පුතාලට තාත්තලාට විතරක්ම කියාදෙන්න පුළුවන් කාරණා 9 ක්

Share this article with other mums

ජීවිතය ඉගෙන ගත හැක්කේ ජීවිතයේ පාඩම් තුළින්ම බව ඔබේ පුතාට කියාදෙන්න හොඳම ගුරුවරයා ඔබයි. ඉතින් තාත්තලා මෙම ලිපිය කියවා ඒ පාඩම් මොනවාදැයි කියා දැනගන්න.

පුතෙකුට හමුවෙන පළමු ගුරුවරයා එයාගේ තාත්තා. ජීවිතයේ නොයෙකුත් පාඩම් කියාදෙන තාත්තා තරම් තවකෙක් පුතාට නැති තරම්. තාත්තා කෙනෙකුට පුතෙකුගේ ජිවිතයේ බොහෝ කඩයිම් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තාත්තා සහ පුතා අතර ඇති සබැඳියාව ශක්තිමත් කරන්නත් ඒ මගින් පුළුවන් වෙනවා.

  1. හොඳ පොත් කියවන්න

නායකයින් හොඳ පොත් කියවන්නන් යන කියමන සනාථ කරමින් ඔබේ පුතාටත් දිනකට මිනිත්තු 15 ක් කාලයක්වත් පොතක් කියවීමට වටපිටාව සකසා දෙන්න. මේ මගින් ඔහුගේ වාග් කෝෂය වගේම ආත්ම ශක්තියත් වර්ධනය වෙනවා. එය ඔහුගේ අධ්‍යාපනයටත් ළදරුවෙකු ලෙස ඔහුගේ හැසිරීම් වලටත් උදවු වෙනවා. අවසානයේ එය ඔබ දෙදෙනාගේ බැඳීම් ශක්තිමත් කරන අගනා පවුරක් බවට පත් වෙනවා.

  1. වාදන භාණ්ඩයක් වාදනය කරන්න

කවදා හෝ දිනයක ඔබේ පුතා දක්ෂ සංගීතඥයෙකු වන්නට බැරි නැහැ. සංගීතය දරුවන්ගේ මතක ශක්තිය වැඩි කරන්න වගේම හැසිරීම, ඉවසීම වර්ධනය කරනවා. දරුවා සමාජානුයෝජනය වීමටත් කණ්ඩායම් සංගීතය තුළින් කණ්ඩායම් හැඟීම් වර්ධනයටත් උපකාරී වෙනවා.

  1. ක්‍රීඩාවන් වල නිරත වෙන්න

රූපවාහිනිය බැලීම හෝ වීඩියෝ ගේම් බැලීමට ඔබේ දරුවාට අවස්ථාව දෙනවාට වඩා ඔහුත් සමග යම් ක්‍රීඩාවක නියැලීමෙන් ඔහුගේ ශරීර සුවතාවය වගේම ක්‍රීඩාවට ඇති හැකියාවනුත් ඉස්මතු වෙනවා. ඔහුගේ ආත්ම විශ්වාසය ගොඩනැගීමට කණ්ඩායම් හැඟීම, නායකත්වය වැනි කුසලතාවයන් එයින් වර්ධනය වෙනවා.

  1. කෑම්ප් යන්න

නිවසින් පිටත ලෝකයේ හා එහි වෙනස් කම් හඳුනාගන්න දරුවා කඳවුරු ගතවී සිටින විට විනෝදයෙන් ඉගෙන ගන්නවා. එමගින් දරුවාට ජීවිතය පිළිබඳ අපූරු පාඩම් හා ජීවිතයේ අභියෝග වලට මුහුණ දීමට අවස්ථාව සලසනවා. වගකීම් දරන්න වගේම නිදහසත් මින් ඔහුට ලැබෙනවා. ඔහුගේ  චරිතය ඔහුටම ගොඩනගාගන්න ඉන් ශක්තියක් ලැබෙනවා.

  1. එදිනෙදා ජීවිතයේදී උදවු වන විවිධ ගැට වර්ග කිහිපයක් දරුවාට කියාදෙන්න

එදිනෙදා අපිට විවිධ වැඩකටයුතු වලට උපකාර වන ගැට වර්ග කිහිපයක් කියාදීම ඔහුට පෙර සුදානමක් වේවි. ඉන් අනපේක්ෂිත අවස්ථාවන් වලදී මුහුණ දීමට ධෛර්ය හා ආත්ම විශ්වාසය ඔහු තුළ ගොඩනැගෙනු ඇත. ඒ වගේම සංයමය හා නිදහස දරුවාට දැනෙන අතර එය ළමාවියට මෙන්ම වැඩිහිටි වියටද අත්වැටක් වනු ඇත.

  1. කාමරය පින්තාරු කරන්න

ඔහු තුළ සැඟවුණු චිත්‍ර ශිල්පියා මුදාහරින්න අවකාශය ලබාදෙන්න. මෙය ඔහුට ඉතා ප්‍රීතිමත් අත්දැකීමක් වනවා වගේම යම් කාර්යක බරපතල බව ඔහුට වැටහෙනවා. අනෙක් අතට ඔබ දෙදෙනාටම එක්ව ගතකළ හැකි කාලයක් ලැබීමෙන් බැඳීම් තවත් ශක්තිමත් වෙනවා.

  1. මහත්මා ගති

මහත්මයෙකු ලෙස ක්‍රියාකරන්නත්, හැසිරෙන්නත් ඔහුට කියාදීම හුඟක් වැදගත්. පුංචි පුංචි දේවල් ඊට එකතු කරන්න. කාන්තාවකට ගෞරව කරන ආකාරය, කෙනෙකුට ශක්තිමත් ලෙස අතට අත දී කතා කිරීම, කෑම මේසයකදී හැසිරෙන ආකාරය, ගරුසරු බව වගේම, වැඩිහිටියෙකුට තම අසුන දීම වගේ පුංචි පුංචි හොඳ වැඩ උගන්වන්නත් වරදක් වූ විට සමාව ගන්නත් යමක් ලැබුණු විට ස්තුතියි කියන්නත් ඔහුට උගන්වන්න. 

  1. මහත්මයෙක් වගේ අඳින්න පළදින්න

ඔහුට ඔහුගේම රුචිකත්වයට ඉඩ දෙන්න. නමුත් පිළිවෙලට අඳින පළදින හැටි ඔහුට කියා දෙන්න. ඒ වගේම ඔහුට ඔහුගේ ඇඳුම් සෝද ගන්නත්, අයන් කර ගන්නත් කියාදෙන්න පුළුවන්නම් ඉතා හොඳයි. අනාගතයේ ඔහු රැකියාවක් කරන විටත් විවාහ වූ විටත් එය ඔහුට වැදගත් අත්වැලක් වෙයි.

  1. මුදල් පරිහරණය

ඔබට ඔහු සාර්ථක පුද්ගලයෙකු වනු දැකීමට අවශ්‍යනම් අද සිටම මුදල් වල ඇති වටිනාකම් කියා දෙන්න. පුංචි වයසේ සිටම ඉතිරි කරන්නත් ඔහුට දෙන පුංචි මුදලක් වුවත් සකසුරුවමින් පාවිච්චි කරන්නත් කියා දෙන්න. ඒ නිසා ඔහු අනවශ්‍ය ඉල්ලීම් කරන්න පෙළඹෙන්නේ නැහැ. මුදල් කැටයක් පුරුද්දක් ලෙස පවත්වාගෙන යන්න පුරුදු කිරීමත් ඉතා වැදගත්.

  1. පොරොන්දු කඩ නොකරන්න

ජීවිතය පුරාම යමෙකුට ලබාදෙන පොරොන්දුවක් කඩ නොකරන්න ඔහුට ආදර්ශමත් ලෙස කියා දෙන්න. මේ නිසා අවංක හා ගුණගරුක දරුවෙකු සමාජයට බිහිකිරීමට හැකිවෙනවා. ඒ වගේම සබඳතාවයන් වල ඇති වැදගත්කමද මේ නිසා ඔහු ඉගෙන ගන්නවා.

  1. අහිමිවීම දරාගන්න කියාදෙන්න

ජීවිතයේ අපට ඇති නැති කාලයන් උදාවෙනවා. මේ හැම අවස්ථාවටම ශක්තියෙන් මුහුණ දෙන්න ඔහුට අවබෝධය ලබාදෙන්න. මෙය දැන්ම ඔහු ඉගෙන නොගැනීමෙන් අනාගතයේ එය ඔහුටම කරදරකාරී වන්නට පුළුවන්. පුංචි තරගයකින් පැරදීම, යමක් නැතිවීම වගේ කුඩා දේවල් තුළින් ඔබට ඒ බව කියා දෙමින් ඔහු තුළ ධෛර්ය, ශක්තිය වැඩි කරන්න පුළුවන්.

ජීවිතය ඉගෙන ගත හැක්කේ ජීවිතයේ  පාඩම් තුළින්ම බව ඔබේ පුතාට කියාදෙන්න හොඳම ගුරුවරයා ඔබයි. තාත්තලාට මේ මතක් කිරීම කළේ theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ලෙසිනුයි.  

For dads