පිය පදවිය ලබා දැන් වසරයක් වෙලා: අපේක්ෂා කළ දේවල් හා යථාර්ථය

lead image

තාත්තා කෙනෙක් වෙන්න ඉස්සර වෙලා මගේ දරුවා ලොකු මහත් කරන හැටි මම හිතලා තිබුණා. නමුත් සිදුවූ දේවල් ඊට වඩා වෙනස්.

තාත්තා කෙනෙක් වෙන්න ඉස්සර වෙලා මගේ දරුවා ලොකු මහත් කරන හැටි මම හිතලා තිබුණා. නමුත් සිදුවූ දේවල් ඊට වඩා වෙනස්.

ඔබ ‘How I met your Mother’? චිත්‍රපටයේ එන තාත්තා අසා හෝ නරඹා තිබෙනවද? ඔහු පියෙකු වන්නට පෙර සැබෑ පියෙකු තුළ තිබිය යුතු ගති වලින් යුතු වුණා.

ඉවසීම, සංවේදී බව, කරුණාවන්ත බව ඔහු තුළ නොඅඩුව තිබුණා. හුඟක් වෙලාවට ඒ ගති ගුණ මටත් ඇති බව සමහරුන් කිව්වා.

ඒත් ඒ මට අවුරුදු 18 ක් කාලයේදී. මට මගේ බිරිඳ හමුවන්නටත් පෙර. එදා සිට සාර්ථක පියෙකු වන්නට කළ යුතු දේ ගැන මා අවධානයෙන් සිටියා. ඒ ගැන ලියවුණු පොත් පත් කියවීම තුළින් මම බොහෝ සෙයින් ඉවසීමට පුරුදු වුණා.

2015 දී මා පිය පදවියට මුහුණ දෙන්න යන බව දැන ගත්තම දැන් මං එයට සූදානම් බව සිතුවා. මට කවුරුත් කිව්වේ පොත්ම කියවන නිසා මම හරි නිද්‍රාශීලි පුද්ගලයෙක් කියලයි. නමුත් දැන් මම අපේක්ෂා කළ පදවියට සූදානම්. හිතපු දවස් වලදීම අපිට පුතෙක් ලැබුණා. දරුවා ලැබිලා බර කිරීම ඇතුළු කටයුතු වන අතරේ ඒ කොටස වෙන්වූ වීදුරුවෙන් මම මගේ සැනසිලිදායක මුහුණේ ඉරියව් දැක්කා.

පළමුව උගත් පාඩම

බබාගේ බර බලලා විටමින් K මාත්‍රාව එයාට දීලා නර්ස් කාමරයෙන් නික්මුණා. වර්නික්ස් වලින් ඔහුව වැහිලා තිබුණා. එක් ඇසක් විතරක් ඇරිලා තිබුණ අතර ඔහු අනෙක් ඇස අරින්නට උත්සාහ කරමින් සිටියා. ඔහු ඊට කරන අරගලය මා බලාගෙන හිටියා. ඉස්සෙල්ලා නම් මම හිතුවා කිසිම ආකාරයකට මම මගේ දරුවාට මෙහෙම කරදරයට පත්වෙන්න දෙන්නේ නැහැ කියලා. නමුත් ඔහු එය උගත යුතු බව මට තේරුනා. නැතිනම් හෙට දවසෙත් ඔහුට එය කරගත නොහැකි වෙනවා.

නින්ද නොයෑම

දරුවා ඉපදෙන්න කලින් හැමෝම අපිට කිව්වේ පුළුවන් තරම් නිදාගන්න කියලයි. නමුත් පළවෙනි දවසේ අපේ අපේක්ෂාවන් වෙනස් කරමින් බබා රැය පුරාම එක දිගටම නිදාගත්තා. අපි දෙන්නා හරියට සතුටු වුණා. ටික දවසක් ගතවෙද්දී එයා හරියට එලාම් එක වගේ පාන්දර 5.45 ට ඇහැරිලා කෑගහන්න ගත්තා.

ඊයේ උදේ 2.45 ට ඇහැරුණා. පැය දෙකක් විතර එයාව කකුලේ තියාගෙන නළවමින් ඉඳලා පැය තුනකට විතර පස්සේ එයා නින්දට ගියා. ඉන් මම හැම දරුවෙකුගේම හැසිරීම මේ වගේ බව ඉගෙන ගත්තා. දරුවන් ලැබෙන්න පෙර හැකි තරම් නිදාගැනීම කළ හැකි එකම දෙය බව මම දැනගත්තා.

සැලසුම් කිරීම

අපේ පරණ යාළුවෙක් සහ එයාගේ පවුලේ අය නගරයට ඇවිත් තිබුණා. දවස් 5ක් විතර ඔවුන් සමග ගත කරන්න අපි හිතාගෙන හිටියත් අපිට අමාරුවෙන් එක දවසක් විතරක් එළියට යා ගන්න පුළුවන් වුණා. අපි ඉස්සර හිතුවත් දරුවා අරගෙන යන්න පුළුවන් කියලා ඒ ගැන කියවා තිබුනත් එය නොවෙන බව වැටහුණා.

අපේ සැලසුම් අපිට උවමනා ලෙස දරුවා සමග ඉටු කරගත නොහැකි බව අපි ඉගෙන ගත්තා.

කඩයිම්

මමත් මගේ බිරිඳත් වෛද්‍යවරුන්. අපි අනතුරු දායක අවස්ථා ගැන සායනික ලෙස තොරතුරු දැනගෙන සිටියා. නමුත් දරුවන්ගේ පළමු සිනහවේ සිට එය වෙනස් බව අපිට සැබෑ ජීවිතයේදී වැටහුණා.

සෛලයෙන් සෛලය එකතු වෙලා ජීවයක් හැදිලා ඔහු හැදී වැඩෙන එක ඇත්තක්. ඒ වගේම ඔහු ගන්න හැම කඩයිමකටම විද්‍යාත්මක සත්‍යක්, හේතුවක් තිබෙනවා. නමුත් පළමු වරට දෙමාපියන් වුනහම එය හරිම පුදුමාකාර අත්දැකීමක්.

විද්‍යාවේ විදිහට සත්‍ය වුනත් ඉහවහා ගිය සතුටින් ඔබ පුදුමයට පත්වෙන්න ඒ කාරණා ගැන මෙතෙක් දැන සිටියේ නැහැ. හැම දවසම දරුවන් ඔබව පුදුමයට පත් කරනවා. ගෙවූ පළමු වසර මම කවදාවත් අපේක්ෂා කළ දේවල් නෙමෙයි. ඉතින් දැන් මම බලාගෙන ඉන්නේ ඊළඟ වසර ගෙවී යා හැකි ආකාරය ගැනයි.      

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ