පියයුරු පිළිකාව ට ගොදුරු වූ මවක් සිය පුතාට  මව්කිරි දෙන සිය අවසන් මොහොතේ බෙදා ගත් මේ ඡායාරූප  වචන වලට වඩා හදවත ස්පර්ශ කරයි.

මව්වරුන් සඳහා මව්කිරි දීම සුවිශේෂී වේ. එය අපි අපගේ ළදරුවන් සමඟ බෙදා හදා ගන්නා සමීපතම අත්දැකීමක් වේ.

ළදරුවන්ට කිරි වැරීමට පටන් ගන්නා බැවින්  මාතෘත්වයේ මෙම පරිච්ඡේදය ඉතා ඉක්මනින් පැමිණ යයි.

පියයුරු පිළිකාව වැනි අසනීපයක් නිසා මෙම ප්‍රීතිමත්  කාලය ක්ෂණිකව අඩු වීම  වඩාත් වේදනාකාරී වේ.

ඇගේ දරුවාට මව්කිරි දෙන අතර  ඈෂ්ලි කොස්ටිකිටුක් ඇගේ පියයුරේ ගැටයක් තිබෙන බව  සොයාගෙන තිබේ.

2016 වර්ෂයේ ජූනී මාසයේ සිට මෙම මව පියයුරු පිළිකා රෝග තත්වයේ පළමු අදියරේ  සිටින බව සොයා ගෙන  ඇති අතර ඇය පිළිකා ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බව දන්වා ඇත.  

මෙය නව අම්මාට දෙගුණයක හානිකර දෙයක් වූ අතර ඒ අනුව ඇයට ඇයගේ මාස නවයක් වූ පුතුට මව්කිරි දීම අත් හැරීමට සිදුවනු ඇත.

පියයුරු පිළිකාව සඳහා ප්‍රතිකාර

පියයුරු පිළිකාව සඳහා ප්‍රතිකාර ආරම්භ කිරීමට නියමිත දින උදෑසන  ප්‍රතිකාර වලට පෙර ඈෂ්ලි තම පුතුට කිට්ටුවෙන් වාඩි වුවාය.

ඒ අවසාන වතාවට සිය පුතුට මව්කිරි දීම සදහායි. ඇයගේ සමීපතම මිතුරා වූ ඡායාරූප ශිල්පී ජැක්ලින් බ්රිග්ස සුදානම් ව සිටියේ සදාකාලයටම නැති වී යෑමට නියමිත  මේ මාතෘත්වයේ සම්බන්ධතාවයේ  වටිනාම මොහොත ඡායාරූප ගත කිරීම සදහායි.

ප්‍රතිඵලය ලෙස ලැබුන ඡායාරූප දරාගත නොහැකි තරම් වේදනාත්මක ඒවා විය.

පියයුරු පිළිකාව

ඔහුගේ අම්මාගේ මුහුණට ළං වී  අහිංසක අන්දමින් බලමින් සිටි  ඇයගේ පුංචි පුතා උදෑසන සිදුවීමට නියමිත ඛේදජනක තත්වය ගැන නොදැන සිටියේය.

පියයුරු පිළිකාවක් සහිත මවක්  සිය පුතුට මව්කිරි ලබාදෙන හද සසල කල මොහොත

පියයුරු පිළිකාවක් සහිත මවක්  සිය පුතුට මව්කිරි ලබාදෙන හද සසල කල මොහොත

ඇයගේ දුව ග්‍රේටා ද ඇයගේ මව සැනසීමට උදව් වෙමින් ඇ‍යගේ පවුලේ මේ අවස්ථාවේ කොටසක් විය.

පියයුරු පිළිකාව

ඈෂ්ලි ඇයගේ සුන්දර දරුවන් දෙදෙනා සමඟ.

පියයුරු පිළිකාව

සතුටට කාරණය නම් මේ වන විට ඇෂ්ලි පිළිකා වලින් තොරයි.

ඇයගේ නැන්දණිය වන පැට්ටි අම්ස්ට්‍රාප් විසින් පිහිටුවන ලද GoFundMe පිටුවක් සකස් කලා.

ඒ පිටුව අනුව, ඈෂ්ලි ඖෂධීය ප්‍රතිකාරය අවසන් කර ද්විත්ව පියයුරු ඉවත් කිරීමේ ශල්‍යකර්ම වලටද මුහුණ දී අවසන්.

මෙම නිර්භීත අම්මාට ඇයගේ දරුවන්ට රැකබලා ගනිමින් තවත් බොහෝ  කාලයක් ඔවුන් වර්ධනය වෙනු දැකිය හැකි වේවි.

(ඡායා රූපය: ඇෂ්ලි අම්රුප් කොස්ටුක්)

පියයුරු පිළිකාව ගැන පශ්චාත්  සාකච්ඡාවක්

කෙසේ වෙතත් ඇයට  ගමන් කිරීමට දිගු මගක් තිබේ. ඇයගේ   Team Ashley (ඇෂ්ලි කණ්ඩායම) නම් ෆේස්බුක් පිටුවෙහි ලගදී පල කල ඈෂ්ලි ඇයගේ ශල්‍ය වෛද්‍යවරිය සමඟ මෑතකදී කරන ලද පශ්චාත්  සාකච්ඡාවක් කළා.

එහිදී  මෙම පිළිකාව පරාජය කිරීමට ඇය තවදුරත් රේඩියේෂන් ප්‍රතිකාර ලබා ගත යුතු බව ගැන ප්‍රකාශ කර ඇත.

"මගේ මුළු ගමනම බිද වැටුනා. මම මටම, පිළිකාවට, මගේ පියයුරු නැති වීම යන සියල්ලටම වෛර කළා.  

කොහෙන්ද මේ සියල්ල එන්නේ? එය මම  ආත්මාර්ථකාමී වූ අවස්ථාවක්  වුනා.

ඒක හරියට කුණාටුවක් නිසා සුපීරියර් විල මත ගල් ගැහුනු නෞකාවක් වගේ මට දැනුනා. හැගීම් නැමැති  රැලි නොනවත්වා ගලා ගියා"

එහෙත්  මවක් ලෙස ඇගේ ජීවිතයේ සිදුවුන දේවල් වඩා යහපත් බව  ඇය තව දුරටත් පැවසුවා "දැන් මම ගෙදර සිටින අතර  බනානා පාන් සැදීමත් සොෆියා පළමුවෙන්ම නැරඹීමත් කරනවා. මට ගොඩක් හොඳයි කියලා හිතෙනවා."

පිළිකාව කියන්නේ වේදනාත්මක අවසානයක් ඉතුරු කරලා යන දෙයක් , මාතෘත්වයේදී එය කොතරම් සංවේදී වේ දැයි මේ කථාව එක්ක ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණී