අලුත උපන් පුංචි පැටියා හරියටම නාවන හැටි ඔබ දන්නවද?

lead image

පළවෙනි වතාවට ඔබේ පැටියා නාවන්නේ කොහොමද කියලා ඔබ චකිතයෙන් ඉන්නවද? මේ ලිපිය මගින් ඔබට අවශ්‍ය උපදෙස් රූප මගින් හා ආරක්‍ෂිත පියවර සමගින් දැනගන්න පුළුවන්.

පුංචි පැටියව අලුතෙන්ම ගෙදරට ගෙනාවට පස්සේ ඔබට අලුත් දින චර්යාවකට පුහුණු වෙන්න වෙනවා. ඔබ අලුත්ම අම්මා කෙනෙකු නම් මේ තත්වය ඊටත් වඩා බැරෑරුම් වෙන්න පුළුවන්. අනෙක් අතට දරුවා නෑවීම ගැන ඔබට චකිතයක් තියෙන්න පුළුවන්.

වතුර පිරුණු බේසමක් උඩින් පුංචි පැටියාව ඔසවාගෙන ඉන්න ඔබට බියක් දැනෙන්න පුළුවන්. අනෙක් අතට වතුර කොයිතරම් උණුසුම් විය යුතු දැයි ඔබ සිතන්න පුළුවන්. පැටියා ගෙදර ගෙනාපු ගමන්ම එයාව නාවන එක හොඳද නැද්ද? පැටියාව නාවන කොට පිළිපැදිය යුතු ආරක්‍ෂිත පියවර මොනවද?

ඔබේ හිතේ ඇතිවන චකිතය නැති කර ගන්න මේ ලිපිය මගින් හුඟක් ඉඟි හා උපදෙස් ලබාගන්න පුළුවන්.

මේ උපදෙස් පිළිපැදීමට පෙර දරුවාගේ පෙකණිය හැලෙන තුරු ඔබට පැටියා වතුර බේසමක බහා සේදීම කළ නොහැකි අතර ඒ වනතුරු දරුවාව වතුරෙන් තෙත මාත්තු කිරීම කරන්න වෙනවා.

පුංචි පැටියා නාවන විට අනුගමනය කළ යුතු පියවර හා ආරක්‍ෂිත විධි ගැන ඔබට මේ ලිපියෙන් දැනුවත් වෙන්න පුළුවන්.

ආරක්‍ෂිත පියවර

  • කිසිවිටකත් පැටියාව වතුර පිරවූ භාජනය ළඟ තනිව තබා යන්න එපා. දරුවාව ජලයට නිරාවරණය වීමෙන් අනතුරක් සිදුවීම අනපේක්ෂිත බැවින් හා ඊට මිනිත්තුවකටත් වඩා අඩු කලක් යන බව මතකයේ තබාගන්න.
  • දරුවාගේ ආරක්ෂාවට වැඩිමහල් තවත් දරුවෙකු වතුර බේසම අසලින් තබා යන්න එපා.
  • හැම වතාවකම පාවිච්චියෙන් පසු වතුර බේසම අස් කරන්න.
  • ඔබේ උදව්වට කෙනෙක් ඉන්නවා නම් ප්‍රථමාධාර ක්‍රම ගැන ඇයව දැනුවත් කිරීම වැදගත්. ඒ වගේම නෑවීම හා දරුවාගේ බෙල්ලට ආධාරකයක් ලබාදෙමින් දරුවා වඩා ගැනීම දරුවාගේ ශරීරයේ මෘදු තැන් ගැන ඇයව දැනුවත් කරන්න.
  • දරුවා නාවන අතරතුර ගෙදර සීනුව නාද වන්නේ නම් දරුවාව හොඳින් ඔතා දරුවාද රැගෙන ඊට යාමට අත්‍යවශ්‍ය නම් යන්න. දරුවා නාවන අතර තුරදී ජංගම දුරකථන ක්‍රියා විරහිත කර තැබීමෙන් ඇතිවන බාධා අවම කරගන්න පුළුවන්.
  • බේසම තැබීමට කිසි විටකත් ප්ලාස්ටික් සීට් එකක් භාවිත කරන්න එපා. එය ලිස්සා යාමට ඉඩකඩ තිබෙනවා.
  • දරුවා නැවිමේදී ආරක්‍ෂිත ලෙස තැබිය හැකි ආකාරයට සැකසූ බේසමක් තෝරා ගන්න.
  • බේසම යටින් නොලිස්සන සුළු පාපිස්සක් තබන්න අමතක කරන්න එපා.

පළමු පියවර : අවශ්‍ය උපකරණ හා භාණ්ඩ එක්රැස් කර ළඟට ගන්න.

src=https://sg.theasianparent.com/wp content/blogs.dir/1/files/how to bathe a newborn/step1.jpg අලුත උපන් පුංචි පැටියා හරියටම නාවන හැටි ඔබ දන්නවද?

සමහර විට නෑවීම අතර තුර ඔබට දරුවාගේ තුවාය වත්තේ වේලෙන්නට දමා ඇති බව මතක් වෙන්න පුළුවන්. මෙවැනි දේවල් සිදුවීමෙන් වළකා ගැනීමට අත්‍යවශ්‍ය සියල්ල ඔබ අසලින්ම තබා ගන්න.

කෝප්පයක්, සබන්, ඇඳුම් අමතර වතුර කෝප්පයක් වැනි දේවල් ළඟ තබා ගැනීම වැදගත්. ඒ වගේම ඒවා ඔබට පහසුවෙන් ගන්න පුළුවන් තැන්වල තබා ගැනීමත් වැදගත්. හිස් වැසුම සහිත පිසිනයක්, ඩයපරය ආදිය පහසුවෙන් ඇන්දවිය හැකි ආකාරයට ආසන්න තැනක තබා ගන්න.

උපදෙස් : ඒ වගේම දරුවා නාවන කාමරය අධික සීතලෙන් යුක්ත නොවීමට සැලකිලිමත් වෙන්න.

දෙවන පියවර : වතුර බේසම සූදානම් කරගන්න.

src=https://sg.theasianparent.com/wp content/blogs.dir/1/files/how to bathe a newborn/step1.jpg අලුත උපන් පුංචි පැටියා හරියටම නාවන හැටි ඔබ දන්නවද?

වතුර ප්‍රමාණය අඟල් තුනකට වඩා පිරවීම නොකළ යුතුයි. මැණික් කටුවට ජලය ස්පර්ශ කළ පසු රස්නය අඩු හෝ වැඩි නැතිව මධ්‍යස්ථ ලෙස ඇතිදැයි බලන්න. නිවැරදි උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ක් පමණ විය යුතු බවයි.

උපදෙස් : දරුවා සින්ක් එකක් අසල නැවීම කරනවා නම් ටැප් එක මෘදු රෙදි කඩකින් වැනි දෙයකින් ආවරණය කර තැබීමෙන් අනපේක්ෂිත වැදීම් වලින් ආරක්ෂා කරන්න පුළුවන්.

තුන්වන පියවර : දරුවා නාන බේසම වෙත රැගෙන ඒම.

src=https://sg.theasianparent.com/wp content/blogs.dir/1/files/how to bathe a newborn/step3.jpg අලුත උපන් පුංචි පැටියා හරියටම නාවන හැටි ඔබ දන්නවද?

දරුවාගේ ඇඳුම් ඉවත් කර පළමුව දෙපතුල් ජලයෙන් තෙමන්න. මේ අතර දරුවාගේ ගෙල පිටුපසට හොඳ ආධාරකයක් දෙමින් දරුවාව අල්ලා ගන්න.

උපදෙස් : පළමු වතාවල් වලදී දරුවා තදින් හඬන්න ඉඩ තියෙනවා. මේ ගැන කලබල වීමෙන් නෑම අතර මැද නතර කළ යුතු වන්නේ නැහැ.

සතරවන පියවර : නෑම පටන් ගැනීම.

src=https://sg.theasianparent.com/wp content/blogs.dir/1/files/how to bathe a newborn/step4.jpg අලුත උපන් පුංචි පැටියා හරියටම නාවන හැටි ඔබ දන්නවද?

දරුවා නෑවීම එක් අතකින් නෑවීම කරන අතර අනෙක් අතින් බෙල්ලට හා හිසට ආධාරකයක් ලබා දෙන්න. ඉන්පසුව හිස් කබලට සෙමින් වතුර වත්කරන්න.

උපදෙස් : හුඟක් වෙලාවට බිළිඳුන් උදෑසන නැවීම නිසා සනීපයක් ලැබෙන බැවින් ඉන්පසුව හොඳ නින්දක් ලබා දෙනවා. නින්දට පෙර නෑවීම නිසා දරුවා හොඳින් නිදන බැවින් ඊට පෙර වෙලාවක් තෝරා ගන්න පුළුවන්.

පස්වන පියවර :බේබි සබන් ගාන්න 

src=https://sg.theasianparent.com/wp content/blogs.dir/1/files/how to bathe a newborn/step5.jpg අලුත උපන් පුංචි පැටියා හරියටම නාවන හැටි ඔබ දන්නවද?

හිස නෑවීමෙන් පසු මෘදු සබන් බිඳිති කිහිපයක් දමා මෘදුව අතුල්ලා සබන් සෝදා හැරීමට වෙනත් කෝප්පයක් හිසට යටින් තබා වතුර වත්කර පැත්තකින් තබන්න. මෙම හිස් කෝප්පය පෙර සුදානම් කර ගැනීම වැදගත්. ඇඟ සේදීමට වතුර කෝප්පයක් පමණ එක් කරන්න. ( ඔබ කැමති නම් පළමුව සේදු හිසේ වතුර මාත්තු කර ඇඟ සේදීම කරන්න පුළුවන්. ඉන් දරුවාට සීතල ගතියක් දැනෙන්නේ නැහැ) ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් වලදී අම්මලාට එලෙස කිරීමට උපදෙස් ලැබෙනවා.

තෙමන සහිත ඇඟට මෘදු රෙදි කැබැල්ලක සේදුම් ඛාරකයකින් බිඳුවක් පමණ ගලවා ඇඟ පිරිමදින්න.

තවත් පිරිසිදු තෙත රෙදි කඩකින් පැටියාගේ මුහුණ පිස දමන්න පුළුවන්. පැටියාගේ ඇස් පිස දැමීමට තෙමාගත් මෘදු පුළුන් කැබලි දෙකක් පාවිච්චි කරන්න. පිස දැමීමේදී ඉතා ප්‍රවේසම් සහිතව පිස දැමීම වැදගත්. දරුවාගේ ඉකිලි අත්යට සබන් වැඩිපුර නොගෑමත් වැදගත් වන්නේ තවමත් එම ස්ථාන ඉතාම සිනිඳු නිසයි. හිසට සවිමත් ආධාරකයක් තබමින් පිටුපස පැත්ත හොඳින් පිරිසිදු කරන්න.

උපදෙස් : බේබි සබන් හා බේබි ලෝෂන් පාවිච්චි කරන විට රසායනිකයන් අඩංගු නොවන නිෂ්පාදනත් මෘදු අන්තර්ගතයන් අඩංගු නිෂ්පාදනත් තෝරා ගන්න.

හයවන පියවර : සේදීම.

src=https://sg.theasianparent.com/wp content/blogs.dir/1/files/how to bathe a newborn/step6.jpg අලුත උපන් පුංචි පැටියා හරියටම නාවන හැටි ඔබ දන්නවද?

තෙත රෙදි කැබැල්ලකින් ඇඟේ ඇති සබන් පිස දමා හොඳින් සෝදා හරින්න. ඉතා පරිස්සමෙන් බබා නාන බේසමෙන් එළියට ගන්න. තෙත නිසා දරුවා ලිස්සීමට ඉඩ තිබෙනවා.

හැකිතරම් දරුවා එතීමට තවත් රෙදි කඩක් යොදා ගන්න පුළුවන්.

උපදෙස් : හතරැස් රෙදිකඩක් නම් වඩාත් පහසුයි.

හත්වන පියවර : වියළම හා ඇඳුම් ඇන්දවීම.

src=https://sg.theasianparent.com/wp content/blogs.dir/1/files/how to bathe a newborn/step7.jpg අලුත උපන් පුංචි පැටියා හරියටම නාවන හැටි ඔබ දන්නවද?

ඉක්මනින් දරුවාගේ ඇඟේ වතුර පිස දමා වියළි කිරීම වැදගත්. ඔබට ඉන්නේ පුතෙකු නම් හැකි ඉක්මනින් ඩයපරය ඇන්දවීම කරන්න පුළුවන්. නැතිනම් දරුවාගේ ලිංගේන්ද්‍රිය වැසෙන සේ නැප්කින් එකකින් වසන්න. දරුවාගේ ඇඟ තදින් ඇතිල්ලීමෙන් වළකින්න. අත් යට හා වැසුන තැන්වල ජලය ඇත්දැයි බලන්න. හිස, දෙකන් හොඳින් පිස දමා වියළන්න. කැමති නම් මොයිචරයිසර් සුළු ප්‍රමාණයක් ඇඟේ ගල්වා ඉන්පසුව දේශගුණයට ගැළපෙන ලෙස පැටියාට ඇඳුම් අන්ඳවන්න.

අලුත උපන් දරුවන් නැවීම අම්මලාට තරමක් අභියෝගයක් වුනත් එය ජයගන්න theAsianparent Sri Lanka ඒ වෙනුවෙන් මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ