පියයුරු පිළිකා වලට හේතු විය හැකි රෝග ලක්‍ෂණ කිහිපයක්

lead image

කාන්තාවන් පමණක් නොව පුරුෂයන්ද පියයුරු පිළිකා වලට ගොදුරු විය හැකි බව ශ්‍රී ලංකාවේ බහුතරයක් නොමැති බවද ජාතික පිළිකා ආයතනය පවසයි.

පිළිකා රෝග අතුරින් පියයුරු පිළිකා යනු කාන්තාවන් වැඩි දෙනෙක් ගොදුරු වන රෝගයක් බව අපි දනිමු. ලෝක සෞඛ්‍යය සංවිධානයද මෙම තත්වය දත්ත ආශ්‍රයෙන් තහවුරු කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් පෙන්වන්නේ එම තත්ත්වය සංවර්ධිත රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලද පොදු තත්වයක් බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව 2014 වසරේදී ශ්‍රී ලංකාව තුළ පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 7,200 කි. ඉන් 18.8% පියයුරු පිළිකා රෝගීන් බව BBC සිංහල වෙබ් අඩවි වාර්තා වල සටහන් වනවා.

මෙවන් සංක්‍යාලේඛන වලට අනුව  මෙම රෝගයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය සියළු පියවර ගැනීමට අවශ්‍ය බව ඔබට වැටහෙනවා ඇති.

ඉතින් පහත දැක්වෙන පුර්ව රෝග ලක්ෂණ ගැන විමසිල්ලෙන් සිටීමෙන් පියයුරු පිළිකා වලින් වැලකී සිටීමටත් නැතහොත් කල්තියා හඳුනාගැනීමටත් එය උපකාර වනවා.

පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්‍ෂණ

  1. පියයුරු ආශ්‍රිත සම ඝන වීම
  2. සම මතුපිට වළ ගැසීම
  3. තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම
  4. තන පුඩුවෙන් දියරයක් ගැලීම
  5. අසීරුවක් හෝ වේදනාවක් දැනීම
  6. තන පුඩුව ඇතුළට ගිලී යාම
  7. නහර මතු වීම
  8. ඉදිමීම
  9. සැරව සහිත තුවාල ඇතිවීම
  10. සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම
  11. පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩය වෙනස්වීම
  12. තද ගැටිති

ඉහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් දිස් වේ නම් වහාම වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගත යුතුයි.

පියයුරුවල ගැටිති ඇති වීම, පියයුරු පිළිකාවල ඉතා සුලබ ලක්‍ෂණයක් වුවද පියයුරුවල ඇති වන ගැටිති බොහොමයක් පිළිකා නොවන බව ජාතික පිළිකා ආයතනය පවසනවා.

මේ අතර කාන්තාවන් පමණක් නොව පුරුෂයන්ද පියයුරු පිළිකාවලට ගොදුරු විය හැකි බව ශ්‍රී ලංකාවේ බහුතරයක් නොමැති බවද ජාතික පිළිකා ආයතනය පවසයි.

පියයුරු පිළිකාවක් වැළඳුණු පිරිමියෙකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ

  1. තන පුඩුව යට හෝ අන්තරාලයෙ ඇති වන වේදනා රහිත ගැටිති
  2. පියයුරු වල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම
  3. යටිකුරු වූ තන පුඩු
  4. තන පුඩුවේ කුෂ්ඨ ඇතිවීම
  5. තන පුඩුවෙන් රුධිරය වහනය වීම
  6. කිහිල්ල ඉදිමීම හෝ ගැටිති ඇතිවීම
  7. තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම

ශ්‍රී ලංකාව තුළ පුරුෂයන් පනස් දෙනෙකු පමණ වාර්ෂිකව පියයුරු පිළිකාවලට ගොදුරුවන බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා මීට ඉහත දී බීබීසී සිංහල සේවයට පවසා තිබෙනවා.

පියයුරු පිළිකා කල් තියා හඳුනාගැනීමට උපකාර වන තවත් ලිපියක් මෙතනින් පියයුරු ස්වයං පරීක්ෂාව: මව්වරුන්ට පිංතුර සහිත මග පෙන්වීමක්

මූලාශ්‍රය සහ පින්තුරු : BBC සිංහල වෙබ් අඩවියෙන්