"පුංචි කාලේ මම ලිංගික අතවර වලට මුහුණ දුන්නා": මේ කුමුදුනීගේ ඇත්ත කතාවයි.

lead image

"කට වහගෙන ඉන්න ඉන්න තවත් ළමයින් මම වගේම මේ වගේ දේවල් වලට ගොදුරු වෙන්න පුළුවන්. සමහර විට නොදැනුවත්කම නිසාම වෙන්න පුළුවන්. මේ වගේ එක සිදුවීමක් දරුවෙකුට ජීවිතයම අඳුරෙන් කළුවර කරලා දාන්න ප්‍රමාණවත්. "

මගේ පුංචි කාලෙට ගිහින් කාටහරි ඒ අහිංසක මට කියන්න පුළුවන්නම් මම ඒ කිසිවකට වරදකාරිය නෙමෙයි කියලා. මගේ වරදින් මේ කිසිවක් නොවුන බව.

පුංචි කාලයේම මාව අතවරයට ලක්වුණා. ඉන් ගැලවෙන්න ලැබුනෙ හරිම අමාරුවෙන්. ඒත් කවදාවත් මේ කතාව මම කාටවත් කියන්න හිතුවේ නැහැ. මම එය සමාජයෙන් වසන් කරගෙන හිටියා. අනිත් අය මොනවා කියයිද කියලා බයවුණා. නමුත් එයම මේ ප්‍රශ්නයට හේතුවක් කියලා මට තේරුණා.

කට වහගෙන ඉන්න ඉන්න තවත් ළමයින් මම වගේම මේ වගේ දේවල් වලට ගොදුරු වෙන්න පුළුවන්. සමහර විට නොදැනුවත්කම නිසාම වෙන්න පුළුවන්. මේ වගේ එක සිදුවීමක් දරුවෙකුට ජීවිතයම අඳුරෙන් කළුවර කරලා දාන්න ප්‍රමාණවත්. ළමා අපයෝජනය පිළිබඳ හැඟීම් මානසික වශයෙන් ඇතිවන අසහනකාරී තත්වයක්.

මේ අසහනකාරී තත්වය නිසා හුඟක් වෙලාවට ගොදුරු බවට පත්වන්නේ වයස අවුරුදු 13 ට අඩු දරුවන්. ශ්‍රී ලංකාවේ මෙය විශාල ගැටළුවක්. ලොව පුරා වසර කිහිපයකට පෙර අපේ රට මේ ගැටලුවට ප්‍රසිද්ධව සිටියා. දරුවන් අපයෝජනයටත් ජාවාරමක් ලෙස යොදා ගනිමින් තිබුණා.

අපේ රටේ සංස්කෘතිය හා සදාචාරය අනුව මෙවැනි තත්වයක් ගැන සිතන්නටවත් බැහැ. අනෙක් අතට සංස්කෘතිය. එයින් අපේ ඇතුළත ගැටළු පිටතට නොදිය යුතු බව කියා දී තියෙනවා. ඉතින් මේ අප්‍රසන්න සිදුවීම් දරුවන්ගේ සිත්වල එලෙසම මිහිදන් වෙනවා. ඊට මූලික හේතුව සමාජය විසින් දමා ඇති සීමාවන්. හුඟක් වෙලාවට නගරයේ පාසල් වල දරුවන් අශිලාචාර පෙළඹවීම් වලට ලක්වෙන අතරම එය පිරිමි දරුවෙක් වැඩිවිය පැමිණීමත් සමග වන සාමාන්‍ය දෙයක් ලෙස සමාජය පිළිගෙන තියෙනවා.

එය පාසල් සම්ප්‍රදායකින් කොටසක් බවට පත්වීමත් දරුවෙකු පිරිමියෙකු වීමේ කඩයිමත් ලෙසත් සමාජය හඳුනා ගන්නවා. මට මතකයි මම අවුරුදු 15 විතර වයස කාලේ ඉඳන් මේ ගැටළුවට උදවු හෙවුවා. . දරුවන් ඊටත් වඩා අසරණයි. ඔවුන් උදවු ඉල්ලිය යුතු අය, අවස්ථාව ගැන දැනුවත් නැහැ. එය අයිතියක් කියලා බවත් ඔවුන් දන්නේ නැහැ.

නමුත් එහි ප්‍රතිඵලය මේ දරුවන් මානසික ව්‍යාකූල තත්වයට පත්වීමයි. එය දරුවන්ගේ සාමාන්‍ය ජීවන රටාවන් අඩාල කරනවා. ඒක හරියට හැමදාම මඩ ගොහුරකින් බැහැලා තමන්ගේ ගෙදරින් එළියට යනවා වගේ වැඩක්. විශාදය අපයෝජනයට ලක්වූ අය තුළ නිතර දැකිය හැකිවන තත්වයක්. මම එම තත්වයෙන් ගොඩ එන්න හැම දවසකම උත්සාහ දරමින් ඉන්නවා.

අවුරුදු 5 කදී මට වූ මේ අසහනකාරී සිදුවීම ගැන මං මුල ඉඳන් අගට විස්තර කරන්න බලාපොරොත්තුවක් නැතත් මට මේ ළමා අපචාරකයාගේ ග්‍රහණයට අසුනොවී බේරෙන්න වාසනාව ලැබුණා වගේම ශාරීරිකව මට පීඩාවක් විඳින්න සිදුවුණේ නැහැ.

මොකක් හරි හේතුවකට මේ අපචාරකයා එය රහසක් ලෙස රැකිය යුතු බවට මට තර්ජනය කරන්න හෝ ඉල්ලන්න පෙළඹුනේ නැහැ. හැම කෙනෙකුටම එසේ වන්නේ නැහැ. මට මතකයි අවුරුදු 7 ක ළමයෙක් දුෂණය කරලා කැලයක දමා ගොස් තිබුණා. පසුව දැනගත්තා මේක කරලා තියෙන්නේ ඔහුගේම පාසලේ ගුරුවරයෙක් කියලා. මේ කතාව පත්තරේ කියවද්දී මට හිතුනා මගේ කතාව අහලා තවත් එක ළමයෙක් හරි මේ අනතුරින් මුදවා ගන්න පුළුවන් නේද කියලා.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/04/child sexual abuse 3.jpg "පුංචි කාලේ මම ලිංගික අතවර වලට මුහුණ දුන්නා": මේ කුමුදුනීගේ ඇත්ත කතාවයි.

අවුරුදු 3 ඉඳන් අවුරුදු 7 හමාරක් වනතුරු මාව අපයෝජනයට ලක්වුණා. කන්‍යාරාමයක් පසුබිම යටතේ අධ්‍යාපනය ලද නිසා පවට මම හුඟක් බය වුණා. නමුත් කාලයත් එක්කම මේක මගේ වරදක් බව මට ඒත්තු ගියා. ඔහු අපේ ගෙදර හැමෝගෙම විශ්වාසදායකම සාමාජිකයෙක් වුණ අතරම පවුලේ මාව බලාකියා ගන්නත් ඔහුට පැවරී තිබුණා. ඔහු මාව ළදරු පාසලට රැගෙන ගියා. ආයෙත් ගෙදර ගෙනාවා. මට බත් කැවුවා. මගෙත් එක්ක සෙල්ලම් කළා.

මගේ අම්මලා වගේම මාත් ඔහුව හුඟක් විශ්වාස කළා. අපේ දෙමාපියන් මේ නිසා පීඩාවට පත්වෙන හැටි බලන්න මම කැමති නොවුන නිසා මම මේ සියල්ල ඔවුන්ගෙන් හැංගුවා. අවුරුදු 9 යෙදි මම ජීවිතය නැතිකරගන්න උත්සාහ කළා. යෞවන කාලයේ මම නිතරම හිටියේ තරහින්. මට කාවවත් පෙන්නන්න බැහැ. වැඩිපුර මට මාවම පෙන්නන්න බැහැ. දැන් මට අවුරුදු 35 ක් පමණ ගතවෙලත් තවමත් මගේ රූපය කණ්නාඩියකින් දකින්න මම කැමති නැහැ.  

මම හැමදාමත් හිතන්නේ මගේ පුංචි කාලෙට ගිහින් කාටහරි කියන්න පුළුවන්නම් මේ කිසි දෙයකට මම වැරදි නැහැ කියලා.

අනිත් කාරණය තමයි මම මගේ දෙමාපියන්ට මේක කිව්වා නම් ඔවුන් මාව මේකෙන් පරිස්සම් කරනවා. එහෙනම් මම මෙච්චර තනි වෙන්නෙත් දුකට පත් වෙන්නෙත් නැහැ.

මම ඉස්කෝලෙත් කිසිකෙනෙක් එක්ක යාළුවෙලා හිටියෙත් නැහැ. මට කේන්ති යනවා. ඒත් එක් යාලුවෙක් මාව ඉවසුවා. නමුත් ඇයට මගේ අතීතය දැනගෙන හිටියේ නැහැ. අදටත් ඇය මගේ හොඳම මිතුරියක්. මම ගැඹුරින් ආගම ඇදහුවේ නැතත් මම කවදත් ආගම විශ්වාස කරනවා. මගේ පුතයි සැමියයි මගේ ලොකුම ශක්තිය.

දැන් මගේ වගකීම මට වුණ වැරැද්ද අනෙක් දරුවන්ට නොවෙන්න යමක් කරන එකයි. මම හැම දෙමපියෙකු මෙන්ම වැඩිහිටියෙකුගෙන්ම ඉල්ලන්නේ අපේ දරුවන් මල් වගේ පරිස්සම් කරන්න කියලයි.

අපි හුඟක් වෙලාවට කරන වරද තමයි අපි අතරම ඉන්න අයව උවමනාවට වඩා විශ්වාස කිරීම.

  • 93% ක් අපයෝජනයට ලක්වුවන් අපයෝජකයා හඳුනනවා.
  • හුඟක් අපචාරකයන් එය හිතාමතා සැලසුම් කර කරන දෙයක් නොවුනත් ඔවුන්ගේ මනසේ ඇති ව්‍යාකූලත්වය ඊට මග පාදනවා.
  • ඉතින් සැකකරුවෙකු ගැන හිතන්න අමාරුයි. ඔබ ඒ නිසා හැමෝම ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි.
  • මෙය දැනගන්න පුළුවන් දරුවන් තුළින්මයි. අපයෝජකයන් එය ඉතා සූක්ෂම ලෙස සඟවන්න දන්නවා.

නිතරම දරුවන් ගැන අවධානයෙන් ඉන්න. ඔවුන් කියන දෙයට වඩා නොකියන දේ ගැනත් ඔවුන්ගේ හැසිරීම ගැනත් අවධානයෙන් ඉන්න.

  • හැසිරීමේ වෙනස්කම්, තරහව, ක්‍රියාකාරකම් වල වෙනස්කම්, පාසලේ වැඩකටයුතු වල වෙනසක්.
  • පාසල් යාමට අදිමදි කිරීම, පාසල් බස් රථයෙන් යාම ප්‍රතික්ෂේප කිරීම.
  • විප්ලවකාරී හැසිරීම.
  • සමීප අය සමග හොඳින් කටයුතු නොවීම.
  • තනිව සිටීමට කැමති වීම.
  • හන්ඳි වේදනා, බඩ රිදීම.
  • ලිංගික ප්‍රදේශ වල වේදනා ගැන සඳහන් කරන විට සැලකිලිමත් වීම.
  • නින්ද නොයාම, දිවි හානිකර ගැනීමට සිතීම, මානසික ව්‍යාකූල බව.
  • මත්ද්‍රව්‍ය වලට හුරුවීම, කෑම නොගැනීම, ලැජ්ජාව, ආත්ම විශ්වාසයක් නැතිකම.
  • ශරීරයේ අකර්මන්‍යතාව, හිරි වැටීම, ඇඟ අප්‍රාණික වීම.
  • ඔහේ දිව යන්නට උත්සාහ කිරීම.
  • ජීවිතය නැති කරගන්නට සිතීම.

මෙවැනි දරුවන් තුළ දකින්නට ලැබෙනවා. ඔබේ දරුවන්ට ළමා අපචාර ගැන පැහැදිළි කර දෙන්න.

  • තමන්ට ගැටළුවක් ඇතිවිට විශේෂයෙන් ලිංගික ගැටළු ගැන කතා කිරීම සාමාන්‍ය දෙයක් බව දරුවන්ට ඒත්තු ගන්වන්න.
  • තමන්ගේ රහස් ප්‍රදේශ ගැන විවෘතව කතා කරන්න. ඊට වෙනත් නම් යොදන්න එපා.
  • එම ප්‍රදේශ තමන්ගේ රහස් අංග බව දරුවන්ට කියාදෙන්න. එම රහස් ප්‍රදේශය පිට අයට ඇල්ලීමට අයිතියක් නැති බව ඔවුන්ට වටහා දෙන්න.
  • මෙලෙස කවුරුන් හෝ තමන්ගේ රහස් ප්‍රදේශය ස්පර්ශය හෝ වෙනත් අයෙකුගේ රහස් ප්‍රදේශය පෙන්වීම වැරද්දක් බවත් එය වැඩිහිටියෙකුට දැන්විය යුතු බවත් කියා දෙන්න.
  • තමන්ගේ රහස් තැන් කවුරුන් හෝ ස්පර්ශ කරන විට එපා කියන්න තමන් හට පූර්ණ අයිතියක් ඇති බව කියා දෙන්න.
  • සමහර විට දරුවන් අකමැති අය නෑදයන් වැනි අය සිප ගැනීම වෙනුවට ඔවුන්ට කතා කළහැකි ක්‍රමයක් දරුවාට කියා දෙන්න.
  • අපයෝජනය හා ලිංගිකත්වය ගැන දරුවා සමග විවෘතව කතා කරන්න. එය රහසක් ලෙස තබාගැනීමට වැඩිහිටියන් කිසිවිටකත් දරුවන්ට නොකිවයුතු වෙනවා.
  • ලිංගිකත්වය ගැන කතා කිරීම අපයෝජනය ගැන වෙනත් අවශ්‍ය දෑ පෙන්වීම ආදිය වැඩිහිටියෙකු අතින් සිදුවේ නම් එය සැඟවීම නොකළ යුතු බව දරුවන්ට කියා දෙන්න.
  • මේ පිළිබඳ වැඩිහිටියෙකුට වසන් කිරීමෙන් ඔවුන් අනතුරේ වැටෙන බව ආදරයෙන් කියා දෙන්න.
  • ලිංගික කරුණු ගැන මාතෘකා කරගෙන නිතර කතා කරන්න එපා.
  • එය දවසේ අහඹු ලෙස මාතෘකාවලට එකතු කර ගනිමින් අවවාද වල යෙදෙන්න.

ඔබ දරුවාගේ ජීවිතය හා නිතර ගත කරන්න.

  • දරුවාගේ ක්‍රියාකාරකම් හා උනන්දුවෙන් එකතු වෙන්න.
  • දරුවාගේ පාසලේ කටයුතු හා ඔවුන් සමග ක්‍රීඩා කරන අය ගැන තොරතුරු විමසන්න.
  • දරුවා ක්‍රීඩා පුහුණුවීම් කරන තැන්වලට ගොස් ඔහුගේ යහළු යෙහෙලියන් ගුරුවරුන් හඳුනා ගන්න.
  • දරුවා පාසලෙන් පසු නිරත වෙන ක්‍රියාකාරකම් ගැන අවදියෙන් හා දැනුවත්ව ඉන්න.
  • ලිංගිකත්වය ගැන කියවෙන වැඩසටහන් හා ඒවායේ හොඳ නරක ගැන දරුවන් සමග කතා කරන්න.

නිතර දරුවා සමග කාලය ගෙවන්න

  • දරුවා සමග හැකි හැම විටම කාලය ගත කරන්න.
  • ඔවුන්ට ගැටළු ඇති කරන අය ගැනත් ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන් හා කතා කරන්නත් ඇහුම්කන් දෙන්නත් නිතර සුදානමින් ඉන්න.
  • ඔවුන්ගේ හඬට කන් දෙන්න.

මගේ පණිවිඩය - ඔබ තනිවී ඇතැයි සිතන්න එපා. අපේ කතාව කීමෙන් තවත් කෙනෙකු බේරා ගන්න අපිට පුළුවන්. අනෙක් අතට ඔබට සිදුවූ වරද ඔබේ වරදින් සිදුවූවක් නොවෙයි. ඒ වගේම ඔබ මේ ගැටලුවට මුහුණ දුන්නේ ඔබ ඉතා ශක්තිමත් කෙනෙක් නිසයි.

මේ ලිපිය theAsianparent Sri Lanka වෙත ආදරයෙන් හා කැමැත්තෙන් ලබා දුන්නේ කුමුදුනි ඩේවිඩ් විසිනුයි. 

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

To read in English: “I’m a survivor of child sexual abuse”: Kumudini’s story.

කියවන්න: පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද?