පුංචි පැටියා කුසේ සිට කරන ක්‍රියාකාරකම් ගැන පුදුමය දනවන කාරණා 7ක්

lead image

දරුවෙකු කුසේ වැඩෙන කොට එයා කුස තුළ දඟලන හැටි දැනෙන එක අම්මා කෙනෙකුට හරිම ආදරයෙන් හැඟීම් දනවන අවස්ථාවක්. 

පළමු සති 16-25 කාලය තුළ මවකට දරුවෙකුගේ පළවෙනි දැඟලීම් දැනෙන්න ගන්නවා. පළමු අත්දැකීම ලබන අම්මා කෙනෙකුට නම් එය සති 25ක් පමණ ගතවෙන්න පුළුවන්. නමුත් ඔබ දෙවන වර මවක් වෙන්න යනවා නම් සති 13කදි විතර ඉඳන් එය දැනෙන්න පුළුවන්. හුඟක් අම්මලාට හිඳගෙන හෝ විවේකී ඉරියව්වක සිටින විටත් එය දැනෙනවා.

මේ පිළිබඳ අදහස් දැනගැනීමට ප්‍රසව හා නාරී වෛද්‍ය ජේෂ්ඨ උපදේශක වෛද්‍ය ඉන්දු ටනීජාට අපි කතා කළා.  පළමු දැඟලීම මගින් දරුවා මාස 5ක් පමණ වන බවට ඉඟියක් දෙන අතර එමගින් දරුවාගේ වර්ධනය ගැන කියාපානවා.

මේ ප්‍රවීණ අදහස් වලට අපි සවන් දෙමු.

කුස තුළ වැඩෙන දරුවාගේ එක් එක් අවධීන් වල දැඟලීම් ස්වභාවයෙන් කියවෙන්නේ මොනවද?

පළමු දඟලීම වර්ධනය කියාපානවා.

පළමු දැඟලීම මගින් දරුවාගේ වයස හා ක්‍රියාකාරිත්වය කියාපානවා. ඒ වගේම දරුවා ඇදෙමින් චලනය වනවිට යටි බඩ ප්‍රදේශයට එය දැනෙනවා.

පරිසරයට දක්වන ප්‍රතිචාර කියාපානවා.

ඔබ ශාරීරිකව කරන වෙනස්කමත් දරුවාට දැනෙන අතර  දරුවා දඟලන ආකාරයේ වෙනසක් දැනෙනවා. ඔබ ගත් ආහාරයක් හෝ ශබ්දයකට පැටියා ප්‍රතිචාර දක්වනවා. මෙය දරුවා වර්ධනය වීමත් සමග ඇතිවන ගති ලක්ෂණයක් බව වෛද්‍යවරුන් පවසනවා.

වම් අත පැත්තට හැරී සිටින විට ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා.

ගර්භණි මවක් තම වම්පසට හැරී නිදන විට හෝ විවේක ගන්නා විට පැටියා වැඩිපුර බඩට පයින් ගහන බවක් දැනෙනවා. මන්ද වම් ඇලයට සිටින විට රුධිරය සංසරණය වැඩි නිසා දරුවාගේ ක්‍රියාකාරිත්වයත් වැඩිවෙනවා. නමුත් ඒ නිසා ඔබ නිදන ඉරියව් වෙනස් කිරීම අවශ්‍ය නොවන බව වෛද්‍යවරිය පවසනවා.

අනාගතයේ දරුවන්ගේ හැසිරීම කියාපානවා.

වැඩිපුර පයින් ගහමින් වැඩිපුර දඟලන පැටවුන් වැඩෙන අවදියේදීත්  වැඩිපුර ක්‍රියාකාරී අය වෙනවා. ඒ වගේම එය මොලයේ වර්ධනයටත් වැදගත් බව වර්තමානයේ සොයාගෙන තියෙනවා.

ඟලීම සති නවයේ සිට ඇරඹෙන්න පුළුවන්.

ඔබට එය දැනෙන්න ගන්නේ සති 16-25 කාලය තුළ වුනත් එය ඇරඹෙන්න සති 9ක් පමණ කාලයේදීයි. ඒ නිසා සති 16ට පෙර එය ඔබට දැනුනොත් කලබල නොවිය යුතු වෙනවා. සති 25න් පසු එය නිතර දැනෙන්න පුළුවන්.

ආසන්න කාලයේ දඟලීම අඩුවීම ගැන සැලකිලිමත් වෙන්න.

සති 28ත් පසු කාලයේ බබා දඟලන්නේ නැත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. දැඟලීම අඩුවීම දරුවන්ට පීඩනයක් ඇති බව කියාපාන ලක්ෂණයක්. ඒ නිසා ඔබ බබා දඟලන වාර සටහන් කර තැබීම වැදගත්. සමහර විට බිහිවීමට ආසන්නයේදී ඔක්සිජන් නොලැබීම, ශරීරයේ සීනි මට්ටම පහළ බැසීම වැනි හේතු වන්නට පුළුවන්.

දරුවා මෙලෙස දඟලන්නේ නැති අවස්ථාවක සීතල වතුර වීදුරුවක් පානය කිරීමත් ඉන්පසුව තරමක් ඇවිදිමත් කර දරුවා නැවත අවදිවෙනවා දැයි බලන්න පුළුවන්. පැය 2 ක් තුළදී බබා 10 වතාවක් වත් දැඟලුවේ නැතිනම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. ගැටළුකාරී තත්වයක් ඇත්නම් වෛද්‍යවරයා හඳුනා ගතහොත් සිසේරියන් සැත්කමක් මගින් ප්‍රසූතිය සිදුකරන්න වෛද්‍යවරයා තීරණය කරන අවස්ථාවන් බහුලයි. 

සති 36 න් පසු දඟලීම අඩුවීම.

සති 36 ක් පමණ වනවිට බබාගේ දැඟලීම අඩුවන බව වෛද්‍යවරිය පවසනවා. එය කලබල වියයුතු කාරණයක් නොවෙයි. උකුල් ප්‍රදේශයේ දැඟලීම් දැනුනත් වැඩිපුර එහෙ මෙහෙ යනවා ඔබට දැනෙන්නේ නැහැ.

දරුවෙකු කුස තුළ  දැඟලීම අම්මට හුඟක් ප්‍රීතිමත් අත්දැකීමක් වගේම ජීවිතයකට ජීවය දීමේ වටිනාකම දැනෙන්න ගන්නා බව වෛද්‍යවරිය පවසනවා. නමුත් පැය 2 ක කාලයක් මෙලෙස ඔබට දරුවාගේ දැඟලීම නොදැනෙන්නේ නම් වහාම ක්‍රියාත්මකව වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ඇය පවසනවා.

දරුවෙකු කුස තුළ වැඩෙන සොඳුරු අවධිය ඔබට පීඩාවකින් තොරව ගෙවන්න Asianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ