පියයුරු ස්වයං පරීක්ෂාව: මව්වරුන්ට පිංතුර සහිත මග පෙන්වීමක්

මෙම ලිපියෙහි  පියයුරු ස්වයං පරීක්ෂාව කරගන්නා අයුරු පිංතුර සහිතව පැහැදිලි උපදෙස් අඩංගු වෙනවා.

පියයුරු පිළිකා හදුනාගෙන ප්‍රතිකාර නොකලොත් මාරන්තික වේ. සියලුම පිළිකා රෝගීන් අතරින් 25% ක් පියයුරු පිළිකා වැලදුන කාන්තාවන් වේ.

පියයුරු පිළිකා ඇති වනුයේ  පියයුරු වල ඇති අසාමාන්‍ය සෛල වලිනි. ඒවා පිළිවෙලකට බෙදෙන  හා නිෂ්පාදනය වන සාමාන්‍ය සෛල මෙන් නොවේ.

මෙම සෛල පිළිවෙලකින් හා පාලනයකින් තොරව  බෙදී යාමක් සිදු වේ. මෙම අපිළිවෙල බෙදීමත් සමගම අමතර පටක වල අසාමන්‍ය වර්ධනයක් ඇති කරන  පටක නිර්මාණය වේ. එම අසාමාන්‍ය පටක පිළිකා කාරක හෝ හානිදායක නොවන තත්වයක් ඇතිවිය  හැකි අතර බොහොමයක් කිරි නාල වලින් හටගන්නා පිළිකා තත්වයන් වේ.

කාන්තාවන්ට මුලික අවධියේ පියයුරු පිළිකා හදුනා ගැනිමට ඇති ක්‍රමයක් වන්නේ නිතර කරන මැමෝග්‍රෑම්‍ වේ.

සරල ඔබට නිවසේදීම පෞද්ගලිකව කර ගත හැකි පියයුරු ස්වයං පරීක්ෂාව කියලා තව ක්‍රමයක් තියෙනවා.

ස්වයං පියයුරු පරීක්ෂාව සදහා විනාඩි පහලොවක් පමණක් ගතවන අතර මාසෙකට වරක් වත් කල යුතුවේ.

මතක තබාගැනීමට : 

ඔබේ පියයුරු මෘදු හා ඉදිමීමක්  සිදු වන නිසා  මාසික ඔසප් වීම පටන් ගැනීමට ආසන්නයේදී ස්වයං පියයුරු පරීක්ෂාව කරන්න එපා.

පළමු පියවර :

ඔබේ වම් අත හිස වටා යන ලෙස තබා උඩු අතට දිගා වෙන්න. ඔබේ දකුණු අතින් වම් පියයුර පරීක්ෂා කරන්න. ඔබේ මැද ඇගිලි තුන භාවිතා කර පැතැලි අතට මුලු පියයුර මත මෘදුව එහා මෙහා ගෙන යන්න. කුඩා රවුම් හැඩයට පිරිමදිමින් ගැටිති, ඝන වීම් හෝ ගැට තිබේදැයි පරීක්ෂා කරන්න.

විවිධ මට්ටමේ පීඩනය, ආලෝකය, මාධ්‍ය හා ව්‍යුහයන් භාවිතා කරන්න.  පියයුරු හොදින් පරීක්ෂා කිරීම සදහා උරහිස් අස්ථියේ සිට පර්ශු දක්වා වු මුලු පියයුරම පරීක්ෂා කරන්න.

මේ ක්‍රියාවලියම ඔබේ දකුණු පියයුරත් සමග කරන්න.

දෙවැනි පියවර :

කණ්නාඩියක් ඉදිරියේ හිටගෙන ඔබේ දෑත් ඉනෙහි තබාගන්න.

ගැටිති, හැඩයේ හෝ ප්‍රමාණයේ වෙනස්වීම් හෝ පියයුරේ සමෙහි ඇතිවන කුඩා වල ගැසීම් සියුම්ව පරීක්ෂා කරන්න.

තුන්වෙනි පියවර :

අත් එකිනෙක උත්සමින් ගැටිති  තිබේදැයි සියුම්ව පරීක්ෂා කරන්න.

 

ඔබේ සිරුර ආසාදනයක් සමග සටන් කරමින් සිටින විට  ඔබේ වසා ගැටිනි ඉදිමෙන අතර ඒවා අත් යට පරීක්ෂා කිරීමේදී හමුවිය හැකි බව මතක තබාගන්න.

කාරණය එය වුවත් ඇයි ඔබේ වසා ගැටිති ඉදිමුනේ යන්න සොයා ගැනීමට සෞඛ්‍යමය විකල්පයක් සොයන එක වඩා හොද වේ.

හතරවෙනි පියවර :

මහපට ඇගිල්ලත් ඊලග ඇගිල්ලත් භාවිතා කර ඔබේ පියයුරු තුඩු මිරිකන්න.

මෙහිදී හෝ පෙර පියවර වලදී මොනවා හරි දියරයක් පිටවීම, ගැට තිබීම වැනි දේ ඇත්නම් ඔබ පමා නොවී වෛද්‍යවරයකු හමුවිය යුතුය.

ඔබ අපිට වටිනවා. The Asianparent Sri Lanka මේ වැයම පියයුරු පිළිකා මාරයා ගෙන් ඔබ රැක ගැන්මටයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී