පුංචි දියණියගේ මිනී වල කපා ඇය මරණයට සුදානම් කරන පියෙක්

මෙම අභාග්‍යමත් පියා ඇගේ බරපතළ ලෙස රෝගාතුර වූ දියණියගේ මිනී වල කපා දිනපතා ඇය කැටුව විත් මිනී වලේ සෙල්ලම් කරයි.

පුංචි ෂැංග් ෂිංග් ලෙයි දරුණු රුධිර සංකූලතාවයක් සහිත  තැලසීමියා රෝගයට ගොදුරු වුයේ ඇයට යන්තම් මාස 2දි. චීනයේ ගොවියෙකු වූ ෂැංග් ලී යොන්ග්ට ඇගේ ප්‍රතිකාර සඳහා වියදම් තවදුරටත් දරාගත නොහැකි වුවා.

ඉතින් මෙම අභාග්‍යවන්ත පියා සිය 2 හැවිරිදි දියණිය වෙනුවෙන් මිනීවළක් කැණූ අතර, දිනපතා ඇයව මිනී වලට ගෙනවිත් ඇය සමඟ සෙල්ලම් කරන්නට ගත්තා.  මෙයින් ඇය මියගිය පසු මිනී වල ඇයට හුරු පුරුදු, සුව පහසු ස්ථානයක් වේ යයි ඔහු විශ්වාස කළා.

ෂඔං ලී යොන්ග් සහ බිරිඳ ඩෙන්ග් මින්ට අනුව ඒෂියා වන්(Asia 1) පුවත් සේවයට අනුව දැනටමත් ෂින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යුවාන් 140,000 කට වඩා (රු. ලක්ෂ 32ක්) වැය කර තිබෙනවා. මෙම සිත්තැවුලට පත් පියා මෙසේ පැවසූ බව සඳහන් වනවා: "අපි දන්නා කියන සියල්ලන්ගෙන්ම මුදල් ණයට අරන් හමාරයි. දැන් කිසි කෙනෙක් අපට ණය දෙන්නෙත් නැහැ”.

මෙම යුවල දැන් තම දෙවන දරුවා බලාපොරොත්තුවෙන් සිටින අතර එම දරුවාගේ පෙකණි රුධිරය පුංචි ෂැංග්ව සුව කරන්නට යොදාගත හැකි යයි ඔවුන් බලාපොරොත්තු සහගතව හිටියා. නමුත් ඔවුනට පසුව දැනගන්නට ලැබුනේ එම බද්ධ කිරීම සඳහාත් යුවාන් දහස් කෝටි ගණනක් අවශ්‍ය වන බවයි. මෙය ඔවුනට සිහිනෙකින්වත් සිතන්නට බැරි මුදලක්.

පුංචි ෂැංග් ෂිංග් තම පියා සමඟ මිනී වලේ සෙල්ලම් කරන වීඩියෝවක් ලැව් ගින්නක් සේ සමාජ ජාලා වෙබ් අඩවි හරහා සංසරණය වුනා.

මෙම පවුල පුංචි ෂැංග් ෂිංග් බේරා ගැනීම සඳහා මෙම වෙබ් අඩවිය ඔස්සේ අරමුදලක්ද පිහිටුවා තිබෙනවා. මේවා තුලින් අසරණ ෂැංග් ෂිංග්ගේ ජීවිතය බේරාගත හැකි වේයැයි අප අවංකව විශ්වාස කරනවා.

 

තැලසීමියාව යනු කුමක්ද?

 

තැලසීමියා යනුඅසාමාන්‍ය ජානයක් හේතුවෙන් ඇතිවන රුධිර සංවේදීතාවකි. සාමාන්‍යයෙන් රුධිරයේ ක්‍රියාකාරී හීමොග්ලොබින් නිපදවීමට තැලසීමියා සහිත පුද්ගලයෙකුට නොහැකි වේ.

හීමොග්ලොබින් පෙණහලු හරහා ශරීරයේ සියලුම කොටස් වෙත ඔක්සිජන් ගෙන එයි. ශරීරය සාමාන්යයෙන් නිපදවන හීමොග්ලොබින් නිපදවීමට නොහැකි විට පීඩාවට පත් පුද්ගලයා රක්තහීනතාවයෙන් පෙළෙනවා.

තැලසීමියා රෝගය දෙමාපියන්ගෙන් දරුවන්ට සම්ප්‍රේෂණය වන අතර පිරිමි හා ගැහැණු දෙවර්ගයම බලපෑම් ඇති කළ හැකියි.

තැලසීමියා වර්ග

එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට තැලසීමියා සම්ප්‍රේෂණය විය හැක. තැලසීමියා රෝගය සරල රුධිර පරීක්ෂාවක් හරහා පරික්ෂා කරගත හැක.

තැලසීමියා වර්ග දෙකක් පවතී:

සුළු තැලසීමියාව (තැලසීමියා ගති ලක්ෂණ).

මහ තැලසීමියාව (තැලසීමියා රෝගය).

ජාන වලින් තැලසීමියා රෝගයට ගොදුරු වූ පුද්ගලයකුට සුළු තැලසීමියාව නොහොත් තැලසීමියා ගත ලක්ෂණ ඇති බවයි කියනු ලැබේ .ඔහු හෝ ඇය නිරෝගී වන අතර සාමාන්ය ජීවිතයක් ගත කරයි. ඇතැම් විට ඔවුන් තැලසීමියා රෝගීන් බොහෝ දෙනෙක් දන්නෙවත් නැත. කෙසේ වෙතත්, මෙසේ බලපෑමට ලක්වූ පුද්ගලයන් නොදැනුවත්වම තම දරුවන්ට එම රෝග ජාන සම්ප්‍රේෂණය කරනවා.

මහා තැලසීමියාව ඇත්තන් දැඩි රක්තහීනතාවයකට මුහුණ දෙනවා. බලපෑමට ලක්වූ පුද්ගලයාට තැලසීමියා ජාන දෙකක් උරුම වී ඇත්තේ බොහෝ විට මව හා පියාගෙන් එක් ජනය බැගින්. ඔහු හෝ ඇය උපතේදී සාමාන්‍ය ලක්ෂණ පෙන්වන මුත් අවුරුදු 1 - 2 ක් අතරතුර වර්ධනය දුර්වල වන්නට පටන් ගන්නවා. මෙය කෙටි ආයු කාලයකට හේතු වනවා.

රෝගියාට ජීවිතයේ සෑම දිනකම රුධිර පාරවිලනය කලයුතු වනවා. වර්තමානයේ තැලසීමියා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ඇති එකම බලාපොරොත්තුව වන්නේ ඇටමිදුළු බද්ධ කිරීම පමණයි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා