පිය පදවිය ලබන තුරු මා නොදැන සිටි මගේ පැටියාගේ හුරතල් හපන්කම් 12ක්

lead image

තාත්තා කෙනෙක් වෙනකම්ම මං කවදාවත් හිතුවේ නැහැ මගේ බබාගේ මේ වගේ පුංචි ඉරියව් මට මහමෙරක් තරම් වටින බව.

තාත්තා කෙනෙක් වෙනකම්ම මං කවදාවත් හිතුවේ නැහැ මගේ බබාගේ මේ වගේ පුංචි ඉරියව් මට මහමෙරක් තරම් වටින බව. ගිය අවුරුද්දේ මම තාත්තා කෙනෙක් වුණා. ඒත් අපේ දෙමාපිය පදවියේ වගකීම ඔළුවට ආවේ මගේ බිරිඳ පිළිසිඳගෙන කියලා දැනගත්තු දවසේ ඉඳන්මයි.

මම වෛද්‍යවරයෙක්. මං ඕනෑතරම් දරුවන් මේ ලෝකෙට බිහිකරගන්න දායක වෙලා තියෙනවා. ඒ මොහොතේ ඉතාම සංවේදී වන තාත්තලා දැකලත් තියෙනවා.

නමුත් තාත්තා කෙනෙක් වුණාට පස්සේ මේ සුවිශේෂී අවස්ථාව මට වැඩියෙන් දැනෙන්න ගත්තා. ඉතින් ඒ නිසාම ඒ අත්දැකීම ඔබත් එක්ක බෙදාගන්න හිතුවේ ඒ මතකයන් අද වගේම තවමත් මතක නිසයි.

  1. ඒ පුංචි සිහින් රෝස පැහැති ඉර

එදා ඒ මොහොත ඒ කියන්නේ ගැබ් ගැනීමක් ස්ථිර කරන පරීක්ෂණයේ රෝස පැහැති කොටස හා එහි පටියේ සඳහන්ව තියෙනවා දුටු සැනින් මගේ මමත් බිරිඳත් ඉහළට ගත් හුස්ම පහළට නොගෙන වැළඳ ගනිමින් සතුටු වුණා. උණුසුම් කඳුළු බිඳු දෝර ගලද්දී අපි දෙදෙනාම නැවතත් පරීක්ෂණ කළා. ඒ සැමරුම් පටිය තවමත් දිනවකවානු සඳහන් කරලා මා ළඟ සුරැකිව තිබෙනවා.

  1. පළවෙනි ස්කෑන් පරීක්ෂණය

වෛද්‍යවරුන් වුනත් අපට අපේ නියමිත දිනය හා කාලය එනතුරු ඉවසීමක් තිබුණේ නැහැ. මගේ බිරිඳටත් වඩා මං නොඉවසිලිමත් වුණා. මගේ ඥාති ස්කෑන් පරීක්ෂකවරියක් ළඟ අපි පරීක්ෂණය කළා. අපේ පැටියාගේ හදගැස්ම අපි උවමනාවෙන් අහගෙන හිටියා. බිරිඳත් එක්ක හැම ස්කෑන් පරික්ෂණයකටම යන්න ඉන් පස්සේ මට ඕනේ වුණා.

  1. බබාගේ පළවෙනි සෙලවීම

මට ඒ දවස හොඳටම මතකයි. අපි කෑමට අවන්හලකට ගියා. ඒ වෙලාවේ ඇයට මුලින්ම බබා දඟලනවා දැනිලා තිබුණා. ඇය එකවරම කෑම නතර කරලා පැටියාගේ දැඟලිල්ල මට පෙන්නුවා. එතැන තවමත් අපේ ප්‍රියතම අවන්හල. ඒ එහි කෑම රස නිසාම නෙමෙයි. ඊට පසුව මගේ හඬ ඇහෙනකොට පැටියා පයින් අනින්න ගත්තා. මං කුසට අත තියනකොට එයා ටිකක් වෙලා දඟලනවා. දවසක හොඳ පාපන්දු ක්‍රීඩකයෙක් වෙයි වගේ මට හිතුනා.

  1. ලොකුම දවස

එදා තමයි සිසේරියන් සැත්කමට අපිට දින වෙන්වූ දවස. මම හරිම සැහැල්ලුවෙන් ඉන්න හිත අවනත කරගත්තා. ඒත් ඒක එහෙම වුණා කියලා හිතනවද?

ඇයව ප්‍රසූතිකාගාරයට රැගෙන ගියා. මගේ ඥාතියෙක් අපිව සනසමින් කටයුතු විස්තර කරමින් හිටියා. ඇගේ කුසින් එකවරම ගුලියක් වගේ දෙයක් ඇදලා ගත්තා. පුංචි පුතෙක්. ඒ මොහොත කොහොම අමතක කරන්නද? හරියට චීස් තවරපු අල ගෙඩියක් වගේ. ඒත් අපිට නම් එයා ලෝකේ ඉන්න වටිනාම සම්පතයි.

  1. පළමු එන්නත

රෝහලෙන් පිට වෙන්නට පෙර BCG ලබා දිය යුතුව තිබුණා. ඒ වෙලාවේ මම අසල හිටියේ නැහැ. ඒත් ඔහුගේ පළවෙනි එන්නත දෙනකොට බබාට වඩා මට හුඟක් රිදුනා. පැටියා මිනිත්තුවක් විතර අඬලා සැනසුනා. ඒත් එයාගේ තාත්තා නම් තාමත් අඬනවා.

  1. හැමතැනම කක්කි දාලා

අපිට එයාව වෛද්‍යවරයා ළඟට ගෙන යන්න දින දීලා තිබුණා. එදා පළවෙනි දිනය. තරමක් වයස කරුණාවන්ත වෛද්‍යවරයා ළඟ ඔහුගේ බර කිරන්න සුදානම් වෙන විටම පැටියා හොඳට කක්කි දැම්මා. ඒත් වෛද්‍යවරයා එය පිරිසිදු කරන්න උදවු වුණා. මට එය හරි අපහසුවක් දැනුනා. ඒත් එයා තාම පොඩි පැටියෙක්නේ කියලා අපි සැනසුනා.

  1. මුලින්ම පෙරළුණ දවස

ඇත්තටම එයා පැත්තට හැරුනම අපි හිතුවා එයා ටික ටික ඉඳලා පෙරලෙයි කියලා. කොහොම හරි අපි කැමරාව එහෙම සුදානම් කරගෙන හිටියා. අන්තිමට අපි නොහිතපු දවසක එයා පෙරළුනා. ඒක හරියට අපිට විශාල ජයග්‍රහණයක් වගේ වුණා.

  1. පළවෙනි වතාවට රැය පුරා අඬන්න ගත්තා

පළවෙනියෙන්ම අපි එයත් එක්ක එළියට ගිය දවසෙ එයා හුඟක් ඇඬුවා. විදුලි එළියට එයා කලබල වුණා. එයා දවසම නිදාගත්තේ නැහැ. රාත්‍රී 7 ට විතර වෙනකොට එයා තරමක් කලබල වෙලා මුළු රෑම අඬමින් අවදියෙන් හිටියා. එතකොට එයාට මාස 2ක් ගෙවුනා විතරයි. නමුත් වර්ධනය සමග මෙවැනි වෙනස්කම් වෙන බව අපි දැනගත්තා. ඒත් ඒ දවස නම් මට අමතක වෙන්නේ නැහැ.

  1. මුලින්ම ද ගාපු දවස

බබාට මාස 7 ක් විතර වෙනකොට එයා දණ ගාන්න පටන් ගත්තා. අපි හුඟක් කලබලයට පත් වුණා. මුලින්ම එයාට අමාරු වුන බව පෙනුනා. සමහර වෙලාවට ඔළුවත් වැදෙනවා. ඒ නිසා අපි පොළව ආරක්‍ෂිත පැඳුරු යොදා සකස් කළා.  මාසයක් වගේ යනකොට ගෙදර හැමතැනම බබාට රේස් එකට දණ ගාන්න පුළුවන් වුණා.

  1. මුල්ම හිනාව

එයා හිනා වුණා. ඒත් මුල් වතාවට හඬ නඟා හිනාවුන දවස මට අද වගේ මතකයි. මගේ බිරිඳ කාමරය පිරිසිදු කරමින් ඉන්න කොට කොස්ස එහා මෙහා වෙනවා එයා දැක්කා. එයාට ඒක විනෝදයක් වුණේ කොහොමද කියලා හිතන්න බැහැ. මෙන්න බබා හිනාවෙන්න ගත්තා. එදා ඉඳන් විහිළු වැඩ කරමින් අපි එයාව හිනා ගස්සනවා.

  1. මුලින්ම නැගිටපු දවස

අපි එයාව නාවමින් පුංචි විනෝද ජනක දේවල් කරන්න ඕනේ කියලා මම හිතුවා. මම එයාව බේසමේ තියා බැලුවා මෙන්න බබා බේසමේ කොනක් අල්ලාගෙන නැගිට්ටා. මම නිකන් ගල් ගැහුනා. එයා ආයි ආයිත් එහෙම කළා. දැන් එයා ගෙදර එක එක ගෘහ භාණ්ඩ අල්ලාගෙන හිටගන්න දක්ෂයි.

  1. එයාගෙම කතා විලාසය

එයා ගා...ගා...බ්බ්බ්බ් වගේ ශබ්ද කරනකොට කොයිතරම් සුරතල්ද කියලා කියන්න මට වචන නැහැ. අම්මා තාත්තා කියලා කතා කරනකම් අපි මග බලාගෙන ඉන්නවා. ඒත් දැනට මේ සුරතල් භාෂාව අපිට හොඳටම ඇති.

ඉතින් මේ වගේ හුඟක් සොඳුරු මතක පුංචි පැටියාගේ දෙමාපියන්ගේ ලෝකය හැඩකරන නිසාම theAsianparent Sri Lanka අපි මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ