theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

3 අවම කියවීම
පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

නිසි වෙලාවට ක්‍රමානුකූලව වැසිකිළි නොයෑමෙන් ඇතිවිය හැකි ගැටළු මොනවද?

හුඟක් වෙලාවට දරුවන්ට නිසි පුරුදු ඉගෙන නොගැනීම නිසා බොහෝ සමාජීය, සෞඛ්‍යමය ගැටළු වලට ජීවිත කාලය පුරාම මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ නිසා හැම විටම හැම කටයුත්තකටම නිසි කාලයක්, නිසි අවස්ථාවක් ඇති බව ඔවුන් දැනගැනීම වැදගත්.

ඊට අඩිතාලම දමන්නේ කොහොමද?

හැම කටයුත්තකට කාලය වෙන්කළ යුතු බව පුංචි පැටියන්ට ඉගැන්වීම පහසු කටයුත්තක් නොවෙයි. නිතරම ඔවුන් උත්සාහ කරන්නේ ඔවුන්ට කැමති පිළිවෙලට වැඩ කරන්නයි. එය නරක බව ඔවුන්ට තවමත් වැටහෙන්නේ නැහැ. නමුත් ඊට දිගින් දිගටම ඉඩ තැබීම නිසා ඔවුන් පසු කාලීනව ගැටළු වලට මුහුණ දීමට පුළුවන්. විශේෂයෙන් නිසි වෙලාවට ක්‍රමානුකූලව වැසිකිළි නොයෑමෙන් ඇතිවිය හැකි ගැටළු මොනවද?

  • මළබද්ධය
  • ආහාර අරුචිය
  • නිසි ආහාර රටාවකට හුරුවීමට නොහැකි වීම
  • කාල කළමනාකරණය කරගත නොහැකි වීම
  • පෞද්ගලික හා රාජකාරි කටයුතු වලට බාධා සිදුවීම වැනි දේවල් මේ අතරින් විශේෂයි.

එවැනි වැඩිහිටියන් අපට ඕනෑ තරම් හමුවී තිබෙනවා. මා දන්නා එක් කාන්තාවකගේ කතාව ඔබට කියන්නම්. ඇය පෞද්ගලික ආයතනයක සේවය කරන උගත් බුද්ධිමත් කාන්තාවක්. නමුත් කිසිවිට ඇය වෙලාවට වැඩ කරන්නට පුරුදු වී නැහැ. ඒ ගැන දවසක් මම ඇයගෙන් ඇහුවා. ඇය ඊට මූලිකම හේතුව ලෙස කිව්වේ ඇයට වැසිකිළි යාම සඳහා ඉතා වැඩි කාලයක් ගතවන බවත් ඒ සමගම නොදැනුවත්වම ඇගේ කාලය ඊට වැයවී සියළු වැඩ ප්‍රමාද වී දවස පසුපසට යන බවයි. නමුත් එයට හේතුව මොනවගේ දැයි මම නිකමට ඇගෙන් ඇහුවා.

ඇය කිසිදාක කුඩා කල සිට නිසි වෙලාවට වැසිකිළි යාමට පුරුදු වී තිබුණේ නැහැ. ඇයට ඊට ගුරුහරුකම් ලැබී නොතිබීම හෝ තිබීම ගැන ඇයට මතකයක් නැහැ. නමුත් කුඩා කළ සිටම ඇය ඊට වැඩිකාලයක් ගත් බව නම් ඇයට මතක තිබුණා. ඉතින් තමන්ගේ දරුවාටත් එසේ නොවන්නට අපි වගබලාගැනීම හොඳයි නේද?

පළමු පියවර
දරුවෙකුට මාස 6 ක් ඉක්මවා යනවිට කෙමෙන් ඇඟ සමබර කරගෙන හිඳ ගැනීමට පුළුවන් නිසා මේ කාලයේ වෙළඳසැල් වල ඇති ආරක්‍ෂිත ප්ලාස්ටික් පොටි එකක් මිලදී ගන්න ඔබට පුළුවන්. බොහෝමයක්, සතුන් හා පුටු ආකාරයට ඇති නිසා දරුවන්ගේ සිත් ඒ වෙත ඇදී යනවා.

දෙවන පියවර
මෙය කිසි විටකත් බැරෑරුම් කටයුත්තක් ලෙස දරුවාට තේරුම් කරන්නට යාම සුදුසු නැහැ. එහි ඇති පින්තූර, පාට ගැන ඔබට මුලින් කතා කරන්න පුළුවන්. කිහිප විටක් එය ඔහුට පෙන්වා එහි ආගන්තුක බවින් දරුවාව මුදාගන්න.

තුන්වන පියවර
හැමවිටම දරුවා වැඩිහිටියන් අනුගමනය කරන්නට කැමති නිසා ඔවුන් මෙහි ඉඳ ගැනීමට බොහෝ විට කැමති වෙනවා. අම්මා තාත්තා වගේම ඉඳගෙන වැසිකිළි යන්න බබාටත් ලස්සන පුටුවක් ගෙනාවා කියලා ඔබට කියන්න පුළුවන්. එහි ඉඳගෙන ඉන්න දැන් ඔබට කෙමෙන් කියාදෙන්න පුළුවන්. නමුත් පළමු දවසේ වැඩි කාලයක් දරුවා එහි රඳවා තබන්න එපා. තවමත් පැටියාට ඇඟ සමබර කරගන්න බැරිනම් ඔබේ උදව් දරුවාට අවශ්‍ය බව මතක තබා ගන්න.

හතරවන පියවර
කෙමෙන් දරුවාට මේ අලුත් ආසනය ප්‍රියජනක තැනක් බවට පත් වෙද්දී උදෑසන පහසු වෙලාවක් තෝරාගෙන ආරක්‍ෂිත ස්ථානයක එය තබා ඉතා විවේකීව දරුවාව එහි හිඳුවා ඔබත් ඒ අසල ඉඳගන්න.

පස්වන පියවර
දැන් අපි වැසිකිළියට යන්න යන බව ඔබ දරුවාට හුරු භාෂාවෙන් කියන්න. ඉන්පසුව වැඩිහිටියෙකු එම කර්තව්‍ය කරන ලෙස තැටමීම වැනි ඉඟි ඔහුට දෙන්න. ඉන් දරුවාගේ මොලයට උත්තේජනයක් ලැබෙන අතර ඔබත් ඔහුත් එක්කම එය සිදුකරන බව පෙන්වමින් රඟපාන්න.

හයවන පියවර
කාර්ය අතරතුර පුංචි සින්දුවක් කියන්න, සිනාසෙන්න, අත්පුඩි ගැසීම වැනි පුංචි ක්‍රියාකරකමකින් ඔහු දිරිමත් කරන්න. ඔහු ඉතා වැදගත් කටයුත්තක් සිදුකරන බවට ඔහුට ඉඟියෙන් කියන්න. එය අගයන්න. නමුත් කිසිවිටකත් ඊට බලහත්කාරයෙන් යොමු කරවන්න එපා. එය මානසිකව දරුවාට වදයක් වන්නට පුළුවන්.
මේ සඳහා දෙමාපියන්ගේ ඉවසීම වැදගත්. ඔහුත් එය ප්‍රතික්ෂේප කරන දිනකට නිහඬව සිටීම වැදගත්. නමුත් දරුවාට එය ප්‍රියජනක දෙයක් මෙන්ම ඔහු පුහුණු වන තුරු ඔහු අසල රැඳීම වැදගත්.

විශේෂයෙන් අවුරුදු 4 ක් පමණ කාලයක් යන තුරු ඔහු ළඟ ගැටෙමින් මේ කටයුත්ත නිමවන තුරු රැඳීම කරන්න පුළුවන්. නමුත් මේ කියන පියවරවල් අනුගමනය කළොත් අවුරුද්දක් සම්පූර්ණ වන විට හැම දිනකම නියමිත වෙලාවට වැසිකිළි යාමේ උවමනාව හා එම කාර්ය ඉටු කිරීමට දරුවාට හොඳ පහසුවක් ලැබෙනවා. ඉන් දරුවාගේ ජීවිතයේ බොහෝ කඩයිම් ජයගන්නට පහසුවක් ලැබෙනවා.  

 

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?
බෙදාගන්න :
  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි  මාසය

    ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: තුන්වෙනි මාසය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it